bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Kings 8
1 Kings 8
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 9 →
1
එවිට සලමොන් රජ දාවිත්ගේ නුවර වූ සියොන්හි සිට සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද ඉශ්රායෙල් ජනයාගේ පිය පෙළපත්වල අධිපතීන් වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන් ද තමන් වෙත ජෙරුසලමට රැස් කෙළේ ය.
2
සියලු ඉශ්රායෙල්වරු සත් වන මාසය වන ඒතානිම් මාසයේ මංගල්‍යයේ දී සලමොන් රජු වෙත රැස් වූවෝ ය.
3
ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයන් පැමිණි කල පූජකවරු ගිවිසුම් කරඬුව උසුලාගත්හ.
4
තවද, ඔව්හු කරඬුව ද සම්මුඛ මණ්ඩපය ද මණ්ඩපයෙහි තිබුණු සියලු ශුද්ධ බඩු ද ගෙනාවෝ ය. මෙලෙස පූජකවරු සහ ලෙවීවරු ඒවා ගෙනාහ.
5
සලමොන් රජ ද ඔහු වෙත රැස් ව සිටි මුළු ඉශ්රායෙල් සභාව ද ගණන් කරන්නට බැරි තරම් විශාල ගණනක් බැටළුවන් සහ ගවයන් පූජා කරමින් ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිටියෝ ය.
6
පූජකවරු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අතිශුද්ධස්ථානය වන දේව මාලිගාවේ දිව්‍ය-වාක්‍යස්ථානයට ගෙනවුත් කෙරුබ්වරුන්ගේ පියාපත් යට ඊට නිසි තැන එය තැබූ හ.
7
මන්ද, කරඬුව තබන ලද ස්ථානයට උඩින් විහිදී තිබූ කෙරුබ්වරුන්ගේ පියාපත්වලට කරඬුවත්, එහි පොලුත් උඩින් වැසී තිබුණේ ය.
8
ඒ පොලුවල අගිස් දිව්‍ය-වාක්‍යස්ථානයට ඉදිරියෙහි වූ ශුද්ධස්ථානයට පෙනෙන තරම් දිගට තිබිණි. එහෙත්, ඒවා පිටතට පෙනුණේ නැත. ඒවා අද දක්වා ම එහි තිබේ.
9
ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පැමිණි පසු, සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට මෝසෙස් විසින් හොරෙබ් කන්දේ දී තබන ලද ගල්පුවරු දෙක මිස, ගිවිසුම් කරඬුවේ වෙන කිසිවක් නොතිබිණි.
10
පූජකවරුන් ශුද්ධස්ථානයෙන් පිටතට ආ කල සමිඳාණන් වහන්සේගේ මාලිගාව වලාපටලයෙන් පිරිණි.
11
වලාපටලය නිසා පූජකවරුන්ට සේවය කිරීම පිණිස සිටින්න නොහැකි විය. සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් උන් වහන්සේගේ මාලිගාව පිරී තිබිණි.
12
එවිට සලමොන් කතා කොට මෙසේ කීවේ ය: “සමිඳුනි, ඔබ අහස් තලයෙහි සූර්යයා තැබූ සේක; එහෙත්, විසීමට අඳුරු වලාකුළු තෝරාගත් සේක.
13
මම ඔබ උදෙසා වාසභවනයක්, ඔබට සදා විසීමට තැනක් ඉදි කෙළෙමි.”
14
රජ තෙම මුළු ඉශ්රායෙල් සභාව නැඟිට සිටිය දී, මුහුණ හරවා ඔවුන්ට ආශීර්වාද කරමින් මෙසේ කී ය:
15
“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, උන් වහන්සේ ස්වකීය මුඛයෙන් මාගේ පිය වූ දාවිත්ට කතා කරමින්,
16
‘මාගේ සෙනඟ වන ඉශ්රායෙල් ජනයා මා මිසරයෙන් ගෙනා දවසේ පටන් මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන පිණිස සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් කිසි නගරයක් තෝරා නොගෙන, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් පාලනය කිරීමට දාවිත් තෝරා ගතිමි’යි පවසා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.
17
“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනැඟීමට අදහසක් මාගේ පිය වූ දාවිත්ගේ සිතේ තිබිණි.
18
එහෙත්, සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ට කතා කොට, ‘මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නට නුඹේ සිතේ තිබූ අදහස හොඳ එකකි.
19
එසේ වී නමුත්, නුඹ ඒ මාලිගාව ගොඩනඟන්නේ නැත; නුඹට දාව ඉපදෙන නුඹේ පුත්‍රයා ම මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නේ ය’යි වදාළ සේක.
20
“සමිඳාණන් වහන්සේ තමන් වදාළ වචනය ඉෂ්ට කළ සේක. මන්ද, උන් වහන්සේ වදාළ හැටියට මම මාගේ පිය වූ දාවිත් වෙනුවෙන් පත් වී ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනයේ හිඳ, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනැඟුවෙමි.
21
තවද, සමිඳාණන් වහන්සේ අපේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා කල ඔවුන් සමඟ කළ ගිවිසුම තබා තිබෙන කරඬුවට එහි ස්ථානයක් නියම කෙළෙමි.”
22
ඉන්පසු සලමොන් රජ තෙම මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට, ස්වර්ගය දෙසට තම අත් විදහා මෙසේ කී ය:
23
“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඉහළ ස්වර්ගයෙහි වත්, පහළ පොළොවෙහි වත් ඔබට සමාන දෙවි කෙනෙක් ඇත්තේ නැත. ඔබ වනාහි ඔබ ඉදිරියෙහි තමන්ගේ මුළු සිතින් කීකරු වන ඔබේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත්, කරුණාවත් පවත්වන සේක.
24
ඔබේ මෙහෙකරු වූ මාගේ පිය දාවිත්ට ඔබ පොරොන්දු වූ දේ ඔහුට ඉෂ්ට කර දුන් සේක. එසේ ය, ඔබ ස්වකීය මුඛයෙන් එය වදාරා අද දවසේ තිබෙන ප්‍රකාරයට ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.
25
එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරු වූ මාගේ පිය දාවිත්ට ඔබ කතා කොට, ‘නුඹ මා ඉදිරියෙහි හැසුරුණු පරිදි නුඹේ දරුවෝ ද තමන්ගේ මාර්ගය ගැන ප්‍රවේසම් වන්නෝ නම්, ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනයෙහි හිඳීමට මා ඉදිරියෙහි නුඹට කෙනෙක් නැතුව නොයන්නේ ය’ කියා ඔබ වදාළ කාරණය ඔහුට ඉෂ්ට කර දුන මැනව,
26
එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරු වූ මාගේ පිය දාවිත්ට වදාළ ඔබේ වචනය මෙසේ ස්ථීර වේ වා!
27
“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම පොළොවෙහි වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ඉහළ ම ස්වර්ගය ද ඔබ වහන්සේට ඉඩ මදි ය; එසේ නම්, මා ගොඩනැඟුවාවූ මේ මාලිගාව ඊට වඩා කොපමණ නොසෑහේ ද?
28
එහෙත්, මාගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරුවාගේ යාච්ඤාව ද කන්නලව්ව ද සලකා අද ඔබ ඉදිරියෙහි ඔබේ මෙහෙකරුවා ඔප්පු කරන ඉල්ලීම හා යාච්ඤාව ඇසුව මැනව.
29
‘මාගේ නාමය එහි වන්නේ ය’ කියා ඔබ යම් ස්ථානයක් ගැන වදාළ සේක් ද, ඒ ස්ථානය වන මේ මාලිගාව දෙස ඔබේ දෙනෙත් දිවා රෑ දෙක්හි යොමු වී තිබේ වා! ඔබේ මෙහෙකරුවා මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන යාච්ඤාව ඇසුව මැනව.
30
ඔබේ මෙහෙකරුවා ද ඔබේ ඉශ්රායෙල් සෙනඟ ද මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන ඔවුන්ගේ කන්නලව්ව ඇසුව මැනව. එසේ ය, ස්වකීය වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට ඇසුව මැනව, අසා කමා වුව මැනව.
31
“යමෙකු තම අසල්වැසියාට විරුද්ධ ව වරදක් කොට ඔහු දිවුරවන පිණිස දිවුරුමක් ඔහුට පවරා, ඔහු අවුත් මේ මාලිගාවේ ඔබේ පූජාසනය ඉදිරිපිට දිවුළොත්,
32
ඔබ ස්වර්ගයෙහි සිට එය අසා වදාරමින් ක්‍රියා කළ මැනව; ඔබේ මෙහෙකරුවන් විනිශ්චය කළ මැනව; වරදකරුවාට නිසි විපාකය අනුව ඔහුට දඬුවම් දුන මැනව; නිවැරදිකරුවාට ඔහුගේ නිදොස්කම අනුව ඔහුට විපාක දුන මැනව.
33
“ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් ඔබට විරුද්ධ ව පව් කළ බැවින් සතුරා ඉදිරියෙහි ඔවුන් පරාජය වූ කල, ඔව්හු දෙවනු ඔබ වෙත හැරී ඔබේ නාමය ප්‍රකාශ කර, මේ මාලිගාවේ දී ඔබට යාච්ඤා කර කන්නලව් කළොත්,
34
ඔබ ස්වර්ගයේ සිට එය අසා, ඔවුන්ගේ පාපයට කමා වී, ඔවුන්ගේ පියවරුන්ට ඔබ දුන් දේශයට ඔවුන් නැවත පැමිණෙවුව මැනව.
35
“ඔවුන් ඔබට විරුද්ධ ව පව් කළ බැවින් අහස පිය වී වර්ෂාව නැති වී යන විට, ඔබ මෙසේ ඔවුන්ට දඬුවම් කරන හෙයින් ඔවුන් මේ ස්ථානය දෙසට හැරී යාච්ඤා කොට ඔබේ නාමය ප්‍රකාශ කර තමන්ගේ පාපය අත් හැරියොත්,
36
ඔබ ස්වර්ගයේ සිට එය අසා, ඔවුන් යා යුතු යහපත් මාර්ගය ඔවුන්ට පෙන්නා දුන් කල, ඔබේ මෙහෙකරුවන්ගේත්, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේත් පාපයට කමා වී, උරුමයක් කොට ඔබේ සෙනඟට ඔබ දී තිබෙන ඔබේ දේශයට වර්ෂාව දුන මැනව.
37
“දේශයෙහි සාගතයක් හෝ වසංගතයක් හෝ ගොයම් වියළී යාම හෝ ගොයම් රෝගය හෝ පළඟැටියන් හෝ දළඹුවන් හෝ ඇති වූ විට ද ඔවුන්ගේ දේශයේ නගරවල ඔවුන් සිටින විට ඔවුන්ගේ සතුරන් ඔවුන් වැටලූ අවස්ථාවක දී, යම්කිසි පීඩාවක් හෝ රෝගයක් හෝ ඇති වූ විට ද
38
යම් මනුෂ්‍යයෙකු හෝ ඔබේ මුළු සෙනඟ වන ඉශ්රායෙල්වරුන් හෝ තමන්ගේ සිත්වල සෝ දුක තේරුම් ගෙන, මේ මාලිගාව දෙසට තමන්ගේ අත් විදහාගෙන යම් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පු කළොත්,
39
ඔබේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට එය අසා කමා වුව මැනව. සෑම මනුෂ්‍යයෙකුගේ ම සිත් ඔබ පමණක් දන්න සේක; ඔබ එකිනෙකාට ඔවුනොවුන්ට සුදුසු පරිදි ඉෂ්ට කර දුන මැනව.
40
එවිට ඔබ අපේ පියවරුන්ට දුන් දේශය මතුපිට ඔවුන් ජීවත් වන මුළු කාලයේ දී ඔව්හු ඔබ කෙරෙහි ගරුබිය ඇති ව සිටින්නෝ ය.
41
“තවද, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ජාතිකයෙකු නොවන යම් විදේශිකයෙකු ඔබේ උතුම් නාමය ද ප්‍රබල බාහුව හා දිගු කළ හස්තය ද ගැන අසනු ඇත.
42
එසේ ඔබේ නාමය නිසා දුර දේශයකින් පැමිණි විදේශිකයෙකු මේ මාලිගාව දෙසට හැරී යාච්ඤා කළොත්,
43
ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් මෙන් මිහි පිට සියලු සෙනඟ ඔබේ නාමය ඇඳිනගෙන ඔබ කෙරෙහි ගරුබිය පාන පිණිස ද මා ගොඩනැඟුවාවූ මේ මාලිගාවට ඔබේ නාමය තබා තිබෙන බව දැනගන්න පිණිස ද ඔබේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා විදේශිකයා ඔබට කරන මුළු කන්නලව්ව ලෙස ඔහුට ඉටු කළ මැනව.
44
“ඔබේ සෙනඟ තම සතුරන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට ඔබ ඔවුන් යවන කොයි මාර්ගයෙන් වුවත් ගොස්, ඔබ තෝරාගත් නගරය ද ඔබේ නාමයට මා විසින් ගොඩනඟන ලද මාලිගාව ද දෙසට හැරී සමිඳාණන් වහන්සේට යාච්ඤා කළොත්,
45
ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාච්ඤාව හා කන්නලව්ව අසා ඔවුන්ට යුක්තිය ඉටු කළ මැනව.
46
“පව් නොකරන මනුෂ්‍යයෙක් නැත. එබැවින් ඔවුන් ඔබට විරුද්ධ ව පව් කරන්නටත්, ඔබ ඔවුන් කෙරෙහි උදහස් වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවා දෙන්නටත්, ඔවුන් වහල්කමට ගන්න අය දුර හෝ ළඟ හෝ ඇති සතුරන්ගේ දේශයට ඔවුන් ගෙනයන්නටත් පුළුවන.
47
එවිට ඔවුන් වහලුන් කොට ගෙනයනු ලැබූ දේශයේ දී ඔවුන් එය සිතට ගෙන පසුතැවී සිත් හරවා ගෙන, ඔවුන් වහල්කමට ගත් අයගේ දේශයේ දී ඔබට කන්නලව් කොට, ‘අපි පව් කෙළෙමු; හිතුවක්කාරකමින් ද දුෂ්ටකමින් ද ක්‍රියා කෙළෙමු’යි කියමින්,
48
ඔවුන් වහල්කමට ගත් ඔවුන්ගේ සතුරන්ගේ දේශයේ දී තමන්ගේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද ඔබ දෙසට හැරී, ඔබ ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශය ද ඔබ තෝරාගත් නගරය ද ඔබේ නාමයට මා ගොඩනැඟුවාවූ මාලිගාව ද දෙස බලා, ඔබට යාච්ඤා කළොත්,
49
ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඔබ ඔවුන්ගේ යාච්ඤාව හා කන්නලව්ව අසා ඔවුන්ට යුක්තිය ඉටු කළ මැනව.
50
ඔබට විරුද්ධ ව පව් කළ ඔබේ සෙනඟට ඔබට විරුද්ධ ව කළ ඔවුන්ගේ සියලු අපරාධවලට කමා වී, ඔවුන් වහල්කමට ගත් අය විසින් ඔවුන්ට අනුකම්පා කරනු ලබන හැටියට ඔවුන්ට ඒ අයගෙන් අනුකම්පාව ලබා දුන මැනව.
51
මන්ද, ඔව්හු ඔබ විසින් මිසර දේශය වන යකඩ උදුනෙන් පිටතට ගෙනෙන ලද ඔබේ සෙනඟත්, ඔබේ උරුමයත් ය.
52
“ඔබේ මෙහෙකරුවාගේ ද ඔබේ ඉශ්රායෙල් සෙනඟගේ ද කන්නලව්ව දෙස ඔබේ කන් යොමු කළ මැනව. ඔවුන් ඔබෙන් ඉල්ලන සියල්ල ගැන ඔවුන්ට ඇහුම්කන් දුන මැනව.
53
මන්ද, දෙවි ස්වාමීන් වහන්ස, ඔබ අපේ පියවරුන් මිසරයෙන් ගෙනා විට ඔබේ මෙහෙකරු වූ මෝසෙස් ලවා කතා කරවූ ප්‍රකාරයට, ඔබට උරුමයක් කොට ඔබ ම මිහි පිට සියලු මනුෂ්‍ය වර්ගයන්ගෙන් ඔවුන් වෙන් කරගත් සේක.”
54
සලමොන් රජ තෙම සමිඳාණන් වහන්සේට මේ මුළු යාච්ඤාව හා කන්නලව්ව ඔප්පු කර නිම කළ විට, ඔහු උන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට ස්වර්ගය දෙසට තම අත් විදහාගෙන, දණ ගසා සිටි තැනින් නැඟිට්ටේ ය.
55
තවද, ඔහු සිටගෙන මහත් හඬින් ඉශ්රායෙල්වරුන්ගේ සභාවට ආශීර්වාද කරමින් මෙසේ කී ය:
56
“තමන් වහන්සේ පොරොන්දු වූ සියල්ල හැටියට තමන් සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට සාමය දුන් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! උන් වහන්සේ සිය මෙහෙකරු වූ මෝසෙස් ලවා පොරොන්දු වූ සියලු යහපත් දේවලින් එක පොරොන්දුවක් වත් හිස් නො වී ය.
57
අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපේ පියවරුන් සමඟ වැඩ සිටි ලෙස ම අප සමඟත් වැඩ සිටින සේක් වා! උන් වහන්සේ අප අත් නොහරින සේක් වා! අප බැහැර නොදමන සේක් වා!
58
එසේ උන් වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙන්නටත්, උන් වහන්සේ අපේ පියවරුන්ට අණ කළ උන් වහන්සේගේ ආඥා ද පණත් ද විනිශ්චයයන් ද පවත්වන්නටත් උන් වහන්සේ අපේ සිත් තමන් වෙත නමාගන්න සේක් වා!
59
තමන්ගේ මෙහෙකරුවාටත්, තම සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් දවසින් දවස වුවමනා වන ලෙස යුක්තිය ඉෂ්ට කිරීමට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මා ඔප්පු කළ මේ කන්නලව්වේ වචන දිවා රෑ දෙක්හි අපේ දෙවි සමිඳාණන් වහන්සේ සමීපයෙහි පවතී වා!
60
එවිට සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ බවත්, වෙන දෙවි කෙනෙකු නැති බවත් මිහි පිට සියලු ජාතීහු දැනගන්නෝ ය.
61
එබැවින් උන් වහන්සේගේ පණත්වල හැසිර, උන් වහන්සේගේ ආඥා පවත්වන හැටියට ඔබේ සිත් අද දවසේ මෙන් දෙවි සමිඳාණන් වහන්සේ වෙත මුළුමනින් ම යොමු වී පවතී වා!”
62
රජ ද ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජා ඔප්පු කළෝ ය.
63
සලමොන් රජ සමිඳාණන් වහන්සේට ඔප්පු කළ සහභාගිකමේ පූජා සඳහා ගොනුන් විසිදෙදහසක් හා බැටළුවන් එක්ලක්ෂ විසිදහසක් පුද කෙළේ ය. මෙසේ රජ ද සියලු ඉශ්රායෙල් ජනයා ද සමිඳාණන් වහන්සේගේ මාලිගාව කැප කළෝ ය.
64
එම දවසේ රජ තෙම සමිඳාණන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට තිබෙන මළුවේ ඇතුළු කොටස විශුද්ධ කෙළේ ය. මන්ද, ඔහු දවන යාග පූජාව ද ආහාර පූජාව ද සහභාගිකමේ පූජාවල තෙල් ද එහි ඔප්පු කළ බැවිනි. එසේ කෙළේ, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබෙන ලෝකඩ පූජාසනය දවන යාග පූජාව ද ආහාර පූජාව ද සහභාගිකමේ පූජාවල තෙල් ද දැරීමට ඉඩ මදි වූ නිසා ය.
65
මෙසේ ඒ කාලයෙහි හමාත් නම් දුර්ගයට ඇතුළු වන තැන පටන් මිසරයේ නයිල් ගඟ දක්වා පළාත්වලින් පැමිණි විශාල පිරිසක් වන, සලමොන් ඇතුළු සියලු ඉශ්රායෙල්වරු අප දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සත් දවසක් මංගල්‍ය පැවැත්වූ හ.
66
අට වන දින ඔහු සෙනඟ යන්නට හැරියේ ය. ඔව්හු රජුට ප්‍රශංසා කර, සමිඳාණන් වහන්සේ තම මෙහෙකරු දාවිත්ටත්, තම සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් කළ සියලු යහපත ගැන ප්‍රීතිමත් ව, සතුටු සිතින් තම ගෙවලට ගියෝ ය.
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 9 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22