bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Numbers 13
Numbers 13
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 14 →
1
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්:
2
මා විසින් ඉශ්රායෙල් පුත්‍රයන්ට දෙන කානාන් දේශය සෝදිසිකරන පිණිස මනුෂ්‍යයන් යවන්න. තම තමාගේ පිය ගෝත්‍රයෙන් එක්කෙනෙකු බැගින් ඔවුන් අතරේ අධිපතිව සිටින තැනැත්තන්ම යවන්නැයි කීසේක.
3
මෝසෙස් ස්වාමීන්වහන්සේ ගේ ආඥාව ලෙස පාරාන් කාන්තාරයේ සිට ඔවුන් යැවුවේය. ඔවුන් සියල්ලෝම ඉශ්රායෙල් පුත්‍රයන්ගේ ප්‍රධානියෝව සිටි මනුෂ්‍යයෝය.
4
ඔවුන්ගේ නාමවල් මේය: රූබෙන් ගෝත්‍රයෙන් සක්කූර්ගේ පුත්‍රවූ ෂම්මුවාය.
5
සිමියොන් ගෝත්‍රයෙන් හෝරීගේ පුත්‍රවූ ෂාඵාත්ය.
6
යූදා ගෝත්‍රයෙන් යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ය.
7
ඉස්සාඛර් ගෝත්‍රයෙන් යෝසෙප්ගේ පුත්‍රවූ ඉගාල්ය.
8
එප්‍රායිම් ගෝත්‍රයෙන් නූන්ගේ පුත්‍රවූ හෝෂෙයාය.
9
බෙන්යමින්ගේ ගෝත්‍රයෙන් රාඵුගේ පුත්‍රවූ පල්තීය.
10
සාබුලොන් ගෝත්‍රයෙන් සෝදීගේ පුත්‍රවූ ගද්දීයෙල්ය.
11
යෝසෙප් ගෝත්‍රයෙන් එනම් මනස්සේ ගෝත්‍රයෙන් සූසිගේ පුත්‍රවූ ගද්දීය.
12
දාන් ගෝත්‍රයෙන් ගෙමල්ලිගේ පුත්‍රවූ අම්මීයෙල්ය.
13
ආෂෙර් ගෝත්‍රයෙන් මිඛායෙල්ගේ පුත්‍රවූ සෙතුර්ය.
14
නප්තලී ගෝත්‍රයෙන් වොප්සීගේ පුත්‍රවූ නාබීය.
15
ගාද් ගෝත්‍රයෙන් මාඛීගේ පුත්‍රවූ ගෙවුයෙල්ය.
16
දේශය සෝදිසි කරන පිණිස මෝසෙස් යැවූ මනුෂ්‍යයන්ගේ නාමවල් මේය. මෝසෙස් නූන්ගේ පුත්‍රවූ හෝෂෙයාට යෝෂුවායයි නම්තැබුවේය.
17
එසේ කානාන් දේශය සෝදිසිකරන පිණිස මෝසෙස් ඔවුන් යවමින්: ඔබ සැම මේ දකුණු දිශාවෙන් ගොස් කඳුකරයට නැගී
18
දේශය කොයි ආකාරද කියාත්, එහි වසන සෙනඟ බලවත්ද දුර්වලද ස්වල්පද බොහෝද කියාත්,
19
ඔවුන් වාසයකරන දේශය හොඳද නරකද කියාත්, ඔවුන් සිටින නුවරවල් කොයි ආකාරද, ඔවුන් වසන්නේ කූඩාරම්වලද බලකොටුවලද කියාත්,
20
දේශය සශ්‍රීකද නිශ්‍රීකද, එහි මුකළාන් ඇද්ද නැද්ද කියාත් බලන්න. ඔබ සැම ධෛර්යවත්ව සිට දේශයේ ඵලවලින් ගෙනෙන්නැයි කීවේය. ඒ කාලය ප්‍රථම මුද්‍රික ඵල වාරයව තිබුණේය.
21
එසේ ඔව්හු ගොස් ශීන් කාන්තාරයේ පටන් හමාත්ට යන තැන තිබෙන රෙහොබ් දක්වා දේශය සෝදිසිකළෝය.
22
ඔව්හු දකුණු දිශාවේ නැගී ගොස් හෙබ්‍රොන්ට පැමුණුණෝය; එහි අනාක්ගේ පුත්‍රයන් වන අහීමන්ද ෂේෂයිද තල්මයිද සිටියෝය. (හෙබ්‍රොන් නුවර මිසරයේ ශොවන් නුවරට සත් අවුරුද්දකට ප්‍රථමයෙන් ගොඩනගනලදී.)
23
ඔව්හු එෂ්කොල් මිටියාවතට අවුත් එතැනින් එක මුද්‍රික පොකුරක් ඇති අත්තක් කපාගත්තෝය, දෙදෙනෙක් ඒක දණ්ඩක තඩලාගන ආවෝය; ඔව්හු දෙළුම් හා අත්තික්කාත් ගෙනාවෝය.
24
ඉශ්රායෙල් පුත්‍රයන් එහිදී කපාගත් මුද්‍රික පොකුර නිසා ඒ ස්ථානයට එෂ්කොල් මිටියාවත යයි නම් තබන ලද්දේය.
25
ඔව්හු දේශය සෝදිසිකර සතළිස් දවසකට පසු හැරී ඇවිත්,
26
මෝසෙස් සහ ආරොන්ද ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවද වෙතට පාරාන් කාන්තාරයෙහිවූ කාදෙෂ්ට පැමිණ ඔවුන්ටත් මුළු සභාවටත් තොරතුරු දන්වා දේශයේ ඵල ඔවුන්ට පෙන්නුවෝය.
27
ඔව්හු ඔහුට කථාකොට: ඔබ අප යැවූ දේශයට ගියෙමුව, සැබවින් එහි කිරි සහ මීපැණි ගලායයි; එහි ඵල මේය.
28
එසේවීනුමුත් දේශයෙහි සිටින සෙනඟ බලවත්ය, නුවරවල්ද ප්‍රාකාර සහිතව ඉතා මහත්ය. ඒ ඇරත් අනාක්ගේ පුත්‍රයන් එහි දුටිමුව.
29
අමලෙක්වරු දකුණු දිසාවේ රටෙහි වාසය කරති. හිත්තීවරුත් යෙබූසිවරුත් අමෝරිවරුත් කඳුකරයෙහි වාසයකරති. කානානිවරු මුහුද බඩද යොර්දාන් අසබඩද වාසයකරතියි කීවෝය.
30
කාලෙබ් මෝසෙස් ඉදිරියෙහි සෙනඟ නිශ්ශබ්ද කරවා: අපි වහාම නැගී ගොස් ඒක හිමිකර ගනිමු; මක්නිසාද අපට ඒක යටත්කරගන්ට හොඳටම පුළුවනැයි කීය.
31
එහෙත් ඔහු සමඟ ගිය මනුෂ්‍යයෝ කථාකොට: ඒ සෙනඟට විරුද්ධව යන්ට අපට නොහැකිය; මක්නිසාද ඔවුන් අපට වඩා බලවත්යයි කීවෝය.
32
ඔව්හු තමුන් සෝදිසිකළ දේශය ගැන ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙහි නරක ප්‍රවෘත්තියක් පතළකරමින්: අප සෝදිසි කරන්ට ගිය දේශයනම් වැසියන් නාස්තිකරදමන දේශයක්ය; එහි අප විසින් දක්නාලද සෙනඟ සියල්ලෝම බොහෝ උස මහත ඇති මනුෂ්‍යයෝය.
33
එහි යෝධයන්ගෙන් පැවත එන අනාක්ගේ පුත්‍රයන් වන යෝධයන් දුටිමුව. අප පළඟැටියන් මෙන් අපටම පෙනුණේය, එසේම ඔවුන්ටත් අප පෙනුණේයයි කීවෝය.
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 14 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36