bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Leviticus 27
Leviticus 27
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 26
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
1
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
2
ඉශ්රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න-මනුෂ්‍යයෙක් භාරයක් ඉෂ්ටකරන කල භාරයට ඇතුළත් අයවල් ඔබ නියමකරන ගණනේ හැටියට ස්වාමීන්වහන්සේ ට අයිති වන්නෝය.
3
විසි අවුරුද්ද පටන් සැට අවුරුද්ද දක්වා වයස් ඇති පුරුෂයෙක් ගැන ඔබේ නියමකිරීම ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට රිදී ෂෙකෙල් පනහක් වන්නේය.
4
ස්ත්‍රියෙක් නම් ඔබේ නියමකිරීම ෂෙකෙල් තිසක් වන්නේය.
5
පස් අවුරුද්ද පටන් විසි අවුරුද්ද දක්වා වයස් ඇති කෙනෙක් නම් පිරිමියෙක් ගැන ඔබේ නියමකිරීම ෂෙකෙල් විස්සක්ද ගෑනු කෙනෙක් ගැන ෂෙකෙල් දසයක්ද වන්නේය.
6
මසක් පටන් පස් අවුරුද්ද දක්වා වයස් ඇති කෙනෙක්නම් පිරිමියෙක් ගැන ඔබේ නියමකිරීම රිදී ෂෙකෙල් පහක්ද ගෑනු කෙනෙක් ගැන ඔබේ නියමකිරීම රිදී ෂෙකෙල් තුනක්ද වන්නේය.
7
සැට අවුරුද්ද පටන් වැඩි වයස් ඇති කෙනෙක් නම් පිරිමියෙක් ගැන ඔබේ නියමකිරීම ෂෙකෙල් පසළොසක්ද ගෑනු කෙනෙක් ගැන ෂෙකෙල් දසයක්ද වන්නේය.
8
නුමුත් ඔහු ඔබ නියමකරන ගණනේ තරම ගෙවන්ට බැරි දිළින්දෙක් නම් පූජකයා ඉදිරිපිට සිටවනු ලැබිය යුතුය, පූජකයා ඔහුට ගණනක් නියම කරාවා; භාරයක්වූ තැනැත්තාගේ වත්කමේ ප්‍රකාරයට පූජකයා ඔහුට නියමකරාවා.
9
මනුෂ්‍යයන් විසින් ස්වාමීන්වහන්සේ ට පූජාවක් ඔප්පුකිරීමට ගන්නාවූ මෘගයෙක් නම්, මනුෂ්‍යයෙකු ස්වාමීන්වහන්සේ ට දෙන්නාවූ එබඳු සියල්ලම ශුද්ධවන්නේය.
10
ඔහු හොඳ එකෙකු නරක එකෙකුට හෝ නරක එකෙකු හොඳ එකෙකුට හෝ වෙනස් නොකළ යුතුය, මාරුනොකළ යුතුය. කොයි ආකාරයකින්වත් මෘගයෙකුට මෘගයෙකු මාරුකරන්නේනම් ඒකාද ඌට මාරුකළ එකාද ශුද්ධවන්නෝය.
11
නුමුත් ස්වාමීන්වහන්සේ ට පූජාවක් ඔප්පුකිරීමට නොගන්නාවූ යම් අපවිත්‍ර මෘගයෙක් නම්, ඔහු ඒ මෘගයා පූජකයා ඉදිරිපිට සිටවිය යුතුය.
12
පූජකයා උගේ හොඳ නරක හැටියට උගේ ගණන නියමකරාවා. පූජකයාවූ ඔබේ නියම කිරීමේ හැටියටම වේවා.
13
නුමුත් ඌ මුදාගන්ට ඔහු කැමතිනම් ඔබ නියමකරන ගණනට ඔහු පහෙන් පංගුවක් එකතුකර දිය යුතුය.
14
මනුෂ්‍යයෙක් තමාගේ ගෙය ස්වාමීන්වහන්සේ ට ශුද්ධකොට කැපකරන කල පූජකයා ඒකේ හොඳ නරක හැටියට ගණන නියමකරාවා. පූජකයා නියමකරන ගණනේ හැටියටම එය ස්ථිරවේවා.
15
කැපකළ තැනැත්තේ තමාගේ ගෙය මුදාගන්ට කැමතිනම් ඔබ නියමකරන මුදලට එයින් පහෙන් පංගුවක් එකතුකර දේවා, එවිට ඒක ඔහුගේ වන්නේය.
16
මනුෂ්‍යයෙක් තමාගේ ප්රවේණි බිමෙන් කොටසක් ස්වාමීන්වහන්සේ ට කැපකරන්නේනම් ඔබේ නියමකිරීම ඒකේ වැපිරීමේ හැටියට වන්නේය. යව බීජ හෝමරයක වපසරිය රිදී ෂෙකෙල් පනහක් බැගින් වේවා.
17
ඔහු තමාගේ කෙත ජුබිලි වර්ෂය පටන් කැප කරන්නේනම් ඔබේ නියමකිරීමේ හැටියට එය ස්ථිරවන්නේය.
18
එහෙත් ඔහුගේ කෙත ජුබිලි වර්ෂයට පසුව කැපකරන්නේනම් පූජකයා ජුබිලි වර්ෂය දක්වා ඉතිරිව තිබෙන අවුරුදු ලෙස ඔහුට මිල ගණන් බලා කියාවා, ඒ හැටියට ඔබේ නියමකිරීම අඩුවන්නේය.
19
බිම කැපකරන තැනැත්තා ඒක මුදාගන්ට කැමතිනම් ඔබ නියමකරන මුදලට එයින් පහෙන් පංගුවක් එකතුකර දිය යුතුය. එවිට ඒක ඔහුට ස්ථිරවන්නේය.
20
නුමුත් ඔහු කෙත මුදානොගන්නේනම් නොහොත් ඔහු කෙත වෙන කෙනෙකුට විකුණා තිබේනම් ඒක තවත් මුදනු නොලබන්නේය.
21
ඒ බිම ජුබිලි වර්ෂයේදී නිදහස් වෙන විට තීන්දුවටම කැපවූ බිමක් මෙන් ස්වාමීන්වහන්සේ ට ශුද්ධවන්නේය; ඒකේ අයිතිය පූජකයාට වන්නේය.
22
යමෙක් තමාගේ උරුම බිමක් නොවන්නාවූ තමා මිලේටගත් කෙතක් ස්වාමීන්වහන්සේ ට කැපකරන්නේනම්,
23
පූජකයා ජුබිලි වර්ෂය දක්වා ඔබ නියමකරන මිලයේ හැටියට ඔහුට ගණන බලා කියාවා. ඔහු ඒ දවසේදී ඔබ නියමකරන ගණන ස්වාමීන්වහන්සේ ට ශුද්ධ දෙයක්කොට දේවා.
24
ජුබිලි වර්ෂයේදී ඒ කෙත එය වික්කාවූ එහි උරුමය අයිතිවූ තැනැත්තාට නැවත ලැබෙන්නේය.
25
ඔබේ සියලු නියමකිරීම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙලට ගේරා විස්සක් බැගින් විය යුතුය.
26
නුමුත් කුලුඳුල්ව ඉපිද ස්වාමීන්වහන්සේ ට අයිතිවෙන කුලුඳුල් මෘගයෙක් කිසිවෙකු විසින් කැපනොකළ යුතුය; ගවයෙක් වුවත් එළුවෙක් හෝ බැටළුවෙක් වුවත් ඌ ස්වාමීන්වහන්සේ ටම අයිතිය.
27
ඌ අපවිත්‍ර මෘගයෙක්නම් ඔහු ඔබ නියමකරන ගණනට එයින් පහෙන් පංගුවක් එකතුකර ඌ මුදාගත යුතුය. මුදා නොගත්තොත් ඌ ඔබ නියමකරන ගණනට විකුණනු ලැබිය යුතුය.
28
ඒ අතරම කිසිවෙක් තමා සන්තක සියල්ලෙන් එනම් මිනිසුන්ගෙන් හෝ මෘගයන්ගෙන් හෝ තමාගේ උරුම කෙතෙන් හෝ ස්වාමීන්වහන්සේ ට තීන්දුවටම කැපකරන කිසිවක් විකුණන්ටවත් මුදාගන්ටවත් නුපුළුවන. තීන්දුවටම කැපකරන සියල්ල ස්වාමීන්වහන්සේ ට අති ශුද්ධය.
29
මනුෂ්‍යයන්ගෙන් තීන්දුවටම කැපකරනු ලැබූ කෙනෙක් මුදනු නොලබන්නේය, ඔහු මරනු ලබන්ටම ඕනෑය.
30
භූමියේ මුළු අස්වැන්නෙන් එනම් භූමියේ ධාන්‍යයෙන්ද ගස්වල ඵලයෙන්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේ ට අයිතිය. එය ස්වාමීන්වහන්සේ ට ශුද්ධය.
31
යමෙකු තමාගේ දසයෙන් කොටසෙන් යමක් මුදාගන්ටම කැමති නම් ඔහු ඒ ගණනට එයින් පහෙන් පංගුවක් එකතුකර දිය යුතුය.
32
කෙවිට යටින් යන්නාවූ සියලුම මෘගයන් වන ගව එළු බැටළු රැළවලින් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේ ට ශුද්ධය.
33
ඔහු විසින් ඌ හොඳද නරකද කියා සොයන්ට හෝ ඌ මාරුකරන්ට හෝ යුතු නැත. මාරුකළොත් ඌ සහ ඌට මාරුකරන එකාත් ශුද්ධය; ඌ මුදනු නොලබන්නේයයි කීසේක.
34
ඉශ්රායෙල් පුත්‍රයන් සඳහා ස්වාමීන්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස්ට දුන් ආඥා මේවාය.
← Chapter 26
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27