bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Numbers 33
Numbers 33
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 32
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 34 →
1
මෝසෙස් සහ ආරොන් යටතේ තමුන්ගේ සේනාවල හැටියට මිසර දේශයෙන් ආවාවූ ඉශ්රායෙල් පුත්රයන්ගේ ගමන් මේය.
2
මෝසෙස්ද ස්වාමීන්වහන්සේ ගේ ආඥාව පිට ඔවුන්ගේ ගමන්වල හැටියට ඔවුන්ගේ නික්මීම් ලියුවේය. ඔවුන්ගේ නික්මීම් ප්රකාර ඔවුන්ගේ ගමන් මේවාය.
3
ඔව්හු පළමුවෙනි මස පසළොස් වෙනි දින රාමෙසෙස්හි සිට පිටත්වුණෝය; එසේ ඉශ්රායෙල් පුත්රයෝ පාස්කුවට පසුවදා සියලු මිසරවරුන්ගේ ඇස් ඉදිරියෙහි එසෙවුවාවූ අතක් කරණකොටගෙන පිටතට ආවෝය.
4
එසේ ආවේ මිසරවරුන් ස්වාමීන්වහන්සේ විසින් ඔවුන් අතරෙහි පහරදෙනලද්දවුන් වන සියලුම කුලුඳුලන් ඔවුන් විසින් තැන්පත්කරද්දීය. ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ දෙවිවරුන් කෙරෙහිත් විනිශ්චයන් ඉෂ්ටකළසේක.
5
ඉශ්රායෙල් පුත්රයෝ රාමෙසෙස් කෙරෙන් පිටත්ව සුකොත්හි කූඩාරම් ගසාගත්තෝය.
6
ඔව්හු සුකොත් කෙරෙන් පිටත්ව ගොස් කාන්තාරයේ අද්දර තිබෙන ඒතාම්හි කූඩාරම් ගසාගත්තෝය.
7
ඒතාමෙන් පිටත්ව ගොස් බාල්-ශෙඵොන් ඉදිරිපිට තිබෙන පීහාහිරොත්ට හැරී ගොස් මිග්දොල් ඉදිරියෙහි කූඩාරම් ගසාගත්තෝය.
8
ඔව්හු හාහිරොත් ඉදිරියෙන් පිටත්ව ගොස් මුහුද මැදින් කාන්තාරයට අවුත් ඒතාම් කාන්තාරයෙහි තුන් දවසක ගමන්ගෙන මාරාහි කූඩාරම් ගසාගත්තෝය.
9
මාරා කෙරෙන් පිටත්ව ගොස් ඒලීම්ට ආවෝය. ඒලීම්හි දිය උල්පත් දොළොසක් හා තල්ගස් සැත්තෑවක්ද තිබුණේය; ඔව්හු එහි කූඩාරම් ගසාගත්තෝය.
10
ඔව්හු ඒලීම් කෙරෙන් පිටත්ව ගොස් රතු මුහුද ළඟ කූඩාරම් ගසාගත්තෝය.
11
රතු මුහුද ළඟින් පිටත්ව ගොස් සීන් කාන්තාරයෙහි කූඩාරම් ගසාගත්තෝය.
12
සීන් කාන්තාරයෙන් පිටත්ව ගොස් දොප්කාහි කූඩාරම් ගසාගත්තෝය.
13
දොප්කායෙන් පිටත්ව ගොස් අලුෂ්හි කූඩාරම් ගසාගත්තෝය.
14
අලුෂ් කෙරෙන් පිටත්ව ගොස් රෙපිඩිම්හි කූඩාරම් ගසාගත්තෝය. එහි සෙනඟට බොන්ට වතුර නොතිබුණේය.
15
ඔව්හු රෙපිඩිමෙන් පිටත්ව ගොස් සීනයි කාන්තාරයෙහි කූඩාරම් ගසාගත්තෝය.
16
සීනයි කාන්තාරයෙන් පිටත්ව ගොස් කිබ්රොත්-හත්තාවාහි කූඩාරම් ගසා ගත්තෝය.
17
කිබ්රොත්-හත්තාවායෙන් පිටත්ව ගොස් හශේරොත්හි කූඩාරම් ගසාගත්තෝය.
18
හශේරොතින් පිටත්ව ගොස් රිත්මාහි කූඩාරම් ගසාගත්තෝය.
19
රිත්මාවෙන් පිටත්ව ගොස් රිම්මොන්-පෙරෙශ්හි කූඩාරම් ගසාගත්තෝය.
20
රිම්මොන්-පෙරෙශෙන් පිටත්ව ගොස් ලිබ්නාහි කූඩාරම් ගසාගත්තෝය.
21
ලිබ්නාවෙන් පිටත්ව ගොස් රිස්සාහි කූඩාරම් ගසාගත්තෝය.
22
රිස්සාවෙන් පිටත්ව ගොස් කෙහේලාතාහි කූඩාරම් ගසාගත්තෝය.
23
කෙහේලාතාවෙන් පිටත්ව ගොස් ෂෙඵෙර් කන්දෙහි කූඩාරම් ගසා ගත්තෝය.
24
ෂෙඵෙර් කන්දෙන් පිටත්ව ගොස් හරාදාහි කූඩාරම් ගසාගත්තෝය.
25
හරාදාවෙන් පිටත්ව ගොස් මක්හේ ලොත්හි කූඩාරම් ගසාගත්තෝය.
26
මක්හේලොතෙන් පිටත්ව ගොස් තාහත්හි කූඩාරම් ගසාගත්තෝය.
27
තාහතෙන් පිටත්ව ගොස් තෙරාහි කූඩාරම් ගසාගත්තෝය.
28
තෙරාවෙන් පිටත්ව ගොස් මිත්කාහි කූඩාරම් ගසාගත්තෝය.
29
මිත්කාවෙන් පිටත්ව ගොස් හෂ්මොනාහි කූඩාරම් ගසාගත්තෝය.
30
හෂ්මොනාවෙන් පිටත්ව ගොස් මොසේරොත්හි කූඩාරම් ගසාගත්තෝය.
31
මොසේරොතෙන් පිටත්ව ගොස් බෙනෙ-යාකාන්හි කූඩාරම් ගසාගත්තෝය.
32
බෙනෙ-යාකොනෙන් පිටත්ව ගොස් හෝර්-හග්ගිද්ගාද්හි කූඩාරම් ගසාගත්තෝය.
33
හෝර්-හග්ගිද්ගාදෙන් පිටත්ව ගොස් යොට්බාතාහි කූඩාරම් ගසාගත්තෝය.
34
යොට්බාතාවෙන් පිටත්ව ගොස් අබ්රොනාහි කූඩාරම් ගසාගත්තෝය.
35
අබ්රොනාවෙන් පිටත්ව ගොස් එශියොන්-ගෙබෙර්හි කූඩාරම් ගසාගත්තෝය.
36
එශියොන්-ගෙබෙර් කෙරෙන් පිටත්ව ගොස් සීන් කාන්තාරයෙහි එනම් කාදෙෂ්හි කූඩාරම් ගසාගත්තෝය.
37
ඔව්හු කාදෙෂ් කෙරෙන් පිටත්ව ගොස් ඒදොම් දේශයේ සීමාව ළඟ හෝර් කන්දේ කූඩාරම් ගසාගත්තෝය.
38
පූජකවූ ආරොන් ඉශ්රායෙල් පුත්රයන් මිසර දේශයෙන් පිටත්ව ආවායින් පසු සතළිස්වෙනි අවුරුද්දේ පස්වෙනි මස පළමුවෙනි දින ස්වාමීන්වහන්සේ ගේ අණ පිට හෝර් කන්දට නැගී ගොස් එහි මැරුණේය.
39
ආරොන් හෝර් කන්දේ මැරෙන කල අවුරුදු එකසිය විසිතුනක් වයස්ව සිටියේය.
40
කානාන් දේශයේ දකුණු දිග විසූ කානානීය අරාද්හි රජ ඉශ්රායෙල් පුත්රයන් එන බව ඇසුවේය.
41
ඔව්හු හෝර් කන්දෙන් පිටත්ව ගොස් සල්මොනාහි කූඩාරම් ගසාගත්තෝය.
42
සල්මොනාවෙන් පිටත්ව ගොස් පූනොන්හි කූඩාරම් ගසාගත්තෝය.
43
පූනොනෙන් පිටත්ව ගොස් ඔබොතෙහි කූඩාරම් ගසාගත්තෝය.
44
ඔබොතෙන් පිටත්ව ගොස් මෝවබ් සීමාවෙහි වූ ඉයේ-ආබාරිම්හි කූඩාරම් ගසාගත්තෝය.
45
ඉයිම් කෙරෙන් පිටත්ව ගොස් දීබොන්-ගාද්හි කූඩාරම් ගසාගත්තෝය.
46
දීබොන්-ගාදෙන් පිටත්ව ගොස් අල්මොන්-දිබ්ලාතයිම්හි කූඩාරම් ගසාගත්තෝය.
47
අල්මොන්-දිබ්ලාතයි මෙන් පිටත්ව ගොස් නෙබෝ ඉදිරිපිට අබාරීම් කඳුවල කූඩාරම් ගසාගත්තෝය.
48
අබාරීම් කඳුවලින් පිටත්ව ගොස් යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවල කූඩාරම් ගසාගත්තෝය.
49
ඔව්හු යොර්දාන අසබඩ බෙත්-යෙෂිමොත් පටන් ආබෙල්-ෂිත්තිම් දක්වා මෝවබ් සමභූමිවල කූඩාරම් ගසාගත්තෝය.
50
ස්වාමීන්වහන්සේ යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී මෝසෙස්ට කථාකොට කියනසේක්:
51
ඔබ ඉශ්රායෙල් පුත්රයන්ට කථාකොට ඔවුන්ට මෙසේ කියන්න-ඔබ සැම යොර්දානෙන් එතර කානාන් දේශයට පැමිණි කල,
52
දේශයේ සියලු වැසියන් ඔබ සැම ඉදිරියෙන් පන්නා දමා ඔවුන්ගේ සියලු රූප සහිතවූ කැටයම් ගල්ද ඔවුන්ගේ සියලු වාත්තු පිළිමද නැතිකර දමා ඔවුන්ගේ සියලු උස් තැන් නටබුන්කරන්න.
53
දේශය හිමිකර ගෙන එහි වාසයකරන්න. මක්නිසාද හිමිකරගැනීමට දේශය මා විසින් ඔබ සැමට දී තිබේ.
54
පසඇට දැමීමෙන් ඔබ සැමගේ වංශවල හැටියට දේශය උරුම කරගන්න; වැඩිව සිටින්නන්ට ඔවුන්ගේ උරුමය වැඩිකර, ස්වල්පව සිටින්නන්ට ඔවුන්ගේ උරුමය ස්වල්ප කරදෙන්න. දාදුවෙන් යමෙකුට වැටෙන ස්ථානයම ඔහුට වේවා; ඔබ සැමගේ පිය ගෝත්රවල හැටියට උරුමකරගන්න.
55
එහෙත් ඔබ සැම දේශයේ වැසියන් ඔබ සැම ඉදිරියෙන් පන්නා නොදැමුවොත්, ඔබ සැම විසින් ඔවුන්ගෙන් ඉතුරුකරන අය ඔබ සැමගේ ඇස්වලට උල්ද ඔබ සැමගේ ඇලපත්වලට කටුද වී, ඔබ සැම වසන දේශයෙහි ඔබ සැමට සතුරුකම් කරනවා ඇත.
56
තවද මම ඔවුන්ට කරන්ට සිතූ ලෙස ඔබ සැමට කරන්නෙමියි කීසේක.
← Chapter 32
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 34 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36