bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Kings 3
1 Kings 3
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 4 →
1
තවද, සලමොන් රජු මිසරයේ රජු වන පාරාවෝගේ දුව සරණ පාවාගෙන, පාරාවෝ සමඟ ගිවිසුමක් කරගත්තේ ය. ස්වකීය මාලිගයත්, සමිඳාණන් වහන්සේගේ මන්දිරය හා ජෙරුසලම වටකර පවුරත් ගොඩනඟා නිම කරන තුරු, ඔහු ඇය දාවිත් රජුගේ නුවරට ගෙනාවේ ය.
2
ඒ කාලය වන තුරු සමිඳාණන් වහන්සේගේ නාමයට කිසි මන්දිරයක් ගොඩනඟා නොතිබුණු බැවින් සෙනඟ ගිරිකුළුවල පූජා ඔප්පු කළෝ ය.
3
සලමොන් තම පිය වූ දාවිත්ගේ නියෝග ලෙස හැසිර සමිඳාණන් වහන්සේට ප්‍රේම කෙළේ ය. තවද, ඔහු කඳු මත පූජාස්ථානවල පූජා සහ සුවඳ දුම් ඔප්පු කෙළේ ය.
4
ගිබියොන් ප්‍රධාන කඳු මත පූජාස්ථාන වූ බැවින් පූජා ඔප්පු කරන පිණිස රජ එතැනට ගියේ ය. සලමොන් ඒ පූජාසනය පිට දවන යාග පූජා දහසක් පුද කෙළේ ය.
5
ගිබියොන්හි දී සමිඳාණන් වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සලමොන්ට දර්ශනය වූ සේක. තවද, දෙවියන් වහන්සේ කතා කොට, “මා නුඹට දිය යුතු දෙය ඉල්ලන්නැ”යි වදාළ සේක.
6
සලමොන් කතා කොට, “ඔබේ දාසයා වූ මාගේ පිය වූ දාවිත් ඔබ ඉදිරියෙහි සත්‍යවාදී ව ද ධර්මිෂ්ඨකමින් ද ඔබ සමඟ සිතේ අවංකකමින් ද හැසුරුණු පරිද්දෙන් ඔබ ඔහුට මහා කරුණාවක් පෙන්වූ සේක. තවද, අද තිබෙන හැටියට ඔහුගේ සිංහාසනය අරා හිඳින්න ඔහුට පුත්‍රයෙකු දීමෙන් මේ මහා කරුණාව නොනවත්වා පෙන්වූ සේක.
7
දැනුදු මාගේ දෙවි සමිඳුනි, ඔබ මාගේ පිය වූ දාවිත් වෙනුවට ඔබේ දාසයා රජ කොට පත් කළ සේක. මම ළා බාල කෙනෙක්මි, රට පාලනයේ දක්ෂකමක් මට නැත.
8
ගණන් කළ නොහැකි අසංබ්‍ය සමූහයක් වන ඔබ විසින් තෝරාගනු ලැබූ ඔබේ සෙනඟ මැද ඔබේ දාසයා සිටියි.
9
එබැවින් ඔබේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස, හොඳ නරක දැනගන්න පුළුවන් වන ලෙස ඥානවන්ත සිතක් ඔබේ දාසයාට දුන මැනව, මන්ද, ඔබේ මේ මහා සෙනඟ විනිශ්චය කරන්න කවරෙකුට පුළුවන් දැ”යි කීවේ ය.
10
සලමොන් මේ දේ ඉල්ලූ නිසා සමිඳාණන් වහන්සේ ඊට ප්‍රසන්න වූ සේක.
11
දෙවියන් වහන්සේ කතා කොට, “නුඹ දීර්ඝායුෂ ඉල්ලන්නේ වත් ධන සම්පත් ඉල්ලන්නේ වත්, නුඹේ සතුරන්ගේ ජීවිතය ඉල්ලන්නේ වත් නැති ව විනිශ්චය තේරුම්ගැනීමට ඥානය ඉල්ලූ බැවින්,
12
බලන්න, මම නුඹේ ඉල්ලීම ලෙස ඉටු කරමි. නුඹට සමාන කෙනෙකු නුඹට පළමුවෙන් සිටියේ වත්, නුඹට පසු ව සිටින්නේ වත් නැති වන ලෙස තියුණු නැණනුවණ නුඹට දෙමි.
13
ඇරත්, නුඹේ මුළු කාලයේ දී රජවරුන් අතරේ නුඹට සමාන කෙනෙකු නොවන ලෙස ධනය ද ගෞරවය ද යන නුඹ නොඉල්ලූ දේත් නුඹට දෙමි.
14
තවද, නුඹේ පිය වූ දාවිත් හැසුරුණ පරිදි නුඹ මාගේ ආඥා ද පණත් ද රක්ෂා කරමින් මාගේ මාර්ගවල හැසිරෙන්නෙහි නම්, නුඹේ ආයුෂ ද වැඩිකරන්නෙමි”යි ඔහුට වදාළ සේක.
15
සලමොන් පිබිද දෙවියන් වහන්සේ ස්වප්නයක් මඟින් කතා කළ බව දැන ගත්තේ ය. ඔහු ජෙරුසලමට අවුත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිට දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කෙළේ ය. තමාගේ සියලු සේවකයන්ට මංගල්‍යයක් ද පිළියෙළ කොට දුන්නේ ය.
16
එකල වේශ්‍යා ස්ත්‍රීහු දෙදෙනෙක් රජු ළඟට අවුත් ඔහු ඉදිරියෙහි සිටියෝ ය.
17
එක ස්ත්‍රියක් කතා කොට, “අනේ, රජතුමෙනි, මේ ස්ත්‍රීත්, මමත් එක ගෙයක වාසය කෙළෙමු. ඒ ගෙදර ම ඈ සමඟ සිටිය දී මම දරුවෙකු ලැබුවෙමි.
18
තවද, මා දරුවා ලබා තුන් දිනකට පසු මේ ස්ත්‍රී ද දරුවෙකු ලැබුවා ය. අපි එකට සිටියෙමු. ගෙයි අප දෙදෙන හැර කිසිවෙකු අප සමඟ එහි සිටියේ නැත.
19
මේ ස්ත්‍රියගේ දරුවා රාත්‍රියේ දී ඇගේ ඇඟට යට වීමෙන් මළේ ය.
20
ඈ මධ්‍යම රාත්‍රියෙහි නැඟිට, ඔබේ මෙහෙකාරී නිදාගෙන සිටිය දී, මාගේ පුත්‍රයා මා ළඟින් රැගෙන ඇගේ ළයෙහි තබාගෙන, ඇගේ මළ දරුවා මාගේ ළයෙහි තැබුවා ය.
21
උදය මාගේ දරුවාට කිරි දෙන්න නැඟුටුණු විට ඔහු මැරී උන් බව දිටිමි. එහෙත්, මා උදේ ඔහු දෙස හොඳින් බැලූ විට මා ලැබූ පුත්‍රයා නොවන බව දැනගතිමි”යි කීවා ය.
22
අනික් ස්ත්‍රී ද, “එසේ නොව, ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය; මළ පුත්‍රයා ඔබේ ය”යි කීවා ය. මැය ද, “නැත, මළ පුත්‍රයා ඔබේ ය; ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය”යි කීවා ය. මෙසේ ඔව්හු දෙදෙන රජු ඉදිරියෙහි විවාද කළෝ ය.
23
එවිට රජ කතා කොට, “එක් තැනැත්තියක්, ‘මේ ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය; මළ පුත්‍රයා ඔබේ ය’ කියාත්, අනික් තැනැත්තිය, ‘නැත, මළ පුත්‍රයා ඔබේ ය, ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය’ කියාත් කියති.
24
කඩුවක් මෙහි ගෙනෙන්නැ”යි කීවේ ය. රජු ඉදිරියට කඩුවක් ගෙනෙන ලදී.
25
එවිට රජ කතා කොට, “ජීවත් ව සිටින දරුවා දෙකට කපා බාගයක් එක් තැනැත්තියකටත්, බාගයක් අනික් තැනැත්තියටත් දෙන්නැ”යි කීවේ ය.
26
එවිට ජීවත් ව සිටින දරුවාගේ මවගේ හෘදය ඇගේ පුත්‍රයා කෙරෙහි අනුකම්පාවෙන් දැවී ගිය බැවින්, ඈ රජුට කතා කොට, “අනේ, මාගේ ස්වාමීනි, ජීවත් ව සිටින දරුවා ඈට දෙන්න, මරන්න නම් එපා යැ”යි කීවා ය. එහෙත්, අනික් තැනැත්තී, “ඒ දරුවා මට වත්, ඔබට වත් නොවේ වා, ඔහු දෙකට කපන්නැ”යි කීවා ය.
27
එවිට රජ උත්තර දෙමින්, “ජීවත් ව සිටින දරුවා මරන්නට එපා, අර තැනැත්තියට දෙන්න. ඈ ඔහුගේ මව ය”යි කීවේ ය.
28
රජු විසින් කරන ලද විනිශ්චය සියලු ඉශ්රායෙල්වරු අසා, යුක්තිය විසඳීමට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඔහු තුළ තිබෙන බව දැක රජු කෙරෙහි බිය වූවෝ ය.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22