bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Numbers 15
Numbers 15
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 16 →
1
තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
2
ඔබ ඉශ්රායෙල් පුත්‍රයන්ට කථාකර ඔවුන්ට මෙසේ කියන්න-මා විසින් ඔබ සැමට දෙන ඔබ සැමගේ වාස භූමිය වන්නාවූ දේශයට ඔබ සැම පැමිණි කල්හි,
3
භාරයක් ඉෂ්ටකිරීම පිණිස හෝ සතුටු පඬුරක් පිණිස හෝ ඔබ සැමගේ නියම මංගල්‍යවලදී හෝ ගවරැළෙන්වත් එළු බැටළු රැළෙන්වත් ස්වාමීන්වහන්සේ ට මිහිරි සුවඳක් කොට ඔබ සැම ගිනිපූජාවක් ඔප්පුකරනවිට, ඒක දවන පූජාවක් නුමුත් යාග පූජාවක් නුමුත්,
4
එසේ තමාගේ පූජාව ස්වාමීන්වහන්සේ ට ඔප්පුකරන්නා ආහාර පූජාවක් පිණිස තෙල් හිනකින් සතරෙන් කොටසක් සමඟ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් මිශ්‍රකර ඔප්පුකෙරේවා.
5
පාන පූජාවක් පිණිස මුද්‍රිකපාන හිනකින් සතරෙන් කොටසක් දවන පූජාවට නුමුත් යාග පූජාවට නුමුත් එක එක බැටළු පැටවා සමඟ ඔප්පුකරන්න.
6
බැටළුවෙකු සමඟ නම් ආහාර පූජාවක් පිණිස තෙල් හිනකින් තුනෙන් කොටසක් සමඟ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් දෙකොටසක් මිශ්‍රකර ඔප්පුකරන්න.
7
පාන පූජාවක් පිණිස මුද්‍රිකපාන හිනකින් තුනෙන් කොටසක්ද ස්වාමීන්වහන්සේ ට මිහිරි සුවඳක් පිණිස ඔප්පුකරන්න.
8
ඔබ භාරයක් ඉෂ්ට කිරීමටවත් ශාන්ති පූජා පිණිසවත් ගොනෙක් දවන පූජාවක් පිණිස නොහොත් යාග පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේ ට ඔප්පුකරන විට,
9
ගොනා සමඟ ආහාර පූජාවක් පිණිස තෙල් හිනකින් භාගයක් සමඟ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් තුන් කොටසක් මිශ්‍රකර ඔප්පුකෙරේවා.
10
පාන පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේ ට මිහිරි සුවඳ ඇති ගිනි පූජාවක් පිණිස මුද්‍රිකපාන හිනකින් භාගයක්ද ඔප්පුකරන්න.
11
එක එක ගවයාට වුණත් එක එක බැටළුවාට වුණත් එක එක බැටළුපැටවාට වුණත් එක එක එළුපැටවාට වුණත් එලෙස කළ යුතුය.
12
ඔබ සැම පිළියෙළ කරන ගණනේ හැටියට උන්ගේ ගණනෙන් එක එකා ගැන එසේ කරන්න.
13
ස්වාමීන්වහන්සේ ට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් ඔප්පුකිරීමට ස්වදේශීවූ සියල්ලෝ මේ දේ මේ ප්‍රකාරයට කරත්වා.
14
ඔබ සැම සමඟ සිටින විදේශියෙක් නුමුත් ඔබ සැමගේ පරම්පරාවල ඔබ සැම අතරෙහි සිටින වෙන කවුරු නුමුත් ස්වාමීන්වහන්සේ ට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් ඔප්පුකරන විට ඔබ සැම කරන්නාක්මෙන් ඔහුද කළ යුතුය.
15
මුළු සභාවට එනම් ඔබ සැමටත් ඔබ සැම සමඟ සිටින විදේශියාටත් එක පනතක් වන්නේය. එය ඔබ සැමගේ පරම්පරාවලට සදාකාල පනතක්ය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔබ සැම යම් ආකාරද විදේශියාත් එයාකාරව සිටීවා.
16
ඔබ සැමටත් ඔබ සැම සමඟ සිටින විදේශියාටත් එක ව්‍යවස්ථාවක් හා එක නියෝගයක් තිබිය යුතුයයි කීසේක.
17
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
18
ඔබ ඉශ්රායෙල් පුත්‍රයන්ට කථාකර ඔවුන්ට මෙසේ කියන්න-මා විසින් ඔබ සැම පමුණුවන දේශයට ඔබ සැම ඇතුල්ව,
19
දේශයේ රොටි කන කල්හි ස්වාමීන්වහන්සේ ට එසවීමේ පූජාවක් ඔප්පුකරන්න.
20
ප්‍රථමකොට අනාපු පිටියෙන් ඔබ සැම රොටියක් සාදා එසවීමේ පූජාවක් පිණිස ඔප්පුකරන්න. පාවරේ එසවීමේ පූජාව මෙන් ඒකත් ඔසවන්න.
21
ඔබ සැමගේ ප්‍රථමකොට අනාපු පිටියෙන් ඔබ සැමගේ පරම්පරාවන්හි ස්වාමීන්වහන්සේ ට එසවීමේ පූජාවක් ඔප්පුකරන්න.
22
ඔබ සැමට වැරදිලා, ඔබ සැම ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කීවාවූ මේ සියලු ආඥා,
23
එනම් ස්වාමීන්වහන්සේ ආඥා පැණෙවු දවස පටන් ඔබ සැමගේ පරම්පරාවන්හි පවත්වාගනයන්ට ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා ඔබ සැමට අණකෙරෙවූ සියල්ලෙන් යමක් නොකර ඇරියොත්,
24
එය සභාවේ දැනගැන්ම නැතුව වැරදිල්ලකින් කරන ලද්දේනම්, මුළු සභාව ස්වාමීන්වහන්සේ ට මිහිරි සුවඳක් පිණිස, දවන පූජාවක් පිණිස, එක තරුණ ගොනෙක්ද නියමයේ හැටියට උගේ ආහාර පූජාවද පාන පූජාවද පාප පූජාවක් කොට එක එළුවෙක්ද ඔප්පුකරාවා.
25
පූජකයාද ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව උදෙසා සමඟිකමක් කෙරේවා, එවිට ඔවුන්ට කමාව ලැබේ; මක්නිසාද ඒක වැරදිල්ලක්ය, ඔව්හුද ස්වාමීන්වහන්සේ ට ගිනි පූජාවක් කොට තමුන්ගේ පූජාව සහ තමුන්ගේ පාප පූජාවත් තමුන්ගේ වැරදිල්ල ගැන ස්වාමීන්වහන්සේ ඉදිරියට ගෙනාවාහුය.
26
එසේ වැරදිල්ලකින් මුළු සෙනඟ එය කළ බැවින් ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවටත් ඔවුන් අතරෙහි සිටින විදේශියාටත් කමාව ලැබේ.
27
එක්කෙනෙක් වැරදිල්ලකින් පව්කරන්නේනම් ඔහු පාප පූජාවක් පිණිස එක් අවුරුදු එළුදෙනකු පූජා කරාවා.
28
පූජකයාද එසේ වැරදිල්ලකින් නොදැන පව්කරන අය උදෙසා සමඟිකමක් කිරීමෙන් ඔහුට කමාව ලැබෙන පිණිස ඔහු උදෙසා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සමඟිකමක් කරාවා.
29
වැරදිල්ලකින් යමක් කරන අය ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙහි ස්වදේශියෙක් වුණත් ඔවුන් අතරෙහි වසන විදේශියෙක් වුණත් ඔවුන් ගැන එක ව්‍යවස්ථාවක් ඔබ සැමට වන්නේය.
30
එහෙත් ස්වදේශියාවත් විදේශියාවත් එඩි සිතින් යමක් කරන්නේනම්, ඒ අය ස්වාමීන්වහන්සේ ට අපහාස කරන බැවින්, ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.
31
මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේ ගේ වචනය සුළුකොට සිතා උන්වහන්සේගේ ආඥාව කඩකෙළේය; ඔහු සහමුලින්ම සිඳදමනු ලබන්නේය, ඔහුගේ අයුතුකම ඔහුට වන්නේයයි කීසේක.
32
ඉශ්රායෙල් පුත්‍රයන් කාන්තාරයෙහි සිටියදී මනුෂ්‍යයෙක් සබත් දවසේ දර එකතුකරනවා ඔව්හු දුටුවෝය.
33
එසේ ඔහු දර එකතුකරනවා දුටු අය මෝසෙස් හා ආරොන්ද මුළු සභාවද වෙතට ඔහු ගෙනාවෝය.
34
එවිට, ඔහුට කළ යුතු දේ දන්වා නොතිබුණු බැවින් ඔහු හිර අඩස්සි කළෝය.
35
ස්වාමීන්වහන්සේ ද: ඒ මනුෂ්‍යයා සැබැවින් මරනු ලැබිය යුතුය. මුළු සභාව කඳවුරෙන් පිටතදී ගල්ගසා ඔහු මරත්වයි මෝසෙස්ට කීසේක.
36
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස මුළු සභාව කඳවුරෙන් පිටතට ඔහු ගෙනගොස් ඔහුට ගල් ගැසුවාය, ඔහු මළේය.
37
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
38
ඉශ්රායෙල් පුත්‍රයන්ට කථාකරමින්, ඔවුන්ගේ පරම්පරාවලදී තමුන්ගේ වස්ත්‍ර වාටිවල දාවලු සාදාගන එක එක වාටියේ දාවල්ල පිට නිල් පටියක් අල්ලන හැටියට ඔවුන්ට කියන්න.
39
ඔබ සැම දාවල්ල බලා ස්වාමීන්වහන්සේ ගේ සියලු ආඥා සිහිකොට ඒවා කරන පිණිසත්, ඔබ සැම පුරුදු ලෙස අනාචාරකම් කරමින් ඔබ සැමගේ සිත්ද ඇස්ද අනුව නොයන පිණිසත්,
40
ඔබ සැම මාගේ සියලු ආඥා සිහිකොට ඒවා පවත්වමින් ඔබ සැමගේ දෙවියන්වහන්සේට ශුද්ධව සිටින පිණිසත්, එබඳු දාවල්ලක් ඔබ සැමට තිබේවා.
41
ඔබ සැමගේ දෙවියන්වහන්සේ වන පිණිස මම මිසර දේශයෙන් ඔබ සැම ගෙනාවාවූ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය. මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යයි කීසේක.
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 16 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36