bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Kings 14
1 Kings 14
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 15 →
1
ඒ කාලයෙහි ජෙරොබෝවම්ගේ පුත් අබියා රෝගාතුර විය.
2
ජෙරොබෝවම් තම බිරිඳට කතා කොට, “ඔබ ජෙරොබෝවම්ගේ බිරිඳ බව නොදැනෙන හැටියට කරුණාකර, වෙස් වළාගෙන පිටත් වී ෂිලෝ නම් ස්ථානයට යන්න. ‘ඔබ මේ සෙනඟ කෙරෙහි රජ වන්නේ ය’යි මා ගැන කී අහියා දිවැසිවරයා එහි සිටියි.
3
ඔබේ අතින් රොටි දසයක් ද රස කැවිලි ද මීපැණි භාජනයක් ද රැගෙන ඔහු ළඟට යන්න. ළමයාට කුමක් වේ ද කියා ඔහු ඔබට දන්වනු ඇතැ”යි පැවසී ය.
4
ජෙරොබෝවම්ගේ බිරිඳ එලෙස කොට පිටත් වී, ෂිලෝ නම් ස්ථානයට ගොස් අහියාගේ ගෙදරට පැමිණියා ය. මහලුකම නිසා අහියාගේ ඇස් නොපෙනෙන තරමට අඳුරු වී තිබිණි.
5
එහෙත්, සමිඳාණන් වහන්සේ අහියාට කතා කොට, “බලන්න, ජෙරොබෝවම්ගේ බිරිඳ රෝගාතුර වී සිටින ඇගේ පුත්‍රයා ගැන නුඹෙන් විචාරන්න එන්නී ය. ඈට මේ අයුරින් කතා කරන්න. ඇය එන විට අන් තැනැත්තියක මෙන් පෙන්වනු ඇතැ”යි වදාළ සේක.
6
දොරකඩින් ඇතුළු වන ඇගේ අඩි ශබ්දය අහියාට ඇසුණු විට ඔහු කතා කොට, “ජෙරොබෝවම්ගේ බිරිඳ ඇතුළට එන්න. ඔබ අන් තැනැත්තියක මෙන් පෙන්වන්නේ කුමට ද? කණගාටුදායක ආරංචි දැන්වීමට මට තිබේ.
7
‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔබ ගොස් ජෙරොබෝවම්ට කියන්න: ‘මම සෙනඟ අතරෙන් නුඹ උසස්කර, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා කොට පත්කර,
8
දාවිත්ගේ වංශයෙන් රාජ්‍යය උදුරා නුඹට දිනිමි. එහෙත්, නුඹ වනාහි මාගේ ආඥා පිළිපැද, මාගේ ඇස් හමුවෙහි හරි දේ පමණක් කරමින් තමාගේ මුළු හෘදයෙන් මා අනුව පැමිණි, මාගේ මෙහෙකරු දාවිත් මෙන් නොසිට,
9
නුඹට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා නපුරුකම් කරමින්, මා කෝප කරන හැටියට අන් දෙවිවරුන් ද වාත්තු පිළිම ද සාදාගෙන මට පිටුපෑවෙහි ය.
10
එබැවින් මම ජෙරොබෝවම්ගේ වංශය පිට විපත්ති පමුණුවා ජෙරොබෝවම්ගේ සියලු පිරිමින් වන ඉශ්රායෙල්වරුන් අතරෙහි දාසයන් වූත්, නිර්දාසයන් වූත් සියල්ලන් නෙරපා, නිමාවට කුණු අතුගාදමන ලෙස, ජෙරොබෝවම්ගේ වංශය සහමුලින් ම අතුගාදමන්නෙමි.
11
නගරයේ දී මැරෙන ජෙරොබෝවම්ට අයිති අය බල්ලෝ කන්නෝ ය. පිටත දී මැරෙන අය ආකාශයේ පක්ෂීහු කන්නෝ ය.’ එසේ වන්නේ, සමිඳාණන් වහන්සේ එය වදාළ බැවිනි.
12
“එබැවින් ඔබ පිටත් ව ඔබේ ගෙදරට යන්න. නගරය තුළට ඔබ පා තබන විට ළමයා මැරෙනු ඇත.
13
සියලු ඉශ්රායෙල්වරු ඔහු ගැන වැලපී ඔහු භූමදාන කරන්නෝ ය. මන්ද, ජෙරොබෝවම්ගේ වංශය අතරෙන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ යහපත් යමක් ඔහු තුළ ඇති බැවින් ජෙරොබෝවම්ගේ වංශයෙන් ඔහු පමණක් නියම විධියට භූමදාන කරනු ලබන්නේ ය.
14
ඇරත් ඒ දවසේ දී ජෙරොබෝවම්ගේ වංශය නෙරපා දැමීමට සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් කෙරෙහි රජෙකු නැඟුටුවාලන සේක. මුලින් සිදු වන දේ මේ ය. ඉන්පසු කුමක් වේ ද?
15
ඉශ්රායෙල්වරුන් තමන්ට අෂේරා කප් කණු සාදාගෙන සමිඳාණන් වහන්සේ කෝප කළ බැවින්, බට ගහක් වතුරේ සලෙවෙන ලෙස සෙලවීමට උන් වහන්සේ ඔවුන්ට පහර දී, ඔවුන්ගේ පියවරුන්ට දුන් මේ සශ්‍රීක දේශයෙන් ඔවුන් පහකර, යුප්‍රටීස් ගංගාවෙන් එතෙරට ඔවුන් විසුරුවාදමන සේක.
16
ජෙරොබෝවම් පව් කළ නිසා ද ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සූ පාප නිසා ද උන් වහන්සේ ඉශ්රායෙල්වරුන් අත්හැරදමන සේකැ”යි කී ය.
17
ඉන්පසු ජෙරොබෝවම්ගේ බිරිඳ පිටත් ව ගොස් තිර්ශා නම් නගරයට පැමිණියා ය. ඈ ගෙයි එළිපත්ත ළඟට එන විට ම ළමයා මළේ ය.
18
සමිඳාණන් වහන්සේ සිය මෙහෙකරු වන දිවැසිවර අහියා ලවා වදාළ පණිවුඩයේ හැටියට සියලු ඉශ්රායෙල්වරු ඔහු තැන්පත් කොට ඔහු ගැන වැලපුණෝ ය.
19
ජෙරොබෝවම් පිළිබඳ ඉතිරි කරුණු වන ඔහු කළ යුද්ධ ද ඔහු රජකම් කළ හැටි ද ඉශ්රායෙල් රජවරුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.
20
ජෙරොබෝවම් රජකම් කළ කාලය විසිදෑවුරුද්දකි. ඔහු මරණයට පත් වූ පසු ඔහුගේ පුත් නාදාබ් ඔහු වෙනුවට රජ විය.
21
සලමොන්ගේ පුත් රෙහොබෝවම් ජුදාහි රජකමට පත් විය. රෙහොබෝවම් රජකමට පත් වන කල සතළිස් එක් අවුරුද්දක් වයස් ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ සිය නාමය තැබීමට සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නගරය වූ ජෙරුසලමෙහි ඔහු දහහත් අවුරුද්දක් රජකම් කෙළේ ය. අම්මොනිය ජාතික ස්ත්‍රියක වන ඔහුගේ මවගේ නම නාමා ය.
22
ජුදාවරු ද සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට තමන් කළ පාපවලින් තමන්ගේ පියවරුන් කළ සියල්ලට වඩා උන් වහන්සේ කෝප කළෝ ය.
23
ඔව්හු කඳු මත පූජාස්ථාන ගොඩනඟා, සියලු උස් හෙල් පිට ද විශාල අතුපතර ඇති සියලු ගස් යට ද පිළිම සහ අෂේරා කප් කණු ඉදි කළෝ ය.
24
සල්ලාලකම් කළ පිරිමි පවා කඳු මත පූජාස්ථානවල වූ හ. ඉශ්රායෙල් ජනයා යන්න කලින් සමිඳාණන් වහන්සේ පන්නාදැමූ ජාතීන්ගේ සියලු පිළිකුල් ක්‍රියා ඔව්හු අනුගමනය කළෝ ය.
25
තවද, රෙහොබෝවම් රජුගේ පස් වන අවුරුද්දේ දී මිසරයේ රජ වූ ෂීෂක් ජෙරුසලමට පහර දී,
26
සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි වස්තු ද රජ මාලිගාවෙහි වස්තු ද රැගෙන ගියේ ය. සලමොන් විසින් සාදවනු ලැබ තිබුණු සියලු රන් පලිස් ඇතුළු සියල්ල ම රැගෙන ඔහු යන්න ගියේ ය.
27
රෙහොබෝවම් රජ ඒ වෙනුවට ලෝකඩ පලිස් සාදා රජ මාලිගාවේ දොරටුවල රැකවල් කළ මුර භටයන්ගේ අධිපතීන් අතට භාර දුන්නේ ය.
28
රජතුමා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන සියලු ප්‍රස්තාවන්හි දී මුර භටයෝ ඒවා උසුලාගෙන අවුත් නැවත මුරගෙට ගෙන ගියෝ ය.
29
රෙහොබෝවම් පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
30
රෙහොබෝවම් සහ ජෙරොබෝවම් අතර නිතර ම යුද්ධ පැවතිණි.
31
රෙහොබෝවම් මියගිය පසු තමාගේ පිය වූ දාවිත්ගේ නුවර රජ පරපුරේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබී ය. අම්මොනිය ජාතික ස්ත්‍රියක වූ ඔහුගේ මවගේ නම නාමා ය. ඉන්පසු ඔහුගේ පුත් අබියාම් ඔහු වෙනුවට රජ විය.
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 15 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22