bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Leviticus 22
Leviticus 22
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 23 →
1
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
2
ඉශ්රායෙල් පුත්‍රයන් විසින් මට කැපකරන ශුද්ධ දේවලින් වෙන්ව සිටින්ටත් මාගේ ශුද්ධ නාමය දූෂණයනොකරන්ටත් ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද කියන්න. මම ස්වාමීන්වහන්සේ ය.
3
ඔවුන්ට මෙසේ කියන්න: ඔබ සැමගේ පරම්පරාවලදී ඔබ සැමගේ මුළු වංශයෙන් කවරෙක් නුමුත් තමාගේ අපවිත්‍රකම තිබෙද්දී ඉශ්රායෙල් පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේ ට කැපකරන ශුද්ධවූ දේවලට ළංවුණොත්, ඒ තැනැත්තා මා ඉදිරියෙන් සිඳදමනු ලබන්නේය. මම ස්වාමීන්වහන්සේ ය.
4
ආරොන්ගේ වංශයෙන් කොයි පුරුෂයෙක් නුමුත් කුෂ්ඨ රෝගියෙක් හෝ යම් ප්‍රමේහයක් ඇත්තෙක් හෝ වන්නේද ඔහු පවිත්‍රවනතෙක් ශුද්ධවූ දෙයින් නොකෑ යුතුය. මළවුන් කරණකොටගෙන අපවිත්‍රවී තිබෙන කිසි දෙයකට ස්පර්ශවන කෙනෙක්වත් ශුක්‍ර වැගිරීමක් ඇති කෙනෙක්වත්,
5
තමා අපවිත්‍රකළ හැකි බඩගායන කිසි සතෙකුට හෝ තමා කොයි අන්දමින් නුමුත් අපවිත්‍රකළ හැකි අපවිත්‍රකමක් ඇති කිසි පුරුෂයෙකුට හෝ,
6
ස්පර්ශවන තැනැත්තෙක්වත් සවස දක්වා අපවිත්‍රවන්නේය, තමා වතුර නාගත්තොත් මිස නැත්නම් ඔහු ශුද්ධ දේවලින් නොකෑ යුතුය.
7
නුමුත් ඉර බැස්ස කල ඔහු පවිත්‍රවන්නේය; පසුව ශුද්ධවූ දේ කන්ට ඔහුට පුළුවන, මක්නිසාද ඔහුගේ භෝජන ඒවාය.
8
ඔහු ඉබේ මැරුණු නොහොත් මෘගයන් විසින් මරාදැමූ සතෙකුගේ මස් කා අපවිත්‍ර නොවිය යුතුය. මම ස්වාමීන්වහන්සේ ය.
9
එබැවින් ඔව්හු මාගේ නියමය දූෂණයකොට, ඒ නිසා පාපය දරා, එහි නොනසින පිණිස එය රක්ෂාකරත්වා. මම ඔවුන් විශුද්ධකරන ස්වාමීන්වහන්සේ ය.
10
අන්‍යවූ කිසිවෙක් ශුද්ධවූ දෙයින් නොකෑ යුතුය. පූජකයා ළඟ සිටින ආගන්තුකයෙක්වත් කුලියට ගත් වැඩකාරයෙක්වත් ශුද්ධවූ දෙයින් නොකෑ යුතුය.
11
එහෙත් පූජකයෙකු විසින් තමාගේ මිලයෙන් මිලේට ගත් කෙනෙකුට එයින් කන්ට පුළුවන; ඔහුගේ ගෙදර උපන් අයටත් ඔහුගේ භෝජනවලින් කන්ට පුළුවන.
12
පූජකයෙකුගේ දුවක් අන්‍ය ගෝත්‍රයක පුරුෂයෙකුගේ භාර්යාව වුණොත් ඈ ශුද්ධ දේවල එසවීමේ පූජාවෙන් නොකෑ යුතුය.
13
එහෙත් පූජකයෙකුගේ දුව වැන්දඹුවක්ව නොහොත් අත්හරිනු ලැබ දරුවන් නැතුව ඇගේ පියාගේ ගෙට හැරී ඇවිත් සිටී නම්, ඇගේ තරුණ වයසේදී මෙන් ඇගේ පියාගේ භෝජනවලින් ඈට කන්ට පුළුවන. නුමුත් අන්‍යවූ කිසිවෙක් එයින් නොකෑ යුතුය.
14
තවද යම් මනුෂ්‍යයෙක් නොදැනුවත්ව ශුද්ධ දෙයක් කෑවොත් ඔහු ඒ තරමෙන් පහෙන් කොටසක් ඊට එකතුකොට ශුද්ධ දෙය පූජකයාට දියයුතුය.
15
ඉශ්රායෙල් පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේ ට පූජාකරන්නාවූ ඔවුන්ගේ ශුද්ධ දේවල් කෑමෙන් දෝෂ පමුණුවන අයුතුකම දරන්ට නොසලස්වන පිණිස ඔව්හු ඒවා දූෂණයනොකෙරෙත්වා.
16
මක්නිසාද මම ඒවා විශුද්ධකරන ස්වාමීන්වහන්සේ යයි කීසේක.
17
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
18
ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද සියලු ඉශ්රායෙල් පුත්‍රයන්ටද කථාකොට මෙසේ කියන්න-ඉශ්රායෙල් වංශයෙන් හෝ ඉශ්රායෙල්හි වසන විදේශීන්ගෙන් හෝ තමුන් පූජාව ඔප්පුකරන කවරෙක් නුමුත් ඔහුගේ භාරවලින් එකක්වත් ඔහුගේ සතුටු පඬුරුවලින් එකක්වත් ස්වාමීන්වහන්සේ ට දවන පූජාවක් කොට ඔප්පුකරන්නේනම්;
19
ඔබ සැම පිළිගනු ලබන පිණිස ගවයන්ගෙන් හෝ බැටළුවන්ගෙන් හෝ එළුවන්ගෙන් හෝ කැලලක් නැති පිරිමි සතෙකු ඔප්පුකරන්න.
20
කැලලක් ඇති එකෙකු ඔප්පුනොකරන්න. මක්නිසාද එය ඔබ සැම උදෙසා පිළිගනු නොලබන්නේය.
21
යමෙක් භාරයක් ඉෂ්ටකිරීමට නොහොත් සතුටු පඬුරක් පිණිස ගවයන්ගෙන්වත් එළු බැටළු රැළෙන්වත් ශාන්ති පූජාවක් ඔප්පුකරන විට එය පිළිගනු ලබන පිණිස එහි අංග සම්පූර්ණව තිබිය යුතුය; උගේ කිසි කැලලක් නොතිබිය යුතුය.
22
අන්ධවූද අවයව කැඩුණාවූද අබ්බාගාතවූද වණවත් පිළිකාවත් දදවත් ඇත්තාවූද සතුන් ස්වාමීන්වහන්සේ ට ඔප්පු නොකරන්න, උන්ගෙන් පූජාසනය පිට ස්වාමීන්වහන්සේ ට ගිනි පූජාවක් ඔප්පුනොකරන්න.
23
අංග විකල්වූ නොහොත් අඩුපාඩුවූ ගවයෙකු හෝ බැටළුවෙකු හෝ ස්වෙච්ඡා පූජාවක් පිණිස පූජාකළ හැකිය; නුමුත් භාරයක් පිණිස ඌ පිළිගනු නොලබන්නේය.
24
අණ්ඩ මඩිනලද හෝ පොඩිකරනලද හෝ කඩාදමනලද හෝ කපාදමනලද හෝ සතෙක් ස්වාමීන්වහන්සේ ට පූජා නොකරන්න: ඔබ සැමගේ දේශයෙහි එසේ නොකරන්න.
25
ඔබ සැමගේ දෙවියන්වහන්සේගේ භෝජනය පිණිස මුන්ගෙන් කිසිවෙකු විදේශියෙකුගේ අතින් ගෙන ඔප්පුනොකරන්න; මක්නිසාද උන්ට අන්සීනයක් වී තිබේ, උන්ට කැලලක් ඇත්තේය. උන් ඔබ සැම උදෙසා පිළිගනු නොලබන්නේයයි කීසේක.
26
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
27
ගවයෙක් හෝ බැටළුවෙක් හෝ එළුවෙක් හෝ බිහිවූ කල්හි ඌ සත් දවසක් මවු ළඟ සිටීවා; අටවෙනි දවස පටන් ඉන් මත්තට ඌ ස්වාමීන්වහන්සේ ට ගිනි පූජාවක්කොට ඔප්පුකිරීමට සුදුසු එකෙක්ව සිටියි.
28
තවද එළදෙනෙක් වුවත් බැටළු දෙනෙක් වුවත් ඌ සහ උගේ පැටවා එක දවසෙහි නොමරන්න.
29
ඔබ සැම ස්තුති පූජාවක් ස්වාමීන්වහන්සේ ට පූජාකරන කල්හි ඔබ සැම පිළිගනු ලබන ලෙස පූජාකරන්න.
30
එම දවසෙහිම එය කෑ යුතුය; පසුවදා වන තුරු එයින් කිසිවක් ඉතුරුනොකළ යුතුය. මම ස්වාමීන්වහන්සේ ය.
31
එබැවින් මාගේ ආඥා රක්ෂාකොට ඒවා පවත්වන්න. මම ස්වාමීන්වහන්සේ ය.
32
ඔබ සැම මාගේ ශුද්ධවූ නාමයට අපහාස නොකළ යුතුය; මම ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙහි විශුද්ධකරනු ලබන්නෙමි. මම
33
ඔබ සැම විශුද්ධකරන ස්වාමීන්වහන්සේ ය, ඔබ සැමගේ දෙවියන්වහන්සේ වන පිණිස ඔබ සැම මිසර දේශයෙන් ගෙනාවෙමි. මම ස්වාමීන්වහන්සේ යයි කීසේක.
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 23 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27