bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Kings 10
1 Kings 10
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 11 →
1
ෂෙබාහි රැජින සමිඳාණන් වහන්සේගේ නාමයේ හේතුවෙන් සලමොන් රජු ලත් කීර්තිය ගැන අසා දුෂ්කර ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස පැමිණියා ය.
2
ඕතොමෝ ඉතා විශාල පිරිවරක් ද සුවඳ ද්‍රව්‍ය සහ රත්රන් රාශියක් ද මැණික් ගල් පටවන ලද ඔටුවන් ද ඇති ව ජෙරුසලමට සැපත් වූවා ය. ඇය සලමොන් වෙත ගොස් තම සිතේ තිබූ සියල්ල ගැන ඔහු සමඟ කතා කළා ය.
3
සලමොන් ද ඇගේ සියලු ප්‍රශ්න ඈට විසඳා කී ය. ඈට තෝරා දිය නොහැකි වූ කිසි ප්‍රශ්නයක් රජුට නො වී ය; කිසිවක් ඔහුගෙන් සැඟවී තිබුණේ නැත.
4
ෂෙබාහි රැජින සලමොන්ගේ මහා ප්‍රඥා මහිමය ද ඔහු ගොඩනැඟුවාවූ මාලිගාව ද
5
ඔහුගේ මේසයේ ආහාර ද ඔහුගේ නිලධාරීන් අසුන් ගන්නා ආකාරය ද ඔහුගේ මෙහෙකරුවන් සේවයෙහි නිරත වන අන්දම ද සේවකයන් ලා සිටි අනගි ඇඳුම් ද ඔහුගේ කුසලාන දරන්නන් ද ඔහු විසින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පුද කරන ලද පූජා ද දුටු කල තුෂ්ණිම්භූත වූවා ය.
6
එවිට ඈ රජුට කතා කොට, “මාගේ දේශයේ දී ඔබේ ක්‍රියා හා ඔබේ ප්‍රඥාව ගැන මා ඇසූ ආරංචි සැබෑ ය.
7
එහෙත්, මම අවුත් මාගේ ඇසින් දකින තෙක් ඒ වචන විශ්වාස නොකෙළෙමි. සැබැවින් ම අඩක් වත් මට නොකියන ලද්දේ ය. ඔබේ ප්‍රඥා මහිමයත්, සෞභාග්‍යයත් මා ඇසූ කීර්තියේ ප්‍රමාණයටත් වඩා උසස් ව තිබේ.
8
ඔබේ භාර්යාවෝ වාසනාවන්තියෝ ය. නිතර ම ඔබ ඉදිරියෙහි ඔබේ ප්‍රඥාව අසන මේ ඔබේ සේවකයෝ වාසනාවන්තයෝ ය.
9
ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනය පිට ඔබ පත් කරන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වූ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! සමිඳාණන් වහන්සේ සැම කල්හි ම ඉශ්රායෙල්වරුන්ට ප්‍රේම කළ බැවින් විනිශ්චයත්, යුක්තියත් ඉෂ්ට කරන්නට උන් වහන්සේ ඔබ රජ කොට පත් කළ සේකැ”යි කීවා ය.
10
තවද, ඈ රන් කිලෝග්‍රෑම් හාරදහසක් ද සුවඳ ද්‍රව්‍ය මහත් රාශියක් ද මැණික් ගල් ද රජුට දුන්නා ය. ෂෙබාහි රැජින සලමොන් රජුට දුන් ඒ සුවඳ ද්‍රව්‍ය හා සමාන කළ හැකි සුවඳ ද්‍රව්‍ය තවත් නොලැබුණේ ය.
11
ඕපීර් දේශයේ සිට රත්රන් ගෙනා හීරාම්ගේ නැව්වලින් හඳුන් ලී මහත් රාශියක් හා මැණික් ගල් ඕපීර් දේශයෙන් ගෙනෙන ලදී.
12
රජ ඒ හඳුන් ලීවලින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවටත්, රජ මාලිගාවටත් ගරාදි වැටවල් සහ ගායකයන්ට වීණා ද කුඩා වීණා ද සෑදවී ය. ඒ ආකාර හඳුන් ලී අද දවස දක්වා තවත් ගෙනාවේ වත්, දකින්න ලැබුණේ වත් නැත.
13
සලමොන් රජ ස්වකීය රාජකීය ත්‍යාගිවන්තකමෙන් ෂෙබාහි රැජිනට දුන් දේවල් හැර ඈ හිතූ පැතූ සියල්ලත් ඇයට දුන්නේ ය. ඉක්බිති ඇය සහ ඇගේ සේවක පිරිස සිය රට බලා හැරී ගියෝ ය.
14
සලමොන් රජුට අවුරුද්දකට ලැබුණු රන්වල බර කිලෝග්‍රෑම් තුන්දාහකි.
15
මෙය ලැබුණේ, බඩු හුවමාරු කරගන්නන්ගෙන් ද වෙළෙඳුන්ගේ වෙළෙඳාමෙන් ද අරාබියේ සියලු රජවරුන්ගෙන් ද දේශයේ ආණ්ඩුකාරයන්ගෙන් ද ලැබුණු රන්වලට අමතරව ය.
16
සලමොන් රජ තෙම තැළූ රන් පලිස් දෙසියයක් සෑදී ය. එක එක පලිහ සෑදීමට තැළූ රන් කිලෝග්‍රෑම් හතක් යොදන ලදී.
17
ඔහු කුඩා පලිස් තුන්සියයකුත් තැළූ රනින් සෑදුවේ ය. එක එක කුඩා පලිහ සෑදීමට රන් කිලෝග්‍රෑම් තුනක් යොදන ලදී. රජ තෙම ලෙබනොන් ආරණ්‍යය නම් ශාලාවේ ඒවා තැබී ය.
18
තවද, රජ ඇත් දත්වලින් මහා සිංහාසනයක් සාදා තනිකර රනින් එය වැසී ය.
19
සිංහාසනයට පඩි හයක් තිබිණි. සිංහාසනයේ මුදුනට පිටුපසින් ගව හිස් සාදා තිබිණි. වාඩි වන ආසනය දෙපැත්තේ අත්ඇඳි සහ අත්ඇඳි ළඟ සිටගත් සිංහ රූප දෙකක් ද විය.
20
පඩි හය පිට දෙපැත්තේ සිටගත් සිංහ රූප දොළොසක් විය. එයාකාර සිංහාසනයක් කිනම් රාජ්‍යයක වත් නොතිබිණි.
21
සලමොන් රජුගේ පාන පාත්‍ර සියල්ල ම රනින් විය. ලෙබනොන් ආරණ්‍ය ශාලාවේ සියලු භාජනත් තනි රනින් විය. කිසිවක් රිදීයෙන් නො වී ය. රිදී වනාහි සලමොන් රජුගේ කාලයේ දී අගය කොට නොසලකන ලදී.
22
මන්ද, මුහුදු යාත්‍රා කරන හීරාම්ගේ නැව් කණ්ඩායම සමඟ වෙළෙඳ නැව් කණ්ඩායමක් රජුට විය. ඒ වෙළෙඳ නැව්වලින් රන් ද රිදී ද ඇත් දත් ද වඳුරන් හා රිළවුන් ද තුන් අවුරුද්දකට වරක් ගෙනාවේ ය.
23
මෙසේ සලමොන් රජ ධනසම්පතින් හා ප්‍රඥාවෙන් මිහි පිට සියලු රජුන්ට වඩා ශ්‍රේෂ්ඨ ව සිටියේ ය.
24
දෙවියන් වහන්සේ සලමොන්ගේ සිතේ නිදන් කළ ඔහුගේ ප්‍රඥාව අසන පිණිස සකල දේශවාසීහු ඔහු වෙත පැමිණියෝ ය.
25
ඔව්හු අවුරුද්දෙන් අවුරුද්ද තම තමන්ගේ තෑගි වන රිදී භාජන, රන් භාජන, වස්ත්‍ර, යුද්ධායුධ, සුවඳ ද්‍රව්‍ය, අශ්වයන් හා කොටළුවන් ගෙනාවෝ ය.
26
සලමොන් රජ අශ්ව රථ සහ අසරුවන් ද එකතු කරගත්තේ ය. ඔහුට අශ්ව රථ එක්දහස් හාරසියයක් තිබිණි. අසරුවෝ දොළොස්දහසක් සිටියෝ ය. රජ ඒවා රථ සඳහා සෑදූ නගරවල ද තමා ළඟ ජෙරුසලමේ ද තැබී ය.
27
තවද, රජ ජෙරුසලමෙහි වූ රිදී ගල් මෙන් ද, කිහිරි ගස්, මිටියාවතේ වූ අත්තික්කා ගස් මෙන් ද, ගණනින් වැඩි වන්නට සැලැස්වී ය.
28
සලමොන්ට සිටි අශ්වයෝ මිසරයෙන් ගෙනෙන ලද්දෝ ය. රජුගේ වෙළෙන්දෝ උන් මිසර දේශයෙන් නියම මිලකට ලබාගත්හ.
29
අශ්ව රථයක් රිදී කාසි හයසියයකටත්, අශ්වයෙකු එකසිය පණහකටත් මිසර දේශයෙන් ගෙනවුත් විකුණන්නට යෙදිණි. රජුගේ වෙළෙන්දෝ හිත්තීවරුන්ගේ සියලු රජුන්ටත්, සිරියාවේ රජුන්ටත් එලෙස ම ගෙනවුත් දුන්නෝ ය.
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 11 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22