bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Kings 16
1 Kings 16
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 17 →
1
එවිට සමිඳාණන් වහන්සේගේ පණිවුඩය බාෂාට විරුද්ධ ව හනානීගේ පුත් ජේහු වෙත පැමිණියේ ය.
2
එය මෙසේ ය: “කිසි වටිනාකමක් නැති නුඹ උසස් කර, මම මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා කොට පත් කෙළෙමි. එහෙත්, නුඹ ජෙරොබෝවම්ගේ මාර්ගයෙහි හැසිරෙමින්, තමන්ගේ පාපවලින් මා කෝප කරවන හැටියට මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැස්වූයෙහි ය.
3
එබැවින් මම, බාෂා සහ ඔහුගේ වංශය සහමුලින් ම වනසාදමා, නුඹේ වංශය නෙබාත්ගේ පුත් වූ ජෙරොබෝවම්ගේ වංශය මෙන් වන්නට සලස්වන්නෙමි.
4
බාෂාට අයිති, නගරයේ දී මැරෙණ අය බල්ලෝ කන්නෝ ය. පිටත දී මැරෙණ ඔහුට අයිති අය ආකාශයේ පක්ෂීහු කන්නෝ ය.”
5
බාෂා පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ දේවල් ද ඔහුගේ බලවන්තකම් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
6
බාෂා මරණයට පත් වූ පසු තිර්ශාහි භූමදාන කරන ලදී. ඔහුගේ පුත් ඒලා ඔහු වෙනුවට රජ විය.
7
තවද, හනානීගේ පුත් දිවැසිවර ජේහු අතින් සමිඳාණන් වහන්සේගේ පණිවුඩය බාෂාටත්, ඔහුගේ වංශයටත් විරුද්ධ ව පැමිණියේ ය. එසේ වූයේ, ඔහු ජෙරොබෝ-වම්ගේ වංශයට සමාන වන හැටියට තමාගේ ක්‍රියාවලින් සමිඳාණන් වහන්සේ කෝප කරවමින් උන් වහන්සේගේ ඇස් හමුයෙහි කළ සියලු නපුරුකම් නිසාත්, ඔහු ඒ වංශය නැසූ නිසාත් ය.
8
ජුදාහි රජ වූ ආසාගේ විසිහය වන අවුරුද්දේ දී බාෂාගේ පුත් ඒලා ඉශ්රායෙල්වරුන්ගේ රජ වී තිර්ශාහි දෑවුරුද්දක් රජකම් කෙළේ ය.
9
ඔහුගේ අශ්ව රථ සේනාවෙන් දෙකෙන් කොටසකට අධිපති ව සිටි ඔහුගේ සේවක වන සිම්රී ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට, තිර්ශාහි මාලිගාවේ ප්‍රධානියා වන අර්ශාගේ නිවෙසේ ඔහු බීමත් ව සිටින විට,
10
එහි ඇතුළු වී ජුදාහි රජ වන ආසාගේ විසිහත් වන අවුරුද්දේ දී ඔහුට පහර දී, ඔහු මරා ඔහු වෙනුවට රජ විය.
11
මෙසේ ඔහු රජ වී ස්වකීය සිංහාසනය පිට හිඳගත් වහාම බාෂාගේ නෑයන්ගෙන් වත්, මිත්‍රයන්ගෙන් වත්, කිසි පිරිමියෙකු ඉතුරු නොකොට ඔහුගේ වංශයේ සියල්ලන් මරාදැම්මේ ය.
12
මෙසේ සිම්රී, බාෂාගේ මුළු වංශය විනාශ කෙළේ, බාෂා ද ඔහුගේ පුත් ඒලා ද තමන්ගේ නිරර්ථක දේව රූපවලින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කරවමින් ඔවුන් විසින් කරන ලද,
13
ඉශ්රායෙල්වරුන්ට කිරීමට සලස්වන ලද ඔවුන්ගේ සියලු පාප නිසා උන් වහන්සේ දිවැසිවර ජේහු ලවා බාෂාට විරුද්ධ ව දෙන ලද තමන් වහන්සේගේ පණිවුඩය හැටියට ය.
14
ඒලා පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
15
ජුදාහි රජ වන ආසාගේ විසිහත් වන අවුරුද්දේ දී සිම්රී තිර්ශාහි සත් දවසක් රජකම් කෙළේ ය. එවිට සෙනඟ පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතොන් නගරය වටලා කඳවුරු බැඳගෙන සිටියෝ ය.
16
‘සිම්රී කුමන්ත්‍රණ කොට රජුටත් පහර දුන්නේ ය’ කියා කඳවුරු බැඳගෙන සිටි සෙනඟ ඇසූ විට, සියලු ඉශ්රායෙල්වරු ඔවුන්ගේ සේනාපති වූ ඔම්රී ඒ දවසේ කඳවුරේ දී ඉශ්රායෙල්වරුන්ගේ රජ ලෙස පත් කළෝ ය.
17
ඔම්රී ද ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ද ගිබ්බෙතොන් නගරයේ සිට ගොස් තිර්ශා වටලා ගත්තෝ ය.
18
තවද, නගරය අල්ලාගත් බව සිම්රී දුටු විට ඔහු රජ මාලිගාවේ බලකොටුවට ඇතුළු වී රජ මාලිගාවට ගිනි ලා ගෙන මළේ ය.
19
එසේ වුණේ, ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරමින්, ජෙරොබෝවම්ගේ මාර්ගයෙහි ද ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සලස්වන ලෙස ඔහු කළ පාපයේ හැටියට ද හැසිරෙමින් ඔහු කළ පාප නිසා ය.
20
සිම්රී පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ ද්‍රෝහිකම් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
21
එකල ඉශ්රායෙල් සෙනඟ දෙපක්ෂයකට බෙදී සෙනඟගෙන් දෙකෙන් කොටසක් ගීනත්ගේ පුත් තිබ්නී රාජ ධුරයට පත් කරගැනීමට ඔහුට එකතු වූ හ. අනෙක් කොටස ඔම්රීට එකතු වූ හ.
22
එහෙත්, ඔම්රීට එකතු වුණ සෙනඟ ගීනත්ගේ පුත් තිබ්නීට එකතු වූ සෙනඟ පරාජය කළෝ ය. මෙසේ තිබ්නී මළේ ය. ඔම්රී රජ විය.
23
ජුදාහි රජ වූ ආසාගේ තිස්එක් වන අවුරුද්දේ දී ඔම්රී ඉශ්රායෙල්වරුන්ගේ රජ වී දොළොස් අවුරුද්දක් රජකම් කෙළේ ය. තිර්ශාහි ඔහු අවුරුදු හයක් රජකම් කෙළේ ය.
24
ඔහු සමාරිය කන්ද රිදී කාසි හයදහසකට ෂෙමෙර්ගෙන් මිලේට ගෙන කන්දෙහි නගරයක් ගොඩනඟා, තමා ගොඩනැඟුවාවූ නගරයට කන්ද අයිතිකරු වූ ෂෙමෙර්ගේ නාමය අනුව සමාරිය යන නම තැබී ය.
25
ඔම්රී සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට තමාට පළමුවෙන් සිටි සියල්ලන්ට ම වඩා දුෂ්ට ලෙස ක්‍රියා කෙළේ ය.
26
මන්ද, ඔහු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ සියලු මාර්ගවල ද තමාගේ නිරර්ථක දේව රූපවලින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කරවන ලෙස ඉශ්රායෙල්වරුන්ට කරන්නට සැලැස්සූ ඔහුගේ පාප හැටියට ද පව් කෙළේ ය.
27
ඔම්රී කළ අනික් ක්‍රියා ද ඔහු කළ බලවන්තකම් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
28
ඔම්රී මරණයට පත් වූ විට සමාරියෙහි භූමිදාන කරනු ලැබී ය. ඔහුගේ පුත් ආහබ් ඔහු වෙනුවට රජ විය.
29
ජුදාහි රජ වූ ආසාගේ තිස්අට වන අවුරුද්දේ දී ඔම්රීගේ පුත් ආහබ් ඉශ්රායෙල්වරුන්ගේ රජ වී සමාරියේ විසිදෑවුරුද්දක් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.
30
ඔම්රීගේ පුත් ආහබ් ද තමාට පළමුවෙන් සිටි සෑම දෙනාට වඩා සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.
31
තවද, ඔහු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාප මාර්ගයෙහි හැසුරුණා පමණක් නොව, සීදොන්වරුන්ගේ රජ වූ එත්බාල්ගේ දුව වන ජෙශෙබෙල් බිරිඳ කොට පාවාගත්තේ ය. ඇරත්, ඔහු ගොස් බාල් දේවතාවාට වැඳුම්පිදුම් කරමින් නමස්කාර කෙළේ ය.
32
ඔහු සමාරියේ ගොඩනැඟුවාවූ බාල් දේවතාවාගේ දේවාලයෙහි බාල්ට පූජාසනයක් ද අෂේරා කප් කණු ද සෑදී ය.
33
ආහබ් තෙම තමාට පළමුවෙන් සිටි සියලු ඉශ්රායෙල් රජුන්ටත් වඩා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කරවන ක්‍රියා කෙළේ ය.
34
ඔහුගේ කාලයේ දී බෙතෙල්හි හීයෙල් නම් තැනැත්තා විසින් ජෙරිකෝව ගොඩනඟන ලදී. සමිඳාණන් වහන්සේ නූන්ගේ පුත් ජෝෂුවා ලවා දෙන ලද උන් වහන්සේගේ පණිවුඩය ලෙස, ඔහු එහි අත්තිවාරම් දමන විට ඔහුගේ කුළුඳුලා වන අබිරාම් ද ඔහු එහි දොරටු පිහිටුවන විට ඔහුගේ බාල පුත් සෙගුබ් ද නැසුණෝ ය.
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 17 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22