bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Leviticus 13
Leviticus 13
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 14 →
1
ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට:
2
මනුෂ්‍යයෙකුගේ ශරීරයේ හමෙහි බිබිලක්වත් කබොල්ලක්වත් රතුපල්ලක්වත් හටගැනී ඒක ඔහුගේ ශරීරයේ හමෙහි කුෂ්ඨ ලකුණක් වන්නේ නම් ඔහු පූජකයාවූ ආරොන් වෙතට හෝ ඔහුගේ පුත්‍රයන්වූ පූජකයන්ගෙන් එක්කෙනෙකු වෙතට හෝ පමුණුවනු ලබාවා.
3
පූජකයාද ශරීරයේ හමෙහි රෝගය බලාවා. රෝගය තිබෙන තැන මයිල් සුදුවූ බවද ඒ රෝගය සෑදී තිබෙන ස්ථානය ඔහුගේ ශරීරයේ හමට වඩා පහත්ව තිබෙන බවද පෙනේනම් ඒක කුෂ්ඨයේ ලකුණක්ය. පූජකයා ඔහු බලා ඔහු අපවිත්‍රයයි කිය යුතුය.
4
නුමුත් ඔහුගේ ශරීරයේ හමෙහි තිබෙන පැල්ලම සුදු බවද හමට වඩා පහත්ව නැති බවද එහි මයිල් සුදු නොවී තිබෙන බවද පෙනේනම් පූජකයා රෝගකාරයා සත් දිනක් වෙන්කර සිටුවා,
5
සත්වෙනි දින ඔහු බලන්නේය; එවිට ඒ ලකුණ හමෙහි පැතිර නොගොස් නැවතී තිබෙන බව ඔහුට පෙනේනම් තවත් සත් දිනක් පූජකයා ඔහු වෙන්කොට සිටුවා,
6
සත්වෙනි දිනදී නැවත ඔහු බලාවා, එවිට ඒ කුෂ්ඨ ලකුණු හමෙහි පැතිර නොගොස් මැලවී තිබේනම් පූජකයා ඔහු පවිත්‍රයයි කිය යුතුය. ඒ කබොල්ලක්ය. ඔහු තමාගේ වස්ත්‍ර සෝදා පවිත්‍රවන්නේය.
7
එහෙත් ඔහුගේ පවිත්‍රවීම පිණිස ඔහු පූජකයාට පෙනුණු පසු කබොල්ල හමෙහි පැතිර ගියොත් ඔහු නැවත පූජකයාට පෙනේවා.
8
එවිට පූජකතැන බලා කබොල්ල හමෙහි පැතිර තිබෙන බව පෙනේනම් ඔහු අපවිත්‍රයයි කිය යුතුය. ඒක කුෂ්ඨ රෝගයය.
9
මනුෂ්‍යයෙකුට කුෂ්ඨ ලකුණක් හටගත් කල්හි ඔහු පූජකයා ළඟට පමුණුවනු ලැබිය යුතුය;
10
පූජකයා ඔහු බලාවා, එවිට හමෙහි සුදු බිබිලක් තිබී එයින් මයිල් සුදුවී බිබිලෙහි අමු මාංස පෙනේනම්, ඒක ඔහුගේ ශරීරයේ හමෙහි කල්ගිය කුෂ්ඨ රෝගයක්ය,
11
පූජකයා ඔහු අපවිත්‍රයයි ප්‍රකාශකොට ඔහු අපවිත්‍ර බැවින් සිරකර නොසිටුවන්නේය.
12
කුෂ්ඨය හමෙහි පැතිර ගොස් රෝගාතුරයාගේ මුළු හම ඔහුගේ හිස පටන් ඔහුගේ පාද දක්වාම පූජකයාට පෙනෙන සෑම තැනම කුෂ්ඨයෙන් වැසී තිබේනම්, පූජකයා බලාවා,
13
එවිට ඔහුගේ මුළු ශරීරය කුෂ්ඨයෙන් වැසී තිබේනම් රෝගාතුරයා පවිත්‍රයයි ඔහු විසින් කිය යුතුය. සියල්ල සුදුවී තිබෙන බැවින් ඔහු පවිත්‍රය.
14
එහෙත් කිසිවිටක අමු මාංස පෙනේනම් ඔහු අපවිත්‍රය.
15
පූජකයාද අමු මාංස බලා ඔහු අපවිත්‍රයයි කිය යුතුය. අමු මාංස අපවිත්‍රය. ඒ කුෂ්ඨයය.
16
අමු මාංස නැවත වෙනස්වී සුදුවුණොත් ඔහු පූජකයා වෙතට පැමිණේවා,
17
පූජකයා ඔහු බැලුවාම කුෂ්ඨ ලකුණ සුදුවී තිබෙන බව දුටුවොත් රෝගාතුරයා පවිත්‍රය කියා පූජකයා කිය යුතුය. ඔහු පවිත්‍රය.
18
ශරීරයේ හමේ ගඩගෙඩියක් තිබී සුව වුණාට පසු,
19
ගඩගෙඩිය තිබුණු තැන සුදු බිබිලක්වත් රතට හුරු සුදු පල්ලක්වත් හටගත්තොත් එය පූජකයාට පෙන්විය යුතුය;
20
පූජකයා බැලූ කල එය හමට වඩා පහත්වී එහි මයිල් සුදුවී තිබෙන බව දුටුවොත් ඔහු අපවිත්‍රයයි පූජකයා කිය යුතුය. එය කුෂ්ඨ ලකුණය, ඒක ගඩගෙඩියෙන් හටගත්තේය.
21
එහෙත් පූජකයා එය බැලූ කල එහි තුළ සුදු මයිල් නැතුව හමට වඩා පහත් නොවී මැලවී තිබුණොත් පූජකයා ඔහු සත් දිනක් වෙන්කර සිටුවිය යුතුය.
22
ඉදින් ඒක හමේ පැතුරුණොත් ඔහු අපවිත්‍රයයි පූජකයා කිය යුතුය. ඒක කුෂ්ඨ ලකුණක්ය.
23
එහෙත් පල්ල පැතිර නොගොස් තිබුණු තැනම නැවතුණොත් ඒක ගඩගෙඩියේ කැලලය; පූජකයා ඔහු පවිත්‍රයයි කියාවා.
24
නොහොත් ශරීරයේ හමෙහි ගින්නෙන් දැවීමක් වූ කල දෑවාවූ තුවාලයේ මාංසය රතට හුරුව සුදු පල්ලක් වන්නේ නම්,
25
පූජකයා ඒක බලාවා. එවිට පැල්ලමේ මයිල් සුදුවී ඒක හමට වඩා පහත් බව පෙනේ නම් ඒක කුෂ්ඨරෝගයය, ඒක දෑවාවූ තුවාලයෙන් හටගත්තේය. ඔහු අපවිත්‍රයයි පූජකයා කියයුතුය.
26
ඒක කුෂ්ඨරෝගයය. එහෙත් පූජකයා බැලූ කල පැල්ලමේ සුදු මයිල් නැතුව හමට වඩා පහත්නොවී මැලවී තිබුණොත් පූජකයා ඔහු සත් දවසක් වෙන්කර සිටුවිය යුතුය.
27
සත්වෙනි දින පූජකයා ඔහු බලාවා. ඒක හමේ පැතිර තිබේනම් ඔහු අපවිත්‍රයයි පූජකයා ප්‍රකාශකෙරේවා. ඒක කුෂ්ඨරෝගයය.
28
එහෙත් පල්ල පැතිර නොගොස්, තිබුණු තැනම නැවතී මැලවී තිබුණොත්, ඒක දෑවාවූ තුවාලයෙන් හටගත් ඉදිමුමය, පූජකයා ඔහු පවිත්‍රයයි ප්‍රකාශකළ යුතුය. ඒක තුවාලයේ කැලලය.
29
පුරුෂයෙකුට හෝ ස්ත්‍රියෙකුට හෝ හිසේ නොහොත් රැවුලේ ලපයක් තිබෙන විට,
30
පූජකයා ලපය බැලිය යුතුය. එවිට ඒක හමට වඩා පහත් බවද ඒකේ කහවන් සිහින් මයිල් තිබෙන බවද පෙනුණොත් පූජකයා ඔහු අපවිත්‍රයයි ප්‍රකාශකළ යුතුය. ඒක කබොල්ලක්ය, හිසේ නොහොත් රැවුලේ කුෂ්ඨයක්ය.
31
නුමුත් පූජකයා කබලු ලකුණ බැලුවාම ඒක හමට වඩා පහත් බව නොපෙනුණොත්, ඒකේ කළු මයිල් නැතුව තිබුණොත් පූජකයා කබලු ලපය ඇත්තා සත් දවසක් හිරකර සිටුවාවා.
32
සත්වෙනි දින ඔහු ලපය බලාවා. එවිට කබොල්ල පැතිර නොගොස් එහි කහවන් මයිල් නැතුව කබොල්ල හමට වඩා පහත් නැති බව පෙනේ නම්,
33
ඔහුගේ හිස මුඩුකරනු ලැබිය යුතුය, එහෙත් ලපය මුඩු නොකළ යුතුය; පූජකයා කබොල්ල ඇත්තා තවත් සත් දිනක් වෙන්කර සිටුවා තබාවා.
34
තවද සත්වෙනි දින පූජකයා ලපය බලාවා. එවිට කබොල්ල හමෙහි පැතිර නොගොස් හමට වඩා පහත්ව නැති බව පෙනුණොත් ඔහු පවිත්‍රයයි පූජකයා ප්‍රකාශ කෙරේවා. ඔහු තමාගේ වස්ත්‍ර සෝදාගෙන පවිත්‍රවන්නේය.
35
එහෙත් ඔහුගේ පවිත්රවීමෙන් පසු කබොල්ල හමේ පැතුරුණොත් පූජකයා ඔහු බලාවා.
36
එවිට කබොල්ල හමේ පැතිර තිබුණොත් පූජකයා කහපාට මයිල් ඇද්දැයි සොයන්ට ඕනෑ නැත; ඔහු අපවිත්‍රය.
37
එහෙත් කබොල්ල නැවතී එහි තුළ කළු මයිල් හටගැනී තිබෙන බව ඔහුට පෙනේනම් කබලුව සුවවී ඔහු පවිත්‍රව සිටී. පූජකයා ඔහු පවිත්‍රයයි ප්‍රකාශකෙරේවා.
38
පුරුෂයෙකුට හෝ ස්ත්‍රියෙකුට හෝ ඔවුන්ගේ ශරීරයේ හමේ පල්ල එනම් සුදු පල්ල හටගත් කල්හි,
39
පූජකතෙමේ බලාවා; එවිට ඔවුන්ගේ ශරීරයේ හමේ සුදුමැලි පලු තිබෙන බව දුටුවොත් ඒවා හමේ හටගත් ගෝමරය; ඒ අය පවිත්‍රය.
40
යමෙකුගේ හිසකේ වැටී ඔහු හිස මුඩුකෙනෙක් වුණත් ඔහු පවිත්‍රය.
41
යමෙකුගේ ඉස්සරහ පැත්තේ හිසකේ වැටී නළල මුඩු කෙනෙක් වුණත් ඔහු පවිත්‍රය.
42
නුමුත් මුඩු හිසේවත් මුඩු නළලේවත් රතට හුරු සුදු ලපයක් හටගත්තොත් එය ඔහුගේ මුඩු හිසෙහි හෝ මුඩු නළලෙහි හෝ හටගන්න කුෂ්ඨයක්ය.
43
එවිට පූජකයා ඔහු බලාවා. තවද ශරීරයේ හමේ කුෂ්ඨරෝගයේ පෙනීම වාගේ රතට හුරු සුදු කුෂ්ඨ ඉදිමුමක් ඔහුගේ මුඩු හිසේවත් මුඩු නළලේවත් තිබුණොත්,
44
ඔහු කුෂ්ඨ රෝගකාරයෙක්ය, ඔහු අපවිත්‍රය; ඔහු අපවිත්‍රයයි පූජකයා සැබවින් ප්‍රකාශකළ යුතුය; ඔහුගේ රෝගය ඔහුගේ හිසෙහිය.
45
කුෂ්ඨරෝගය ඇති අය තමාගේ වස්ත්‍ර ඉරාගන හිසකේ විදහාගන උඩු තොල වසාගන: අපවිත්‍රය අපවිත්‍රය කියා මොරගැසිය යුතුය.
46
රෝගය ඔහුට තිබෙන මුළු කාලයෙහි ඔහු අපවිත්‍රව සිටින්නේය; අපවිත්‍ර බැවින් ඔහු තනියම වාසයකළ යුතුය; ඔහුගේ වාසස්ථානය කඳවුරෙන් පිටත වන්නේය.
47
ලොම් වස්ත්‍රයකවත් හණ වස්ත්‍රයකවත් හණ නුමුත් ලොම් නුමුත්,
48
දිග නූල්වලටත් හරස් නූල්වලටත් හමකවත් හමෙන් සෑදූ යම් දෙයකවත් කුෂ්ඨයක් හටගැනී,
49
ඒ කුෂ්ඨය වස්ත්‍රයේ හෝ හම්වල හෝ දිග නූල්වලවත් හරස් නූල්වලවත් හමින් සෑදූ යම් දෙයකවත් කොළපාට ඇතුව නොහොත් රතුව පෙනුණොත්, ඒක කුෂ්ඨයක් බැවින් පූජකයාට පෙන්විය යුතුය.
50
පූජකයා ඒ කුෂ්ඨය බලා කුෂ්ඨය ඇති දෙය සත් දිනක් වසා තබාවා.
51
ඔහු සත්වෙනි දින කුෂ්ඨය බලාවා. ඉදින් වස්ත්‍රයේ දිග නූල්වලවත් හරස් නූල්වලවත් හමේවත් හමෙන් සෑදූ කොයියම් දෙයකවත් කුෂ්ඨය පැතිර තිබෙන බව පෙනේනම් එය වස කුෂ්ඨයක්ය; ඒක අපවිත්‍රය.
52
ඒ වස්ත්‍රයත් ලෝම වුවත් හණ වුවත් දිග නූල් හෝ හරස් නූල් හෝ කුෂ්ඨය ඇති සියලුම හම් බඩුත් ඔහු පුලුස්සා දැමිය යුතුය; මක්නිසාද එය වස කුෂ්ඨයක්ය; ඒක ගින්නෙන් පුලුස්සා දැමිය යුතුය.
53
නුමුත් පූජකයා බැලූ කල වස්ත්‍රයේවත් දිග නූල්වලවත් හරස් නූල්වලවත් හමෙන් සෑදූ යම් දෙයකවත් කුෂ්ඨය පැතිර නැති බව දුටුවොත්,
54
කුෂ්ඨය ඇති දෙය සෝදන්ට ඔවුන්ට අණකර, තවත් සත් දිනක් ඒක වසා තැබිය යුතුය.
55
එසේ සේදුවාට පසු පූජකයා කුෂ්ඨය නැවත බැලූ කල කුෂ්ඨයේ පෙනීම වෙනස්නොවී තිබේ නම්, කුෂ්ඨය පැතිරී නැත්නම්, ඒක අපවිත්‍රය; එය ගින්නෙන් පුලුස්සා දමන්න. ඒක ඇතුල් පැත්තේවත් පිට පැත්තේවත් තිබෙන දිරුමක්ය.
56
නුමුත් ඒක සේදුවාට පසු කුෂ්ඨය මැලවී තිබෙන බව පූජකයා දුටුවොත් වස්ත්රයෙන්වත් හමෙන්වත් දිග නූල්වලින්වත් හරස් නූල්වලින්වත් ඒක ඉරා දැමිය යුතුය.
57
නුමුත් එය වස්ත්‍රයේවත් දිග නූල්වලවත් හරස් නූල්වලවත් හමෙන් සෑදූ යම් දෙයකවත් තවත් පෙනුණොත් එය පැතිරෙන බැවින් කුෂ්ඨය ඇති දෙය ගින්නෙන් පුලුස්සා දමන්න.
58
ඔබ සෝදන වස්ත්රයෙන්වත් දිග නූල්වලින්වත් හරස් නූල්වලින්වත් හමෙන් සෑදූ දෙයකින්වත් කුෂ්ඨය පහවුණොත් ඒක දෙවෙනි වරත් සෝදනු ලැබිය යුතුය, එවිට ඒක පවිත්‍රවන්නේය.
59
ලෝම නොහොත් හණ වස්ත්‍රයක්වත් දිග නූල්වත් හරස් නූල්වත් හමෙන් සෑදූ යම් දෙයක්වත් පවිත්‍රය නොහොත් අපවිත්‍රයයි කියන පිණිස ඒවායේ කුෂ්ඨය පිළිබඳ ව්‍යවස්ථාව මේකයයි කීසේක.
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 14 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27