bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Leviticus 17
Leviticus 17
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 18 →
1
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
2
ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ටද සියලු ඉශ්රායෙල් පුත්‍රයන්ටද මෙසේ කියන්න- ස්වාමීන්වහන්සේ අණකළ දේ නම් මේය:
3
ඉශ්රායෙල් වංශයේ කොයි මනුෂ්‍යයෙක් නුමුත් ගවයෙක්වත් බැටළුපැටවෙක්වත් එළුවෙක්වත් ස්වාමීන්වහන්සේ ගේ මණ්ඩපය ඉදිරියෙහි ස්වාමීන්වහන්සේ ට පූජාවක්කොට ඔප්පුකරන්ට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට නොගෙනැවිත්,
4
කඳවුරේදී හෝ පිටතදී හෝ ඌ මැරුවොත් ඒ මනුෂ්‍යයාට ලේ අපරාධය තබනු ලැබේ; ඒ මනුෂ්‍යයා ලේ වැගිරෙවු බැවින් ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.
5
මෙසේ අණකරන්නේ ඉශ්රායෙල් පුත්‍රයන් එළිමහනේ පූජාකරන තමන්ගේ පූජාවල් ස්වාමීන්වහන්සේ වෙතට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට පූජකයා වෙතට ගෙනවුත් ශාන්ති පූජාවල් කොට ස්වාමීන්වහන්සේ ට පූජාකරන පිණිසය.
6
පූජකයාද ඒ ලේ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ඉදිරිපිට තිබෙන ස්වාමීන්වහන්සේ ගේ පූජාසනය පිට ඉස ස්වාමීන්වහන්සේ ට මිහිරි සුවඳක් පිණිස තෙල දැවිය යුතුය.
7
ඔවුන් යක්ෂයන් පස්සේ වේශ්‍යාකමින් ගොස් තමුන්ගේ පූජා ඔවුන්ට තවත් පූජා නොකළයුතුය. මෙය ඔවුන්ට ස්වකීය පරම්පරාවල නිරන්තර පනතක් වන්නේය.
8
තවද ඔවුන්ට මෙසේ කියන්න: ඉශ්රායෙල් වංශයෙන්වත් ඔවුන් අතරෙහි වසන විදේශීන්ගෙන්වත් දවන පූජාවක් හෝ යාගයක් හෝ පූජාකරන කවරෙක් නුමුත්,
9
ස්වාමීන්වහන්සේ ට ඔප්පුකරන පිණිස එය සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට නොගෙනාවොත් ඒ මනුෂ්‍යයා තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.
10
ඉශ්රායෙල් වංශයෙන් හෝ ඔවුන් අතරේ වසන විදේශීන්ගෙන් හෝ කවරෙක් නුමුත් කොයියාකාර ලෙයක්වත් කෑවොත් මම එසේ ලේ කන තැනැත්තාට විරුද්ධව මාගේ මුහුණ යොමුකරමින් ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමන්නෙමි.
11
මක්නිසාද මාංසයේ පණ තිබෙන්නේ ලෙයෙහිය. මම එය ඔබ සැමගේ ප්‍රාණ උදෙසා පූජාසනය පිට සමඟිකමක් කරන පිණිස ඔබ සැමට නියම කෙළෙමි. මක්නිසාද සමඟිකමක් සිදුකරන්නේ ලේය, එසේ වන්නේ එහි ප්‍රාණය තිබෙන නිසාය.
12
එබැවින්: ඔබ සැමගෙන් කිසිවෙක් ලේ නොකෑයුතුය, ඔබ සැම අතරෙහි වසන විදේශියාද ලේ නොකෑ යුතුයයි මම ඉශ්රායෙල් පුත්‍රයන්ට කීයෙමි.
13
ඉශ්රායෙල් පුත්‍රයන්ගෙන්වත් ඔවුන් අතරේ වසන විදේශීන්ගෙන්වත් කිසිවෙක් කෑමට ගන්නාවූ මෘගයෙක් හෝ පක්ෂියෙක් හෝ දඩයම් කරගත්තොත් ඔහු උගේ ලේ වගුරුවා එය පස්වලින් වසා දැමිය යුතුය.
14
මක්නිසාද සියලුම මාංසවල පණ තිබෙන්නේ ඒවායේ ලෙයෙහිය, එය පණ හා සමානය. එබැවින් කිසි මාංසයක ලේ නොකෑයුතුයයි ඉශ්රායෙල් පුත්‍රයන්ට කීයෙමි. මක්නිසාද සියලු මාංසවල පණ තිබෙන්නේ ඒවායේ ලෙයෙහිය; එය කන කවරෙක් නුමුත් සිඳදමනු ලබන්නේය.
15
ස්වදේශීවූ හෝ විදේශීවූ හෝ කවරෙක් නුමුත් ඉබේ නැසුණු නොහොත් මෘගයන් විසින් ඉරාදමනලද සතෙකුගේ මාංස කෑවොත් ඔහු තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය, ඊට පසු ඔහු පවිත්‍රවන්නේය.
16
එහෙත් ඔහු ඒවා සෝදාගන්නේවත් තමාම වතුර නාගන්නේවත් නැත්නම් ඔහු තමාගේ අයුතුකම දරනවා ඇතැයි කීසේක.
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 18 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27