bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Ezekiel 43
Ezekiel 43
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 42
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 44 →
1
තවද, ඔහු නැගෙනහිර දෙසට තිබුණු දොරටුව ළඟට මා ගෙන ගියේ ය.
2
එවිට ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ තේජාලංකාරය නැගෙනහිර දිශාවෙන් පැමිණෙනු දිටිමි. උන් වහන්සේගේ ශබ්දය බොහෝ ජල ඝෝෂාවක ශබ්දය මෙන් විය. පොළොව ද උන් වහන්සේගේ තේජාලංකාරයෙන් බැබළුණේ ය.
3
මා දුටු දර්ශනය නම්, මා නුවර විනාශ කරන්න එද්දී මා දුටු දර්ශනය හා සමාන ය. ඒ දර්ශනය කෙබාර් ඉවුරේ මා දුටු දර්ශනය හා සමාන ය. එවිට මම මුණින්තළා වී වැටුණෙමි.
4
සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරය නැගෙනහිර දෙසට තිබුණු දොරටුවේ මාර්ගයෙන් ගෘහයට ඇතුළු විය.
5
එවිට ආත්මානුභාවය මා ඔසවාගෙන ඇතුළු මළුවට මා පැමිණෙව්වේ ය. මාලිගාව සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් පිරී තිබෙන බව දිටිමි.
6
මනුෂ්‍යයෙක් ද මා ළඟ සිටියේ ය. කෙනෙකු මාලිගාවේ සිට මට කතා කරනු මට ඇසිණි. ඒ හඬ මා අමතා,
7
“මනුෂ්‍ය පුත්‍රය, මෙය මාගේ සිංහාසනය ඇති ස්ථානය ය. මා වැඩමකරන ස්ථානය ය. මම මෙහි ඉශ්රායෙල්වරුන් අතරෙහි සදාකාලේට ම වාසය කරන්නෙමි. ඉශ්රායෙල් වංශයටත්, ඔවුන්ගේ රජවරුන්ටත් තමන්ගේ වේශ්‍යාකම්වලින් ද තමන්ගේ රජවරුන්ගේ මළකඳන් වැළලීමෙන් ද මාගේ සුවිශුද්ධ නාමය අපවිත්‍ර කරන්නට තවත් ඉඩ නොදෙන්නෙමි.
8
ඔව්හු තමන්ගේ එළිපත්ත මාගේ එළිපත්ත ළඟ ද තමන්ගේ උළුවහු කණු මාගේ උළුවහු කණු ළඟ ද තැබූ හ. මා සහ ඔවුන් අතරේ තිබුණේ බිත්තිය පමණක් ය; එසේ ඔවුන් කළ තමන්ගේ පිළිකුල් ක්‍රියා මඟින් ඔව්හු මාගේ සුවිශුද්ධ නාමය කෙලෙසූ හ. මම ද මාගේ උදහසින් ඔවුන් විනාශ කෙළෙමි.
9
දැන් ඔව්හු තමන්ගේ වේශ්‍යාකම් ද තමන්ගේ රජවරුන්ගේ මළකඳන් ද මා වෙතින් පහකරත් වා! එවිට මම ඔවුන් අතරෙහි සදාකාලේට ම වාසය කරන්නෙමි.
10
“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ අපරාධ ගැන ලජ්ජා වන පිණිසත්, දේව මාලිගාවේ ආදර්ශ සැලැස්ම මනින පිණිසත් දේව මාලිගාව ඔවුන්ට පෙන්වන්න.
11
ඔව්හු තමන් කළ සියල්ල ගැන ලජ්ජා වී සිටිත් නම්, දේව මාලිගාවේ සැලැස්ම ද එහි පිළිවෙළ ද ඇතුළට පිටතට යන එන තැන් ද එහි මුළු හැඩය ද එහි සියලු ම නීති රීති ද එහි මුළු සැලැස්ම ද එහි සියලු ම නීති රීති ද අනුගමනය කරමින් ඒවා ක්‍රියාත්මක කරන පිණිස ඔවුන් ඉදිරියේ දී ඒවා ලියන්න.
12
දේව මාලිගාව පිළිබඳ නියමාවලිය මෙසේ ය. කන්ද මුදුනෙහි වටකර ම එහි මුළු සීමාව ඉතා ශුද්ධ ය. දේව මාලිගාවේ නියමාවලිය එය වේ.”
13
තවද, උන් වහන්සේ මෙසේ වදාළ සේක: “ දේව මාලිගාව මැන්න මිම්ම අනුව ම පූජාසනයේ මිමි මේවා ය: එහි අඩිතාලමේ උස සෙන්ටිමීටර් පණහකි. පළලත් සෙන්ටිමීටර් පණහකි. වටකර එහි ගැටිය අද්දර දක්වා සෙන්ටිමීටර් විසිපහකි.
14
මෙය පූජාසනයේ අඩිතාලම ය. බිම පටන් පහළ පිළට මීටරයක් ය, පළල සෙන්ටිමීටර් පණහක් ය, කුඩා පිළ පටන් ලොකු පිළට මීටර් දෙකක් ය, පළල ද සෙන්ටිමීටර් පණහකි.
15
පූජාසනයේ උඩ කොටස මීටර් දෙකකි; උඩ කොටස සිට ඉහළට අං සතරක් වැනි කොන් ඇත්තේ ය.
16
උඩ කොටසේ දිග මීටර් හයකි. පළලත් මීටර් හයකි, හතර පැත්ත හතරැස් ය.
17
එහි සතර පැත්තේ පිළේ දිග මීටර් හතකි, එහි පළලත් මීටර් හතකි, එය වටකර තිබෙන ගැටිය සෙන්ටිමීටර් විසිපහකි. එය වටකර තිබෙන අඩිතාලම සෙන්ටිමීටර් පණහකි. එහි පඩිය නැගෙනහිර දෙසට ය.”
18
තවද, උන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, පූජාසනය පිට දවන යාග පූජා ඔප්පු කරන්නටත්, එය පිට ලේ ඉසින්නටත් පූජාසනය ඉදි කළ විට ඒ ගැන නියෝග මේවා ය.
19
එදින මට සේවය කරන්න මා ළඟට පැමිණෙන ශාදොක්ගේ වංශයේ ලෙවීවරුන් වන පූජකයන්ට පූජාසනය මත දවන පාප පූජාවක් පිණිස ගොන් වස්සෙකු දෙන්නැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
20
නුඹ උගේ ලේවලින් ස්වල්පයක් රැගෙන එහි අං වැනි කොන් සතරේ ද මැද කොටසේ කොන් සතරේ ද වටකර ගැටියේ ද ගා, එසේ පූජාසනයේ දෝෂ පහකර, පිරිසිදු කර, ඒ උදෙසා සමඟිකමේ පූජාවක් ඔප්පු කරන්න.
21
තවද, පාප පූජාව සඳහා කැප කළ ගොනා රැගෙන ශුද්ධස්ථානයට පිටතින් මාලිගාවේ නියම තැන ඌ පුළුස්සන්න.
22
දෙ වන දවසේ පාප පූජාවක් පිණිස එළුවන්ගෙන් කැළලක් නැති පිරිමි සතෙකු ගෙනෙන්න. ගොනා පූජා කිරීමෙන් පූජාසනය පවිත්‍ර කළාක් මෙන් එයින් එය පවිත්‍ර කරත් වා.
23
නුඹ එය පවිත්‍ර කර අවසාන වූ විට කැළලක් නැති වස්සෙකු ද රැළෙන් කැළලක් නැති බැටළුවෙකු ද ගෙන්වා
24
උන් සමිඳාණන් වහන්සේ ඉදිරිපිටට පමුණුවන්න, එවිට පූජකයෝ උන් පිට ලුණු දමා, දවන යාග පූජාවක් කොට සමිඳාණන් වහන්සේට උන් ඔප්පු කරත් වා.
25
දිනපතා ම සත් දවසක් පූජාවක් වශයෙන් එළුවෙකු පූජා කරන්න. එසේ ම කැළලක් නැති ගොන් වස්සෙකු ද රැළෙන් බැටළුවෙකු ද ඔව්හු පූජා කරත් වා.
26
සත් දවසක් ඔව්හු පූජාසනය උදෙසා සමඟිකමේ පූජා ඔප්පු කොට, පිරිසිදු කර එය කැප කරත්වා.
27
ඒ කාලය අවසානයේ දී අට වන දවසේත්, ඉන්පසුත් පූජකයෝ නුඹලාගේ දවන යාග පූජා ද නුඹලාගේ සහභාගිකමේ පූජා ද පූජාසනය පිට ඔප්පු කරත් වා. මම ද නුඹලා පිළිගන්නෙමි යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”
← Chapter 42
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 44 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48