bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Numbers 20
Numbers 20
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 21 →
1
ඉශ්රායෙල් පුත්රයෝ එනම් මුළු සභාව පළමුවෙනි මාසයේදී ශීන් කාන්තාරයට ආවෝය; සෙනඟ කාදෙෂ්හි නවාතැන් ගත්තෝය; මිරියාම් එහිදී නැසී එහි තැන්පත්කරන ලද්දීය.
2
සභාවට වතුර නොතිබුණු බැවින් ඔව්හු මෝසෙස්ටද ආරොන්ටද විරුද්ධව රැස්වුණෝය.
3
සෙනඟ මෝසෙස් සමඟ විවාදකරමින්: ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අපේ සහෝදරයන් මැරුණ කල්හි අපිත් මැරුණෙමුනම් යහපත!
4
අපද අපේ සිව්පාවුන්ද මෙහි මැරෙන පිණිස ඔබ සැම ස්වාමීන්වහන්සේ ගේ සභාව මේ කාන්තාරයට ගෙනාවේ මක්නිසාද?
5
මේ නරක ස්ථානයට අප පමුණුවන්ට මිසරයේ සිට අප ගෙනාවේ මන්ද? මේක බීජවත් අත්තික්කාවත් මිදිවැල්වත් දෙළුම්වත් ඇති ස්ථානයක් නොවේ; බොන්නට වතුරත් නැතැයි කීවෝය.
6
මෝසෙස් හා ආරොන් සභාව ඉදිරියෙන් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට ගොස් මුහුණින් වැටුණෝය. ස්වාමීන්වහන්සේ ගේ තේජස ඔවුන්ට පෙනුණේය.
7
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
8
ඔබද ඔබේ සහෝදරවූ ආරොන්ද සැරයටිය රැගෙන, සභාව රැස්කර, පර්වතය විසින් ඒකේ වතුර දෙන ලෙස ඔවුන්ගේ ඇස් ඉදිරිපිට ඊට කථාකරන්න; එසේ ඔවුන්ට පර්වතයෙන් වතුර ගෙන්වා සභාවටත් ඔවුන්ගේ සිව්පාවුන්ටත් බොන්ට දෙන්නැයි කීසේක.
9
මෝසෙස් ස්වාමීන්වහන්සේ ඔහුට අණකළ ලෙස උන්වහන්සේ ඉදිරියෙන් සැරයටිය ගත්තේය.
10
මෝසෙස් සහ ආරොන් සභාව පර්වතය ඉදිරියට රැස් කළෝය. ඔහු: කැරළිකාරයිනි, අසන්න; අප විසින් මේ පර්වතයෙන් ඔබ සැමට වතුර ගෙන්වා දෙන්ටදැයි ඔවුන්ට කියා,
11
තමාගේ අත ඔසවා සැරයටියෙන් දෙවරක් පර්වතයට ගැසීය. එවිට වතුර බොහෝසෙයින් ගලාආයේය, සභාවද ඔවුන්ගේ සිව්පාවෝද එයින් බීවෝය.
12
ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට: ඔබ සැම ඉශ්රායෙල් පුත්රයන් ඉදිරියෙහි මට ගෞරව පැමිණෙන ලෙස මා කෙරෙහි විශ්වාස නොකළ බැවින් මේ සභාවට මා විසින් දුන් දේශයට ඔබ සැම ඔවුන් නොපමුණුවන්නහුයයි කීසේක.
13
ඒ වනාහි මෙරිබා වතුරය; එහිදී ඉශ්රායෙල් පුත්රයෝ ස්වාමීන්වහන්සේ සමඟ විවාදකළෝය, එහෙත් උන්වහන්සේ ඔවුන් අතරෙහි ගෞරවකරනු ලැබූසේක.
14
එවිට මෝසෙස් කාදෙෂ්හි සිට ඒදොම් රජ වෙතට පණිවිඩකාරයන් යවා: ඔබේ සහෝදරවූ ඉශ්රායෙල් මෙසේ කියයි-අපට පැමිණි සියලු අමාරුකම් ඔබ දන්නෙහිය.
15
අපේ පියවරු මිසරයට ගියෝය, අපි බොහෝ කල් මිසරයෙහි සිටියෙමුව; මිසරවරු අපටත් අපේ පියවරුන්ටත් නපුරුකම් කළෝය.
16
අපි ස්වාමීන්වහන්සේ ට මොරගැසුවෙමුව, එවිට උන්වහන්සේ අපේ හඬ අසා දූතයෙකු එවා අප මිසරයෙන් පිටතට ගෙනාසේක. ඉතින් අපි ඔබේ සීමාන්තයෙහි නුවරක් වූ කාදෙෂ්හි සිටිමුව.
17
ඔබේ දේශය මැදින් යන්ට අපට අවසර ලැබේවා. අපි කෙත් මැදින්වත් මිදිවතු මැදින්වත් නොයන්නෙමුව, ළින් වලින් වතුර නොබොන්නෙමුව. රජ මාවත යන්නෙමුව, ඔබේ සීමාව පසුකරන තෙක් අපි දකුණටවත් වමටවත් නොහැරෙන්නෙමුයයි කියන්ට කීවේය.
18
ඒදොම්ද: ඔබ මාගේ රට මැදින් නොගිය යුතුය, ගියොත් මම ඔබට විරුද්ධව කඩුව ගෙන එන්නෙමියි ඔහුට කීවේය.
19
ඉශ්රායෙල් පුත්රයෝද: අපි මහ මාවත යන්නෙමුව. අපි එනම් මාද මාගේ සිව්පාවුන්ද ඔබේ වතුර බීවොත් ඒවාට මිල ගෙවන්නෙමු. වෙන කිසි දෙයක් නොකොට මට පයින් යන්ට පමණක් ඉඩ දුනමැනවයි කීවෝය.
20
ඔහු: ඔබ නොඑවයි කීවේය. තවද ඒදොම්වරු මහත් සෙනඟක්ද බලවත් අතක්ද ඇතුව ඔවුන්ට විරුද්ධව ආවෝය.
21
මෙසේ ඒදොම්වරු තමුන්ගේ සීමාව මැදින් ඉශ්රායෙල්ට යන්ට දෙන්ට අකැමති වූහ. එබැවින් ඉශ්රායෙල්වරු ඔවුන් කෙරෙන් අහක්ව ගියෝය.
22
ඉශ්රායෙල් පුත්රයෝ එනම් මුළු සභාව කාදෙෂ්හි සිට ගමන්කොට හෝර් කන්දට පැමුණුණෝය.
23
ස්වාමීන්වහන්සේ ඒදොම් දේශයේ සීමාව ළඟ හෝර් කන්දේදී මෝසෙස්ට හා ආරොන්ට කථාකොට:
24
ආරොන් තමාගේ සෙනඟට එකතුවන්නේය. මක්නිසාද ඔබ සැම මෙරිබාහි වතුර ළඟදී මාගේ වචනයට විරුද්ධව කැරළිකාරව සිටිය බැවින් ඉශ්රායෙල් පුත්රයන්ට මා විසින් දුන් දේශයට ඔහු ඇතුල්නොවන්නේය.
25
ආරොන් සහ ඔහුගේ පුත්රවූ එලෙයාසර් කැඳවාගන හෝර් කන්දට අවුත්,
26
ආරොන්ගේ වස්ත්ර ඔහුගෙන් ගළවා ඔහුගේ පුත්රවූ එලෙයාසර්ට අන්දවන්න. ආරොන් එහිදී මැරී තමාගේ සෙනඟට එකතුවන්නේයයි කීසේක.
27
මෝසෙස් ස්වාමීන්වහන්සේ අණකළ ලෙස කෙළේය. ඔව්හු මුළු සභාව ඉදිරියෙහි හෝර් කන්දට නැංගෝය.
28
එවිට මෝසෙස් ආරොන්ගේ වස්ත්ර ඔහුගෙන් ගළවා ඔහුගේ පුත්රවූ එලෙයාසර්ට ඒවා ඇන්දෙවුවේය; ආරොන් එහි කන්ද මුදුනේදී මළේය. එවිට මෝසෙස් සහ එලෙයාසර් කන්දෙන් බැස්සෝය.
29
මුළු සභාව එනම් මුළු ඉශ්රායෙල් වංශය ආරොන් මළ බව දුටු කල ආරොන් ගැන තිස් දවසක් වැලපුණාහ.
← Chapter 19
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 21 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36