bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Leviticus 5
Leviticus 5
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 6 →
1
යමෙක් කාරණාවක් දැක නොහොත් දැනගන සාක්ෂිකාරයෙක්ව සිටිද්දී, දිවුරවීමේ හඬ අසා නොදන්වා සිටීමෙන් පව්කළොත්, ඔහු තමාගේ අයුතුකම දැරිය යුතුය.
2
නොහොත් යම් කෙනෙක් අපවිත්‍රවූ යමක එනම් අපවිත්‍ර මෘගයෙකුගේ මළ කඳක හෝ අපවිත්‍ර සිව්පාවන්ගේ මළකඳක හෝ බඩගායන අපවිත්‍ර සතුන්ගේ මළකඳක හෝ ස්පර්ශවුණොත් ඔහු එය නොදැන සිටිය නුමුත් ඔහු අපවිත්‍රව වරදකාරයෙක් වන්නේය.
3
නොහොත් ඔහු මනුෂ්‍යයාගේ අපවිත්‍රකමක එනම් මනුෂ්‍යයෙකු අපවිත්‍රවෙන කවර අපවිත්‍රකමකවත් ස්පර්ශවුණොත්, ඔහු එය නොදැන සිටිය නුමුත් දැනගත්කල වරදකාරයෙක් වන්නේය.
4
නොහොත් යමෙක් නපුර කිරීමට හෝ යහපත කිරීමට හෝ ඉක්මන්ව කථාකරමින් දිවුරුවොත්, මනුෂ්‍යයෙක් දිවිරීමකින් ඉක්මන්ව කථාකරන කොයි දෙයක් වුවත් ඔහු නොදැන සිටිය නුමුත්, ඔහු එය දැනගත් කල මේ දේවලින් එකක් ගැන ඔහු වරදකාරයෙක් වන්නේය.
5
එසේ ඔහු මේ දේවලින් එකක් ගැන වරදකාරයෙක් වූ කල ඒ දේ ගැන පව්කළ බව කියාදී,
6
තමා විසින් කළ පාපය උදෙසා අපරාධ පූජාව පිණිස රැළෙන් බැටළුවන්ගෙන් හෝ එළුවන්ගෙන් හෝ ගෑනු සතෙකු පාප පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේ වෙතට ගෙනෙන්ට ඕනෑය; පූජකයාද ඔහුගේ පාපය ගැන ඔහු උදෙසා සමඟිකමක් කරන්නේය.
7
එළු පැටවෙකු හෝ බැටළු පැටවෙකු හෝ ගෙනෙන්ට ඔහුට වත්කම නැත්නම් ඔහු තමා කළ පාපය ගැන කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ස්වාමීන්වහන්සේ වෙතට ගෙනෙන්ට ඕනෑය; එකෙක් පාප පූජාවක් පිණිසය, අනිකා දවන පූජාවක් පිණිසය.
8
ඔහු උන් පූජකයා වෙතට ගෙනා යුතුය, පූජකයා පළමුකොට පාප පූජා සතාගේ බොටුව ළඟින් හිස කඩා දමා වෙන් නොකොට,
9
පාප පූජාවේ ලෙයින් ස්වල්පයක් පූජාසනයේ පැත්තේ ඉසිය යුතුය; ඉතිරි ලේ පූජාසනය මුල වැගිරෙන්ට හැරිය යුතුය. එය පාප පූජාවක්ය.
10
නියමය ලෙස ඔහු අනිකා දවන පූජාවක් කොට ඔප්පුකළ යුතුය. එසේ පූජකයා ඔහු කළ පාපය ගැන ඔහු උදෙසා සමඟිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.
11
කොබෙයියන් දෙදෙනෙක්වත් පරෙවි පැටවුන් දෙදෙනෙක්වත් ගෙනෙන්ට ඔහුට වත්කම නැත්නම්, ඔහු කළ පාපය ගැන පාප පූජාවක් පිණිස සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් ගෙනෙන්ට ඕනෑය; ඒවා පාප පූජාවක් බැවින් ඒ පිට තෙල්වත් තුවරලාවත් නොදැමිය යුතුය.
12
ඔහු ඒවා පූජකයා වෙතට ගෙනා යුතුය, පූජකයාද එයින් අහුරක් වන එහි සිහිවීමේ කොටස ගෙන පූජාසනය පිට ස්වාමීන්වහන්සේ ට ගින්නෙන් කළ පූජා මතුයෙහි දැවිය යුතුය. එය පාප පූජාවක්ය.
13
මෙසේ පූජකයා ඔහු මේ දේවලින් එකක් ගැන කළාවූ ඔහුගේ පාපය ගැන සමඟිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය. ඉතිරි කොටස ආහාර පූජාව මෙන් පූජකයාට වන්නේයයි කීසේක.
14
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
15
යමෙක් ස්වාමීන්වහන්සේ ගේ ශුද්ධවූ දේවල් ගැන වරදක් කොට නොදැනුවත්ව පව්කළොත් ඔහු තමාගේ අපරාධය උදෙසා අපරාධ පූජාවක් පිණිස ශුද්ධ ස්ථානයේ ෂෙකෙලේ හැටියට ඔබ නියමකරන රිදී ෂෙකෙල් ගණනට රැළෙන් කැලල් නැති බැටළුවෙකු ස්වාමීන්වහන්සේ වෙතට ගෙනවුත්,
16
ශුද්ධවූ දේ ගැන කළාවූ දෝෂයට වන්දි ගෙවීමක් කොට ඊට පහෙන් කොටසක් එකතුකර ඒක පූජකයාට දිය යුතුය. පූජකයාද අපරාධ පූජාවේ බැටළුවාගෙන් ඔහු උදෙසා සමඟිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.
17
යමෙක් පව්කොට ස්වාමීන්වහන්සේ නොකරන්ට අණකළ දේවලින් යමක් කළොත් ඔහු එය නොදැන සිටිය නුමුත් වැරදිකාරයෙක්ව, තමාගේ අයුතුකම දැරිය යුතුය.
18
ඔහු ඔබ නියමකරන ගණනට අපරාධ පූජාවක් පිණිස රැළෙන් කැලල් නැති බැටළුවෙකු පූජකයා වෙතට ගෙනා යුතුය. පූජකයාද ඔහු වැරදිල්ලකින් නොදැන කළ වරද ගැන ඔහු උදෙසා සමඟිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය. එය අපරාධ පූජාවක්ය.
19
සැබවින් ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වරදකාරයෙක්යයි කීසේක.
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 6 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27