bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Numbers 28
Numbers 28
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 29 →
1
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක:
2
ඔබ ඉශ්රායෙල් පුත්‍රයන්ට අණකරමින්, මාගේ පූජාව එනම් මිහිරි සුවඳක් ඇති ගින්නෙන් කළ යුතු මාගේ පූජා පිණිස මාගේ භෝජන ඒවායේ නියම කාලවලදී මට ඔප්පුකරන්ට බලාගන්නැයි ඔවුන්ට කියන්න.
3
ඔබ ඔවුන්ට මෙසේ කියන්න-ඔබ සැම ස්වාමීන්වහන්සේ ට ඔප්පුකරන්නාවූ ගිනි පූජාව නම් නිරන්තර දවන පූජාවක් පිණිස දවස්පතාම කැලල් නැති එක් අවුරුදු බැටළුපැටවුන් දෙදෙනෙක්ය.
4
එක බැටළුපැටවෙකු උදය පූජාකරන්න; අනික් බැටළුපැටවා සවස පූජාකරන්න;
5
ආහාර පූජාවකට කොටා සිඳගත් තෙල් හිනකින් සතරෙන් කොටසක් සමඟ මිශ්‍රකළ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් ඔප්පුකරන්න.
6
එය ස්වාමීන්වහන්සේ ට ගිනි පූජාවක් කොට මිහිරි සුවඳක් පිණිස සීනයි කන්දේදී නියමකළාවූ නිරන්තර දවන පූජාවක්ය.
7
ඒකේ පාන පූජාව එක එක බැටළුපැටවාට හිනකින් සතරෙන් කොටසක්ය. ස්වාමීන්වහන්සේ ට පාන පූජාවක් පිණිස ශුද්ධස්ථානයෙහි මද්‍යපානය වත්කරන්න.
8
අනික් බැටළු පැටවා සවස පූජාකරන්න. උදය ආහාර පූජාව මෙන්ද ඒකේ පාන පූජාව මෙන්ද ඒක ස්වාමීන්වහන්සේ ට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් කොට ඔප්පුකරන්න.
9
සබත් දවසේදී කැලල් නැති එක් අවුරුදු බැටළුපැටවුන් දෙදෙනෙකුද ආහාර පූජාවකට තෙල් මිශ්‍ර සිහින් පිටි ඒඵාවකින් දසයෙන් දෙකොටසක්ද ඒකේ පාන පූජාවද ඔප්පුකරන්න.
10
මෙය වනාහි නිරන්තර දවන පූජාව සහ ඒකේ පාන පූජාවද ඇර එක එක සබත් දවසේදී ඔප්පුකරන දවන පූජාවය.
11
ඔබ සැමගේ මාසාරම්භවලදී ස්වාමීන්වහන්සේ ට දවන පූජාවක් ඔප්පුකරන්න; එනම් ස්වාමීන්වහන්සේ ට ගින්නෙන් කරන පූජාවක් වන මිහිරි සුවඳ ඇති දවන පූජාවක් පිණිස කැලල් නැති තරුණ ගොන් දෙදෙනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද,
12
එක එක ගොනාට ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍ර සිහින් පිටි ඒඵාවකින් දසයෙන් තුන් කොටසක්ද එක එක බැටළුවාට ආහාර පූජාවක් කොට තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් දසයෙන් දෙකොටසක්ද,
13
එක එක බැටළුපැටවාට ආහාර පූජාවක් කොට තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් දසයෙන් කොටසක්ද ඔප්පුකරන්න.
14
උන්ගේ පාන පූජා නම් ගොනෙකුට මුද්‍රිකපාන හිනකින් දෙකෙන් කොටසක්ද එක එක බැටළුවාට හිනකින් තුනෙන් කොටසක්ද එක එක බැටළු පැටවාට හිනකින් සතරෙන් කොටසක්ද වන්නේය. මෙය අවුරුද්දේ මාස වලින් එක එක මාසයේ දවන පූජාවය.
15
නිරන්තර දවන පූජාව ඇර ස්වාමීන්වහන්සේ ට පාප පූජාවක් පිණිස එළුවෙක්ද උගේ පාන පූජාවද ඔප්පුකරනු ලබන්නේය.
16
පළමුවෙනි මස දසසතරවෙනි දින ස්වාමීන්වහන්සේ ගේ පාස්කුවය.
17
ඒ මාසයේ පසළොස්වෙනි දින මංගල්‍ය දවසක්ය. සත් දවසක් මුහුන් නොදැමූ රොටි කෑ යුතුය.
18
පළමුවෙනි දවසේ ශුද්ධ රැස්වීමක් වන්නේය; කිසි බර වැඩක් නොකරන්න.
19
තවද ස්වාමීන්වහන්සේ ට දවන පූජාවක් වන ගිනි පූජාවක් කොට කැලල් නැති තරුණ ගොන් දෙදෙනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද රැගෙන ඔප්පුකරන්න.
20
උන්ගේ ආහාර පූජාව වන තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් එක එක ගොනාට දසයෙන් තුන් කොටසක්ද එක එක බැටළුවාට දසයෙන් දෙකොටසක්ද,
21
බැටළුපැටවුන් සත් දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද බැගින් ඔප්පුකරන්න;
22
ඔබ සැම උදෙසා සමඟිකමක් කරන පිණිස පාප පූජාවකට එක එළුවෙකුත් පූජාකරන්න.
23
නිරන්තර දවන පූජාවක් වන උදයේ දවන පූජාව ඇර මේවාත් ඔප්පුකරන්න.
24
එලෙස සත් දවසක් එක එක දවසට ස්වාමීන්වහන්සේ ට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවේ ආහාරය ඔප්පුකරන්න. නිරන්තර දවන පූජාව ඇර ඒකත් ඒකේ පාන පූජාවත් ඔප්පුකරනු ලබන්නේය.
25
සත්වෙනි දින ශුද්ධ රැස්වීමක් පවත්වන්න; බර වැඩක් නොකරන්න.
26
තවද ඔබ සැමගේ සති මංගල්‍යයේදී ඔබ සැම ස්වාමීන්වහන්සේ ට අලුත් ආහාර පූජාවක් ඔප්පුකරන ප්‍රථම ඵල දවසේදීත් ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න.
27
එහෙත් ස්වාමීන්වහන්සේ ට මිහිරි සුවඳක් පිණිස දවන පූජාවකට තරුණ ගොන් දෙදෙනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද,
28
උන්ගේ ආහාර පූජාව වන තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් එක එක ගොනාට දසයෙන් තුන්කොටසක්ද එක එක බැටළුවාට දසයෙන් දෙකොටසක්ද,
29
බැටළුපැටවුන් සත් දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද,
30
ඔබ සැම උදෙසා සමඟිකමක් කරන පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.
31
නිරන්තර දවන පූජාව සහ ඒකේ පාන පූජාවද ඇර උන්ද උන්ගේ පාන පූජාවල්ද ඔප්පුකරන්න. උන් කැලල් නැති සත්තු විය යුතුය.
← Chapter 27
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 29 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36