bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Kings 5
1 Kings 5
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 6 →
1
සලමොන් ඔහුගේ පිය රජුට පසු ව රජු වශයෙන් අභිෂේක කරනු ලැබූ බව තීර්හි රජ වූ හීරාම් අසා තමාගේ තානාපතීන් ඔහු වෙත එව්වේ ය. මන්ද, හීරාම් නිතර ම දාවිත් රජුගේ හිතමිතුරෙක් විය.
2
සලමොන් රජ ද හීරාම් වෙත පණිවුඩයක් යවමින්,
3
“සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ගේ සතුරන් පරාජය කරන තෙක් හාත්පසින් තිබුණු යුද්ධ නිසා ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නට ඔහුට බැරි වූ බව ඔබ දන්නෙහි ය.
4
එහෙත්, දැන් මාගේ දෙවි සමිඳාණන් වහන්සේ හැම අතින් ම මට විවේකය දී තිබේ. එදිරිකාරයෙක් වත්, විපත්ති ගැන බියක් වත් මට නැත.
5
සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ට කතා කොට, ‘නුඹ වෙනුවට නුඹේ සිංහාසනය පිට මා තබන නුඹේ පුත්‍රයා මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟනු ඇතැ’යි වදාළ හැටියට මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනඟන්නට මම අදහස් කරමි.
6
එබැවින් ලෙබනොන් දේශයෙන් කිහිරි ගස් කපා මට දෙන්න අණ කළ මැනව. මාගේ වැඩකාරයෝ ඔබේ වැඩකාරයන් සමඟ සිටින්නෝ ය. ඔබේ වැඩකාරයන්ගේ කුලී ඔබ කියන ප්‍රකාරයට ඔබට දෙන්නෙමි. මන්ද, සීදොන් නගරවාසීන් මෙන් ලී කපන්න දන්න අය අප අතර නැති බව ඔබ දන්නෙහි ය”යි කියා යැවී ය.
7
හීරාම් රජ සලමොන්ගේ වචනය අසා ඉතා ප්‍රීති වී, “ඒ ශ්‍රේෂ්ඨ ජාතිය ආණ්ඩු කරන පිණිස ප්‍රඥාවන්ත පුත්‍රයෙකු දාවිත්ට දුන් සමිඳාණන් වහන්සේට අද ප්‍රශංසා වේ වා!”යි කීවේ ය.
8
තවද, ඔහු සලමොන් වෙත පණිවුඩයක් යවමින්, “ඔබ මට කියා එවූ කාරණය ඇසීමි. කිහිරි ලී ගැන ද දේවදාර ලී ගැන ද ඔබේ මුළු කැමැත්ත ඉෂ්ට කරන්නෙමි.
9
මාගේ වැඩකාරයෝ ලෙබනොන් දේශයේ සිට මුහුද ළඟට ඒවා ගෙන එන්නෝ ය. මම ඒවා එක් කොට, පහුරු බඳවා ඔබ මට කියා එවන තැනකට මුහුදෙන් එවන්නෙමි. තවද, ඔබ ඒවා භාරගැනීම පිණිස එහි දී ඒවා ලිහන්න සලස්වන්නෙමි. ඔබ වනාහි මාගේ ගෙයි වැසියන්ට ආහාර දීමෙන් මාගේ කැමැත්ත ඉෂ්ට කරන්නෙහි ය”යි කියා එව්වේ ය.
10
මෙසේ හීරාම් රජ සලමොන්ගේ මුළු කැමැත්ත ලෙස කිහිරි ලී ද දේවදාර ලී ද ඔහුට දුන්නේ ය.
11
සලමොන් ද හීරාම්ගේ ගෙයි වැසියන්ට ආහාර පිණිස තිරිඟු මෙට්‍රික් ටොන් දෙදහසක් ද පිරිසිදු තෙල් ලීටර් ලක්ෂ හතරක් ද ඔහුට දුන්නේ ය. සලමොන් අවුරුදුපතා මෙසේ හීරාම්ට දුන්නේ ය.
12
සමිඳාණන් වහන්සේ සලමොන්ට පොරොන්දු වූ ලෙස ඔහුට ප්‍රඥාව දුන් සේක; හීරාම් සහ සලමොන් අතරේ සාමදානය පැවතුණේ ය. තවද, ඔව්හු දෙදෙනා එක් ව ගිවිසුමක් කර ගත්තෝ ය.
13
සලමොන් රජ සියලු ඉශ්රායෙල්වරුන් අතරෙන් රාජකාරියට මිනිසුන් බඳවාගත්තේ ය. එසේ බඳවාගත් මිනිස්සු තිස්දහසකි.
14
ඔහු මාසයකට දසදහසක් බැගින් මාරුවෙන් මාරුවට ඔවුන් ලෙබනොන් දේශයට යැවී ය. ඔව්හු එක මාසයක් ලෙබනොන්හි ද දෙමාසයක් ගෙදර ද සිටියෝ ය. අදොනිරාම් වනාහි රාජකාරියේ නිලධාරියා විය.
15
කඳුවල ගල් කැපීමට අසූදහසක් ද ඒ ගල් උසුලාගෙන යෑමට හැත්තෑදහසක් ද සෙනඟ සලමොන්ට සිටියෝ ය.
16
ඒ හැර වැඩ බලාගත්තා වූ, වැඩ කළ සෙනඟ පාලනය කළා වූ සලමොන්ගේ ප්‍රධාන නිලධාරීන්ගේ ගණන තුන්දහස් තුන්සියයක් විය.
17
කැපූ ගල්වලින් මාලිගාවේ අත්තිවාරම දමන පිණිස රජුගේ ආඥාව පිට විශාල වූ ද අනර්ඝ වූ ද ගල් ගෙනාවෝ ය.
18
සලමොන්ගේ වඩුවෝ ද හීරාම්ගේ වඩුවෝ ද ගෙබලිවරු නම් ජනයා ද ඒවා කැපුවෝ ය. මෙසේ දේව මාලිගාව තැනීමට ඔව්හු ලී දඬු ද ගල් ද සූදානම් කළෝ ය.
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 6 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22