bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Kings 15
1 Kings 15
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 16 →
1
නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් රජුගේ දහඅට වන අවුරුද්දේ දී අබියාම් ජුදා දේශයෙහි රජ වී,
2
තුන් අවුරුද්දක් ජෙරුසලමේ රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම මයකා ය. ඈ අබ්සලොම්ගේ දුවකි.
3
තමාගේ පියා පෙර කළ සියලු පාප ඔහු කෙළේ ය. ඔහුගේ සිත ද ඔහුගේ පිය වූ දාවිත්ගේ සිත මෙන් තම දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසී ව නොතිබුණේ ය.
4
එහෙත්, දාවිත් නිසා ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහුට පසු ව ඔහුගේ පුත්රයා නැඟිටුවීමෙන් ද ජෙරුසලම ආරක්ෂා කිරීමෙන් ද ජෙරුසලමට පහනක් වැනි පුත්රයෙකු ඔහුට දුන් සේක.
5
මන්ද, හිත්තීය ජාතික උරියාගේ කරුණු ගැන මිස, සමිඳාණන් වහන්සේ දාවිත්ට අණ කළ කිසි දෙයකින් ඔහු තමාගේ ජීවිතයේ මුළු කාලයේ දී වෙන් වී නොගොස් උන් වහන්සේගේ ඇස් හමුවෙහි හරි දේ ම කෙළේ ය.
6
රෙහොබෝවම් සහ ජෙරොබෝවම් අතර ඔහුගේ මුළු ජීවිත කාලයේ දී යුද්ධ තිබිණි.
7
අබියාම් පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? අබියාම් සහ ජෙරොබෝවම් අතර යුද්ධ පැවතිණි.
8
අබියාම් මරණයට පත් වූ පසු සෙනඟ දාවිත්ගේ නුවර ඔහු භූමදාන කළෝ ය. ඉන්පසු ඔහුගේ පුත් ආසා ඔහු වෙනුවට රජ විය.
9
ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ ජෙරොබෝවම්ගේ විසි වන අවුරුද්දේ ආසා ජුදා දේශයෙහි රජ විය.
10
මොහු ජෙරුසලමෙහි සතළිස්එක් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම මයකා ය. ඈ අබ්සලොම්ගේ දුවකි.
11
ආසා තමාගේ පිය වූ දාවිත් කළ ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය.
12
ඔහු සල්ලාලයන් දේශයෙන් පහකොට, තමාගේ පියවරුන් සෑදූ සියලු දේව රූප අහක් කරදැමී ය.
13
සිය මව වන මයකා අෂේරා කප් කණුවක් පිණිස පිළිකුල් රූපයක් සෑදූ බැවින්, ඔහු ඈ මව් බිසෝකමෙන් අහක් කර, ඒ රූපය කපාදමා, කිද්රොන් ඔය ළඟ දී එය පුළුස්සා දැමී ය.
14
එහෙත්, කඳු මත පූජාස්ථාන පහ නොකරන ලද්දේ ය. එසේ වී නමුත්, ආසාගේ සිත ඔහුගේ මුළු ජීවිත කාලයේ දී සමිඳාණන් වහන්සේ කෙරෙහි සම්පූර්ණයෙන් විශ්වාසී ව තිබිණි.
15
ඔහු තමාගේ පියා විසින් ද තමා විසින් ද කැප කරන ලද රන් රිදී සහ බඩු බාහිරාදිය සමිඳාණන් වහන්සේගේ මාලිගාව ඇතුළට ගෙනවුත් එහි තැන්පත් කෙළේ ය.
16
ආසා සහ ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ බාෂා අතර ඔවුන්ගේ මුළු කාලයේ දී යුද්ධ පැවතිණි.
17
ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ බාෂා ජුදාට විරුද්ධ ව ගොස්, ජුදාහි රජ වූ ආසා වෙතින් පිටත යන්න හෝ ඔහු වෙත ඇතුළට එන්න හෝ කිසිවෙකුට ඉඩ නොදෙන පිණිස, රාමා නම් නගරය ශක්තිමත් කෙළේ ය.
18
එවිට ආසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඉතිරි ව තිබූ රන් රිදී සියල්ල ද රජ මාලිගාවේ තිබූ වස්තුව ද ගෙන තමාගේ සේවකයන් අතට භාර දී, දමස්කයෙහි විසූ සිරියාවේ රජ වූ හෙශියොන්ගේ පුත්රයා වන තබ්රිමොන්ගේ පුත් බෙන්-හදද්ට ඒවා යවමින්,
19
“මා සහ ඔබ අතරේ ද මාගේ සහ ඔබේ පියා අතරේ ද ගිවිසුමක් තිබේ. මෙන්න, රන් රිදී තෑග්ගක් ඔබට එවමි. ඉශ්රායෙල් රජ වන බාෂා මා වෙතින් අහක් ව යන පිණිස, ඔබ අවුත් ඔහු සමඟ කර තිබෙන ඔබේ ගිවිසුම කඩ කළ මැනව”යි කියා හැරී ය.
20
එවිට බෙන්-හදද්, ආසා රජුට ඇහුම්කන් දී, තමාගේ සෙන්පතීන් ඉශ්රායෙල්වරුන්ගේ නගරවලට විරුද්ධ ව යවා ඊයොන් ද දාන් සහ ආබෙල්-බෙත්-මයකා ද යන නගරවලටත්, මුළු නප්තලී ප්රදේශය ඇතුළු මුළු කින්නරෝත් පළාතටත් පහර දුන්නේ ය.
21
බාෂා ඒ අසා රාමා නගරය ශක්තිමත් කිරීම නවත්වා, තිර්ශාහි වාසය කෙළේ ය.
22
එවිට ආසා රජ කිසිවෙකු අත්නෑර සියලු ජුදාවරුන් කැඳවා, රාමා ශක්තිමත් කිරීමට බාෂා විසින් ගන්නා ලද ගල් හා ලී ද ඔවුන් ලවා ගෙන්වාගෙන, ඒවායින් බෙන්ජමින්ගේ දේශයෙහි ගෙබා හා මිශ්පා යන නගර ශක්තිමත් කෙළේ ය.
23
ආසා පිළිබඳ ඉතිරි කරුණු ද ඔහුගේ සියලු බලවන්තකම් ද ඔහු කළ සියල්ල ද ඔහු ගොඩනැඟුවාවූ නගර ද ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? එහෙත්, ඔහුගේ මහලු වයසේ දී, ඔහුගේ පාදවල වූ රෝගයකින් ඔහු දුක් වින්දේ ය.
24
ආසා මරණයට පත් වූ පසු තමාගේ පිය වූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ භූමදාන කරනු ලැබී ය. ඔහුගේ පුත්ර වූ ජෙහෝෂාපාට් ඔහු වෙනුවට රජ විය.
25
ජෙරොබෝවම්ගේ පුත් නාදාබ් ජුදාහි රජ වූ ආසාගේ දෙ වන අවුරුද්දේ දී ඉශ්රායෙල් දේශයෙහි රජ වී දෑවුරුද්දක් රජකම් කෙළේ ය.
26
ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කොට, තම පියාගේ අඩි පාරේ ගමන් කරමින්, තම පියා ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සූ පාප ද කෙළේ ය.
27
තවද, ඉස්සාකර් වංශයේ අහියාගේ පුත් බාෂා, නාදාබ්ට විරුද්ධ ව කුමන්ත්රණ කොට, නාදාබ් සහ සියලු ඉශ්රායෙල්වරුන් පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතොන් නගරය වටලා සිටි අතර එහි දී ඔහුට පහර දුන්නේ ය.
28
ජුදාහි රජ වූ ආසාගේ තුන් වන අවුරුද්දේ දී බාෂා තෙමේ නාදාබ් මරා ඔහු වෙනුවට රජ විය.
29
තවද, ඔහු රජ වූ වහා ම ජෙරොබෝවම්ගේ මුළු වංශය නැසුවේ ය. විනාශ නොකර පණපිටින් කිසිවෙකු ඔහු ජෙරොබෝවම්ට ඉතිරි නොකෙළේ ය.
30
එසේ වුණේ, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ උදහස් කරන ලෙස, ජෙරොබෝවම් විසින් කළා වූ ද, ඔහු ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සුවා වූ ද පව් නිසා, සමිඳාණන් වහන්සේ ස්වකීය දාසයා වූ ෂිලෝහි අහියා ලවා කියෙවූ උන් වහන්සේගේ පණිවුඩය හැටියට ය.
31
නාදාබ් පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
32
ආසා සහ ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ බාෂා අතර ඔවුන්ගේ මුළු ජීවිත කාලය තුළ ම යුද්ධ පැවතිණි.
33
ජුදාහි ආසාගේ තුන් වන අවුරුද්දේ දී අහියාගේ පුත්ර වූ බාෂා තිර්ශාහි සියලු ඉශ්රායෙල්වරුන්ගේ රජ වී විසිහතර අවුරුද්දක් රජකම් කෙළේ ය.
34
ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කර ජෙරොබෝවම්ගේ අඩි පාරේ යමින් ඉශ්රායෙල්වරුන් පව් කරන්න සැලැස්සූ පාපය ද කෙළේ ය.
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 16 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22