bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Leviticus 2
Leviticus 2
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 3 →
1
යමෙක් ආහාර පූජාවක් ස්වාමීන්වහන්සේ ට ඔප්පුකරන කල ඔහුගේ පූජාව සිහින් පිටිවලින් විය යුතුය; ඔහු ඊ පිට තෙල් වත්කොට, ඊ පිට තුවරලා දමා,
2
ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයන් වෙතට එය ගෙනවුත්; එහි සිහින් පිටියෙන් සහ තෙලින් අතළොස්සක් එහි සියලු තුවරලා සමඟ ගත යුතුය. පූජකයා ස්වාමීන්වහන්සේ ට මිහිරි සුවඳක් වූ ගින්නෙන් කළ පූජාවක් මෙන් ඒ සිහිවීමේ කොටස පූජාසනය පිට දැවිය යුතුය.
3
ආහාර පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් වන්නේය. එය ස්වාමීන්වහන්සේ ට ගින්නෙන් කළ පූජාවලින් අති ශුද්ධ එකක්ය.
4
උදුනෙහි පුලුස්සනලද ආහාර පූජාවක් ඔබ විසින් ඔප්පුකරන කල එය තෙල් මිශ්‍රකොට සිහින් පිටියෙන් සෑදූ මුහුන් නැති සිහින් රොටි හෝ තෙල ගල්වනලද මුහුන් නුමුසු පෙති කැවුම් හෝ විය යුතුය.
5
ඔබේ පූජාව ඇතිලියේ පුලුස්සන ආහාර පූජාවක් නම් එය තෙල් මිශ්‍රකරනලද මුහුන් නුමුසු සිහින් පිටියෙන් විය යුතුය.
6
එය කැබලි කොට කඩා ඒ පිට තෙල් වත්කරන්න. එය ආහාර පූජාවක්ය.
7
ඔබේ පූජාව සැළියේ බදින ආහාර පූජාවක් නම් එය තෙල් මිශ්‍රකොට සිහින් පිටියෙන් සෑදිය යුතුය.
8
ඔබ මේ දේවලින් සාදනලද ආහාර පූජාව ස්වාමීන්වහන්සේ වෙතට ගෙනෙන්න. එය පූජකයාට ඔප්පුකරනු ලැබිය යුතුය, පූජකයාද එය පූජාසනය ළඟට ගෙනෙන්ට ඕනෑය.
9
තවද පූජකයා ආහාර පූජාවෙන් සිහිවීමේ කොටස ගෙන පූජාසනය පිට දැවිය යුතුය. එය ස්වාමීන්වහන්සේ ට මිහිරි සුවඳක් ඇති, ගින්නෙන් කළ පූජාවක්ය.
10
ආහාර පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් වන්නේය. එය ස්වාමීන්වහන්සේ ට ගින්නෙන් කළ පූජාවලින් අති ශුද්ධ එකක්ය.
11
ඔබ සැම ස්වාමීන්වහන්සේ ට ඔප්පුකරන කිසි ආහාර පූජාවක් මුහුන් මිශ්‍රකොට නොසෑදිය යුතුය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ට ගින්නෙන් කළ පූජාවක් වශයෙන් මුහුන්වත් මීපැණිවත් නොදැවිය යුතුය.
12
ප්‍රථම ඵල පූජාවක් කොට ඒවා ස්වාමීන්වහන්සේ ට ඔප්පුකරන්ට ඔබ සැමට පුළුවන. එහෙත් ඒවා මිහිරි සුවඳක් පිණිස පූජාසනය පිටට නොපැමිණවිය යුතුය.
13
ඔබේ සියලු ආහාර පූජා ලුණෙන් රසකරන්න; ඔබේ දෙවියන්වහන්සේගේ ගිවිසුමේ ලුණු ඔබේ ආහාර පූජාවට නොදමා නොහැරිය යුතුය. ඔබේ සියලු පූජාවල් සමඟ ලුණු ඔප්පුකළ යුතුය.
14
ඉදින් ප්‍රථම ඵලවලින් ඔබ ස්වාමීන්වහන්සේ ට ආහාර පූජාවක් ඔප්පු කරන්නෙහිනම් ගින්නෙන් බැදපු ශස්‍ය කරල්වලින් පොඩිකරගත් අලුත් ධාන්‍ය ඔබේ ආහාර පූජාව කොට ඔප්පුකරන්න.
15
ඊ පිට තෙල් වත්කර ඊ පිට තුවරලා තබන්න. එය ආහාර පූජාවක්ය.
16
එවිට පූජකයා මඩිනලද එහි ධාන්‍ය කොටසකින්ද එහි තෙල් කොටසකින්ද යුත් ඒ සිහිවීමේ කොටස එහි තුවරලා සියල්ල සමඟ දවන්ට ඕනෑය. ඒක ස්වාමීන්වහන්සේ ට ගින්නෙන් කළ පූජාවක්ය.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 3 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
Recommended Reading
Commentary
Leviticus Commentaries
→
Devotional
Leviticus Devotional Guide
→
Get This Bible
SROV Study Bible
→