bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Numbers 31
Numbers 31
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 30
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 32 →
1
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
2
ඉශ්රායෙල් පුත්‍රයන් උදෙසා මිදියන්වරුන්ගෙන් පළිගන්න. ඉන්පසු ඔබ ඔබේ සෙනඟට එක්කරනු ලබන්නෙහියයි කීසේක.
3
මෝසෙස් සෙනඟට කථාකොට: මිදියන්වරුන්ට විරුද්ධව ගොස් ස්වාමීන්වහන්සේ උදෙසා මිදියන්වරුන්ගෙන් පළිගන්නා පිණිස ඔබ සැම අතරෙන් මිනිසුන් යුද්ධයට සන්නද්ධකරන්න.
4
සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් එක එක ගෝත්‍රයෙන් දාහක් බැගින් යුද්ධයට යවන්නැයි කීවේය.
5
එලෙස ඉශ්රායෙල්වරුන්ගේ දහස් ගණන් අතරෙන් එක එක ගෝත්‍රයෙන් දාහක් බැගින් යුද්ධය පිණිස සන්නද්ධවූ පුරුෂයෝ දොළොස් දාහක් භාරදෙනු ලැබූහ.
6
මෝසෙස්ද ගෝත්‍රයකින් දාහක් බැගින් වූ ඔවුන් සහ පූජක එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස්ද ඔහු අතට ශුද්ධ ස්ථානයෙහි භාජනත් පිඹීමට නළාත් දී යුද්ධයට ඇරියේය.
7
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු මිදියන්වරුන්ට විරුද්ධව යුද්ධකොට සියලු පිරිමින් මැරුවෝය.
8
මරනලද්දවුන් අතරේ එවීද රෙකෙම්ද ශූර්ද හූර්ද රෙබාද යන මිදියන් රජුන් පස්දෙනාද මැරුවෝය. ඔව්හු බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම්ද කඩුවෙන් මැරුවෝය.
9
ඉශ්රායෙල් පුත්‍රයෝ මිදියන් ස්ත්‍රින්ද ඔවුන්ගේ බාලයන්ද වහල්කමට ගෙන ඔවුන්ගේ සියලු ගවයන්ද ඔවුන්ගේ සියලු සිව්පා රැළවල්ද ඔවුන්ගේ සියලු සම්පත්ද කොල්ලයක් කොට ගත්තෝය.
10
ඔවුන් විසූ ස්ථානවල සියලු නුවරවල්ද ඔවුන්ගේ සියලු කොටුද ගින්නෙන් දවා දැමූහ.
11
එහෙත් මුළු කොල්ලයද මනුෂ්‍යයන්ගෙන් සහ මෘගයන්ගෙන් අල්ලාගත් සියල්ලද අරගත්තෝය.
12
ඔව්හු යොර්දාන් අසබඩ යෙරිකෝව සමීපයෙහි වූ මෝවබ් සමභූමිවල කඳවුරේ සිටි මෝසෙස් සහ පූජකවූ එලෙයාසර්ද ඉශ්රායෙල් පුත්‍රයන්ගේ සභාවද වෙතට අල්ලාගත්තවුන් හා මෘගයන්ද කොල්ලයද ගෙනාවෝය.
13
මෝසෙස්ද පූජකවූ එලෙයාසර්ද සභාවේ සියලු අධිපතිහුද ඔවුන් සම්බවෙන්ට කඳවුරෙන් පිටතට ගියෝය.
14
එවිට මෝසෙස් යුද්ධයෙන් හැරී ආවාවූ සහස්‍රාධිපතීන් වන සේනාවේ මුලාදෑනීන් කෙරෙහි උදහස්ව:
15
ඔබ සැම සියලු ස්ත්‍රීන් ඉතුරු කළහුද?
16
බලව, මොව්හු බාලාම්ගේ මන්ත්‍රණය කරණකොටගෙන පේයොර්ගේ කාරණයේදී ඉශ්රායෙල් පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේ ට විරුද්ධව අපරාධ කරන්ට සැලැස්සුවෝය, ඒ නිසා ස්වාමීන්වහන්සේ ගේ සභාව අතරෙහි වසංගතය විය.
17
එබැවින් බාලයන් අතරෙහි සියලු පිරිමින්ද පුරුෂයන් සමඟ සයනයකිරීමෙන් පුරුෂයන් දැනගත් සියලු ස්ත්‍රීන්ද මරා,
18
පුරුෂයන් සමඟ සයනයකිරීමෙන් පුරුෂයෙකු දැන නොගත් සියලුම ගෑනු දරුවන් ඉතුරුකර ගන්න.
19
ඔබ සැමද සත් දවසක් කඳවුරෙන් පිට සිටින්න. යමෙකු මැරූ සියල්ලෝද මැරුම් කෑ කිසිවෙකුට ස්පර්ශවූ සියල්ලෝද ඔබ සැම නුමුත් ඔබ සැම විසින් අල්වාගනු ලැබුවෝ නුමුත් තුන්වෙනි දවසේදීත් සත්වෙනි දවසේදීත් දෝෂ පහකරගන්න.
20
සියලු වස්ත්‍රද සියලු හම් බඩුද එළු ලොම්වලින් සෑදූ සියලු දේද සියලු ලී බඩුද ඔබ සැමම පවිත්‍රකරන්නැයි කීවේය.
21
පූජකවූ එලෙයාසර්ද සටනට ගිය යුද්ධකාරයන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ව්‍යවස්ථාවේ පනත මේය-
22
රන් රිදී පිත්තල යකඩ බෙලෙක් ඊයම් සහ ගිනි ඉසිලිය හැකි
23
සියලු දේ ගින්නෙහි දමා අරගන්න, එවිට ඒවා පවිත්‍රවන්නේය; එසේවී නුමුත් අපවිත්‍රකම පහකිරීමේ වතුරෙන් ඒවායේ දෝෂ පහකළ යුතුය. එහෙත් ගිනි ඉසිලිය නොහැකි සියල්ල වතුරෙහි දමාගත යුතුය.
24
සත්වෙනි දවසේ ඔබ සැමගේ වස්ත්‍ර සෝදාගන්න, එවිට ඔබ සැම පවිත්‍රවන්නහුය, ඉන් පසු කඳවුරට ඇතුල්වෙන්ට පුළුවනැයි කීවේය.
25
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
26
ඔබද පූජකවූ එලෙයාසර්ද සභාවේ පිය පෙළපත්වල ප්‍රධානීහුද අල්ලාගනු ලැබූ මනුෂ්‍යයන් හා මෘගයන් යන කොල්ලය ගණන්කරන්න.
27
ඒ කොල්ලය සටනට ගිය යුද්ධ දක්ෂයන් සහ මුළු සභාව අතරේ දෙකොටසකට බෙදන්න.
28
සටනට ගිය යුද්ධකාරයන්ගෙන් ස්වාමීන්වහන්සේ ට ආදායමක් කොට මිනිසුන්ගෙන්ද ගවයන්ගෙන්ද කොටළුවන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද පන්සියයකින් එකෙකු බැගින් අයකරන්න.
29
ඔවුන්ගේ කොටසෙන් එය ගෙන ස්වාමීන්වහන්සේ ට එසවීමේ පූජාවක් පිණිස පූජකවූ එලෙයාසර්ට දෙන්න.
30
ඉශ්රායෙල් පුත්‍රයන්ගේ කොටසෙන් මිනිසුන්ගෙන්ද ගවයන්ගෙන්ද කොටළුවන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද සියලු ආකාර මෘගයන්ගෙන්ද පනසකින් එකෙකු බැගින් වෙන්කොට රැගෙන ස්වාමීන්වහන්සේ ගේ මණ්ඩපය භාරකාරවූ ලෙවීවරුන්ට දෙන්නැයි කීසේක.
31
එවිට මෝසෙස්ද පූජකවූ එලෙයාසර්ද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස කළෝය.
32
යුද්ධකාරයන් විසින් අල්වාගත් දේ හැර අනික් කොල්ලය බැටළුවන් සලක්ෂ හැත්තෑපන්දාහක්ද,
33
ගවයන් සැත්තෑ දෙදාහක්ද,
34
කොටළුවන් හැට එක්දාහක්ද,
35
පුරුෂයෙකු සමඟ සයනයකිරීම දැනනොගත් ස්ත්‍රීන් තිස් දෙදාහක්ද විය.
36
යුද්ධයට නික්ම ගිය තැනැත්තන්ගේ කොටස නම් ගණනින් තුන්ලක්ෂ තිස් හත්දාස් පන්සියයක් බැටළුවෝය.
37
බැටළුවන්ගෙන් ස්වාමීන්වහන්සේ ට අයවූ කොටස හසිය හැත්තෑපස් දෙනෙක්ය.
38
ගවයෝ තිස්හය දහසක්ය; උන්ගෙන් ස්වාමීන්වහන්සේ ට අයවූ කොටස සැත්තෑ දෙන්නෙක්ය.
39
කොටළුවෝ තිස්දහස්පන්සියයක්ය; උන්ගෙන් ස්වාමීන්වහන්සේ ට අයවූ කොටස හැට එක දෙනෙක්ය.
40
මනුෂ්‍ය ප්‍රාණීන්ගෙන් සොළොස් දහසක්ය; ඔවුන්ගෙන් ස්වාමීන්වහන්සේ ට අයවූ කොටස දෙතිස් දෙනෙක්ය.
41
මෝසෙස් ස්වාමීන්වහන්සේ ඔහුට අණකළ ලෙස ස්වාමීන්වහන්සේ ගේ එසවීමේ පූජාව පූජකවූ එලෙයාසර්ට දුන්නේය.
42
යුද්ධකාරයන්ගෙන් මෝසෙස් විසින් ඉශ්රායෙල් පුත්‍රයන්ට අරගන දුන්නාවූ,
43
සභාවේ කොටසටත් බැටළුවන් තුන් ලක්ෂ තිස්හත්දාස් පන්සියයක්ද,
44
ගවයන් තිස්හය දහසක්ද,
45
කොටළුවන් තිස්දාස් පන්සියයක්ද,
46
මනුෂ්‍ය ප්‍රාණීන්ගෙන් දහසය දහසක්ද විය.
47
මෝසෙස් ඉශ්රායෙල් පුත්‍රයන්ගේ කොටසෙන් මනුෂ්‍යයන්ගෙන් හා මෘගයන්ගෙනුත් පනසකින් එකෙකු බැගින් වෙන්කර රැගෙන උන් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ස්වාමීන්වහන්සේ ගේ මණ්ඩප භාරය රක්ෂා කරන ලෙවීවරුන්ට දුන්නෝය.
48
එවිට සේනාවේ දහස් ගණන්වල මුලාදෑනිවන සහස්‍රාධිපතිහුද ශතාධිපතිහුද මෝසෙස් ළඟට අවුත්:
49
ඔබේ මෙහෙකරුවෝ වන අපි අප යටතේ සිටින යුද්ධකාරයන්ගේ ගණන් බලා අපෙන් එක මනුෂ්‍යයෙක්වත් අඩු නැති බව දැනගතිමුව.
50
එබැවින් ස්වාමීන්වහන්සේ ට පඬුරක් කොට එකිනෙකාට සම්බවී තිබෙන හැටියට ස්වර්ණාභරණ වන පාද මාලාද අත් වළලුද පේරැස් මුදුද කුණ්ඩලාභරණද මාලද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අපේ ප්‍රාණ උදෙසා සමඟිකමක් කරන පිණිස ගෙනාවෙමුයයි මෝසෙස්ට කීවෝය.
51
මෝසෙස් සහ පූජකවූ එලෙයාසර් ඒ රන් එනම් සාදාපු සියලු ආභරණ ඔවුන්ගෙන් පිළිගත්තෝය.
52
එසේ සහස්‍රාධිපතීන්ගෙන්ද ශතාධිපතීන්ගෙන්ද ලැබී ස්වාමීන්වහන්සේ ට ඔප්පුකළ එසවීමේ පූජාවේ රන් සියල්ල ෂෙකෙල් සොළොස් දහස් සත්සිය පනසක්ය.
53
මක්නිසාද යුද්ධකාරයෝ තම තමුන්ට කොල්ලය ලබාගන සිටියෝය.
54
මෝසෙස් සහ පූජකවූ එලෙයාසර් සහස්‍රාධිපතීන්ගේද ශතාධිපතීන්ගේද රන් පිළිගෙන ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඉශ්රායෙල් පුත්‍රයන් උදෙසා සිහිකරවීමක් පිණිස සම්මුඛවීමේ කූඩාරමට ගෙනාවෝය.
← Chapter 30
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 32 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36