bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Numbers 6
Numbers 6
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 7 →
1
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
2
ඉශ්රායෙල් පුත්‍රයන්ට කථාකරමින් ඔවුන්ට මෙසේ කියන්න-පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ ස්වාමීන්වහන්සේ ට කැපවී සිටීම පිණිස භාරයක් එනම් නසරීයයෙකුගේ භාරයක් වෙන කල,
3
ඔහු මුද්‍රිකපානයෙන්ද මද්‍යපානයෙන්ද වැලකී සිටිය යුතුය; ඔහු මුද්‍රික කාඩිවත් මද්‍යපාන කාඩිවත් නොබිව යුතුය, මුද්‍රික ඵලවලින් සාදන කිසි බීමක්ද නොබිව යුතුය, අමු මුද්‍රික ඵල හෝ වේළුණ මුද්‍රික ඵල හෝ නොකෑ යුතුය.
4
ඔහු තමාගේ කැපවී සිටීමේ සියලු දවස්වල මදේ පටන් ලෙල්ල දක්වා මුද්‍රික වැළෙන් සාදන කිසි දෙයක් නොකා සිටියයුතුය.
5
ඔහු තමාගේ කැපව සිටීමේ භාරයේ සියලු දවස්වල ඔහුගේ හිසෙහි කිසි දැළි පිහියක් නොතිබිය යුතුය. ඔහු ස්වාමීන්වහන්සේ ට වෙන්ව සිටින දවස් සම්පූර්ණවන තෙක් ශුද්ධව සිටින්නේය, තමාගේ හිසකේ වැඩෙන්ට හරින්නේය.
6
ඔහු ස්වාමීන්වහන්සේ ට කැපවී සිටින සියලු දවස්වල මෘත ශරීරයක් ළඟට නොයා යුතුය.
7
ඔහු තමාගේ පියා නුමුත් මවු නුමුත් සහෝදරයා නුමුත් සහෝදරී නුමුත් මැරුණුකල ඔවුන් නිසා අපවිත්‍ර නොවිය යුතුය. මක්නිසාද ඔහුගේ දෙවියන්වහන්සේට කැපවී සිටීමේ භාරය ඔහුගේ හිස පිට තිබේ.
8
ඔහු කැපව සිටින සියලු දවස්වල ඔහු ස්වාමීන්වහන්සේ ට ශුද්ධය.
9
නුමුත් ඔහුගේ කැපවූ හිස අපවිත්‍රවෙන පරිද්දෙන් යමෙක් ඔහු ළඟ ඉතා හදිසියෙන් මළොත්, ඔහු පිරිසිදුවෙන දවසේ එනම් සත්වෙනි දවසේ තමාගේ හිස බූගා ගනීවා.
10
අටවෙනි දවසෙහි ඔහු කොබෙයියන් දෙන්නෙක් හෝ පරෙවි පැටවුන් දෙන්නෙක් හෝ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩට පූජකයා වෙතට ගෙනේවා.
11
පූජකයාද එකෙකු පාප පූජාවක් පිණිසද අනිකා දවන පූජාවක් පිණිසද ඔප්පුකර, මෘත ශරීරය නිසා ඔහු වරදකළ බැවින්, ඔහු උදෙසා සමඟිකම් කරාවා, ඔහු එමදාම කැපව හිස පිරිසිදුකරගනීවා.
12
ඔහු තමාගේ වෙන්ව සිටීමේ දවස් ස්වාමීන්වහන්සේ ට වෙන්කොට වරද පූජාවක් වශයෙන් එක් අවුරුදු බැටළු පැටවෙකු ගෙනේවා. එහෙත් ඔහුගේ කැපව සිටීම කිලුටුවූ නිසා පළමු දවස් අවලංගුවන්නේය.
13
නසරීයයාගේ කැපව සිටීමේ දවස් සම්පූර්ණවූ කල ඔහු ගැන ව්‍යවස්ථාව මේය: ඔහු සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩට පමුණුවනු ලැබ,
14
තමාගේ පූජාව වන දවන පූජාවක් පිණිස කැලල් නැති එක් අවුරුදු බැටළුපැටවෙකුද පාප පූජාවක් පිණිස කැලල් නැති එක් අවුරුදු බැටළුවැස්සියෙකුද ශාන්ති පූජා පිණිස කැලල් නැති බැටළුවෙකුද,
15
මුහුන් නැති රොටි පෙට්ටියක් වන තෙල් මුසු සිහින් පිටියෙන් සෑදූ රොටිද තෙල් ගෑවාවූ මුහුන් නැති පූපද උන්ගේ ආහාර පූජාවද උන්ගේ බොන පූජාද ස්වාමීන්වහන්සේ ට ඔප්පුකරාවා.
16
පූජකයාද ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකරමින් ඔහුගේ පාප පූජාව සහ දවන පූජාව පූජාකොට,
17
ස්වාමීන්වහන්සේ ට ශාන්ති පූජා යාගයක් වෙන පිණිස මුහුන් නැති රොටි පැස සමඟ බැටළුවාද පූජාකෙරේවා. තවද පූජකයා උගේ ආහාර පූජාවත් පාන පූජාවත් ඔප්පුකෙරේවා.
18
නසරීයයාද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී තමාගේ කැපවීමේ හිස බූගා ඒ ඔහුගේ කැපවූ හිසකේ ගෙන ශාන්ති පූජා යාගයයට තිබෙන ගින්නෙහි දමාවා.
19
පූජකයා බැටළුවාගේ පිසනලද ඉස්සරහ ගාතය සහ පැසෙන් මුහුන් නැති එක රොටියක්ද මුහුන් නැති සිහින් පූපයක්ද ගෙන ඒවා නසරීයයා තමාගේ කැපවීමේ හිස බූගෑවායින් පසු ඔහුගේ අත් පිට තබා,
20
ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවක් පිණිස තේවකෙරේවා; තේව ළැපැත්ත සහ එසවීමේ කළවයද සමඟ මේකත් පූජකයාට ශුද්ධය. එයින් පසු නසරීයයාට මුද්‍රිකපානය බොන්ට පුළුවන.
21
තමා විසින් සපයා දිය හැකි දෙය හැර තමාගේ කැපවීම ගැන ස්වාමීන්වහන්සේ ට පූජාවක් කරන හැටියට භාරයක් වෙන්නාවූ නසරීයයා ගැන තිබෙන ව්‍යවස්ථාව මේය. ඔහු වෙන්නාවූ භාරය ලෙස තමාගේ කැපවීමේ ව්‍යවස්ථාව ප්‍රකාර ඔහු විසින් කළ යුතුමයයි කීසේක.
22
තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
23
ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට කථාකරමින්-ඔබ සැම මේ ආකාරයෙන් කියා ඉශ්රායෙල් පුත්‍රයන්ට ආශීර්වාදකරන්නැයි ඔවුන්ට කියන්න:
24
ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදකොට ඔබ ආරක්ෂාකරනසේක්වා.
25
ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ ඔබ කෙරෙහි බබළවා ඔබට කරුණාකරනසේක්වා.
26
ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ ඔබ කෙරෙහි ඔසවා ඔබට සමාදානය දෙනසේක්වා.
27
මෙසේ ඔව්හු මාගේ නාමය ඉශ්රායෙල් පුත්‍රයන් පිට තබත්වා; මමද ඔවුන්ට ආශීර්වාදකරන්නෙමියි කීසේක.
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 7 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36