bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Numbers 8
Numbers 8
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 9 →
1
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
2
ඔබ පහන් දල්වන කල පහන් සතේ එළිය පහන් රුක ඉස්සරහට වැටෙන්ට ඕනෑය කියා ආරොන්ට කියන්නැයි කීසේක.
3
ආරොන්ද එසේ කරමින් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස පහන් රුක ඉස්සරහට එළිය වැටෙන ලෙස පහන් දැල්වූයේය.
4
පහන් රුකේ කර්මාන්තය වනාහි තළාපු රනින් විය; ඒකේ අඩිය හා ඒකේ මල් දක්වා එය තළාපු කර්මාන්තය විය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට පෙන්වූ ආදර්ශය ලෙස ඔහු පහන්රුක සෑදුවේය.
5
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
6
ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙන් ලෙවීවරුන් කැඳවාගන ඔවුන් පවිත්‍රකරන්න.
7
ඔවුන් පවිත්‍රකරන පිණිස මෙසේ කරන්න-දෝෂ පහකිරීමේ වතුර ඔවුන් පිට ඉසින්න, ඔව්හු දැළිපිහියකින් තමුන්ගේ මුළු ශරීරය බූගා, තමුන්ගේ වස්ත්‍ර සෝදාගෙන තමුන්ම පවිත්‍රකරගනිත්වා.
8
එවිට ඔව්හු තරුණ ගොනෙක්ද ඊට අයිති ආහාර පූජාවට තෙල් මිශ්‍ර සිහින් පිටිද ගනිත්වා, ඔබ පාප පූජාවක් පිණිස තවත් තරුණ ගොනෙක් ගෙන,
9
සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිටට ලෙවීවරුන් කැඳවාගෙන ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවත් රැස්කරවන්න.
10
ඔබ ලෙවීවරුන් ස්වාමීන්වහන්සේ ඉදිරිපිටට කැඳවාගත යුතුය. ඉශ්රායෙල් පුත්‍රයෝද තමුන්ගේ අත් ලෙවීවරුන් පිට තබත්වා.
11
ආරොන්ද ලෙවීවරුන් ස්වාමීන්වහන්සේ ගේ මෙහෙය කිරීමට සිටින පිණිස ඉශ්රායෙල් පුත්‍රයන් උදෙසා තේව පූජාවක් වශයෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් ඔප්පුකරන්නේය.
12
ලෙවීවරු තමුන්ගේ අත් ගොනුන්ගේ හිස් පිට තබත්වා. එවිට ඔබ ලෙවීවරුන් උදෙසා සමඟිකමක් කරන පිණිස එකෙක් පාප පූජාවක් කොටද එකෙක් දවන පූජාවක් කොටද ස්වාමීන්වහන්සේ ට පූජාකරන්න.
13
ඔබ ආරොන්ද ඔහුගේ පුත්‍රයන්ද ඉදිරිපිට ලෙවීවරුන් සිටුවා ඔවුන් තේව පූජාවක් කොට ස්වාමීන්වහන්සේ ට ඔප්පුකරන්න.
14
මෙසේ ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙන් ලෙවීවරුන් වෙන්කරන්න. ලෙවීවරු මාගේ වන්නෝය.
15
ඉන්පසු ලෙවීවරු සම්මුඛවීමේ කූඩාරමෙහි මෙහෙකරන පිණිස ඇතුල්වෙත්වා. එසේ ඔවුන් පවිත්රකර තේව පූජාවක් කොට ඔවුන් ඔප්පුකරන්න.
16
මක්නිසාද ඔව්හු ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙන් මුළුමනින්ම මට දෙනලද්දෝය; ඉශ්රායෙල් ප්‍රත්‍රයන් අතරෙහි ගර්භයේ ප්‍රථම ඵලවූ සියල්ලන් එනම් සියලු කුලුඳුලන් වෙනුවට ඔවුන් මට ගත්තෙමි.
17
මක්නිසාද මනුෂ්‍යයන්ගෙනුත් මෘගයන්ගෙනුත් ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙහි සියලු කුලුඳුලෝ මාගේය. මා විසින් මිසර දේශයෙහි සියලු කුලුඳුලන්ට පහරදුන් දවසේදී ඔවුන් මට ශුද්ධය කියා නියමකෙළෙමි.
18
එසේ ඉශ්රායෙල් පුත්‍රයන්ගේ සියලු කුලුඳුලන් වෙනුවට මම ලෙවීවරුන් ගෙන,
19
ඉශ්රායෙල් පුත්‍රයන් ශුද්ධස්ථානයට ළංවෙන කල ඔවුන් අතරට වසංගතයක් නොපැමිණෙන පිණිස, සම්මුඛවීමේ කූඩාරමෙහි ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මෙහෙය කිරීමටත් ඉශ්රායෙල් පුත්‍රයන් උදෙසා සමඟිකමක් කිරීමටත් ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙන් ලෙවීවරුන් ත්‍යාගයක් කොට ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දුනිමියි කීසේක.
20
මෝසෙස් සහ ආරොන්ද ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවද ලෙවීවරුන්ට එසේ කළෝය. ස්වාමීන්වහන්සේ ලෙවීවරුන් ගැන මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්රායෙල් පුත්‍රයෝ ලෙවීවරුන්ට කළෝය.
21
ලෙවීවරුද තමුන්ගෙන් දෝෂ පහකරගෙන තමුන්ගේ වස්ත්‍ර සෝදාගත්තෝය; එවිට ආරොන් ඔවුන් තේව පූජාවක් කොට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකර ඔවුන් පවිත්‍රකරන පිණිස ඔවුන් උදෙසා සමඟිකමක් කෙළේය.
22
ඉන්පසු ලෙවීවරු ආරොන්ද ඔහුගේ පුත්‍රයන්ද ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමෙහි තමුන්ගේ වැඩකරන පිණිස සේවයට ඇතුල්වූවෝය. ස්වාමීන්වහන්සේ ලෙවීවරුන් ගැන මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ලෙවීවරුන්ට කළෝය.
23
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
24
ලෙවීවරුන් සම්බන්ධ කාරණය මෙසේය-විසිපස් අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තෝ සම්මුඛවීමේ කූඩාරමේ වැඩකරන පිණිස සේවයට ඇතුල්වෙත්වා.
25
පනස් අවුරුදු වයස්වූ පසු ඔව්හු මෙහෙකිරීමෙන් අහක්ව, තවත් සේවය නොකර සිටිත්වා;
26
කටයුතු බලාගැනීමට සම්මුඛවීමේ කූඩාරම තුළ ඔවුන්ගේ සහෝදරයන් සමඟ මෙහෙකරනවා මිස ඔව්හු වැඩ නොකරන්නෝය. ලෙවීවරුන්ගේ භාර සම්බන්ධව ඔවුන්ට එසේ කරන්නැයි කීසේක.
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 9 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36