bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Leviticus 21
Leviticus 21
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 22 →
1
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ආරොන්ගේ පුත්‍රවූ පූජකයන්ට කථාකරමින් මෙසේ කියන්න-කිසිවෙක් තමාගේ සෙනඟ අතරේ මළවුන් උදෙසා අපවිත්‍ර නොවිය යුතුය;
2
එහෙත් ඔහුට කිට්ටුවූ ඔහුගේ නෑයා උදෙසා එනම් තමාගේ මවු උදෙසාද තමාගේ පියා උදෙසාද තමාගේ පුත්‍රයා උදෙසාද තමාගේ දුව උදෙසාද තමාගේ සහෝදරයා උදෙසාද,
3
පුරුෂයෙකු නොගත් තමා ළඟ ඉන්න කන්‍යාවක්වූ තමාගේ සහෝදරී උදෙසාද අපවිත්‍රවෙන්ට ඔහුට පුළුවන.
4
තමාගේ සෙනඟ අතරේ නායකයෙක්වූ ඔහු තමා දූෂණයවන ලෙස අපවිත්‍ර නොවිය යුතුය.
5
ඔව්හු තමුන්ගේ හිස් මුඩු නොකරත්වා, රැවුළේ කොන් බූනොගාත්වා, ඔවුන්ගේ ශරීරයෙහි කිසි කැපීමක් නොකරත්වා.
6
ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේට ශුද්ධව සිටිත්වා, තමුන්ගේ දෙවියන්වහන්සේගේ නාමය දූෂණයනොකරත්වා. මක්නිසාද ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේගේ භෝජනය වන ස්වාමීන්වහන්සේ ගේ ගිනි පූජා ඔප්පුකරති. එබැවින් ඔවුන් ශුද්ධව සිටිය යුතුය.
7
ඔව්හු වේශ්‍යාවක්වත් කිලුටු කරනු ලැබූ තැනැත්තියෙක්වත් පුරුෂයාගෙන් පහකරනු ලැබූ ස්ත්‍රියෙක්වත් පාවා නොගනිත්වා. මක්නිසාද ඔහු තමාගේ දෙවියන්වහන්සේට ශුද්ධ කෙනෙක්ය.
8
එබැවින් ඔබ ඔහු විශුද්ධකරන්න; මක්නිසාද ඔහු ඔබේ දෙවියන්වහන්සේගේ භෝජනය පූජාකරයි. ඔහු ඔබට ශුද්ධ කෙනෙක් වන්නේය. මක්නිසාද ඔබ සැම විශුද්ධකරන ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය.
9
තවද යම්කිසි පූජකයෙකුගේ දුවක් වේශ්‍යාකමෙන් තොමෝම දූෂණයවන්නීනම් ඈ තමාගේ පියාට අපහාසකරන්නීය. ඈ ගින්නෙන් පුලුස්සා දමනු ලැබිය යුතුය.
10
තමාගේ හිස පිට ආලේප තෛලය වත්කරන ලද්දාවූ, ශුද්ධ වස්ත්‍ර හැඳීමට කැපකරන ලද්දාවූ, තමාගේ සහෝදරයන් අතරේ නායක පූජකයාවූ තැනැත්තේ තමාගේ හිසකේ ලිහානොගත යුතුය, තමාගේ වස්ත්‍රද ඉරා නොගත යුතුය;
11
ඔහු කිසි මළකඳක් ළඟට නොයා යුතුය, තමාගේ පියා උදෙසාවත් තමාගේ මවු උදෙසාවත් අපවිත්‍ර නොවිය යුතුය;
12
ඔහු ශුද්ධස්ථානයෙන් පිටතට නොයා යුතුය, තමාගේ දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානය කිලුටු නොකළ යුතුය; මක්නිසාද ඔහුගේ දෙවියන්වහන්සේගේ ආලේප තෛලය නමැති ඔටුන්න ඔහු පිට තිබේ. මම ස්වාමීන්වහන්සේ ය.
13
ඔහු භාර්යාවක් ඇගේ කන්‍යා භාවයෙහිදී පාවාගනීවා.
14
ඔහු වැන්දඹුවක්වත් අත්හරිනලද ස්ත්‍රියෙක්වත් දූෂණයවූ තැනැත්තියෙක්වත් වේශ්‍යාවක්වත් පාවානොගෙන තමාගේම සෙනඟ අතරෙන් කන්‍යාවක් භාර්යාව කොට පාවාගත යුතුය.
15
ඔහු තමාගේම සෙනඟ අතරෙහි තමාගේ වංශය දූෂණයනොකොට සිටිය යුතුය. මක්නිසාද මම ඔහු විශුද්ධකරන ස්වාමීන්වහන්සේ යයි කීසේක.
16
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
17
ආරොන්ට මෙසේ කියන්න-ඔබේ වංශයේ පරම්පරාවලදී ශරීරයේ කැලලක් ඇති කිසිවෙක් ඇද්ද, හෙතෙම තමාගේ දෙවියන්වහන්සේගේ භෝජනය පූජාකරන්ට ළංනොවේවා.
18
කැලලක් ඇති කොයි මනුෂ්‍යයෙක් නුමුත් ළංනොවිය යුතුය. අන්ධයෙක්වත් කොරෙක්වත් මුක්කමෙක්වත් විකල් අංග ඇත්තෙක්වත්,
19
අත පය කැඩුණු කෙනෙක්වත්,
20
කුදෙක්වත් මිට්ටෙක්වත් ඇසේ සුදක් ඇති කෙනෙක්වත් කබොල්ලක් ඇත්තෙක්වත් දද ඇත්තෙක්වත් තැළුණු අණ්ඩ ඇත්තෙක්වත් ළංනොවිය යුතුය;
21
පූජකවූ ආරොන්ගේ වංශයෙහි ශරීරයේ කැලලක් ඇති කිසි මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේ ගේ දවන පූජා ඔප්පුකරන්ට ළංනොවිය යුතුය; ඔහුට පලුදුවක් ඇති බැවින් තමාගේ දෙවියන්වහන්සේගේ භෝජනය ඔප්පුකරන පිණිස ළංනොවිය යුතුය.
22
අති ශුද්ධවූද ශුද්ධවූද දේවලින් තමාගේ දෙවියන්වහන්සේගේ භෝජනය ඔහුට කන්ට පුළුවන.
23
නුමුත් ඔහුට කැලලක් තිබෙන බැවින් මාගේ ශුද්ධස්ථානය දූෂණයනොකරන පිණිස ඔහු තිරයෙන් ඇතුළට පැමිණෙන්ටවත් පූජාසනයට ළංවෙන්ටවත් යුතු නැත. මක්නිසාද මම ඒවා විශුද්ධකරන ස්වාමීන්වහන්සේ යයි කීසේක.
24
මෝසෙස් ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ටද සියලු ඉශ්රායෙල් පුත්‍රයන්ටද එසේ කීයේය.
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 22 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27