bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Kings 7
1 Kings 7
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 8 →
1
සලමොන් රජ තමා සඳහා මාලිගාවක් ගොඩනඟා, මුළු මාලිගාව දහතුන් අවුරුද්දකින් අවසාන කෙළේ ය.
2
ඔහු ලෙබනොන් ආරණ්‍යය නම් ශාලාව ද ගොඩනැඟී ය. කිහිරි කණු පේළි සතරක් ද ඒ කණු පිට කිහිරි බාල්ක ද ඇති ව එය සාදන ලද්දේ ය. එහි දිග මීටර් හතළිස්හතරකි. පළල මීටර් විසිදෙකකි, උස මීටර් දහතුනයි දශම පහකි.
3
පේළියට පහළොව බැගින් කණු සතළිස්පහක් වූ ශාලාවේ සීලිම කිහිරි ලීවලින් වසා තිබුණේ ය.
4
ජනේල තට්ටු තුනක් තිබුණේ ය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා තිබුණේ ය.
5
සියලු දොරකඩවල් ද උළුවහු ද ජනේලවලට කෙළින් සතරැස් ව තිබුණේ ය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා විය.
6
ඔහු මීටර් විසිදෙකක් දිග ද මීටර් දහතුනයි දශම පහක් පළල ද ඇති කුළුණු ශාලාවක් සෑදුවේ ය. ඒවා ඉදිරිපිට කුළුණු ද ලොකු බාල්ක ද සහිත තවත් ශාලාවක් ද සෑදී ය.
7
විනිශ්චය කරන පිණිස සිංහාසන ශාලාව වන අධිකරණ ශාලාවක් ඔහු සෑදුවේ ය. එය බිම පටන් උඩ තට්ටුව දක්වා කිහිරි ලීවලින් වසන ලදී.
8
ඔහුට වාසය කිරීම සඳහා ශාලාවට එහා පැත්තෙන් අනික් මළුවේ ඔහුගේ මාලිගාව ඊට සමාන ව සාදන ලදී. ඒ ශාලාවට සමාන වූ නිවෙසක් සලමොන් තමා භාර්යාව කොට පාවාගත් පාරාවෝගේ දුවටත් සෑදුවේ ය.
9
මේ සියල්ල ම කියතෙන් ඉරා කැපූ ගල්වල මිමිවල හැටියට ඇතුළෙනුත්, පිටිනුත් අත්තිවාරමේ පටන් පියස්සේ පහත කෙළවර දක්වා ද පිටත සිට මහ මළුව දක්වා ද වටිනා ගල්වලින් නිම කරන ලද්දේ ය.
10
වටිනා විශාල ගල්වලින් එනම්, මීටර් හතරක් වූ ගල්වලින් ද මීටර් තුනහමාරක් වූ ගල්වලින් ද අත්තිවාරම දමා තිබුණේ ය.
11
ඒවා පිට කැපූ ගල්වල මිමිවල හැටියට වටිනා ගල් ද කිහිරි ලී ද තිබිණි.
12
වටකර තිබුණ මහ මළුව කැපූ ගල් පේළි තුනකින් ද කිහිරි දැව පේළියකින් ද සාදන ලද්දේ ය. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු මළුවත්, මාලිගාවේ ශාලාවත් එලෙස ම විය.
13
සලමොන් රජ පණිවුඩයක් යවා තීර් නගරයේ සිට හීරාම් නමැත්තෙකු ගෙන්වා ගත්තේ ය.
14
ඔහු නප්තලීගේ ගෝත්‍රයේ වැන්දඹු ස්ත්‍රියකගේ පුත්‍රයෙකි. ඔහුගේ පියා තීර් වැසියෙකු වූ ලෝකුරුවෙක් ය. ඔහු සියලු ආකාර ලෝකඩ වැඩ කිරීමට ප්‍රඥාවෙන් ද තේරුමෙන් ද දක්ෂකමින් ද පූර්ණ ව සිටියේ ය. ඔහු සලමොන් රජු වෙත පැමිණ ඔහුගේ සියලු වැඩ කෙළේ ය.
15
ඔහු ලෝකඩ කුළුණු දෙකක් වාත්තු කෙළේ ය. එක එක කුළුණේ උස මීටර් අටකි. එක එක කුළුණේ වට ප්‍රමාණය මීටර් පහයි දශම තුනකි.
16
කුළුණු මුදුන් පිට තබන්නට ඔහු ලෝකඩ පේකඩ දෙකක් වාත්තු කර සෑදී ය. එක එක පේකඩයේ උස මීටර් දෙකයි දශම දෙකකි.
17
කුළුණු මුදුන් පිට තිබුණු පේකඩවලට දැල් වැඩ ද දම්වැල් මාලා වැඩ ද තිබිණි. එක එක පේකඩයට ඒවා සතක් බැගින් තිබිණි.
18
කුළුණු මුදුන් පිට තිබුණු පේකඩ වසන පිණිස එක එක පේකඩයේ දැල් වැඩ පිට වටේට ම ඔහු දෙළුම් ගෙඩි පේළි දෙකක් සෑදුවේ ය.
19
ශාලාවේ කුළුණු මුදුන් පිට තිබුණු පේකඩවල මානෙල් මල් වැඩ මීටර් එකයි දශම අටක් සාදා තිබිණි.
20
කුළුණු දෙකේ පේකඩවල දැල් කර්මාන්තයට උඩින්, මැද වටය ළඟ එක එක පේකඩය වටකර දෙළුම් දෙසියයක් පේළිවල තිබිණි.
21
ඔහු දේව මාලිගාවේ ශාලාව ඉදිරිපිට ඒ කුළුණු පිහිටුවා දකුණු කුළුණට ජාකීන් යන නම ද වම් කුළුණට බෝවස් යන නම ද තැබුවේ ය.
22
කුළුණු මුදුන්වල මානෙල් මල් වැඩ තිබිණි. මෙසේ කුළුණුවල වැඩ නිම කරන ලද්දේ ය.
23
ඔහු වටකුරු වතුර පොකුණක් වාත්තු කර සෑදුවේ ය. එය ගැටියේ එක පැත්තක සිට අනික් පැත්ත දක්වා මීටර් හතරයි දශම දෙකකි. එහි උස මීටර් දෙකයි දශම දෙකකි. වට ප්‍රමාණය මීටර් දහතුනයි දශම දෙකකි.
24
එහි ගැටියට යටින් එය වටකර කැකිරි ගෙඩි දසයක් තිබිණි. එය වාත්තු කරන විට, වාත්තු කළ දෙපේළියක කැකිරි ගෙඩි වතුර පොකුණ වටේට ම තිබිණි.
25
වතුර පොකුණ ගව රූප දොළොසක් පිට තබා තිබිණි. තුනක් උතුරු දෙසට ද තුනක් බස්නාහිර දෙසට ද තුනක් දකුණු දෙසට ද තුනක් නැගෙනහිර දෙසට ද හැරී තිබිණි. වතුර පොකුණ ඒ රූපවලට උඩින් ඒවා පිට තබා තිබිණි. රූපවල පිටුපස කොටස් සියල්ල ම ඇතුළට විය.
26
එහි ගනකම මිලිමීටර් හැත්තෑපහකි. එහි ගැටිය පාත්‍රයක ගැටිය මෙන් මානෙල් මලක් ලෙස සාදන ලද්දේ ය. එහි ජල ප්‍රමාණය ලීටර් හතළිස්දහසක් පමණ විය.
27
ඔහු රථ දසයක් ලෝකඩින් සෑදී ය. එක එක රථයේ දිග මීටර් එකයි දශම අටකි. පළල මීටර් එකයි දශම අටකි. උස මීටර් එකයි දශම තුනකි.
28
මෙකී රථ මෙලෙස සාදන ලදී. ඒවා පනේල ආකාර ව තිබිණි; පනේල සන්ධිවලට අතරේ තිබිණි.
29
එසේ සන්ධිවලට අතරේ පනේල පිට සිංහ රූප ද ගව රූප ද කෙරුබ් රූප ද විය. සන්ධි පිටත් ඉහළ පැත්ත එසේ ම තිබිණි. සිංහයන්ටත්, ගවයන්ටත් යටින් එල්ලෙන මාලා කර්ම තිබිණි.
30
එක එක රථයට ලෝකඩ රෝද සතරක් ද ලෝකඩ අලවංගු ද විය. ඒවායේ සතර කොනේ ආධාර කණු ද මේවාට උඩින් සෝදන භාජනය ද විය. මේ ආධාර කණු එක එක පැත්තේ මාලා ඇති ව වාත්තු කළ ඒවා විය.
31
පේකඩය ඇතුළෙත්, ඉහළත් සෝදන භාජනයේ කට හරහා සෙන්ටිමීටර් හතළිස්පහක් විය. රථයක මෙන් වැඩ ඇති ව එහි කට වටකුරු ව සෙන්ටිමීටර් හැටහයක් උස ව තිබිණි. එහි කට පිට කැටයම් වැඩ තිබිණි. එහෙත්, ඒවායේ පනේල වටකුරු ව නොව සතරැස් ව තිබිණි.
32
රෝද සතර පනේලවලට යටින් තිබිණි. රෝදවල අලවංගු රථවලට යා කර තිබිණි. එක එක රෝදයේ උස සෙන්ටිමීටර් හැටහයක් ය.
33
රෝදවල වැඩ රථ රෝදයක වැඩට සමාන ය. ඒවායේ අලවංගු ද වක් අතු ද ගරාදි ද බොස් ගෙඩි ද සියල්ල ම වාත්තු කරන ලදී.
34
එක එක රථයේ කොන් සතර ම රථයට යා කරන ලද ආධාර සතරක් විය.
35
රථයේ මුදුන සෙන්ටිමීටර් විසිදෙකක් උසට වටකුරු කර තිබිණි. රථයේ මුදුනෙහි තිබුණු ලීස්තර ද පනේල ද ඊට ම සම්බන්ධ කර සාදා තිබිණි.
36
ඔහු එහි ලීස්තරවල ලෑලිවල ද එහි පනේලවල ද ඒ ඒ ඉඩ ප්‍රමාණයට කෙරුබ් රූප ද සිංහ රූප ද තල් ගස් ද කැටයම් කෙළේ ය. වටේට මාලා ද තිබිණි.
37
මේ අයුරින් ඔහු රථ දසය සෑදී ය. ඒ සියල්ලට තිබුණේ එක ම වාත්තුවත්, එක ම මිම්මත්, එක ම හැඩයත් ය.
38
තවද, සේදීම පිණිස ලෝකඩ භාජන දසයක් ඔහු සෑදුවේ ය. එක එක භාජනයේ වතුර ප්‍රමාණය ලීටර් අටසියයක් බැගින් විය. එක එක භාජනය මීටර් එකයි දශම අටක් පළල ය. රථ දසයෙන් එක එක රථය පිට භාජනයක් බැගින් තිබිණි.
39
ඔහු රථ පහක් මාලිගාවට දකුණු පැත්තෙන් ද පහක් වම් පැත්තෙන් ද තැබුවේ ය. ඔහු වතුර පොකුණ මාලිගාවට දකුණු පැත්තෙන් නැගෙනහිර දිශාවටත්, දකුණු දිශාවටත් අතරේ තැබුවේ ය.
40
තවද, හීරාම් තෙමේ සෝදන භාජන ද හැඳි ද තැටි ද සෑදී ය. මෙසේ හීරාම් සමිඳාණන් වහන්සේගේ මාලිගාව සඳහා සලමොන් රජු උදෙසා කළ සියලු වැඩ නිම කෙළේ ය.
41
එනම්, කුළුණු දෙකක් ද කුළුණු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙක ද ඒ ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙක ද
42
කුළුණු පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට එක එක දැල වටේට දෙළුම් දෙපේළියක් බැගින් දැල් වැඩ දෙකට දෙළුම් හාරසියයක් ද
43
රථ දසය ද රථ පිට වූ භාජන දසය ද
44
වතුර පොකුණක් ද වතුර පොකුණ යට තිබුණ ගව රූප දොළොස ද
45
හැළි ද හැඳි ද තැටි ද යන මේවා ය. හීරාම් සමිඳාණන් වහන්සේගේ මාලිගාව උදෙසා සලමොන් රජුට සෑදූ මේ සියලු බඩු ඔප දැමූ ලෝකඩින් විය.
46
රජ ජොර්දාන් මිටියාවතෙහි සුක්කොත් හා ශාරෙතත් අතරේ තිබෙන මැටි භූමියෙහි ඒවා වාත්තු කරවී ය.
47
ඒ සියලු බඩු ඉතා විශාල ගණනක් වූ බැවින් සලමොන් රජ ඒවා කිරුවේ නැත. ලෝකඩවල බර ද දැනගත්තේ නැත.
48
සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සියලු බඩු එනම්, රන් පූජාසනය ද පිදීමේ පූප තැබීමට රන් මේසය ද
49
දිව්‍ය-වාක්‍යස්ථානය ඉදිරිපිට දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් පහක් බැගින් තැබීමට තනි රනින් පහන් රුක් ද මල් ද පහන් ද අඬු ද
50
තනි රනින් කළ බඳුන් ද පහන් කතුරු ද තැටි ද පාත්‍ර ද ධූම පාත්‍ර ද ඇතුළු මැදුර වන අතිශුද්ධස්ථානයේ දොරවලටත්, මාලිගාවේ දොරවලටත් රන් සරණේරු ද සෑදෙව්වේ ය.
51
මෙලෙස සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාව උදෙසා කරවන ලද වැඩ සියල්ල නිම විය. මොහු තමාගේ පිය වූ දාවිත් විසින් කැප කරන ලද දේ වන රිදී හා රන් ද භාණ්ඩ ද ඇතුළට ගෙනවුත් සමිඳාණන්ගේ මාලිගාවේ ගබඩාවල තැබුවේ ය.
← Chapter 6
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 8 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22