bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Leviticus 1
Leviticus 1
Sinhala Bile - Revised Old Version (SROV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 2 →
1
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට හඬගසා සම්මුඛවීමේ කූඩාරමේ සිට ඔහුට කථාකොට:
2
ඔබ ඉශ්රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්නැයි කීසේක-ඔබ සැමගෙන් යම් මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේ ට පූජාවක් ඔප්පුකරන කල සිව්පාවුන්ගෙන් එනම් ගව රැළෙන්ද එළු බැටළු රැළෙන්ද ඔබ සැමගේ පූජාව ඔප්පුකරන්න.
3
ඉදින් ඔහුගේ පූජාව ගව රැළෙන් වූ දවන පූජාවක් නම්, ඔහු කැලල් නැති පිරිමි සතෙකු ඔප්පුකළ යුතුය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු ඌ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඔප්පුකළ යුතුය.
4
ඔහු තමාගේ අත දවන පූජා සතාගේ ඉස පිට තබාවා. එය ඔහු උදෙසා සමඟිකම් කිරීමට ඔහු නිසා පිළිගනු ලබන්නේය.
5
ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගොනා මැරිය යුතුය. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයන්ද ලේ ඔප්පුකොට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන පූජාසනය පිට හාත්පසින් ඒ ලේ ඉසිය යුතුය.
6
ඔහු දවන පූජා සතා හමගසා උගේ කොට්ඨාසවලට කැපිය යුතුය.
7
පූජකවූ ආරොන්ගේ පුත්‍රයෝ පූජාසනය පිට ගිනි දල්වා ගිනි පිට දර පිළිවෙළින් තබත්වා.
8
ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයන් හිසද තෙලද යන කොට්ඨාස පූජාසනය මතුයෙහි ගින්න පිට තිබෙන දර උඩ පිළිවෙළින් තැබිය යුතුය.
9
එහෙත් ඔහු උගේ අතුණුද උගේ කකුල්ද වතුරෙන් සේදිය යුතුය. එය ස්වාමීන්වහන්සේ ට ගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් වන දවන පූජාවක් කොට පූජකයා විසින් ඒ සියල්ල පූජාසනය පිට දැවිය යුතුය.
10
ඉදින් දවන පූජාවක් පිණිස ඔහුගේ පූජාව බැටළු රැළෙන්වත් එළු රැළෙන්වත් වන්නේනම්, ඔහු නොකැලල් පිරිමි සතෙකු පූජාකළ යුතුය.
11
ඔහු පූජාසනයට උතුරු පැත්තේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඌ මැරිය යුතුය. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයෝ උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිත්වා.
12
ඔහු උගේ හිසද තෙලද සමඟ ඌ කොට්ඨාසවලට කපාවා. පූජකයාද පූජාසනය මතුයෙහි ගින්න පිට තිබෙන දර උඩ ඒවා පිළිවෙළින් තැබිය යුතුය;
13
එහෙත් ඔහු අතුණුද කකුල්ද වතුරෙන් සේදිය යුතුය. පූජකයා ඒ සියල්ල ඔප්පුකොට පූජාසනය පිට දැවිය යුතුය. ඒක ස්වාමීන්වහන්සේ ට මිහිරි සුවඳක් ඇති, ගින්නෙන් කළ දවන පූජාවක්ය.
14
ඉදින් ස්වාමීන්වහන්සේ ට ඔහුගේ පූජාව පක්ෂීන්ගෙන් වූ දවන පූජාවක් නම්, කොබෙයියන්ගෙන් හෝ පරෙවි පැටවුන්ගෙන් හෝ ඔහු තමාගේ පූජාව ඔප්පුකළ යුතුය.
15
පූජකයාද ඌ පූජාසනයට ගෙනවුත් උගේ හිස කඩාදමා පූජාසනය පිට දැවිය යුතුය; උගේ ලේ පූජාසනයේ පැත්තේ වැගිරෙන්ට හැරිය යුතුය.
16
ඔහු උගේ ගොදුරු බොක්කද උගේ පිහාටුද පහකර ඒවා පූජාසනය ළඟ නැගෙනහිරින් අළු දමන තැන දැමිය යුතුය.
17
ඌ වෙන් නොකොට අත්හැඳි ළඟින් ඉරා පූජකයා පූජාසනය පිට ගින්නෙහි තිබෙන දර පිට ඌ දැවිය යුතුය. ඒක ස්වාමීන්වහන්සේ ට ගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති දවන පූජාවක්ය.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27