bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Ezekiel 24
Ezekiel 24
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 23
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 25 →
1
නව වන අවුරුද්දේ දස වන මාසයේ දස වන දා සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:
2
“මනුෂ්‍ය පුත්‍රය, මේ දවස එනම්, මේ අද දවස සටහන් කර තබන්න. බබිලෝනියේ රජ මේ දින ම ජෙරුසලම වටලා ඇත.
3
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘කැරලිකාර වංශයට උපමාවක් කියන්න. හැළිය ලිපේ තබාගන්න; ඊට වතුර වත්කරන්න.
4
එයට මස් කෑලි දමන්න. ඉතා හොඳ කෑලි වන පස්සා ගාතය ද ඉස්සරහ ගාතය ද ඉතා හොඳ කටු ද එයට පුරවන්න.
5
ඒක යට දර ගොඩ ගසන්න. වතුර උතුරුවන්න. එළු බැටළු රැළෙන් ඉතා හොඳ එකෙකුගෙන් ගත් කටු හා මස් තම්බන්න.
6
“ ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මිනීමරු නුවරට වන විපතක මහත! එය කිසි කලක ශුද්ධ නොකළ මලකඩ කෑ හැළියක් වැනි ය. එයින් එක එක කෑල්ල නොතෝරා එළියට ගන්න.
7
කුමක් නිසා ද, වගුළ ලේ තවමත් නගරයෙහි ම ඇත. ඈ ඒ ලේ පස්වලින් වැසී යන්න පොළොව පිට නොවගුරුවා පස් නැති පර්වත උඩ වැගිරෙව්වා ය.
8
මාගේ කෝපය උතුරා යන පිණිසත්, පළිගන්න පිණිසත් ඈ වගුළ ලේ සැඟවිය නොහැකි ලෙස මම පර්වතය උඩ තැබීමි.
9
“ ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මිනීමරු නුවරට වන විපතක මහත! මම මහා දර සෑයක් ගොඩ ගසන්නෙමි.
10
බොහෝ දර දමා, ගිනි දල්වා, මස් තම්බා, වතුර හිස් කර රසකාරක මිශ්‍ර කර කටු පුළුස්සාදමන්න.
11
ඉන්පසු හිස් ලෝකඩ හැළිය රත් වී ගිනියම් වී, එහි අපවිත්‍රකම ඒ තුළ උණු වී, එහි මලකඩ නැති වී යන පිණිස ඒක ගිනි අඟුරු මත තබන්න.
12
මම නිකරුණේ වෙහෙස වීමි. කුමක් නිසා ද, ජෙරුසලම, නුඹේ මලකඩ නමැති නුඹේ දූෂිත ක්‍රියා නුඹෙන් පහ ව නොයයි; ඒවා ගින්නෙන් වුව ද පහ ව නොයයි.
13
ජෙරුසලම, නුඹේ අපවිත්‍රකමෙන් නුඹ දූෂණය වී ඇත. මා නුඹ පිරිසිදු කරමින් සිටි නමුත්, නුඹේ අපවිත්‍රකමෙන් නුඹ පිරිසිදු වූයේ නැත; මාගේ කෝපය සම්පූර්ණයෙන් පහ වන තුරු මම තවත් නුඹ පිරිසිදු නොකරන්නෙමි;
14
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම එය කීවෙමි; එය සිදු වන්නේ ම ය. මම එය කරන්නෙමි. මා පසුබට වන්නේ වත්, දයාව දක්වන්නේ වත් නැත; නුඹේ කල්ක්රියාවේ හැටියට නුඹ විනිශ්චය කරනු ලබනු ඇත. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙය වදාරන සේක.’ “
15
සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:
16
“මනුෂ්‍ය පුත්‍රය, මෙන්න, නුඹ ඉතා ප්‍රේම කරන තැනැත්තිය හදිසියේ ම නුඹෙන් ඉවත් කරගනිමි. එහෙත්, නුඹ විලාප නොකිය යුතු ය; නොහැඬිය යුතු ය; නුඹේ කඳුළු නොවැගිරිය යුතු ය.
17
නිහඬ ව සුසුම්ලන්න; මළවුන් ගැන නොවැලපෙන්න; නුඹ නුඹේ ජටාව හිසේ බැඳ ගන්න; නුඹේ වහන් පාදවල දමාගන්න. මුහුණ වසා නොගන්න; මළගෙදර දානය නොකා සිටින්න.”
18
මම උදයේ සෙනඟට කතා කෙළෙමි; සවස මාගේ භාර්යාව මළා ය. මට අණ කළ ලෙස පසු දින උදයේ දී මම කෙළෙමි.
19
සෙනඟ ද කතා කරමින්, “නුඹ කරන මේ දේ අපට තේරුම්ගන්න පුළුවන් හැටියට නුඹ අපට නොකියන්නෙහි දැ”යි මාගෙන් ඇසූ හ.
20
එවිට මම ඔවුන්ට කතා කෝට මෙසේ කීමි; “සමිඳාණන් වහන්සේ මට කතාකොට මෙසේ වදාළ සේක. ‘දෙවි ස්වාමීන් වහන්සේ, ඉශ්රායෙල් වංශයට මෙසේ වදාරන සේක.
21
බලන්න, මම නුඹලාගේ උදාර අභිමානය ද නුඹලාගේ නෙත් පිනවන සම්පත ද නුඹලාගේ මන පිනවන අලංකාරය ද වන ශුද්ධස්ථානය කෙලෙසන්නෙමි; නුඹලා අත්හැර ආ නුඹලාගේ දරුදැරියෝ කඩු පහරින් වැටෙන්නෝ ය.
22
මා කළාක් මෙන් නුඹලාත් කරනු ඇත. නුඹලා මුහුණ වසා නොගෙන, මළ ගෙදර දානය නොකා සිටිනු ඇත.
23
නුඹලාගේ ජටාව නුඹලාගේ හිස්වල ද නුඹලාගේ පා වහන් නුඹලාගේ පාදවල ද වන්නේ ය. නුඹලා විලාප කියන්නේ වත්, අඬන්නේ වත් නැත; නුඹලාගේ අයුතුකම්වලින් නුඹලා ක්ෂය වී ගොස්, එකිනෙකා දෙස බලා සුසුම්ලනු ඇත.
24
මෙසේ එසකියෙල් නුඹලාට සලකුණක් වන්නේ ය; ඔහු කළ සියල්ල ලෙස නුඹලා ද කරනු ඇත. මෙය පැමිණි කළ මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.
25
“ ‘ඉතින් මනුෂ්‍ය පුත්‍රය, ඔවුන්ගේ බලය ද සොම්නස හා කීර්තිය ද ඔවුන්ගේ නෙත් සිත් පිනවන දෑ හා දරුදැරියන් මා ඔවුන්ගෙන් පැහැරගන්න දවසේ දී,
26
විනාශයෙන් මිදී පලා යන්නෙකු ඒ පුවත දන්වන්න නුඹ වෙත එනු ඇත.
27
ඒ දවසේ දී නැති වී ගිය නුඹේ කතා ශක්තිය නුඹට ලැබී, තවත් ගොළු ව නොසිට නුඹ ඒ තැනැත්තා සමඟ කතා කරනු ඇත. මෙසේ නුඹ ඔවුන්ට සලකුණක් වන්නෙහි ය; ඔවුන් මා සමිඳාණන් වහන්සේ බව දැනගනු ඇත.’ “
← Chapter 23
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 25 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48