bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Kings 4
1 Kings 4
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 5 →
1
සලමොන් රජ සියලු ඉශ්රායෙල්වරුන්ට රජ ව සිටියේ ය.
2
ඔහුගේ උසස් නිලධාරීහු මොවුහු ය. ශාදොක්ගේ පුත් අශරියා පූජකයා ය;
3
ෂිෂාගේ පුත්‍රයන් වන එලිහොරෙප් සහ අහියා ලේකම්වරු ය; අහිලුද්ගේ පුත් ජෙහෝෂාපාට් වාර්තාකරු ය;
4
ජෙහෝයාදාගේ පුත් බෙනායා සේනාපතියා ය; ශාදොක් සහ අබියාතර් පූජකවරු ය;
5
නාතාන්ගේ පුත් අශරියා ප්‍රාදේශිය ආණ්ඩුකාරයන්ගේ පාලකයා ය; නාතාන්ගේ පුත් පූජක සාබුද් රාජකීය පුරෝහිතයා ව සිටියේ ය.
6
අහිෂාර් වනාහි රජ ගෙදර ප්‍රධානියා ය. අබ්දාගේ පුත් අදොනිරාම් රාජකාරියේ මුලාදෑනියා ය.
7
රජුටත්, ඔහුගේ ගෘහවාසීන්ටත් ආහාර සපයන පිණිස සලමොන් රජ නිලධාරීන් දොළොස්දෙනෙකු සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි පත් කෙළේ ය. එකිනෙකා අවුරුද්දකට මාසයක් බැගින් එසේ ආහාර සපයා දුන්නෝ ය.
8
ඔවුන්ගේ නාම මේ ය; එප්‍රායිම් කඳුකරයේ විසූ බෙන්-හුර් ය;
9
මාකශ්, ෂායාල්බිම්, බෙත්-ෂෙමෙෂ් සහ ඒලොන්-බෙත්-හානාන් යන නගරවල විසූ බෙන්-දෙකෙර් ය;
10
අරුබ්බෝත්හි බෙන්-හෙසෙද් ය; මොහුට සෝකෝව නුවර සහ මුළු හේපෙර් රට ද පැවරිණි.
11
දෝර් නම් මුළු කඳුකර පෙදෙසෙහි විසූ බෙන්-අබිනාදාබ් ය. ඔහුගේ භාර්යාව සලමොන්ගේ දුව වන තාපත් ය.
12
අහිලුද්ගේ පුත් බානාට තයනාක් සහ මෙගිද්දෝ යන නගර ද ශාරෙතාන් නගරය අසල ජෙශ්‍රෙයෙල් නම් නගරයට දකුණින් පිහිටි මුළු බෙත්-ෂෙයාන් පෙදෙස ද පැවරිණි. ඒ පෙදෙස බෙත්-ෂෙයාන් පටන් ආබෙල්-මෙහෝලා දක්වා ද ජොක්මෙයාම් නගරයට එහා සීමා දක්වා ද විහිදී තිබේ.
13
රාමොත්-ගිලියද්හි සිටි බෙන්-ගෙබර් ය; ගිලියද්හි සිටි මනස්සේගේ පුත් ජායීර්ගේ නගර ද පවුරු ද ලෝකඩ අගුල් ද ඇති මහා නගර හැටක් සහිත බාෂාන් නම් පෙදෙසෙහි අර්ගොබ් පළාත ඔහුට පැවරිණි.
14
මහනයිම් නගරයේ විසූ ඉද්දෝගේ පුත් අහිනාදාබ් ය.
15
නප්තලීගේ පෙදෙසෙහි විසූ අහීමයාශ් ය; ඔහු ද සලමොන් රජුගේ දුව වන බාසෙමත් භාර්යාව කොට පාවාගෙන තිබිණි.
16
ආෂෙර් පෙදෙසෙහි බෙයාලොත් නගරයේ විසූ හූෂයිගේ පුත් බානා ය.
17
ඉස්සාකර්ගේ පෙදෙසෙහි විසූ පරුවාගේ පුත්‍ර වන ජෙහෝෂාපාට් ය.
18
බෙන්ජමින්ගේ පෙදෙසෙහි විසූ ඒලාගේ පුත් ෂිමෙයි ය.
19
අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ගේ ද බාෂාන්හි රජ වූ ඕග්ගේ ද දේශය වූ ගිලියද් දේශයෙහි විසූ උරීගේ පුත් ගෙබෙර් ය. ඒ දේශයෙහි සිටියේ එක නිලධාරියෙක් පමණ ය.
20
ජුදාවරු ද ඉශ්රායෙල්වරු ද මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් අධික ව සිටියෝ ය. ඔව්හු කමින්බොමින් ප්‍රීතිවෙමින් පසු වූ හ.
21
සලමොන් රජ වනාහි යුප්‍රටීස් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ දේශ සීමාව දක්වා සියලු රාජ්‍යයන් ආණ්ඩු කෙළේ ය. ඔව්හු කප්පම් ගෙනවුත් දී සලමොන් රජුගේ මුළු කාලය තුළ ඔහුට සේවය කළෝ ය.
22
දවසකට සලමොන් රජුගේ ආහාර මෙසේ ය. සිහින් පිටි ලීටර් පන්දහසකි. වෙන පිටි ලීටර් දසදහසකි.
23
මුවන් ද තිත් මුවන් ද තරු මුවන් ද තර කළ පක්ෂීන් ද හැර, තර හරක් දසදෙනෙකි, කෙතේ හරක් විසිදෙනෙකි, බැටළුවෝ සියයකි.
24
ඔහු තිප්සා පටන් ගාසා දක්වා ම යුප්‍රටීස් ගංගාවෙන් මෙගොඩ තිබෙන මුළු දේශය ද මේ ගංගාවෙන් මෙගොඩ විසූ සියලු රජුන් ද පාලනය කෙළේ ය. ඔහු අවට සෑම දිශාවල සාමය පැවතිණි.
25
මොහුගේ මුළු කාලය තුළ දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා ජුදාවරු ද ඉශ්රායෙල්වරු ද එකිනෙකා තම තමාගේ මිදි වතු හා අත්තික්කා වතුවල අයිතිය භුක්ති විඳිමින් සුව සේ වාසය කළෝ ය.
26
සලමොන් රජුගේ රථවලට ගාල් සතළිස්දහසක අශ්වයෝ සිටියෝ ය; අසරුවෝ දොළොස්දහසක් ද සිටියෝ ය.
27
ඒ නිලධාරීහු එකිනෙකා තම තමාට නියම මාසයේ දී සලමොන් රජුට ද ඔහුගේ කෑම මේසයට පැමිණි සියල්ලන්ට ද කිසිවක් අඩු වන්න ඉඩ නෑර ආහාර සපයා දුන්නෝ ය.
28
ඔව්හු එකිනෙකා තම තමාට නියම වී තිබුණු ලෙස රථ අදින අසුන්ටත්, බර අදින සතුන්ටත් යව සහ පිදුරු නියම ස්ථානයට ගෙනාවෝ ය.
29
දෙවියන් වහන්සේ ඉමහත් ප්‍රඥාවත්, විචක්ෂණ බුද්ධියත්, මුහුදු වෙරළේ වැලි මෙන් පෘථුල ඥානයත් සලමොන් රජු හට දුන් සේක.
30
මොහුගේ ප්‍රඥාව පෙරදිග රටවල සියලු ජනතාවගේ ප්‍රඥාවත්, මිසරවැසියන්ගේ සියලු ප්‍රඥාවත් ඉක්මවා ගියේ ය.
31
මන්ද, ඔහු සියලු මිනිසුන්ට ද එස්රාහීය ජාතික ඒතාන්ට ද මාහොල් නමැත්තාගේ පුත්‍රයන් වන හේමන්ට ද කල්කොල්ට ද දර්දාට ද වඩා ප්‍රඥාවන්ත ව සිටියේ ය. ඔහුගේ කීර්තිය අවට සිටි සියලු ජාතීන් අතරේ පතළ වී ගියේ ය.
32
ඔහු උපදේශ වාක්‍ය තුන්දහසක් කීවේ ය. ඔහුගේ ගීතිකා එක්දාස් පහකි.
33
ඔහු ලෙබනොන් දේශයෙහි තිබෙන කිහිරි ගහ පටන් බිත්තියේ හටගන්න හිසොප් ගහ දක්වා වෘක්ෂලතා ගැන කතා කෙළේ ය. ඔහු මෘගයන් ද පක්ෂීන් ද උරගයන් ද මත්ස්‍යයන් ද ගැනත් කතා කෙළේ ය.
34
විවිධ ජාතීහු සලමොන්ගේ ප්‍රඥාව ඇසීමට පැමිණියෝ ය. ඔහුගේ ප්‍රඥාව ගැන ඇසූ පොළොවේ භූපතීන්ගෙන් ඔහු තෑගිබෝග ලැබුවේ ය.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22