bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Kings 13
1 Kings 13
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 14 →
1
ජෙරොබෝවම් සුවඳ පූජා ඔප්පුකරමින්පූජාසනය ළඟ සිටිද්දී දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක්, සමිඳාණන් වහන්සේගේ ආඥාව පිට ජුදා සිට බෙතෙල් නගරයට පැමිණ,
2
උන් වහන්සේගේ ආඥාව පිට පූජාසනයට විරුද්ධ ව ප්‍රසිද්ධියේ චෝදනා කරමින්, “එම්බා පූජාසනය, පූජාසනය, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ජොසියා නම් පුත්‍රයෙක් දාවිත්ගේ වංශයට ඉපිද, කඳු මත පූජාස්ථානවල සුවඳ පූජා ඔප්පු කරන පූජකයන් මේ පූජාසනය පිට පූජා කරන්නේ ය; මිනීඇට ද තා පිට දවනු ලබන්නේ ය’ ”යි පැවසී ය.
3
ඔහු එම දවසේ ලකුණක් දෙමින්, “සමිඳාණන් වහන්සේ වදාළ ලකුණ නම්, ‘පූජාසනය පැළී එය පිට තිබෙන අළු විසිරී වැටීම ය’ ”යි කී ය.
4
දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා බෙතෙල්හි පූජාසනයට විරුද්ධ ව ප්‍රසිද්ධියේ චෝදනා කරමින් කී වචන ජෙරොබෝවම් රජු ඇසූ විට, ඔහු පූජාසනය වෙතින් තමාගේ අත දිගු කර, “ඔහු අල්ලාගනිව් ය”යි කීවේ ය. ඔහුට විරුද්ධ ව රජතුමා දිගු කළ තමාගේ අත, ආපසු නමා ගන්න බැරි ලෙස කොර විය.
5
තවද, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සමිඳාණන් වහන්සේගේ අණ පරිදි, දුන් ලකුණ හැටියට පූජාසනය පැළී, අළු පූජාසනයෙන් විසිරී වැටිණි.
6
රජ තෙම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට කතා කොට, “මාගේ අත සුව වන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කර මා උදෙසා යාච්ඤා කරන්නැ”යි කී ය. ඒ මනුෂ්‍යයා ද සමිඳාණන් වහන්සේට කන්නලව් කළ විට රජුගේ අත සුව වී පෙර තිබුණාක් මෙන් විය.
7
රජ ද, “මා සමඟ ගෙදරට පැමිණ විඩා හැරගන්න; ඔබට තුටු පඬුරක් දෙමි”යි ඒ මනුෂ්‍යයාට කීවේ ය.
8
එවිට ඒ මනුෂ්‍යයා, “ඔබේ ගෙයින් දෙකෙන් පංගුවක් මට දෙතත් මම ඔබ සමඟ එහි නොයමි. මේ ස්ථානයේ දී මා කිසිවක් කන්නේ වත්, වතුර බොන්නේ වත් නැත.
9
මන්ද, සමිඳාණන් වහන්සේගේ පණිවුඩයෙන් මට මෙසේ අණ කොට, ‘නුඹ කිසිවක් කන්න වත්, වතුර බොන්න වත්, ආ මගින් හැරී යන්න වත් එපා ය’කියා මට දන්වන ලද්දේ ය”යි රජුට කී ය.
10
මෙසේ ඔහු බෙතෙල් නගරයට පැමිණි මාර්ගයෙන් නැවත නොගොස් වෙන මාර්ගයකින් ගියේ ය.
11
බෙතෙල්හි මහලු දිවැසිවරයෙක් වාසය කෙළේ ය. ඔහුගේ එක් පුත්‍රයෙක් අවුත් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා එදා බෙතෙල්හි දී කළ සියලු ක්‍රියා ඔහුට දැන්වී ය. ඒ මනුෂ්‍යයා විසින් රජුට කියන ලද වචන ද ඔව්හු තම පියාට කී හ.
12
ඔවුන්ගේ පියා ද, “ඔහු කොයි මගින් ගියේ දැ”යි තම පුත්‍රයන්ගෙන් ඇසී ය. ජුදාහි සිට පැමිණි දෙවියන් වහන්සේට කැප වූ ඒ මනුෂ්‍යයා ගිය මාර්ගය ඔහුගේ පුත්‍රයන් විසින් දක්නා ලද්දේ ය.
13
“මට යෑමට සෑදලය යොදා කොටළුවා සූදානම් කර දෙන්නැ”යි ඔහු තම පුත්‍රයන්ට කී ය. ඔවුන් කොටළුවාගේ සෑදලය යොදා ඌ සූදානම් කර ඔහුට දුන් විට, ඔහු ඌ පිට නැඟී,
14
දෙවියන් වහන්සේට කැප වූ ඒ මනුෂ්‍යයා පසුපස ගොස්, ඔහු ආලෝන ගසක් යට වාඩි වී සිටිනු දැක, “ජුදා සිට පැමිණි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඔබ දැ”යි ඔහුගෙන් ඇසී ය. “ඒ මම ය”යි ඔහු කී විට,
15
“මා සමඟ ගෙදර අවුත් කෑම කන්නැ”යි ඔහුට කී ය.
16
ඔහු ද පිළිතුරු දෙමින්, “ඔබ සමඟ හැරී එන්න වත්, ඔබේ ගෙදරට ඇතුළු වන්න වත් මට නොපිළිවන. මේ ස්ථානයේ දී ඔබ සමඟ කෑම නොකමි, වතුර ද නොබොමි.
17
මන්ද, ‘නුඹ එහිදී කෑම කන්න වත්, වතුර බොන්න වත්, නුඹ යන මාර්ගයෙන් හැරී එන්න වත් එපා ය’ කියා සමිඳාණන් වහන්සේගේ පණිවුඩයෙන් මට කියන ලද්දේ ය”යි සැළ කෙළේ ය.
18
එවිට ඔහු, “මමත් ඔබ මෙන් ම දිවැසිවරයෙක්මි, දේව දූතයෙක් සමිඳාණන් වහන්සේගේ වචනයෙන් මට කතා කොට, ‘ඔහු කෑම කන පිණිසත්, වතුර බොන පිණිසත් ඔබේ ගෙදරට කැඳවාගෙන එන්න’ කියා දැන්වී ය”යි පැවසී ය. ඔහු ඒ තැනැත්තාට මෙසේ කීවේ බොරුවකි.
19
එවිට ඔහු මේ තැනැත්තා සමඟ ආපසු ගොස් ඔහුගේ ගෙදර කෑම කා වතුර බීවේ ය.
20
ඔවුන් මෙසේ හිඳින කල ඒ තැනැත්තා ආපසු කැඳවාගෙන ආ දිවැසිවරයා වෙත සමිඳාණන් වහන්සේගේ පණිවුඩය පැමුණුණේ ය.
21
ජුදාහි සිට පැමිණි දෙවියන් වහන්සේට කැප වූ ඒ මනුෂ්‍යයාට ඔහු කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹ සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට අකීකරු වී, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹට අණ කළ ආඥාව රක්ෂා නොකොට,
22
හැරී අවුත්, යම් ස්ථානයක දී කෑම කන්න වත්, වතුර බොන්න වත් එපා යයි නුඹට වදාළ සේක් ද, ඒ ස්ථානයෙහි දී නුඹ කෑම කා, වතුර බිවු නිසා, නුඹේ මළකඳ නුඹේ පියවරුන්ගේ සොහොන් ගෙට නොපැමිණෙන්නේ ය’ “යි කී ය.
23
තවද, ඔහු ආහාර පාන වැළඳූ පසු ඔහු විසින් ආපසු කැඳවාගෙන එන ලද දිවැසිවරයාට යෑම සඳහා කොටළුවාට සෑදලය යොදන ලදී.
24
ඔහු පිටත් ව ගිය පසු මාර්ගයේ දී සිංහයෙක් ඔහුට සම්බ වී ඔහු මැරුවේ ය. ඔහුගේ මළකඳ මාර්ගයෙහි දමනු ලැබූ විට කොටළුවා සහ සිංහයා ඒ ළඟ සිටියෝ ය.
25
ඒ ළඟින් ගිය මනුෂ්‍යයෝ මළකඳ මාර්ගයෙහි වැටී තිබෙන බව ද සිංහයා මළකඳ ළඟ සිටින බව ද දැක මහලු දිවැසිවරයා විසූ නගරයට අවුත් ඒ බව කී හ.
26
මාර්ගයෙන් ඔහු කැඳවාගත් දිවැසිවරයා එපවත් අසා, “ඒ වනාහි සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට අකීකරු වූ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ය. එබැවින් සමිඳාණන් වහන්සේ ඔහුට දුන් පණිවුඩය ලෙස උන් වහන්සේ ඔහු සිංහයාට පාවා දුන් සේක. ඌ ඔහු ඉරා මරා දැමී ය”යි කී ය.
27
තවද, ඔහු “කොටළුවාට සෑදලය යොදන්නැ”යි තම පුත්‍රයන්ට කියා, ඔවුන් එලෙස කළ පසු ඔහු ගියේ ය.
28
එවිට මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත්, කොටළුවා හා සිංහයා ද මළකඳ ළඟ සිටිනවාත් ඔහුට සම්බ විය. සිංහයා මළකඳ කා තිබුණේ වත්, කොටළුවා ඉරා දමා තිබුණේ වත් නැත.
29
ඒ මහලු දිවැසිවරයා ද දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ගැන වැලපී, ඔහු තැන්පත් කරන පිණිස ඔහුගේ මළකඳ ඔසවා කොටළුවා පිට තබා, සිය නගරයට ගෙන ගොස්,
30
තමාගේ ම සොහොන් ගෙයි තැබී ය. ඔහු ද, “අහෝ, මාගේ සහෝදරය” කියා ඔහු ගැන වැලපුණේ ය.
31
තවද, ඒ මහලු දිවැසිවරයා ඔහු තැන්පත් කළ පසු තමාගේ පුත්‍රයන්ට කතා කොට, “මා මැරුණ විට දෙවියන් වහන්සේට කැප වූ ඒ මනුෂ්‍යයා තැන්පත් කරන ලද සොහොන් ගෙයි මාත් තැන්පත් කරන්න; ඔහුගේ ඇටකටු ළඟ මාගේ ඇටකටු ද තබන්න.
32
මන්ද, ඔහු බෙතෙල්හි පූජාසනයටත්, සමාරියේ නගරවල කඳු මත පූජාස්ථානවලටත් විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ ආඥාව පරිදි කී පණිවුඩය ඉෂ්ට වනු සිකුරු ය”යි කී ය.
33
මේ සිද්ධියට පසු ව වුව ද, ජෙරොබෝවම් තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරී, නැවතත් සියලු මිනිසුන්ගෙන් ගිරිකුළු දේවාලවලට පූජකයන් පත් කෙළේ ය. කැමැති වූ කොයි අය නමුත්, ගිරිකුළු දේවාලවල පූජකයන් වීමට ඔහු කැප කෙළේ ය.
34
මේ කරුණ වූකලී ජෙරොබෝවම්ගේ වංශය පහකොට මිහි පිටින් විනාශ කිරීමට ඔවුන් කෙරෙහි පාපයක් විය.
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 14 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22