bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Numbers 2
Numbers 2
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 3 →
1
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කථාකොට කියනසේක්:
2
ඉශ්රායෙල් පුත්‍රයෝ තම තමුන්ගේ පිය පෙළපත්වල විශේෂ ලකුණු ඇති තම තමුන්ගේ ධජය ළඟ සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට වටකරින් තමුන්ගේ කූඩාරම් ගසාගනිත්වා.
3
නැගෙන ඉර පැත්තෙහි කූඩාරම් ගසා ගන්නෝනම් තමුන්ගේ සේනා ප්‍රකාරයට යූදාගේ අන්දායමේ ධජයට අයිති අයය. යූදා පුත්‍රයන්ගේ අධිපතියා අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන් වන්නේය.
4
ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ සැත්තෑ හාරදාස් හසියයක්ය.
5
ඊළඟ කූඩාරම් ගසාගන්නෝනම් ඉස්සාඛර්ගේ ගෝත්‍රයය. ඉස්සාඛර්ගේ පුත්‍රයන්ට අධිපතියා ශූවර්ගේ පුත්‍රවූ නෙතනේල් වන්නේය.
6
ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ පනස් හාරදාස් හාරසියයක්ය.
7
ඊළඟ සාබුලොන්ගේ ගෝත්‍රයය. සාබුලොන්ගේ පුත්‍රයන්ගේ අධිපතියා හේලොන්ගේ පුත්‍රවූ එලියාබ් වන්නේය.
8
ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ පනස් හත්දාස් හාරසියයක්ය.
9
යූදාගේ කඳවුරෙහි ඔවුන්ගේ සේනාවල හැටියට ගණන්කරනලද සියල්ලෝ එක්ලක්ෂ අසූහදාස් හාරසියයක්ය. ඔවුන් ප්‍රථමකොට පිටත්ව යායුතුය.
10
දකුණු පැත්තෙහි තමුන්ගේ සේනාවල හැටියට රූබෙන්ගේ අන්දායමේ ධජයට අයිති අය සිටිත්වා. රූබෙන්ගේ පුත්‍රයන්ට අධිපතියා ෂෙදෙයූර්ගේ පුත්‍රවූ එලිශූර් වන්නේය.
11
ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ සතළිස් හදාස් පන්සියයක්ය.
12
ඔහු ළඟ කූඩාරම් ගසාගන්නෝනම් සිමියොන්ගේ ගෝත්‍රයය. සිමියොන්ගේ පුත්‍රයන්ට අධිපතියා ශූරිෂද්දයිගේ පුත්‍රවූ ෂෙලුමියෙල් වන්නේය.
13
ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ පනස් නවදාස් තුන්සියයක්ය.
14
ඊළඟ ගාද්ගේ ගෝත්‍රයය. ගාද්ගේ පුත්‍රයන්ට අධිපතියා රෙවුයෙල්ගේ පුත්‍රවූ එලියාසාප් වන්නේය.
15
ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ සතළිස් පන්දාස් හසිය පනසක්ය.
16
රූබෙන්ගේ අන්දායමෙහි ඔවුන්ගේ සේනාවල හැටියට ගණන්කරනලද සියල්ලෝ එක්ලක්ෂ පනස් එක්දාස් හාරසිය පනසක්ය. ඔවුන් දෙවනුව පිටත්ව යා යුතුය.
17
එවිට සම්මුඛවීමේ කූඩාරම කඳවුරුවලට මැදිව ලෙවීවරුන්ගේ කඳවුර සමඟ පිටත්ව යන්නේය. ඔව්හු කූඩාරම් ගසාගන්න පිළිවෙළටම තම තමුන්ගේ ස්ථානවල සිට තමුන්ගේ ධජවල හැටියට පිටත්ව යා යුතුය.
18
බස්නාහිර පැත්තෙහි තමුන්ගේ සේනාවල හැටියට එඵ්රායිම්ගේ කඳවුරේ ධජයට අයිති අය සිටින්නෝය. එඵ්රායිම්ගේ පුත්‍රයන්ට අධිපතියා අම්මිහුද්ගේ පුත්‍රවූ එලිෂාමා වන්නේය.
19
ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ සතළිස්දාස් පන්සියයක්ය.
20
ඊළඟ මනස්සේගේ ගෝත්‍රයය. මනස්සේගේ පුත්‍රයන්ට අධිපතියා පෙදාශූර්ගේ පුත්‍රවූ ගමාලියෙල්ය.
21
ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ තිස් දෙදාස් දෙසියයක්ය.
22
ඊළඟ බෙන්යමින්ගේ ගෝත්‍රයය. බෙන්යමින්ගේ පුත්‍රයන්ට අධිපතියා ගිදෙයොනිගේ පුත්‍රවූ අබිදාන් වන්නේය.
23
ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ තිස් පන්දාස් හාරසියයක්ය.
24
එප්‍රායිම්ගේ කඳවුරෙහි ඔවුන්ගේ සේනාවල හැටියට ගණන්කරන ලද සියල්ලෝ එක්ලක්ෂ අටදාස් එකසියයක්ය. ඔවුන් තුන්වෙනුව පිටත්ව යා යුතුය.
25
උතුරු පැත්තෙහි තමුන්ගේ සේනාවල හැටියට දාන්ගේ කඳවුරේ ධජයට අයිති අය සිටින්නෝය. දාන්ගේ පුත්‍රයන්ට අධිපතියා අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියේසෙර් වන්නේය.
26
ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ හැට දෙදාස් හත්සියයක්ය.
27
ඊළඟ කූඩාරම් ගසාගන්නෝනම් ආෂෙර්ගේ ගෝත්‍රයය. ආෂෙර් පුත්‍රයන්ගේ අධිපතියා ඔක්‍රාන්ගේ පුත්‍රවූ පගීයෙල් වන්නේය.
28
ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ සතළිස් එක්දාස් පන්සියයක්ය.
29
ඊළඟ නප්තලීගේ ගෝත්‍රයය. නප්තලී පුත්‍රයන්ගේ අධිපතියා ඒනාන්ගේ පුත්‍රවූ අහිරා වන්නේය.
30
ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ පනස් තුන්දාස් හාරසියයක්ය.
31
දාන්ගේ කඳවුරෙහි ගණන්කරනලද සියල්ලෝ එක්ලක්ෂ පනස් හත්දාස් හසියයක්ය. ඔවුන් තමුන්ගේ ධජවල හැටියට අන්තිමට පිටත්ව යායුතුයයි කීසේක.
32
ඉශ්රායෙල් පුත්‍රයන්ගෙන් තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරනලද්දෝ මොව්හුය. කඳවුරුවල තමුන්ගේ සේනාවල හැටියට ගණන්කරනලද සියල්ලෝ හලක්ෂ තුන්දාස් පන්සිය පනසක්ය.
33
එහෙත් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ලෙවීවරු ඉශ්රායෙල් පුත්‍රයන් අතරේ ගණන්කරනු නොලැබුවෝය.
34
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්රායෙල් පුත්‍රයෝ කළෝය. එසේ ඔව්හු තමුන්ගේ වංශවල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත් ලෙස තමුන්ගේ ධජවල හැටියට කූඩාරම් ගසාගත්තෝය, එසේම නික්ම ගියෝය.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 3 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
Recommended Reading
Commentary
Numbers Commentaries
→
Devotional
Numbers Devotional Guide
→
Get This Bible
SROV Study Bible
→