bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Leviticus 18
Leviticus 18
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 19 →
1
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
2
ඉශ්රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න-මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය.
3
ඔබ සැම විසූ මිසර දේශයේ ක්‍රියා ලෙස නොකරන්න. මා විසින් ඔබ සැම පමුණුවනු ලබන කානාන් දේශයේ ක්‍රියා ලෙස නොකරන්න. ඔවුන්ගේ පනත් ලෙස නොහැසිරෙන්න.
4
ඔබ සැම මාගේ විනිශ්චයයන් ඉෂ්ටකර මාගේ පනත් පවත්වා ඒවායේ හැටියට හැසිරෙන්න. මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය.
5
එබැවින් ඔබ සැම මාගේ පනත් සහ විනිශ්චයයන් පවත්වන්න. මනුෂ්‍යයෙක් ඒවා පවත්වන්නේ නම් ඔහු එයින් ජීවත්වන්නේය. මම ස්වාමීන්වහන්සේ ය.
6
ඔබ සැමගෙන් කිසිවෙක් තමාගේ කිට්ටු නෑයෙකු කරා නග්නභාවය හරින පිණිස ළංනොවිය යුතුය. මම ස්වාමීන්වහන්සේ ය.
7
ඔබේ පියාගේ නග්නභාවය එනම් ඔබේ මවුගේ නග්නභාවය නොහරින්න. ඈ ඔබේ මෑණියෝය; ඇගේ නග්නභාවය නොහරින්න.
8
ඔබේ පියාගේ භාර්යාවගේ නග්නභාවය නොහරින්න. එය ඔබේ පියාගේ නග්නභාවයය.
9
ගෙදර උපන් හෝ පිටත උපන් හෝ ඔබේ පියාගේ දුවවත් ඔබේ මවුගේ දුවවත් වන ඔබේ සහෝදරීගේ නග්නභාවය නොහරින්න.
10
ඔබේ පුත්‍රයාගේ දුවගේ හෝ ඔබේ දියණියන්ගේ දුවගේ හෝ නග්නභාවය නොහරින්න. මක්නිසාද ඔවුන්ගේ නග්නභාවය ඔබේම නග්නභාවයය.
11
ඔබේ පියාට දාව උපන්නාවූ ඔබේ පියාගේ භාර්යාවගේ දුව වන ඔබේ සහෝදරීගේ නග්නභාවය නොහරින්න.
12
ඔබේ පියාගේ සහෝදරීගේ නග්නභාවය නොහරින්න. ඈ ඔබේ පියාට කිට්ටු නෑයෙක්ය.
13
ඔබේ මවුගේ සහෝදරීගේ නග්නභාවය නොහරින්න. මක්නිසාද ඈ ඔබේ මවුගේ කිට්ටු නෑයෙක්ය.
14
ඔබේ පියාගේ සහෝදරයාගේ නග්නභාවය නොහරින්න, එනම් ඔහුගේ භාර්යාවට ළංනොවන්න. ඈ ඔබේ කුඩම්මාය.
15
ඔබේ ලේලිගේ නග්නභාවය නොහරින්න. ඈ ඔබේ පුත්‍රයාගේ භාර්යාවය; ඔබ ඇගේ නග්නභාවය නෑරිය යුතුය.
16
ඔබේ සහෝදරයාගේ භාර්යාවගේ නග්නභාවය නොහරින්න. එය ඔබේ සහෝදරයාගේ නග්නභාවය.
17
ස්ත්‍රියෙකුගේ සහ ඇගේ දුවගේත් නග්නභාවය නොහරින්න; ඇගේ පුත්‍රයාගේ දුවවත් ඇගේ දියණියන්ගේ දුවවත් නග්නභාවය හරින පිණිස පාවානොගනින්න; ඔව්හු ළඟ නෑකම් ඇත්තියෝය. ඒක දූෂ්‍යකමක්ය.
18
ඔබේ භාර්යාව ජීවත්ව සිටියදී විරුද්ධකම් හටගන්න හැටියට, ඈ හැර ඇගේ සහෝදරීත් නග්නභාවය හරින පිණිස පාවානොගන්න.
19
ස්ත්‍රියෙක් මාසේ මාරුවී අපවිත්‍රව සිටින තුරු ඇගේ නග්නභාවය හැරීමට ඈ කරා නොපැමිණෙන්න.
20
ඔබේ අසල්වාසියාගේ භාර්යාව සමඟ ඔබ කිලුටු වන පිණිස ඈ සමඟ සංවාසය නොකළයුතුය.
21
ඔබේ වංශයෙන් කිසිවෙකු මොලෙක්ට ගිනි මැදින් යවා පූජාකොට ඔබේ දෙවියන්වහන්සේගේ නාමයට අපහාසනොකරන්න. මම ස්වාමීන්වහන්සේ ය.
22
ගැහැනුන් සමඟ මෙන් පිරිමින් සමඟ සංවාසය නොකරන්න. ඒක පිළිකුලක්ය.
23
කිසි මෘගයෙකු සමඟ සංවාසයකොට අපවිත්‍ර නොවන්න. කිසි ස්ත්‍රියෙක්ද සංවාසය පිණිස මෘගයෙකු ඉදිරියට නොපැමිණිය යුතුය. ඒක ව්‍යාකූල දෙයක්ය.
24
මේ කිසිවකින් තමුන්ම කිලුටුකර නොගන්න. මක්නිසාද මා විසින් ඔබ සැම ඉදිරියෙන් පහකරන ජාතීහු මේ සියලු දේවලින් අපවිත්‍රව සිටිති.
25
දේශයද කිලුටුවී තිබේ. ඒ නිසා එහි අයුතුකම ඒ පිටට පමුණුවන්නෙමි, දේශයද එහි වැසියන් වමාරා දමන්නීය.
26
ඔබ සැම මේ පිළිකුල්වලින් කිසිවක් නොකොට, මාගේ පනත් හා මාගේ විනිශ්චයයන් පවත්වන්න; ස්වදේශියෙක් වුවත් ඔබ සැම අතරේ සිටින විදේශියෙක් වුවත් එසේ පවත්වන්ට ඕනෑය.
27
(මක්නිසාද ඔබ සැමට පළමුවෙන් දේශයෙහි විසූ මනුෂ්‍යයෝ මේ සියලු පිළිකුල්කම් කොට දේශය කිලුටුකළෝය.)
28
එසේ ඔබ සැමත් දේශය අපවිත්‍රකළොත් දේශය ඔබ සැමට පළමුවෙන් සිටිය ජාතීන් වමාරාදැමුවාක්මෙන් ඔබ සැමත් වමාරා දමනවා ඇත.
29
මක්නිසාද කවුරු නුමුත් මේ පිළිකුල්කම්වලින් කිසිවක් කළොත් එසේ කරන අය තමුන්ගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නෝය.
30
එබැවින් ඔබ සැමට පළමුවෙන් කරනලද මේ පිළිකුල් සිරිත්වලින් කිසිවක් පවත්වා ඔබ සැම ඒවායින් අපවිත්‍ර නොවෙන පිණිස, මාගේ නියමය රක්ෂාකරන්න. මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යයි කීසේක.
← Chapter 17
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 19 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27