bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Kings 22
1 Kings 22
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
1
සිරියාවේ වැසියන් හා ඉශ්රායෙල්වරුන් අතර තුන් අවුරුද්දක් සාමය පැවතිණි.
2
තුන් වන අවුරුද්දේ ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ඉශ්රායෙල් රජු ළඟට පැමිණියේ ය.
3
ඉශ්රායෙල් රජ තමාගේ සේවකයන්ට කතා කොට, “රාමොත්-ගිලියද් අපට අයිති බව ඔබ දන්නහු ද? දැනගෙනත්, අප එය සිරියාවේ රජු අතින් උදුරාගැනීමට කිසිවක් නොකර සිටිනු නොවේ දැ”යි කීවේ ය.
4
ඔහු ජෙහෝෂාපාට්ට කතා කොට, “යුද්ධයට මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහි දැ”යි ඇසී ය. ජෙහෝෂාපාට් ද, “මාත් ඔබ මෙන් ම, මාගේ සෙනඟත් ඔබේ සෙනඟ මෙන් ම, මාගේ අශ්වයොත් ඔබේ අශ්වයන් මෙන් ම සූදානම් ය”යි ඉශ්රායෙල් රජුට කීවේ ය.
5
තවද, ජෙහෝෂාපාට් කතා කොට, “පළමුවෙන් සමිඳාණන් වහන්සේගේ වචනය විභාග කළ මැනව”යි ඉශ්රායෙල් රජුට කී ය.
6
එවිට ඉශ්රායෙල් රජ දිවැසිවරුන් වන හාරසියයක් පමණ මිනිසුන් රැස් කොට, “මම රාමොත්-ගිලියද්ට විරුද්ධ ව යුද්ධයට යම් ද නොයම් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු කතා කොට, “ගිය මැනව, මන්ද, සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කීවෝ ය.
7
එහෙත්, ජෙහෝෂාපාට්, “අප විසින් විචාරනු ලබන පිණිස සමිඳාණන් වහන්සේගේ තව දිවැසිවරයෙක් මෙහි නැද්දැ”යි ඇසී ය.
8
ඉශ්රායෙල් රජ ද, “සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස ඉම්ලාගේ පුත් මීකායා නම් තව කෙනෙක් සිටියි. එහෙත්, ඔහු මා ගැන දිවැස් වැකියෙන් නරකක් මිස යහපතක් නොකියන නිසා මම ඔහුට වෛර වෙමි”යි ජෙහෝෂාපාට්ට කීවේ ය. ජෙහෝෂාපාට් ද, “රජතුමා එසේ නොකියාවා”යි කීවේ ය.
9
එකල ඉශ්රායෙල් රජ ඇමතියෙකුට අඬගසා, “ඉම්ලාගේ පුත් මීකායා ඉක්මනින් ගෙන්වන්නැ”යි සැළ කෙළේ ය.
10
ඉශ්රායෙල් රජ ද ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ද රාජකීය වස්ත්‍ර පැළඳගෙන, සමාරියේ වාසල් දොරටුවෙන් පිටත එළිමහන් තැනක තම තමන්ගේ සිංහාසනවල වාඩි වී සිටියෝ ය. සියලු දිවැසිවරු ඔවුන් ඉදිරිපිට දිවැස් වැකි කී හ.
11
තවද, කෙනානාගේ පුත් ශෙදෙකියා යකඩ අං සාදාගෙන, “ඔබ සිරියාවේ වැසියන් නැති කරන තුරු මේවායින් ඔවුන්ට අනිනු ඇත කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.
12
දිවැසිවරු සියල්ලෝ එලෙස ම දිවැස් වැකි කියමින්, “රාමොත්-ගිලියද්ට ගොස් ජය ගත මැනව. මන්ද, සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කී හ.
13
මීකායා කැඳවාගෙන එන්න ගිය පණිවුඩකාරයා ඔහුට කතා කොට, “බලන්න, දිවැසිවරුන්ගේ වචන එක ලෙස රජුට ප්‍රසන්න දේ පවසයි. ඔබේ වචනයත් ඔවුන්ගෙන් කෙනෙකුගේ වචනය මෙන් කල්තියා ජය අත්වනු පිණිස කියන්නැ”යි දැන්වී ය.
14
මීකායා ද කතා කොට, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මා දිවුරා කියන්නේ, උන් වහන්සේ මට කියන දේ ය”යි පැවසී ය.
15
ඔහු රජු ළඟට ආ කල රජු ඔහුට කතා කොට, “මීකායා, අපි රාමොත්-ගිලියද්ට විරුද්ධ ව යුද්ධයට යමු ද නොයමු දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “ගොස් ජය ගත මැනව, සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි උත්තර දුන්නේ ය.
16
රජ ද කතා කොට, “සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සැබෑව මිස වෙන කිසිවක් මට නොකියන හැටියට මම කී වරක් ඔබ දිවුරවම් දැ”යි ඔහුගෙන් ඇසී ය.
17
එවිට ඔහු කතා කොට, “සියලු ඉශ්රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසිර සිටිනු මම දිටිමි. තවද, සමිඳාණෝ මෙසේ වදාරන සේක; ‘මොවුන්ට ස්වාමියෙක් නැත, එක එකා තම තමාගේ ගෙදරට සාමදානයෙන් හැරී යත් වා!’ “යි කීවේ ය.
18
ඉශ්රායෙල් රජ ද, “ඔහු මා ගැන දිවැසි වැකියෙන් නරකක් මිස යහපතක් කියන්නේ නැත කියා මම ඔබට නොකීයෙම් දැ”යි ජෙහෝෂාපාට්ට කී ය.
19
මීකායා කතා කොට, “එබැවින් ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ඇසුව මැනව. සමිඳාණන් වහන්සේ තම සිංහාසනයේ වැඩ හිඳිනු ද, මුළු ස්වර්ග සේනාව උන් වහන්සේ ළඟ උන් වහන්සේගේ දකුණු පැත්තේ ද වම් පැත්තේ ද සිටිනු ද මම දිටිමි.
20
සමිඳාණන් වහන්සේ කතා කොට, ‘ආහබ්, රාමොත්-ගිලියද්ට ගොස් එහි දී මරණයට පත් වන පිණිස එහි යෑමට ඔහු පොළඹවන්නේ කවරෙක් දැ’යි ඇසූ සේක. එක් කෙනෙක් මේ ආකාරයට ද තව කෙනෙක් ඒ ආකාරයට ද උත්තර දුන්නෝ ය.
21
එකල ආත්මයක් නික්ම විත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිට, ‘මම ඔහු පොළඹවන්නෙමි’යි කීවේ ය.
22
සමිඳාණන් වහන්සේ, ‘කුමකින් දැ’යි ඔහුගෙන් ඇසූ විට, ඔහු, ‘මම ගොස් ඔහුගේ සියලු දිවැසිවරයන්ගේ මුඛවල මුසා දොඩන ආත්මයක් වන්නෙමි’යි කී ය. උන් වහන්සේ ද, ‘නුඹ ඔහු පොළඹවා ජයගනු ඇත. ගොස් එසේ කරන්නැ’යි වදාළ සේක.
23
“එබැවින් සමිඳාණන් වහන්සේ ඔබේ මේ සියලු දිවැසිවරයන්ගේ මුඛවල මුසා දොඩන ආත්මයක් තැබූ සැටි බලන්න. තවද, සමිඳාණන් වහන්සේ ඔබට නපුරක් වන බව වදාළ සේකැ”යි පැවසී ය.
24
එවිට කෙනානාගේ පුත් ශෙදෙකියා ළං වී මීකායාගේ කම්මුලට ගසා, “සමිඳාණන් වහන්සේගේ ආත්මය ඔබට කතා කරන්නට මා කෙරෙන් ගියේ කොයි මාර්ගයෙන් දැ”යි ඇසී ය.
25
මීකායා ද, “ඔබ සැඟවෙන පිණිස ඇතුළු ගෙයකට යන දවසේ එය දැනගන්නෙහි ය”යි කීවේ ය.
26
ඉශ්රායෙල් රජ, “ඔබ මීකායා රැගෙන නුවර අධිපතියා වන ආමොන් ද රජුගේ පුත් ජෝවාෂ් ද ළඟට ගෙන ගොස් කතා කොට,
27
‘ඔබ මොහු හිරගෙහි ලා මා සාමදානයෙන් එන තුරු මොහුට රොටි සහ වතුර හැර කිසිවක් නොදිය යුතු යයි රජ කියන්නේ ය’ කියා දන්වන්නැ”යි කී ය.
28
මීකායා ද, “ඔබ ඇත්තටම සාමදානයෙන් හැරී ආවොත් සමිඳාණන් වහන්සේ මා ලවා කතා කෙරෙව්වේ නැත. ජනයිනි, ඔබ සියල්ලන් ම අසන්නැ”යි කීවේ ය.
29
මෙසේ ඉශ්රායෙල් රජ ද ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ද රාමොත්-ගිලියද්ට ගියෝ ය.
30
ඉශ්රායෙල් රජ ජෙහෝෂාපාට්ට කතා කොට, “මම වෙස් වළාගෙන යුද්ධයට පැමිණෙමි. එහෙත්, ඔබ ඔබේ ම වස්ත්‍ර පැළඳගත මැනවැ”යි කීවේ ය. එසේ ඉශ්රායෙල් රජ වෙස් වළාගෙන යුද්ධයට ගියේ ය.
31
සිරියාවේ රජු තමාගේ රථාධිපතීන් තිස්දෙදෙනාට කතා කොට, “ඔබ ඉශ්රායෙල් රජුට විරුද්ධ ව මිස ලොකු කුඩා වෙන කිසිවෙකුට විරුද්ධ ව සටන් නොකරන්නැ”යි අණ කර තිබිණි.
32
තවද, රථාධිපතීහු ජෙහෝෂාපාට් දුටු කල, “මොහු ඉශ්රායෙල් රජ ම ය”කියා ඔහුට විරුද්ධ ව සටන් කරන්නට හැරුණෝ ය. එවිට ජෙහෝෂාපාට් මොරගැසී ය.
33
ඒ ඉශ්රායෙල් රජු නොවන බව දැක රථාධිපතීහු ඔහු වෙතින් හැරි ගියෝ ය.
34
එහෙත්, එක් මනුෂ්‍යයෙක් අහම්බෙන් දුන්න තැත්කවා ඉශ්රායෙල් රජුගේ සන්නාහයේ සන්ධි අතරෙන් ඔහුට විද්දේ ය. එවිට ඔහු රියැදුරාට කතා කොට, “ඔබ ආපසු හැරී මා යුද්ධයෙන් පිටතට ගෙනයන්න, මට බොහෝ තුවාළ ය”යි කී ය.
35
ඒ දවසේ යුද්ධය තදබල විය. රජතුමා සිරියන්වරුන්ට ඉදිරිපිටින්, ආධාර ඇති ව රථයේ කෙළින් සිටුවනු ලැබ සවස මළේ ය. තුවාළයෙන් රථයේ පතුලට ලේ ගලාගෙන ගියේ ය.
36
එක එක මනුෂ්‍යයා තම තමාගේ නුවරටත්, රටටත් යේ වා යි කියා ඉර බහින වේලාවේ කඳවුර පුරා ප්‍රසිද්ධියක් කරන ලදී.
37
මෙසේ රජ මරණයට පත් වූ පසු ඔහු සමාරියට ගෙන ගොස්, සමාරියේ තැන්පත් කරන ලදී.
38
තවද, ඔව්හු සමාරියේ පොකුණෙන් රථය සේදූ හ. සමිඳාණන් වහන්සේ වදාළ වචනය හැටියට බල්ලෝ ඔහුගේ ලේ ලෙවකෑහ. වේශ්‍යාවෝ එහි ස්නානය කළහ.
39
ආහබ්ගේ සෙසු ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඔහු සෑදූ ඇත් දත් ගෙය ද ගොඩනැඟුවාවූ සියලු නගරවල් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
40
මෙසේ ආහබ් මියගියේ ය. ඔහුගේ පුත් අහසියා ඔහු වෙනුවට රජ විය.
41
ඉශ්රායෙල් රජ වන ආහබ්ගේ සතර වන අවුරුද්දේ දී ආසාගේ පුත් ජෙහෝෂාපාට් තෙමේ ජුදාහි රජ විය.
42
ජෙහෝෂාපාට් රජ වන කල අවුරුදු තිස්පහක් වයස් ව සිටියේ ය. ඔහු ජෙරුසලමේ විසිපස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අශුබා ය. ඈ ෂිල්හිගේ දුව ය.
43
ඔහු තම පිය වූ ආසාගේ අඩි පාරේ ගමන් කරමින්, එයින් අහක් නොවී සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. එහෙත් කඳු මත පූජාස්ථාන පහ නොකරන ලදී. එවකටත් සෙනඟ පූජා ද සුවඳ දුම් ද කඳු මත පූජාස්ථානවල ඔප්පු කළහ.
44
ජෙහෝෂාපාට් ඉශ්රායෙල් රජු සමඟ සාමදාන විය.
45
ජෙහෝෂාපාට්ගේ සෙසු ක්‍රියා ද ඔහු පෙන්වූ දස්කම් ද කළ යුද්ධ ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
46
තමාගේ පිය වූ ආසාගේ කාලයෙහි ඉතුරු වූ දේවාල සල්ලාලයන් ඔහු රටින් නෙරපාදැමී ය.
47
එකල ඒදොම්හි රජෙක් නො වී ය. යුව රජෙක් රජකම් කෙළේ ය.
48
ජෙහෝෂාපාට් රත්රන් ගෙනෙන පිණිස ඕපීර් නගරයට යෑමට තර්ෂීෂ් නැව් සෑදී ය. එහෙත්, ඒවා එහි ගියේ නැත. මන්ද, ඒ නැව් එශියොන් ගෙබර් නම් ස්ථානයෙහි දී විනාශ වූ බැවිනි.
49
එකල ආහබ්ගේ පුත් අහසියා, “මාගේ සේවකයෝ ඔබේ සේවකයන් සමඟ නැව්වල යාත්‍රා කරත් වා”යි ජෙහෝෂාපාට්ට කීවේ ය. එහෙත්, ජෙහෝෂාපාට් එකඟ වූයේ නැත.
50
ජෙහෝෂාපාට් තමාගේ පියවරුන් මෙන් මියගොස් තම පිය වූ දාවිත්ගේ නුවර තම පියවරුන් ළඟ තැන්පත් කරන ලදී. ඔහුගේ පුත් ජෙහෝරාම් ඔහු වෙනුවට රජ විය.
51
ජුදාහි රජ වූ ජෙහෝෂාපාට්ගේ දසසත් වන අවුරුද්දේ දී ආහබ්ගේ පුත් අහසියා ඉශ්රායෙල් කෙරෙහි සමාරියේ රජ වී දෑවුරුද්දක් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.
52
ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට, තමාගේ පියාගේ ද තමාගේ මවගේ ද අඩි පාරේ ද ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැස්සූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ අඩි පාරේ ද ගමන් කෙළේ ය.
53
ඔහු බාල් දේවතාවාට සේවය කර ඔහුට වැඳුම්පිදුම් කරමින් තමාගේ පියා කළ ප්‍රකාරයට ම ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කෙළේ ය.
← Chapter 21
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22