bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Ezekiel 40
Ezekiel 40
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 39
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 41 →
1
නගරය සතුරන්ට අසු වීමෙන් පසු, දසසතර වන අවුරුද්දේ අප විප්‍රවාසයට ගෙන ගොස් විසිපස් වන වසර පටන්ගැන්මේ දී මාසයේ දස වන දින සමිඳාණන් වහන්සේගේ බලය මා පිට පැමිණියේ ය.
2
දෙවියන් වහන්සේගේ දර්ශන මඟින් ඉශ්රායෙල් දේශයට මා පමුණුවා, ඉතා උස් වූ කන්දක් මත මා සිටෙවූ සේක. ඒ කන්ද පිට නුවරක් වැනි නිර්මාණයක් මා ඉදිරියෙහි තිබිණි.
3
උන් වහන්සේ මා එතැනට පැමිණෙවූ විට, ලෝකඩ නිර්මාණයක් වැනි පෙනීමක් ඇති මිනිසෙකු තමාගේ අතේ හණ ලණුවක් ද මනින දණ්ඩක් ද ඇති ව දොරටුව ළඟ සිටිනු දිටිමි.
4
ඒ මිනිසා මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, නුඹේ නෙත්වලින් බලා, කන්වලින් අසා මා නුඹට පෙන්වන සියල්ල දෙස නුඹේ සිත යොමු කරන්න. මන්ද, නුඹ මේ ස්ථානයට පමුණුවනු ලැබුවේ ඒවා නුඹට පෙන්වන පිණිස ය. නුඹ දකින සියල්ල ඉශ්රායෙල් සෙනඟට දන්වන්නැ”යි කීවේ ය.
5
දේව මාලිගාව පිහිටි භූමියට පිටින් වටේට තාප්පයක් තිබුණේ ය. ඒ මිනිසාගේ අතේ මීටර් තුනක් දිග ඇති මිණුම් දණ්ඩක් විය. මීටර් භාගයක දිග රියනකුත් වියතකි. එවිට ඔහු තාප්පේ පළලත් දිගත් මැන්නේ ය. එහි පළල මීටර් තුනක් ය. උසත් මීටර් තුනකි.
6
ඔහු නැගෙනහිර දෙසට තිබෙන දොරටුවට අවුත්, එහි පඩිවලින් නැඟී එළිපත්ත මැන්නේ ය. එය මීටර් තුනක් උස ය.
7
එහි එක එක මුර කාමරයේ දිග මීටර් තුනකි. පළලත් මීටර් තුනකි. මුර කාමර අතර පරතරය මීටර් දෙකහමාරකි. දොරටුවේ ඇතුළු පැත්තේ එළිපත්තේ සිට ප්‍රවේශ ශාලාවේ දිග මීටර් තුනකි.
8
ඉන්පසු ඔහු ප්‍රවේශ ශාලාව මැන්නේ ය. එය මීටර් හතරකි.
9
එහි උළුවහු කණුවල උස මීටර් එකකි. ප්‍රවේශ ශාලාව දේව මාලිගාව දෙසට තිබුණේ ය.
10
නැගෙනහිරට තිබුණු දොරටුවේ එක පැත්තක කුඩා මුර කාමර තුනක් ද අනෙක් පැත්තේ තුනක් ද තිබුණේ ය. ඒ කාමර එක ප්‍රමාණයට සාදා තිබිණි.
11
ඔහු දොරකඩ පළලත් මැන්නේ ය. එය මීටර් පහකි. දොරටුවේ දිග මීටර් හයහමාරකි.
12
මුර කාමරය ඉදිරිපිට මීටර් භාගයක ගරාදි වැටක් තිබුණේ ය. අනික් පැත්තේ ද මීටර් භාගයක් දිග ගරාදි වැටක් තිබුණේ ය. මුර කාමරයක එක පැත්තක් මීටර් තුනක් ද අනික් පැත්ත මීටර් තුනක් ද බැගින් විය.
13
ඔහු එක කාමරයක පියස්සේ සිට අනික් කාමරයේ පියස්ස දක්වා දොරටුව මැන්නේ ය. එක දොරකඩක සිට අනික් දොරකඩ දක්වා දුර මීටර් දෙකහමාරකි.
14
ඔහු ප්‍රවේශ ශාලාව මැන්නේ ය. එය මීටර් දහයකි. ප්‍රවේශ ශාලාව වටේට මළුව තිබුණේ ය.
15
ඇතුළු වන දොරටුවේ ඉස්සරහ පැත්තේ සිට ඇතුළු ප්‍රවේශ ශාලාවේ ඉස්සරහ පැත්ත දක්වා මීටර් විසිපහකි.
16
ඒ කුඩා මුර කාමරවලටත්, ඒවායේ කණුවලටත් ප්‍රවේශ ශාලාවේ ඇතුළු පැත්තේ වටේට පටු කවුළු තිබුණේ ය. කණුවල තල් ගස් කැටයම් කර තිබුණේ ය.
17
එවිට ඔහු පිට මළුවට මා ගෙනාවේ ය. ඒ මළුවේ කාමර සහ ඒවා වටකර ගල් ඇල්ලූ වේදිකාවක් තිබුණේ ය. ඒ ගල් බිම පිට කාමර තිහක් තිබුණේ ය.
18
දොරටු පැත්තට තිබුණු කවුළුවල දිග ගල් බිමේ ප්‍රමාණයට තිබුණේ ය. එය පහළ ගල් වේදිකාව ය.
19
ඔහු ද පහළ දොරටුවේ ඉස්සරහ පැත්තේ සිට ඇතුළු මළුවේ ඉස්සරහ පැත්ත දක්වා පිටතින් පළල මැන්නේ ය. නැගෙනහිරටත්, උතුරටත් මීටර් පණහක් තිබුණේ ය.
20
ඔහු මා ඉදිරියෙන් උතුරට ගමන් ගත්තේ ය. එහි උතුරු දෙසට හැරුණු දොරටුවක් තිබිණි. උතුරට තිබුණු පිට මළුවේ දොරටුවේ දිගත් පළලත් ඔහු මැන්නේ ය.
21
එහි එක පැත්තක මුර ගෙවල් තුනක් ද අනික් පැත්තෙහි තුනක් ද තිබුණේ ය. එහි කණු ද එහි ශාලා ද පළමු වන දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේ ය. එහි දිග මීටර් විසිපහක් ය. එහි පළල මීටර් දොළහමාරක් ය.
22
එහි කවුළු ද එහි ශාලා ද තල් ගස් ද නැගෙනහිරට තිබුණු දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේ ය. එයට නඟින්නට පඩි සතක් විය. එහි ශාලා ද ඒවා ඉදිරිපිට තිබුණේ ය.
23
නැගෙනහිරට මෙන් ම උතුරු දොරටුවට ඉදිරිපිටින් ඇතුළු මළුවට දොරටුවක් තිබුණේ ය. ඔහු දොරටුවෙන් දොරටුවට මැන්නේ ය. එය මීටර් පණහක් විය.
24
ඔහු දකුණු පැත්තටත් මා ගෙන ගියේ ය. දකුණු දෙසටත් දොරටුවක් තිබුණේ ය. එහි කණු ද එහි ශාලා ද මැන්නේ ය. ඒවා පෙර ගොඩනැඟිලිවල මිම්මට සමාන ය.
25
ඒ කවුළු මෙන් ම වටකර මෙයටත්, මෙහි ශාලාවලටත් කවුළු තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහකි. පළල මීටර් දොළහමාරකි.
26
එයට නඟින්නට පඩි සතක් තිබිණි. එහි ශාලා ද ඒවා ඉදිරිපිට තිබිණි. එක පැත්තක එකක් ද අනික් පැත්තෙහි එකක් ද බැගින් එහි කණුවල තල් ගස් කැටයම් කර තිබුණේ ය.
27
ඇතුළු මළුවටත් දකුණු දෙසට දොරටුවක් තිබිණි. ඔහු දකුණු දෙසට දොරටුවෙන් දොරටුවට මැන්නේ ය. එය මීටර් පණහකි.
28
ඔහු දකුණු දොරටුවෙන් ඇතුළු මළුවට මා පැමිණවී ය. ඔහු දකුණු දොරටුව මැන්නේ ය. දකුණු දොරටුව පෙර දොරටුව ප්‍රමාණයට තිබිණි.
29
එහි මුරගෙවල් ද එහි කණු ද එහි ශාලා ද ඒ මිමිවල ප්‍රකාරයට තිබුණේ ය. වටකර ම එයටත් එහි ශාලාවලටත් කවුළු තිබුණේ ය. එහි දිග මීටර් විසිපහක් ය, පළල මීටර් දොළහමාරකි;
30
වටකර ම ශාලා තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහකි. පළල මීටර් දොළහමාරකි.
31
එහි ශාලා පිට මළුව දෙසට තිබිණි. එහි කණුවලට තල් ගස් ද එයට නඟින්නට පඩි අටක් ද තිබිණි.
32
එවිට නැගෙනහිර මාර්ගයෙන් ඔහු ඇතුළු මළුවට මා පමුණුවා දොරටුව මැන්නේ ය. එය ද පෙර දොරටුවල ප්‍රමාණයට තිබිණි.
33
එහි මුර ගෙවල් ද එහි කණු ද ශාලා ද පෙර ගොඩනැඟිලි ප්‍රමාණයට තිබිණි. එයටත්, එහි ශාලාවලටත් වටකර කවුළු තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහක් ය. පළල මීටර් දොළහමාරකි.
34
එහි ශාලා පිට මළුව දෙසට තිබිණි. එහි කණුවල දෙපැත්තෙහි තල් ගස් ද එයට නඟින්නට පඩි අටක් ද විය.
35
ඔහු උතුරු දොරටුවට මා පමුණුවා එය මැන්නේ ය. එය ද පෙර දොරටුවල ප්‍රමාණයට තිබිණි.
36
එය සහ එහි මුර ගෙවල් ද එහි කණු ද එහි ශාලා ද මැන්නේ ය. වටකර ඊට කවුළු තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහක් ය, පළල මීටර් දොළහමාරකි.
37
එහි ශාලා පිට මළුව දෙසට තිබිණි. එහි කණුවල දෙපැත්තෙහි තල් ගස් ද ඒකට නඟින්නට පඩි අටක් ද විය.
38
ප්‍රවේශ ශාලාවේ කණු ළඟ කාමරයක් ද එහි දොරකඩක් ද තිබුණේ ය. එය තිබුණේ එහි දවන පූජාව සෝදන පිණිස ය.
39
දොරටුවේ ශාලාවේ එක පැත්තක මේස දෙකක් ද අනික් පැත්තෙහි මේස දෙකක් ද තිබිණි. ඒවා තිබුණේ ඒ මත දවන පූජාව ද පාප පූජාව ද අපරාධ පූජාව ද සඳහා සතුන් මරණ පිණිස ය.
40
උතුරු දොරකඩට නඟින තැන, මළුවෙහි එක පැත්තක මේස දෙකක් ද අනික් පැත්තේ මේස දෙකක් ද තිබිණි.
41
දොරටුවේ එක පැත්තක මේස හතරක් ද අනික් පැත්තේ මේස හතරක් ද බැගින් මේස අටක් විය. මේ මේස යාග සතුන්ගේ මාංස තබන පිණිස ය.
42
සෙන්ටිමීටර් හැත්තෑපහක් දිග ද සෙන්ටිමීටර් හැත්තෑපහක් පළල ද සෙන්ටිමීටර් පණහක් උස ද ඇති කැපූ ගල් මේස හතරකුත් තිබිණි. ඒවා තිබුණේ ඒ මත දවන පූජා ද වෙනත් පූජා ද සඳහා යාග සතුන් මරන්න පාවිච්චි කරන ආයුධ තැබීමට ය.
43
ශාලාව ඇතුළේ වටේට අල්ලක පළල ඇති කොකු සවිකර තිබිණි. පූජා මාංස තබන පිණිස මේස තිබිණි.
44
ඉක්බිති ඔහු මා පිටතින් ඇතුළු මළුවට කැඳෙව්වේ ය; ඇතුළු දොරටුවට පිටතින් උතුරු දිග දොර ළඟ ඇතුළු මළුවේ ගී ගයන්නන්ගේ කාමර දෙකක් තිබුණේ ය. ඒවා එකක් දකුණු දෙසට විය. අනික පෙරදිග දොර ළඟ උතුරු දිගට විය.
45
ඔහු ද, “ඉස්සරහ පැත්ත දකුණු දෙසට තිබෙන මේ කාමරය ගෘහයේ සේවය පවත්වන පූජකයන්ටත්
46
ඉස්සරහ පැත්ත උතුරු දෙසට තිබෙන, කාමරය පූජාසනයේ සේවය පවත්වන පූජකයන්ටත් ය. ඔව්හු වනාහි සමිඳාණන් වහන්සේට සේවය කරන්න උන් වහන්සේ ළඟට යන්ටත් ය. ඔව්හු වනාහි සමිඳාණන් වහන්සේට සේවය කරන්න උන් වහන්සේ ළඟට පැමිණෙන ලෙවීගේ පුත්‍රයන්ගෙන් වූ ශාදොක්ගේ පුත්‍රයෝ ය”යි මට කී ය.
47
එවිට ඔහු මළුව මැන්නේ ය. දිග මීටර් පණහක් ය, පළල මීටර් පණහක් ය. එය හරි හතරැස් ව තිබුණේ ය. පූජාසනය ගෘහයට ඉදිරිපිටින් තිබුණේ ය.
48
ඔහු දේව මාලිගාවේ ශාලාවට මා පමුණුවා, ශාලාවේ කණු එක එක මැන්නේ ය. එක පැත්තක් මීටර් දෙකහමාරක් බැගින් විය. දොරටුවේ පළල මීටර් හතක් විය. දොරටුවේ පැති මීටර් එකහමාරක් බැගින් විය.
49
ශාලාවේ දිග මීටර් දහයකි. පළල මීටර් හයකි. ඊට නඟින්න පඩි දහයක් තිබිණි. කුළුණුවලට කණු එක පැත්තක එකක් ද අනික් පැත්තෙහි එකක් ද බැගින් තිබුණේ ය.
← Chapter 39
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 41 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48