bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Leviticus 7
Leviticus 7
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 8 →
1
අපරාධ පූජාව පිළිබඳ ව්‍යවස්ථාව මේය: එය අති ශුද්ධය.
2
ඔව්හු දවන පූජාවේ සතා මරන තැනදී අපරාධ පූජාවේ සතාද මරත්වා. ඔහු උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසීවා.
3
ඔහු උගේ තෙල සියල්ල පුදන්නේය; තර වල්ගේද අතුණු වැසී තිබෙන තෙලද,
4
වකුගඩු දෙකද ඊ පිට තුනටිය ළඟින් තිබෙන තෙලද අක්මාව පිට දැලද වකුගඩු සමඟ වෙන්කෙරේවා.
5
පූජකයා ඒවා ස්වාමීන්වහන්සේ ට ගිනි පූජාවක් පිණිස පූජාසනය පිට දැවිය යුතුය. එය අපරාධ පූජාවක්ය.
6
පූජකයන් අතරෙහි සියලු පිරිමින්ට එයින් කන්ට පුළුවන. ශුද්ධවූ තැනකදී එය කෑ යුතුය. එය අති ශුද්ධය.
7
පාප පූජාව යම්සේද අපරාධ පූජාවත් එසේමය. ඒවාට එක පනතක් ඇත්තේය. එයින් සමඟිකම් කරන පූජකයා ඒවා ලැබිය යුතුය.
8
යම් පූජකයෙක් යම් කෙනෙකුගේ දවන පූජාව ඔප්පුකරන්නේද ඒ පූජකයා ඔහු පිදූ දවන පූජා සතාගේ හම ලැබිය යුතුය.
9
උදුනේ බදින්නාවූ ආහාර පූජා සියල්ලද වළඳෙත් ඇතිලියෙත් පිළියෙළකරන සියල්ලද ඒවා ඔප්පුකරන පූජකයාට හිමිවන්නේය.
10
තෙලින් මිශ්‍රවූද අමිශ්‍රවූද සියලු ආහාර පූජා ආරොන්ගේ පුත්‍රයන් හැමදෙනාටම එකාකාරයෙන් හිමිවන්නේය.
11
යම් කෙනෙක් ස්වාමීන්වහන්සේ ට ඔප්පුකරන ශාන්ති පූජා යාගය පිළිබඳ ව්‍යවස්ථාව මේය.
12
ඒක ස්තුති වශයෙන් ඔප්පුකරන්නේනම්, ස්තුති පූජාව සමඟ තෙල් මිශ්‍රවූ මුහුන් නොදැමූ පූපද තෙල් ගෑවාවූ මුහුන් නොදැමූ පෙතිද පෙඟුණු සිහින් පිටිවලින් බදිනලද තෙල් මිශ්‍රවූ පූපද ඔප්පුකළ යුතුය.
13
පූප ඇතුළුව මුහුන් මුසු රොටිත් ඔහු තමාගේ පූජාවකොට තමාගේ ශාන්ති පූජාව සමඟ ස්තුති වශයෙන් ඔප්පුකළ යුතුය.
14
එක එක පූජාවෙන් එකක් බැගින් ස්වාමීන්වහන්සේ ට එසවීමේ පූජාවක් පිණිස ඔහු එයින් ඔප්පු කෙරේවා; එය ශාන්ති පූජාවල ලේ ඉසින පූජකයාට හිමි වන්නේය.
15
ස්තුති දීම පිණිස වූ ඔහුගේ ශාන්ති පූජා යාගයේ මාංසය පිදූ දවසෙහිම කෑ යුතුය; උදය දක්වා එයින් කිසිවක් ඉතුරුනොකළ යුතුය.
16
එහෙත් ඔහු ඔප්පුකරන තමාගේ පූජාව භාරයක් හෝ ස්වෙච්ඡා පූජාවක් නම්, ඔහුගේ පූජාව ඔප්පුකරන දවසෙහි එය කෑ යුතුය. එයින් ඉතුරුවෙන දෙය පසුවදා කන්ට පුළුවන.
17
එහෙත් තුන්වෙනි දවස දක්වා පූජාවේ මාංසයෙන් ඉතුරුවෙන ඒවා ගින්නෙන් පුලුස්සා දැමිය යුතුය.
18
ඔහුගේ ශාන්ති පූජාවල යාගයේ මාංසයෙන් කිසිවක් තුන්වෙනි දවසෙහි කෑවොත් එය පිළිගනු ලැබීමවත් එය පූජාකරන තැනැත්තාගේ ගණනට තබනු ලැබීමවත් නොවිය යුතුය. එය පිළිකුලක් වන්නේය, එයින් කන තැනැත්තේද තමාගේ අයුතුකම දරන්නේය.
19
අපවිත්‍ර යම් දෙයක ස්පර්ශවන මාංසය නොකා ගින්නෙන් දැවිය යුතුය. ඉතිරි මාංසය පවිත්‍රව සිටින සියල්ලන් විසින් කන්නට පුළුවන.
20
එහෙත් අපවිත්‍රකමක් ඇතුව ස්වාමීන්වහන්සේ ට අයිති ශාන්ති පූජාවේ මාංසය කන තැනැත්තේ තමාගේ සෙනඟ කෙරෙන් සිඳිනු ලබන්නේය.
21
මනුෂ්‍යයෙකුගේ අපවිත්‍රකමක් වේවා අපවිත්‍ර මෘගයෙක් වේවා අපවිත්‍ර පිළිකුල්කමක් වේවා කිසියම් අපවිත්‍රකමක ස්පර්ශවී ස්වාමීන්වහන්සේ ට අයිති ශාන්ති පූජාවල මාංසය කන තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේයයි කීසේක.
22
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
23
ඉශ්රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න-ඔබ සැම ගොනෙකුගේවත් බැටළුවෙකුගේවත් එළුවෙකුගේවත් තෙල නොකෑ යුතුය.
24
ඉබේ මළාවූ සතාගේ තෙලද මෘගයන් විසින් ඉරාදැමූ සතාගේ තෙලද අන්කිසියම් වැඩකට ගත හැකිය. නුමුත් ඔබ සැම කිසිසේත් ඒවායින් නොකෑයුතුය.
25
කුමක්හෙයින්ද මනුෂ්‍යයන් විසින් ස්වාමීන්වහන්සේ ට ගින්නෙන් පූජා කිරීමට ඔප්පුකරන්නාවූ මෘගයෙකුගේ තෙල කන කවරෙක් නුමුත් තමාගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේය.
26
පක්ෂියෙකුගේ වේවා මෘගයෙකුගේ වේවා කිසි ලෙයක් ඔබ සැමගේ කොයි වාසස්ථානයකදීවත් නොකෑයුතුය.
27
ලේ කන්නා වූ කවරෙක් නුමුත් තමාගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේයයි කීසේක.
28
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
29
ඉශ්රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න- ස්වාමීන්වහන්සේ ට ශාන්ති පූජා යාගය ඔප්පුකරන තැනැත්තේ තමාගේ ශාන්ති පූජාවල යාගයෙන් තමාගේ පූජාව ස්වාමීන්වහන්සේ වෙතට ගෙනේවා.
30
ස්වාමීන්වහන්සේ ට ගින්නෙන් කළ පූජාව ඔහු තමාගේම අතින් ගෙනේවා; ළැපැත්ත ස්වාමීන්වහන්සේ ඉදිරියේ තේව පූජාවක් කොට තේවකරන පිණිස ළැපැත්ත සමඟ තෙල ගෙනේවා;
31
පූජකයාද තෙල පූජාසනය පිට දවන්නේය. එහෙත් ළැපැත්ත ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් හිමිවන්නේය.
32
ඔබ සැමගේ ශාන්ති පූජා යාගවලින් එසවීමේ පූජාවක් පිණිස දකුණු කළවය පූජකයාට දෙන්න.
33
ආරොන්ගේ පුත්‍රයන් අතරෙන් ශාන්ති පූජාවල ලේද තෙලද ඔප්පු කරන්නාට ඔහුගේ කොටස වශයෙන් දකුණු කළවය දෙනු ලැබේවා.
34
මක්නිසාද මම ඉශ්රායෙල් පුත්‍රයන්ගේ ශාන්ති පූජා යාගවලින් තේව ළැපැත්තද එසවීමේ කළවයද ගෙන ඉශ්රායෙල් පුත්‍රයන් කෙරෙන් පූජකයාවූ ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් සදාකාලයටම අයිතියක් කොට දුනිමියි කීසේක.
35
ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක තනතුරෙහි ස්වාමීන්වහන්සේ ට මෙහෙකරන පිණිස මෝසෙස් ඔවුන් ගෙනා දවසෙහි ගින්නෙන් කළ පූජාවලින් ඔවුන්ට ලැබෙන හැටියට නියමවූ කොටස මේකය;
36
සදාකාලේටම තමන්ගේ පරම්පරාවල නියම කොටසක්කොට ඉශ්රායෙල් පුත්‍රයන්ගෙන් එය ඔවුන්ට දෙනු ලබන ලෙස, ඔවුන් ආලේපකළ දවසේදී ස්වාමීන්වහන්සේ අණකළසේක.
37
ඉශ්රායෙල් පුත්‍රයන් විසින් තමන්ගේ පූජා ස්වාමීන්වහන්සේ ට ඔප්පුකරන ලෙස සීනයි වනයෙහිදී මෝසෙස් ඔවුන්ට අණකළ දවසේදී,
38
ස්වාමීන්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස්ට අණකළාවූ දවන පූජාවේද ආහාර පූජාවේද පාප පූජාවේද අපරාධ පූජාවේද කැප කිරීමේද ශාන්ති පූජා යාගයේද නියමය ඒකය.
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 8 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27