bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Kings 12
1 Kings 12
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 13 →
1
රෙහොබෝවම් ෂෙකෙම් නම් ස්ථානයට ගියේ ය. මන්ද, ඔහු රජ කොට පත් කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් ෂෙකෙම්ට පැමිණි බැවිනි.
2
තවද, සලමොන් රජු කෙරෙන් පලා ගොස් මිසර දේශයෙහි වාසය කළ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් මිසරයෙහි සිටිය දී ම ඒ බව ඔහුට සැළ විය.
3
මිනිස්සු පණිවුඩයක් යවා ඔහු ගෙන්වාගත්හ.
4
ජෙරොබෝවම් හා මුළු ඉශ්රායෙල් සභාව පැමිණ, රෙහොබෝවම්ට කතා කොට, “ඔබේ පියාණෝ අප පිට බර වියගහක් තැබූ හ. එබැවින් ඔබේ පියාණන් පැවරූ දුෂ්කර සේවය ද ඔහු අප පිට තැබූ බර වියගහ ද සැහැල්ලු කළ මැනව. එවිට අපි ඔබට සේවය කරන්නෙමු”යි කීවෝ ය.
5
“ඔබ ගොස් තුන් දවසකින් මා ළඟට නැවත එන්නැ”යි ඔහු ඔවුන්ට කී විට සෙනඟ පිටත් ව ගියහ.
6
රෙහොබෝවම් රජ තම පිය සලමොන් ජීවත් ව සිටිය දී ඔහුට උපදෙස් දුන් ප්‍රජා මූලිකයන් සමඟ මන්ත්‍රණය කරමින්, “මේ සෙනඟට උත්තර දෙන පිණිස ඔබ මට දෙන දැනුමැතිකම කුමක් දැ”යි ඇසී ය.
7
ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබ අද මේ සෙනඟට සේවකයෙකු වී, ඔවුන්ට සේවය කොට, ප්‍රිය වචනයෙන් ඔවුන්ට කතා කරමින් උත්තර දෙන්නෙහි නම්, ඔවුන් සෑම කල්හි ඔබේ සේවකයන් වනු ඇතැ”යි කී හ.
8
එහෙත්, ප්‍රජා මූලිකයන් ඔහුට දුන් දැනුමැතිකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණු තමන්ට උපදේශ දුන් තරුණයන් සමඟ මන්ත්‍රණය කරමින්,
9
ඔවුන්ට කතා කොට, “ ‘ඔබේ පියාණන් අප පිට තැබූ වියගහ සැහැල්ලු කළ මැනව’යි මට කී සෙනඟට මා උත්තර දෙන පිණිස ඔබ මන්ත්‍රණය කර කියන්නේ කුමක් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.
10
ඔහු සමඟ වැඩුණු තරුණයෝ ඔහුට කතා කොට, “ ‘ඔබේ පියාණෝ අප පිට බර වියගහක් තැබූ හ. එහෙත්, ඔබ එය අපට සැහැල්ලු කළ මැනව’යි ඔබට කී මේ සෙනඟට ඔබ මෙසේ කිව යුතු ය: ‘මාගේ පියාණන්ගේ තුනටියට වඩා මාගේ සුළැඟිල්ල ලොකු ය.
11
එසේ ය, මාගේ පියාණෝ ඔබ පිට බර වියගහක් තැබූ හ. මම වනාහි ඔබේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ, සාමාන්‍ය කසවලින් ඔබට දඬුවම් කළහ. මම කටු කසවලින් ඔබට දඬුවම් කරන්නෙමි’යි ඔවුන්ට දැන්විය යුතු ය”යි කී හ.
12
‘තුන් වන දින නැවත මා ළඟට එන්න’ කියා රජු නියම කළ හැටියට ජෙරොබෝවම් හා මුළු සෙනඟ තුන් වන දින රෙහොබෝවම් ළඟට පැමිණියහ.
13
රජ ද ප්‍රජා මූලිකයන් ඔහුට දුන් දැනුමැතිකම අත්හැර,
14
සෙනඟට තදින් උත්තර දෙමින්, තරුණයන්ගේ දැනුමැතිකමේ හැටියට ඔවුන්ට කතා කොට, “මාගේ පියාණෝ ඔබ පිට බර වියගහක් තැබූ හ. එහෙත්, මම ඔබේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ සාමාන්‍ය කසවලින් ඔබට දඬුවම් කළහ. මම වනාහි කටු කසවලින් දඬුවම් කරන්නෙමි”යි කී ය.
15
මෙසේ රජ සෙනඟට ඇහුම්කන් නුදුන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ෂිලෝහි අහියා ලවා නෙබාත්ගේ පුත්‍ර වූ ජෙරොබෝවම්ට දෙන ලද තමන්ගේ පණිවුඩය ඉෂ්ට කරන පිණිස ඒ කරුණු එලෙස උන් වහන්සේගෙන් විය.
16
සියලු ඉශ්රායෙල්වරු රජු තමන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, රජුට උත්තර දෙමින්, “දාවිත්ගෙන් අපට ඇති කොටස කුමක් ද? ජෙස්සේගේ පුතුගෙන් අපට උරුමයක් නැත. ඉශ්රායෙල්වරුනි, ඔබේ ගෙවලට යන්න. ඉතින් දාවිත් රජතුමෙනි, ඔබ ඔබේ ම ගෝත්‍රය බලාගන්නැ”යි කියා තම තමන්ගේ ගෙවලට ගියෝ ය.
17
එහෙත්, ජුදා නගරවල විසූ ඉශ්රායෙල් ජනයා කෙරෙහි රෙහොබෝවම් රජකම් කෙළේ ය.
18
එවිට රෙහොබෝවම් රජ රාජකාරියේ නිලධාරියා වන අදොරාම් යැවී ය. සියලු ඉශ්රායෙල්වරු ඔහුට ගල් ගසා ඔහු මරණයට පත් කළෝ ය. එසේ වූ විට රෙහොබෝවම් රජ ජෙරුසලමට පලා යන පිණිස ඉක්මනින් රථයට නැඟුණේ ය.
19
මෙසේ අද දක්වා තිබෙන පරිදි ඉශ්රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධ ව කැරලි ගසන්න වූ හ.
20
ජෙරොබෝවම් නැවත පැමිණි බව සියලු ඉශ්රායෙල්වරු අසා, සභාවට ඔහු ගෙන්වාගෙන, සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඔහු රජ කොට පත් කළෝ ය. ජුදා ගෝත්‍රය මිස දාවිත්ගේ වංශයට පක්ෂපාත වූ වෙන කිසිවෙක් නො වූ හ.
21
සලමොන්ගේ පුත්‍ර වන රෙහොබෝවම් ජෙරුසලමට පැමිණි විට, ඉශ්රායෙල් වංශයට විරුද්ධ ව යුද්ධ කොට, තමාට රාජ්‍යය නැවත දිනාගනු පිණිස, මුළු ජුදා ගෝත්‍රයෙන් හා බෙන්ජමින් ගෝත්‍රයෙන් යුද්ධ භටයන් එක්ලක්ෂ අසූදහසක් රැස් කෙළේ ය.
22
එහෙත්, දෙවියන් වහන්සේගේ පණිවුඩය උන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන ෂෙමායා වෙත පැමිණ,
23
“නුඹ සලමොන්ගේ පුත්‍ර ජුදාහි රජ වන රෙහොබෝවම්ටත්, මුළු ජුදා ගෝත්‍රයටත් බෙන්ජමින් ගෝත්‍රයටත්, ඉතිරි, සෙනඟටත් කතා කොට මෙසේ කියන්න,
24
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ඉශ්රායෙල් ජනයා වන නුඹලාගේ සහෝදරයන්ට විරුද්ධ ව යුද්ධ නොකරන්න. එක් එක්කෙනා තම තමාගේ ගෙදරට හැරී යන්න. මන්ද, මේ කාරණය පැමුණුණේ සමිඳාණන් වහන්සේ වන මගෙන් යැ”යි දැන්වී ය. මෙසේ ඔව්හු සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට ඇහුම්කන් දී උන් වහන්සේගේ පණිවුඩය ලෙස හැරී ගියෝ ය.
25
ජෙරොබෝවම් එප්‍රායිම් කඳු රටෙහි ෂෙකෙම් ගොඩනඟා එහි වාසය කෙළේ ය. ඔහු එතැනින් ගොස් පෙනුයෙල් නගරය ශක්තිමත් කෙළේ ය.
26
තවද, ජෙරොබෝවම් කල්පනා කරමින්, ‘දැන් තිබෙන තත්ත්වය අනුව මේ රාජ්‍යයේ සෙනඟ දාවිත්ගේ වංශයට හැරී යනු ඇත.
27
මේ සෙනඟ ජෙරුසලමේ තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පූජා ඔප්පු කරන්න ගියොත්, මේ සෙනඟගේ සිත් තම ස්වාමීන් වූ ජුදාවරුන්ගේ රජ වන රෙහොබෝවම් වෙත ඇදී යන්නේ ය, එවිට ඔවුන් මා මරාදමා ජුදාහි රජ වන රෙහොබෝවම් වෙත හැරී යනු ඇතැ’යි සිතී ය.
28
මෙසේ රජ කල්පනා කොට රන් වස්සන් දෙන්නෙකු සාදා සෙනඟට කතා කොට, “පූජා කිරීම පිණිස ඔබ ජෙරුසලමට මෙතෙක් කල් ගියා ඇති. ඉශ්රායෙල්වරුනි, මිසර දේශයෙන් ඔබ ගෙනා ඔබේ දෙවිවරු මේ ය”යි ඔවුන්ට කී ය.
29
ඔහු එකෙකු බෙතෙල්හි සිටුවා අනිකා දාන්හි තැබී ය.
30
මෙසේ කිරීම පාපයක් විය. මන්ද, මිනිස්සු ඒ ඉදිරියෙහි වඳින පිණිස දාන් දක්වා ගියෝ ය.
31
තවද, ඔහු ගිරිකුළු දේවාල සාදා, ලෙවීගේ වංශයට අයත් නුවූ අය මුළු සෙනඟ අතරෙන් පූජකයන් වශයෙන් පත් කෙළේ ය.
32
ජුදාහි පවත්වන මංගල්‍යය මෙන් ජෙරොබෝවම් අට වන මාසයේ පසළොස් වන දින මංගල්‍යයක් නියම කොට පූජාසනය පිට පූජා ඔප්පු කෙළේ ය. ඔහු බෙතෙල්හිදීත් එසේ ම කරමින් තමා සෑදූ වස්සන්ට පූජා කෙළේ ය. ඔහු තමා සෑදූ ගිරිකුළු දේවාලවල පූජකයන් බෙතෙල්හි සිටෙවුවේ ය.
33
ඔහු බෙතෙල්හි සෑදූ පූජාසනයට තමා ම නියම කරගත් මාසය වන අට වන මාසේ පසළොස් වන දින ගොස්, ඉශ්රායෙල් ජනයාට මංගල්‍යයක් නියම කොට, සුවඳ දුම් ඔප්පු කරන පිණිස පූජාසනය වෙත ගියේ ය.
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 13 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22