bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Leviticus 26
Leviticus 26
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 25
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 27 →
1
රූප සාදානොගන්න, කැපූ පිළිමයක්වත් රූපස්තම්භයක්වත් සිටුවා නොගන්න, නමස්කාර කරන පිණිස ඔබ සැමගේ දේශයෙහි කැටයම්කළ කිසි ගලක් නොතබන්න. මක්නිසාද මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය.
2
ඔබ සැම මාගේ සබත් රක්ෂාකළ යුතුය, මාගේ ශුද්ධස්ථානයට ගෞරව කළ යුතුය. මම ස්වාමීන්වහන්සේ ය.
3
ඔබ සැම මාගේ පනත් ලෙස හැසිර මාගේ ආඥාවන් රක්ෂාකරමින් ඒවා පවත්වන්නහු නම්,
4
මම නියම සෘතුවෙහි ඔබ සැමගේ වර්ෂාවල් දෙන්නෙමි, දේශය එහි වර්ධනයන් දෙන්නීය, කෙතේ ගස්ද ඒවායේ ඵල දෙන්නේය.
5
ඔබ සැමගේ ගොයම් මඩින කාලය මුද්‍රිකඵල නෙළන කාලය දක්වා පවත්නේය, මුද්‍රිකඵල නෙළන කාලය වපුරන කාලය දක්වා පවත්නේය. ඔබ සැම සෑහෙන්ට කෑම කා ඔබ සැමගේ දේශයෙහි සුරක්ෂිතව සිටින්නහුය.
6
ඔබ සැම නිදාගන්න කල කිසිවෙක් ඔබ සැම භය නොගන්වන ලෙස දේශයෙහි සමාදානය දෙන්නෙමි. දේශයෙන් චණ්ඩ මෘගයන් පහකරන්නෙමි, කඩුවද ඔබ සැමගේ දේශය මැදින් නොයන්නේය.
7
ඔබ සැම ඔබ සැමගේ සතුරන් එළවන්නහුය, ඔව්හු ඔබ සැම ඉදිරියෙහි කඩුවෙන් වැටෙන්නෝය.
8
ඔබ සැමගෙන් පස්දෙනෙක් සියදෙනෙක්ද ඔබ සැමගෙන් සියදෙනෙක් දසදහසක්ද එළවනවා ඇත. එසේ ඔබ සැමගේ සතුරෝ ඔබ සැම හමුවෙහි කඩුවෙන් වැටෙන්නෝය.
9
මම ඔබ සැම සලකා බෝකොට වැඩිකරන්නෙමි; මාගේ ගිවිසුම ඔබ සැම සමඟ පිහිටුවන්නෙමි.
10
ඔබ සැම බොහෝ කල් රැස්කර තිබුණු පරණ දේ කන්නහුය, අලුත් දේ කන පිණිස පරණ දේ පහකරන්නහුය.
11
මමද මාගේ මණ්ඩපය ඔබ සැම අතරෙහි පිහිටුවන්නෙමි. මාගේ ආත්මයද ඔබ සැම පිළිකුල් නොකරන්නේය.
12
මම ඔබ සැම අතරෙහි හැසිර ඔබ සැමගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔබ සැම මාගේ සෙනඟ වන්නහුය.
13
මම වනාහි ඔබ සැම මිසරවරුන්ගේ වහලුන්ව නොසිටින පිණිස මිසර දේශයෙන් ඔබ සැම පිටතට ගෙනාවාවූ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය; මම ඔබ සැමගේ වියගහේ බැඳුම් බිඳ ඔබ සැමට කෙලින්ව යන්ට සැලැස්වීමි.
14
එහෙත් ඔබ සැම මට ඇහුම්කන් නොදී මේ සියලු ආඥා නොපවත්වා,
15
මාගේ පනත් ප්‍රතික්ෂේප කරන්නහුනම්, ඔබ සැමගේ ප්‍රාණය මාගේ විනිශ්චයයන් පිළිකුල්කරන්නේනම්, එසේ මාගේ සියලු ආඥා නොපවත්වා මාගේ ගිවිසුම් කඩකරන්නහුනම්,
16
මමද ඔබ සැමට මෙසේ කරන්නෙමි: මම ඔබ සැම කෙරෙහි භය එනම් ඇස් ක්ෂය කරන්නාවූ, ප්‍රාණය හීනකරන්නාවූ, ක්ෂයරෝගයද උණද පමුණුවන්නෙමි. ඔබ සැම නිෂ්ඵලයේ බීජ වපුරන්නහුය, මක්නිසාද ඔබ සැමගේ සතුරෝ ඒවා කන්නෝය.
17
මම මාගේ මුහුණ ඔබ සැමට විරුද්ධව යොමු කරන්නෙමි, ඔබ සැම ඔබ සැමගේ සතුරන් ඉදිරියෙහි පරාජය වන්නහුය. ඔබ සැමට වෛරකරන අය ඔබ සැම කෙරෙහි අධිපතිකම් කරන්නහුය; කිසිවෙක් නොඑළවන කල ඔබ සැම පලායන්නහුය.
18
තවද මේ සියල්ල නිසාවත් ඔබ සැම මට ඇහුම්කන් නුදුන්නොත් තව සත් ගුණයක් ඔබ සැමගේ පව් නිසා ඔබ සැමට දඬුවම් කරන්නෙමි.
19
මම ඔබ සැමගේ බලයේ උඩඟුකම බිඳින්නෙමි; ඔබ සැමගේ අහස යකඩ මෙන්ද ඔබ සැමගේ භූමිය පිත්තල මෙන්ද කරන්නෙමි.
20
එසේ ඔබ සැමගේ ශක්තිය නිකරුණේ වියදම්වන්නේය. මක්නිසාද ඔබ සැමගේ දේශය එහි වර්ධනය නොදෙන්නීය, දේශයේ ගස්ද ඵල නොදෙන්නේය.
21
ඔබ සැම මට විරුද්ධව හැසිර මට ඇහුම්කන් නොදෙන්නහුනම් මම ඔබ සැමගේ පාපවල හැටියට තව සත් ගුණයක් ඔබ සැමට පීඩා පමුණුවන්නෙමි.
22
මම ඔබ සැම අතරට වන මෘගයන් එවන්නෙමි, උන් ඔබ සැමගේ දරුවන් ඔබ සැමගෙන් කොල්ලකන්නෝය, ඔබ සැමගේ ගවයන් විනාශකරන්නෝය; ඔබ සැම ගණනින් අඩුකරන්නෝය; එසේ ඔබ සැමගේ මාර්ග පාළුවන්නේය.
23
මේ දේවලින්වත් ඔබ සැම මා කෙරෙහි හරිනොගැසී මට විරුද්ධව හැසුරුණොත්,
24
මමත් ඔබ සැමට විරුද්ධව හැසිර ඔබ සැමගේ පාපවල් නිසා සත්ගුණයක් පහරදෙන්නෙමි.
25
මම ගිවිසුම ගැන පළිගන්නාවූ කඩුවක් ඔබ සැම පිටට පමුණුවන්නෙමි; ඔබ සැම ඔබ සැමගේ නුවරවල රැස්ව සිටින කල්හි ඔබ සැම අතරට වසංගතය පමුණුවන්නෙමි; ඔබ සැමද ඔබ සැමගේ සතුරාගේ අතට පාවාදෙනු ලබන්නහුය.
26
මා විසින් ඔබ සැමගේ කෑම නමැති රුකුල බින්ද විට ස්ත්‍රීහු දසදෙනෙක් එක් උදුනෙක්හි ඔබ සැමගේ රොටි පුලුස්සා කිරමින් නැවත භාරදෙන්නෝය. ඔබ සැම කා සෑහීමට නොපැමිණෙන්නහුය.
27
ඉදින් ඔබ සැම මේ සියල්ල නිසාවත් මට ඇහුම්කන් නොදී මට විරුද්ධව හැසිරෙන්නහුනම්,
28
මම ඔබ සැමට විරුද්ධව උදහසින් හැසිර ඔබ සැමගේ පාපවල් නිසා සත් ගුණයක් ඔබ සැමට දඬුවම් කරන්නෙමි.
29
ඔබ සැමද ඔබ සැමගේ පුත්‍රයන්ගේ මාංස කනවා ඇත, ඔබ සැමගේ දූවරුන්ගේ මාංසද කනවා ඇත.
30
මම ඔබ සැමගේ උස් තැන් විනාශකොට, ඔබ සැමගේ සූර්ය රූප සිඳදමා, ඔබ සැමගේ දේවරූප කැබලි පිට ඔබ සැමගේ මළ කඳන් හෙළන්නෙමි; මාගේ ආත්මයද ඔබ සැම පිළිකුල් කරන්නේය.
31
මම ඔබ සැමගේ නුවරවල් පාළුවක් කොට ඔබ සැමගේ ශුද්ධස්ථාන නටබුන් බවට පමුණුවන්නෙමි, ඔබ සැමගේ මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි.
32
මම දේශය නාස්තිකරන්නෙමි. එහි වාසය කරන ඔබ සැමගේ සතුරෝද ඒ ගැන විස්මයට පත්වන්නෝය.
33
මම ජාතීන් අතරෙහි ඔබ සැම විසුරුවා ඔබ සැම පස්සෙන් කඩුව ඇදගන එන්නෙමි. ඔබ සැමගේ දේශය නාස්තියක්ද ඔබ සැමගේ නුවරවල් පාළුවක්ද වන්නේය.
34
එකල ඔබ සැමගේ සතුරන්ගේ දේශයෙහි ඔබ සැම සිටින අතර නාස්තිවීමේ කාලය මුළුල්ලෙහි දේශය ඒකේ සබත් කාලවල් භුක්ති විඳිනවා ඇත; එකල දේශය නිවාඩු ලැබ ඒකේ සබත් කාලවල් භුක්තිවිඳිනවා ඇත.
35
ඔබ සැම එහි වාසයකරද්දී ඔබ සැමගේ සබත් කාලවල ඊට නොලැබුණු නිවාඩුව නටබුන් භාවයේ කාලයෙහිදී ලබනවා ඇත.
36
ඔබ සැමගෙන් ඉතුරුවෙන්නන් ගැන නම්, මම ඔවුන්ගේ සතුරන්ගේ දේශවලදී ඔවුන්ගේ සිත්වලට ක්ලාන්තභාවයක් පමුණුවන්නෙමි. සැලෙන කොළයක ශබ්දයට ඔව්හු දුවන්නෝය; කඩුව ඉදිරියෙන් යමෙක් පලායන්නාක් මෙන් ඔව්හු පලා ගොස් කිසිවෙකු ඔවුන් නොඑළවන කල වැටෙන්නෝය.
37
කඩුව ඉදිරියෙන් දුවන්නාක් මෙන් කිසිවෙකු ලුහු නොබඳින කල ඔව්හු එකිනෙකා පිට හැපී වැටෙන්නෝය. ඔබ සැමගේ සතුරන් ඉදිරිපිට සිටින්ට ඔබ සැමට කිසි බලයක් නැතිවන්නේය.
38
ඔබ සැම ජාතීන් අතරෙහි නැතිවන්නහුය, ඔබ සැමගේ සතුරන්ගේ දේශය, ඔබ සැම කා දමන්නීය.
39
ඔබ සැමගෙන් ඉතිරිවන අය තමුන්ගේ අපරාධ නිසාත් තමුන්ගේ පියවරුන්ගේ අපරාධ නිසාත් ඔබ සැමගේ සතුරන්ගේ දේශවලදී ක්ෂයවී යනවා ඇත.
40
එවිට ඔවුන් මට විරුද්ධව කළ ද්‍රෝහිකමෙන් වුණාවූ තමුන්ගේ අයුතුකමද, තමුන්ගේ පියවරුන්ගේ අයුතුකමද, ඔවුන් මට විරුද්ධව හැසුරුණු නිසා,
41
මාත් ඔවුන්ට විරුද්ධව හැසිර ඔවුන්ගේ සතුරන්ගේ දේශයට ඔවුන් පැමිණෙවු බවද කියා දෙනවා ඇත. එකල්හිවත් ඔවුන්ගේ අචර්මඡේදිත සිත් යටහත්වී ඔව්හු තමුන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝ නම්,
42
මම යාකොබ් සමඟ කළ මාගේ ගිවිසුම සිහිකරන්නෙමි; ඊසාක් සමඟ කළ මාගේ ගිවිසුමත් ආබ්‍රහම් සමඟ කළ මාගේ ගිවිසුමත් සිහිකරන්නෙමි;
43
දේශයද සිහිකරන්නෙමි. දේශයද ඔවුන් නිසා පාළුව තිබෙන තෙක් ඔවුන් විසින් අත්හරිනු ලැබ එහි සබත් කාලවල් භුක්තිවිඳින්නීය; ඔව්හුද තමුන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝය. මක්නිසාදයත් ඔව්හු මාගේ විනිශ්චයයන් ප්රතික්ෂේපකොට තමුන්ගේ සිතින් මාගේ පනත් පිළිකුල්කළෝය.
44
එසේවී නුමුත් ඔවුන් තමුන් සතුරන්ගේ දේශයෙහි සිටින කල ඔවුන් මුළුමනින් විනාශවන ලෙසද ඔවුන් සමඟ මාගේ ගිවිසුම කඩවන ලෙසද මම ඔවුන් එපා නොකරන්නෙමි, ඔවුන් පිළිකුල් නොකරන්නෙමි. මක්නිසාද මම ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය.
45
ඔවුන්ගේ මුතුන් මුත්තන්ගේ දෙවියන්වහන්සේ වන පිණිස ජාතීන්ගේ ඇස් හමුවෙහි මිසර දේශයෙන් මා විසින් ගෙනෙන ලද්දාවූ ඒ තැනැත්තන් සමඟ කළ ගිවිසුම මම ඔවුන් උදෙසා සිහිකරන්නෙමි. මම ස්වාමීන්වහන්සේ යයි කීසේක.
46
ස්වාමීන්වහන්සේ තමන්වහන්සේද ඉශ්රායෙල් පුත්‍රයන්ද අතරේ සීනයි කන්දේදී මෝසෙස් ලවා පිහිටුවනලද පනත්ද විනිශ්චයයන්ද ව්‍යවස්ථාද මේවාය.
← Chapter 25
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 27 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27