bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Numbers 22
Numbers 22
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 23 →
1
ඉශ්රායෙල් පුත්‍රයෝ පිටත්ව ගොස් යෙරිකෝව ළඟ යොර්දානෙන් එතර මෝවබ් සමභූමිවල කූඩාරම් ගසාගත්තෝය.
2
තවද ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් ඉශ්රායෙල් විසින් අමෝරිවරුන්ට කළ සියල්ල දුටුවේය.
3
සෙනඟ බොහෝවූ බැවින් මෝවබ්වරු ඔවුන් ගැන අතිශයෙන් භයපත්වුණෝය. එසේ මෝවබ් ඉශ්රායෙල් පුත්‍රයන් නිසා කැලඹී,
4
මිදියන්හි වැඩිමහල්ලන්ට කථාකොට: ගවයා කෙතේ තෘණ කා දමන්නාක් මෙන් ඒ සමූහයා අප වටකර තිබෙන සියල්ල කාදමනවා ඇතැයි කීවේය. ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් ඒ කාලයේ මෝවබ්හි රජව සිටියේය.
5
ඔහු බෙයොර්ගේ පුත්‍රවූ බාලාම් කැඳවාගෙන එන්ට ඔහුගේ සෙනඟගේ පුත්‍රයන්ගේ දේශයවූ ගංගාව ළඟ තිබෙන පෙතෝර්ට පණිවිඩකාරයන් යවමින්: මිසරයෙන් සෙනඟක් ඇවිත් සිටිති. බලව, ඔව්හු පොළෝතලය වසාගෙන මට ඉදිරිපිටින් සිටිති.
6
එබැවින් දැන් ඇවිත් මා වෙනුවෙන් මේ සෙනඟට ශාපකළ මැනවි; මක්නිසාද ඔව්හු මට වඩා බලවත්ය. සමහරවිට ඔවුන්ට පහරදී ඔවුන් දේශයෙන් පන්නාදමන්ට මට පුළුවන්වන්නේය. මක්නිසාද ඔබ ආශීර්වාදකරන තැනැත්තා ආශීර්වාද ලබන බවත් ඔබ ශාපකරන තැනැත්තා ශාප ලබන බවත් දනිමියි කියන්ට කීවේය.
7
මෝවබ්හි වැඩිමහල්ලෝද මිදියන්හි වැඩිමහල්ලෝද පේන කීමට දෙන තෑගි අතේ ඇතුව පිටත්ව බාලාම් වෙතට පැමිණ බාලාක්ගේ වචන ඔහුට කීවෝය.
8
ඔහු ඔවුන්ට කථාකොට: අද රාත්‍රියේ මෙහි නවතින්න. ස්වාමීන්වහන්සේ මට කියන හැටියට ඔබ සැමට උත්තරදෙන්නෙමියි ඔවුන්ට කීවේය. එසේ මෝවබ්හි අධිපතියෝ බාලාම් වෙත නැවතුණෝය.
9
දෙවියන්වහන්සේ බාලාම් වෙතට අවුත්: ඔබ සමඟ සිටින මේ මනුෂ්‍යයෝ කවුරුදැයි ඇසූසේක.
10
බාලාම්ද: මෝවබ්හි රජවූ ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් ඔවුන් මා වෙතට එවා:
11
බලව, මිසරයෙන් ආ සෙනඟ පොළෝතලය වසාගෙන සිටිති. දැන් ඇවිත් මා උදෙසා ඔවුන්ට ශාපකරන්න; සමහරවිට ඔවුන්ට විරුද්ධව යුද්ධ කොට ඔවුන් පන්නාහරින්ට හැකිවන්නෙමියි කියා එවා තිබේයයි දෙවියන්වහන්සේට කීවේය.
12
දෙවියන්වහන්සේ: ඔවුන් සමඟ නොයන්න; ඒ සෙනඟට ශාප නොකරන්න. මක්නිසාද ඔව්හු ආශීර්වාදලත් සෙනඟක් යයි බාලාම්ට කීසේක.
13
බාලාම් උදය නැගිට බාලාක්ගේ අධිපතීන්ට කථාකොට: ඔබ සැමගේ දේශයට යන්න. මක්නිසාද ඔබ සැම සමඟ යන්ට ස්වාමීන්වහන්සේ මට ඉඩ නොදෙනසේකැයි කීවේය.
14
මෝවබ්හි අධිපතියෝ නැගිට බාලාක් වෙතට ගොස්: බාලාම් අප සමඟ එන්ට බැරිය කියන්නේයයි කීවෝය.
15
බාලාක් ගණනින් ඔවුන්ට වැඩිවූ ඔවුන්ට වඩා ගරුතරවූ අධිපතීන් නැවත යැවීය.
16
ඔව්හු බාලාම් වෙතට අවුත් කියන්නෝ: ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් මෙසේ කියයි: ඔබ මා වෙතට ඊමට කිසිවකින් ඔබට බාධාවක් නොවේවා.
17
මක්නිසාද මම ඔබ ඉතා මහත් ගෞරවයට පමුණුවන්නෙමි, ඔබ මට කියන කොයි දෙයක් නුමුත් කරන්නෙමි. එබැවින් අවුත් මේ සෙනඟට මා උදෙසා ශාපකරන ලෙස ඔබෙන් ඉල්ලමියි කියන්නේයයි ඔහුට කීවෝය.
18
බාලාම් බාලාක්ගේ සේවකයන්ට උත්තරදෙමින්: බාලාක් තමාගේ ගෙය පුරවා රන් රිදී මට දෙතත් අඩුව හෝ වැඩිව හෝ කරන්ට මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ වචනය ඉක්මවා යා නොහැක්කෙමි.
19
එබැවින් ස්වාමීන්වහන්සේ තවත් මට කියන්නේ කිමෙක්දැයි මා දැනගන්නා පිණිස ඔබ සැමත් අද රාත්‍රියේ මෙහි සිටින්නැයි කීවේය.
20
දෙවියන්වහන්සේ රාත්‍රියෙහි බාලාම් වෙතට අවුත් ඔහුට කථාකොට: ඒ මනුෂ්‍යයෝ ඔබ කැඳවන පිණිස අවුත් සිටිත්නම් නැගිට ඔවුන් සමඟ යන්න; එසේවී නුමුත් මා ඔබට කියන වචනය පමණක්ම කරන්නැයි කීසේක.
21
බාලාම් උදය නැගිට තමාගේ කොටළුදෙන සූදානම්කොට මෝවබ්හි අධිපතීන් සමඟ ගියේය.
22
ඔහු ගිය නිසා දෙවියන්වහන්සේගේ උදහස ඇවුළුණේය. ස්වාමීන්වහන්සේ ගේ දූතයා ඔහුට විරුද්ධකාරයෙක්ව මාර්ගයෙහි සිටගත්තේය. ඔහු තමාගේ කොටළුදෙන පිට නැගී උන්නේය, ඔහුගේ මෙහෙකරුවෝ දෙදෙනා ඔහු සමඟ සිටියෝය.
23
කොටළුදෙන ස්වාමීන්වහන්සේ ගේ දූතයා කඩුව ඇදගෙන මාර්ගයෙහි සිටින බව දැක මගින් ඉවත්ව කෙතට ගියාය. බාලාම් කොටළුදෙන මගට හරවන පිණිස ඈට ගැසීය.
24
එවිට ස්වාමීන්වහන්සේ ගේ දූතයා දෙපැත්තේ තාප්ප ඇති මිදිවතු අතරේ පටු පාරක සිටගත්තේය.
25
කොටළුදෙන ස්වාමීන්වහන්සේ ගේ දූතයා දැක තාප්පයට හැපී බාලාම්ගේ පය තාප්පයට වැද්දෙවුවාය. ඔහු නැවතත් ඈට ගැසුවේය.
26
ස්වාමීන්වහන්සේ ගේ දූතයා තව දුරටත් ගොස්, දකුණටවත් වමටවත් හැරෙන්ට ඉඩ නැති නුපුළුල් ස්ථානයක සිටගත්තේය.
27
කොටළුදෙන ස්වාමීන්වහන්සේ ගේ දූතයා දැක බාලාම් ඈ පිට ඉන්දදීම බිම වැතුරුණාය. බාලාම්ගේ කෝපය ඇවුළුණේය, ඔහු තමාගේ කෙවිටෙන් කොටළුදෙනට ගැසීය.
28
එවිට ස්වාමීන්වහන්සේ කොටළුදෙනගේ මුඛය ඇරෙවුසේක, ඈද: මේ තුන් වරක්ම මට ගැසීමට මම ඔබට කුමක් කෙළෙම්දැයි බාලාම්ට කීවාය.
29
බාලාම්ද: තී මට සරදම්කළ නිසාය. මාගේ අතේ කඩුවක් තිබුණේවී නම් මා විසින් මෙලහට තී මැරුවා නොවේදැයි කොටළුදෙනට කීවේය.
30
කොටළුදෙන: මම ඔබගේ මුළු ජීවිතයේ අද දක්වා ඔබ නැගීගිය ඔබගේ කොටළුදෙන නොවෙම්ද? ඔබට මෙසේ කරන්ට කවදාවත් පුරුදුව සිටියෙම්දැයි බාලාම්ට කීවාය.
31
ඔහු: නැතැයි කීවේය. එවිට ස්වාමීන්වහන්සේ බාලාම්ගේ ඇස් ඇරෙවුසේක, ඔහු ස්වාමීන්වහන්සේ ගේ දූතයා කඩුව ඇදගෙන මාර්ගයෙහි සිටිනවා දැක හිස නමා මුහුණින් වැටුණේය.
32
ස්වාමීන්වහන්සේ ගේ දූතයා ඔහුට කථාකොට: ඔබේ කොටළුදෙනට ඔබ මේ තුන් වරක්ම ගැසුවේ මක්නිසාද? ඔබේ මාර්ගය මා ඉදිරියෙහි ඇදව තිබෙන නිසා විරුද්ධකාරයෙක් මෙන් මෙහි ඇවිත් සිටිමි.
33
කොටළුදෙනද මා දැක මේ තුන් වරක්ම මා ඉදිරියෙන් ඉවත හැරුණාය. ඈ මා කෙරෙන් ඉවත නොහැරුණා නම් සැබවින් මා විසින් ඔබ මරා ඈ ඉතුරුකරනලද්දේ නොවේදැයි කීවේය.
34
බාලාම්ද: ඔබ මට විරුද්ධව මාර්ගයෙහි සිටි බව මා නොදත් බැවින් පව්කෙළෙමි. ඉදින් ඔබ අසතුටුනම් හැරීයන්නෙමියි ස්වාමීන්වහන්සේ ගේ දූතයාට කීවේය.
35
ස්වාමීන්වහන්සේ ගේ දූතයා: ඒ මනුෂ්‍යයන් සමඟ යන්න. එහෙත් මා විසින් ඔබට කියන වචනය පමණක් ඔබ විසින් කිය යුතුයයි බාලාම්ට කීවේය. මෙසේ බාලාම් බාලාක්ගේ අධිපතීන් සමඟ ගියේය.
36
බාලාක්තෙමේ බාලාම් ආ බව අසා ඔහු සම්බ වන පිණිස අර්ණොන් සීමාවට ළංවූ සීමාන්තයෙහි තිබෙන මෝවබ් නුවරට ගියේය.
37
ඔහු බාලාම්ට කථාකොට: මම ඕනෑකමින් ඔබට එන්ට කියා නෑරියෙම්ද? ඔබ මා වෙතට නාවේ මක්නිසාද? සැබවින් ඔබ ගෞරවයට පමුණුවන්ට මට බැරිදැයි ඔහුට කීවේය.
38
බාලාම් කථාකොට: මෙන්න, මම ඔබ වෙතට ඇවිත් සිටිමි. මොකවත් කියන්ට දැන් මට කිසි බලයක් ඇද්ද? දෙවියන්වහන්සේ මාගේ මුඛයෙහි තබන වචනයම කියන්නෙමියි බාලාක්ට කීවේය.
39
බාලාම් බාලාක් සමඟ ගියේය. ඔව්හු කිර්යත්-හුශෝත්ට පැමුණුණෝය.
40
බාලාක් ගවයන් හා බැටළුවන් පූජාකොට බාලාම්ටද ඔහු සමඟ සිටි අධිපතීන්ටද කොටස් යැවීය.
41
තවද පසුව දා උදේ බාලාක් බාලාම් කැඳවාගෙන බාල්ගේ උස් තැන්වලට ගියේය, එහි සිට ඔහු කෙළවර දක්වාම සෙනඟ දිටීය.
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 23 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36