bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Numbers 32
Numbers 32
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 31
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 33 →
1
රූබෙන් පුත්‍රයන්ටද ගාද් පුත්‍රයන්ටද ගවයෝ ඉතා මහත් සමූහයක් වූහ. ඔව්හු යාසේර් දේශයද ගිලියද් දේශයද සිව්පාවුන්ට සුදුසු ස්ථානයක් බව දුටුවෝය.
2
එවිට ගාද් පුත්‍රයෝද රූබෙන් පුත්‍රයෝද ඇවිත් මෝසෙස්ටත් පූජකවූ එලෙයාසර්ටත් සභාවේ අධිපතීන්ටත් කථාකොට:
3
ඉශ්රායෙල් සභාව ඉදිරිපිට ස්වාමීන්වහන්සේ පහර දුන් දේශය වන,
4
අතාරොත්ද දීබොන්ද යාසේර්ද නිම්රාද හෙෂ්බොන්ද එලෙයාලේද සෙබාම්ද නෙබෝද බෙයොන්ද සිව්පාවුන්ට සෑහෙන දේශයක්ය, ඔබේ මෙහෙකරුවන්ට සිව්පාවෝ සිටිති.
5
එබැවින් අපි ඔබ ඉදිරියෙහි කරුණාව ලදිමුනම් මේ දේශය ඔබේ මෙහෙකරුවන්ට උරුමයක් පිණිස දෙනු ලබාවා; යොර්දානෙන් එතරට අප නොපැමිණෙවුව මැනවයි කීවෝය.
6
එවිට මෝසෙස් ගාද් පුත්‍රයන් හා රූබෙන් පුත්‍රයන්ට කියනුයේ: ඔබ සැමගේ සහෝදරයන් යුද්ධයට යන අතර ඔබ සැම මෙහි නවතින්ට හදනවාද?
7
ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන්ට දී තිබෙන දේශයට නොයන ලෙස ඔවුන්ගේ සිත් කුමට කලකිරවවුද?
8
දේශය බලන පිණිස මා විසින් ඔබ සැමගේ පියවරුන් කාදෙෂ්-බර්නේයේ සිට යැවූ කල ඔව්හුද එසේ කළෝය.
9
ඔව්හු එෂ්කොල් මිටියාවතට ගොස් දේශය දැක ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන්ට දුන් දේශයට ඔවුන් නොපැමිණෙන ලෙස ඔවුන්ගේ සිත් කලකිරෙවුවෝය.
10
ඒ දවසේදී ස්වාමීන්වහන්සේ ගේ උදහස ඇවුළුණේය. උන්වහන්සේ කථාකොට:
11
සම්පූර්ණ ලෙස ස්වාමීන්වහන්සේ අනුව ගියාවූ කෙනෙස්සියවූ යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ් සහ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද හැර,
12
මිසරයෙන් ආවාවූ විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ මනුෂ්‍යයන්ගෙන් කිසිවෙක් මා විසින් ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන්ට දිවුළ දේශය සැබවින්ම නොදක්නෝය; මක්නිසාද ඔවුන් සම්පූර්ණ ලෙස මා පස්සේ ආවේ නැතැයි කීසේක.
13
ස්වාමීන්වහන්සේ ගේ උදහස ඉශ්රායෙල්ට විරුද්ධව ඇවුළුණේය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නපුරුකම් කළ මුළු පරම්පරාව විනාශවන තෙක් උන්වහන්සේ ඔවුන්ට සතළිස් අවුරුද්දක් කාන්තාරයෙහි ඔබමොබ යන්ට සැලැස්වූසේක.
14
දැන් ඔබ සැමත් පව්කාර වර්ගයක්ව ස්වාමීන්වහන්සේ ගේ තද උදහස ඉශ්රායෙල්වරුන්ට තවත් වැඩිකරන පිණිස ඔබ සැමගේ පියවරුන් වෙනුවට නැගුටුණහුය.
15
ඔබ සැම උන්වහන්සේ අනුව නොගොස් හැරීගියොත් නැවතත් උන්වහන්සේ ඔවුන් කාන්තාරයෙහි තවත් නවත්වනවා ඇත; එසේ ඔබ සැම මේ මුළු සෙනඟ නාස්තිකරන්නහුයයි කීවේය.
16
එවිට ඔව්හු ළංවී කථාකොට: අපි මෙහි අපේ සිව්පාවුන්ට ගාල්ද අපේ බාලයන්ට නුවරවල්ද ගොඩනගන්නෙමුය.
17
නුමුත් අපි වනාහි ඉශ්රායෙල් පුත්‍රයන් ඔවුන්ගේ ස්ථානයට පමුණුවනතුරු ඔවුන්ට පෙරටුව යන්ට සන්නද්ධව සිටින්නෙමුව. අපේ බාලයෝ දේශවාසීන් නිසා බලකොටු සහිත නුවරවල වසන්නෝය.
18
ඉශ්රායෙල් පුත්‍රයන් එකිනෙකා තම තමාගේ උරුමය හිමිකරගන්න තුරු අපි අපේ ගෙවලට හැරී නොඑන්නෙමුව.
19
මක්නිසාද යොර්දානෙන් මෙගොඩ නැගෙනහිර පැත්තෙහි අපේ උරුමය අපට ලැබී තිබෙද්දී අපි ඔවුන් සමඟ යොර්දානෙන් එගොඩත් එයින් එහාත් උරුමය නොගන්නෙමුයයි කීවෝය.
20
එවිට මෝසෙස් ඔවුන්ට කථාකොට: ඔබ සැම මේ දේ කරමින්, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යුද්ධයට යාමට සැරසී,
21
උන්වහන්සේ තමන්ගේ සතුරන් තමන් ඉදිරියෙන් පන්නාදමන තෙක්ද දේශය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යටත්කරන තෙක්ද ඔබ සැම අතරෙන් යුද්ධයට සැරසුණු සියල්ලන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යොර්දානෙන් එතරට ගියොත්,
22
පසුව ඔබ සැමට ආපසු එන්ට පුළුවන, එසේ ඔබ සැම ස්වාමීන්වහන්සේ ද ඉශ්‍රායෙල්ද ඉදිරියෙහි නිදොස්ව සිටින්නහුය; මේ දේශයද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔබ සැමට උරුමයක් පිණිස වන්නේය.
23
එහෙත්, ඔබ සැම එසේ නොකළොත්, බලව, ඔබ සැම ස්වාමීන්වහන්සේ ට විරුද්ධව පව්කළා වේ. ඔබ සැමගේ පාපයද ඔබ සැම පිටට පැමිණෙන බව සහතිකලෙස දැන ගන්න.
24
ඔබ සැමගේ බාලයන්ට නුවරවල්ද ඔබ සැමගේ බැටළුවන්ට ගාල්ද ගොඩනගා ඔබ සැමගේ මුඛයෙන් නික්මුණු දේ කරන්නැයි කීවේය.
25
ගාද් පුත්‍රයෝද රූබෙන් පුත්‍රයෝද මෝසෙස්ට කථාකොට: අපේ ස්වාමිතුමා අණකරන ලෙස ඔබවහන්සේගේ දාසයෝවන අපි කරන්නෙමුව.
26
අපේ බාලයෝද අපේ භාර්යාවෝද අපේ සිව්පාවෝද අපේ සියලු ගවයෝද මෙහි ගිලියද් නුවරවල සිටින්නෝය.
27
එහෙත් අපේ ස්වාමිතුමා කියන ලෙස ඔබවහන්සේගේ දාසයෝ සියල්ලෝම යුද්ධයට සැරසී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සටනට එතර යන්නෝයයි කීවෝය.
28
මෝසෙස්ද ඔවුන් ගැන පූජකවූ එලෙයාසර්ටද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාටද ඉශ්රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල පිය පෙළපත්වල ප්රධානීන්ටද අණකරමින්,
29
ගාද් පුත්‍රයන් සහ රූබෙන් පුත්‍රයන් සියල්ලන්ම යුද්ධයට සැරසී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔබ සැම සමඟ යොර්දානෙන් එතරට ගියොත්, දේශය ඔබ සැම ඉදිරියෙහි යටත්කරනු ලැබූ කල්හි, ගිලියද් දේශය උරුමයක් කොට ඔවුන්ට දෙන්න.
30
එහෙත් ඔවුන් යුද්ධයට සැරසී ඔබ සැම සමඟ එතරට යන්නේ නැත්නම් ඔව්හු කානාන් දේශයෙහි ඔබ සැම අතරෙහි උරුම ලබත්වයි කීවේය.
31
ගාද් පුත්‍රයෝද රූබෙන් පුත්‍රයෝද උත්තරදෙමින්: ඔබේ දාසයන්ට ස්වාමීන්වහන්සේ කී ලෙසම අපි කරන්නෙමුව.
32
අපි සන්නද්ධව ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කානාන් දේශයට එතරව යන්නෙමුව, අපේ උරුම කොටස යොර්දානෙන් මෙගොඩ අපට වේවයි කීවෝය.
33
මෝසෙස් ඔවුන්ට එනම් ගාද් පුත්‍රයන්ටත් රූබෙන් පුත්‍රයන්ටත් යෝසෙප්ගේ පුත්‍රවූ මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ රාජ්‍යයද බාෂාන්හි රජවූ ඕග්ගේ රාජ්‍යයද යන දේශය සහ එහි සීමාවල නුවරවල් වන දේශයෙහි වටකර තිබුණු නුවරවල්ද දුන්නේය.
34
ගාද් පුත්‍රයෝ දීබොන් සහ අතාරොත්ද අරෝයේර්ද;
35
අත්රොත්ෂොඵාන්ද යාසේර්ද යොග්බෙහාද;
36
බෙත්-නිම්රා සහ බෙත්-හාරන්ද යන බලකොටු සහිත නුවරවල් සහ බැටළුවන්ට ගාල්ද ගොඩනැගුවෝය.
37
රූබෙන් පුත්‍රයෝ හෙෂ්බොන් හා එලෙයාලේද කිරියතායිම්ද;
38
නම් වෙනස්වුණාවූ නෙබෝ හා බාල්මෙයොන්ද සිබිමාද ගොඩනැගුවෝය. ඔව්හු තමුන් විසින් ගොඩනැගූ නුවරවලට වෙන නම් තැබුවෝය.
39
මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත්‍රයෝ ගිලියද් දේශයට ගොස් ඒක අල්ලාගෙන එහි සිටි අමෝරිවරුන් පන්නාදැමුවෝය.
40
මෝසෙස් මනස්සේගේ පුත්‍රවූ මාකීර්ට ගිලියද් දේශය දුන්නේය; ඔහු එහි විසුවේය.
41
මනස්සේගේ පුත්‍රවූ යායිර් ගොස් එහි නුවරවල් අල්වා ගෙන ඒවාට හවොත්-යායිර්යයි නම් තැබීය.
42
නොබාද ගොස් කෙනත් සහ එහි ගම් අල්ලාගෙන තමාගේ නාමය හැටියට ඊට නොබායයි නම් තැබුවේය.
← Chapter 31
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 33 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
Recommended Reading
Commentary
Numbers Commentaries
→
Devotional
Numbers Devotional Guide
→
Get This Bible
SROV Study Bible
→