bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Ezekiel 11
Ezekiel 11
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 12 →
1
දේවාත්මානුභාවය මා ඔසවාගෙන ගොස් නැගෙනහිර දෙසට තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ නැගෙනහිර දොරටුවට මා පැමිණෙව්වේ ය. බලන්න, මනුෂ්‍යයෝ විසිපස්දෙනෙක් දොරකඩ සිටියෝ ය. ඔවුන් අතරේ සෙනඟගේ අධිපතීන් වන අස්සුර්ගේ පුත් ජාසිනියා ද බෙනායාගේ පුත් පෙලතියා ද සිටිනු දිටිමි.
2
උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, මේ නුවර පුරා දුෂ්ටකම් යෝජනා කරන, නපුරු මන්ත්‍රණ යොදන මනුෂ්‍යයෝ මොවුහු ය.
3
මොවුහු කතා කොට, ‘ගෙවල් ගොඩනඟන්න කාලය ළං වී නැද් ද? මේ නුවර කල්දේරමක් වැනි ය; අපි එහි පිසෙන මාංසය වැනි ය; එනම් අපට නුවර තුළ තරමක ආරක්ෂාව ඇතැ’යි කියති.
4
එබැවින් ඔවුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියන්න, මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියන්න.”
5
එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය මා කෙරෙහි පැමිණ, මට කතා කරමින් මෙසේ වදාළ සේක: “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න: ‘අනේ ඉශ්රායෙල් වංශය, නුඹලා මෙසේ සිතන්නහු ය; නුඹලාගේ සිත්වල හටගන්න අදහස් දනිමි.
6
නුඹලා මේ නුවර තුළ බොහෝ සේ මිනී මරා එහි වීදි මළකඳන්වලින් පුරවා තිබේ.
7
“ ‘එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාංසය වශයෙන් හැඳින්වෙන්නේ නගරයෙහි නුඹලා විසින් බාවනු ලැබ ඇති, නුඹලා අතින් මැරුම්කනු ලැබූ අය ය; කල්දේරම වශයෙන් හැඳින්වෙන්නේ නගරය ය. එහෙත්, නුඹලා මෙයින් පිටත ගෙනෙනු ලබන්නහු ය.
8
නුඹලා කඩුවට බිය ව සිටියහු ය. මම ද නුඹලා පිට කඩුව පමුණුවන්නෙමි යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
9
මම නුඹලා පිටතට ගෙනවුත් විදේශීන් අතට නුඹලා පාවා දී, මාගේ විනිශ්චයයන් නුඹලාට විරුද්ධ ව ඉෂ්ට කරන්නෙමි.
10
නුඹලා කඩුවෙන් නසින්නහු ය. ඉශ්රායෙල් දේශ සීමාවේ දී මම නුඹලා විනිශ්චය කරන්නෙමි; එසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.
11
මේ නුවර නුඹලාගේ කල්දේරම නොවන්නේ ය. නුඹලා එය තුළ මාංසය ද නොවන්නහු ය. ඉශ්රායෙල් දේශ සීමාවේ දී මම නුඹලා විනිශ්චය කරන්නෙමි. එවිට මා ස්වාමීන් බව නුඹලා දැනගන්නහු ය.
12
එසේ මාගේ නියෝග ප්‍රකාර නොහැසිර, මාගේ පණත් ඉෂ්ට නොකොට, නුඹලා අවට සිටින ජාතීන්ගේ පණත් ප්‍රකාරයට ක්‍රියා කළහු ය.’ “
13
මා විසින් එසේ දිවැස් වැකි කියද්දී බෙනායාගේ පුත් පෙලතියා මැරී වැටුණේ ය. එවිට මම මුණින් වැටී, “අනේ! මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, ඉතිරි ව සිටින ඉශ්රායෙල්වරුන් ඔබ නැත්තට ම නැතිකරන සේක් දැ”යි මහා හඬින් මොරගසා ඇසීමි.
14
තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:
15
“මනුෂ්‍ය පුත්‍රය, ජෙරුසලමේ සිටින අය නුඹ ගැනත්, විප්‍රවාසගත ව සිටින නුඹේ ඥාති ඉශ්රායෙල් සහෝදරයන් ගැනත් කතා කරමින්, ‘දෙවියන් වහන්සේ කෙරෙන් නුඹලා පිටුවහල් කර ඇත; උරුමයක් වශයෙන් දේශය දෙන ලද්දේ අපට යැ’යි කියති.
16
“එබැවින්, ‘දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න: මා විජාතීන් අතරට ඔවුන් පලවා හැර, දුර දේශවල ඔවුන් විසිර වූ නමුත්, ඔවුන් පැමිණ සිටින ඒ දේශයන්හි මම ස්වල්ප කලකට ඔවුන් සමඟ වැඩ සිටින්නෙමි.’
17
එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ජාතීන් අතරෙන් නුඹලා එකතු කර, නුඹලා විසිර සිටින දේශවලින් නුඹලා රැස් කොට ඉශ්රායෙල් රට නුඹලාට දෙන්නෙමි.
18
ඔවුන් එහි පැමිණ එහි සියලු අශික්ෂිත දේ ද එහි සියලු පිළිකුල්කම් ද එතැනින් පහකරනු ඇත.
19
මම ඔවුන්ට ඒකමතික සිතක් දෙන්නෙමි, අලුත් ආධ්‍යාත්මික බලයක් ද නුඹලා තුළ තබන්නෙමි.
20
ඔවුන් මාගේ පණත් ප්‍රකාර හැසිර, මාගේ නියෝග රක්ෂා කොට පවත්වන පිණිස, ඔවුන්ගේ ගල් සිත පහකොට මුදු මොළොක් සිතක් ඔවුන්ට දෙන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.
21
එහෙත්, තමන්ගේ අශික්ෂිතකම් ද තමන්ගේ පිළිකුල්කම් ද කෙරෙහි සිත ඇදී ගොස් ඇති අයට ඔවුන්ගේ ක්‍රියාවල විපාක විඳින්නට සලස්වන්නෙමි’ මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”
22
එකල කෙරුබ්වරු තමන්ගේ පියාපත් එසෙවුවෝ ය. රෝදත් ඔවුන් එක් ව ම තිබුණේ ය. ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ තේජස ඔවුන්ට ඉහළින් තිබුණේ ය.
23
සමිඳාණන් වහන්සේගේ තේජස ඉහළට නැඟී නගරයෙන් පිට වී ගොස් නැගෙනහිරින් තිබෙන කන්ද උඩ පිහිටියේ ය.
24
එවිට ආත්මානුභාවය මා ඔසවා කල්දියාවෙහි විප්‍රවාසගත ව සිටින අය වෙත පැමිණෙව්වේ ය. මේ සියල්ල සිදු වූයේ දේවාත්මානුභාවය විසින් එවන ලද දර්ශනයක් මඟිනි. මෙසේ මා දුටු දර්ශනය මා වෙතින් පහ ව ගියේ ය.
25
මම ද සමිඳාණන් වහන්සේ මට පෙන්වූ සියලු දේ විප්‍රවාසගත ව සිටි අයට කීවෙමි.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48