bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Ezekiel 41
Ezekiel 41
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 40
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 42 →
1
එවිට ඔහු දේව මාලිගාවට මා ගෙනවුත් එහි කණු මැන්නේ ය. ඒවා එක පැත්තක් මීටර් තුනක් පළලට ද අනික් පැත්ත මීටර් තුනක් පළලට ද තිබුණේ ය. එය කූඩාරමේ පළල ය.
2
දොරකඩ පළල මීටර් පහක් විය. දොරකඩ එක පැත්තක කණු මීටර් දෙකහමාරක් පළල ය. ඔහු මාලිගාව මැන්නේ ය. එහි දිග මීටර් විස්සකි, පළල මීටර් දහයක් ය.
3
එවිට ඔහු ඇතුළට ගොස් දොරකඩ එක එක කණුව මැන්නේ ය. එය මීටර් එකක් ය. දොරකඩ දිග මීටර් තුනක් ය, දොරකඩ පළල මීටර් තුනහමාරක් ය.
4
ඔහු මාලිගාවට ඉදිරිපිටින් එහි දිගට මීටර් දහයක් ද පළලට මීටර් දහයක් ද මැන, ‘මෙය අතිශුද්ධස්ථානය’යි මට කීවේ ය.
5
ඔහු මාලිගාවේ බිත්තියත් මැන්නේ ය. එය මීටර් තුනක් ය, වටකර ම මාලිගාවට තිබුණු කාමරවල පළල මීටර් දෙකක් ය.
6
ඒ කාමර එක පිට එක උඩින් මහල් තුනක් ද එක එක පේළියේ කාමර තිහක් ද බැගින් තිබිණි. කාමර වනාහි මාලිගාවේ බිත්තියට වද්දන්නේ නැති ව ඒවා පිහිටුවීමට වටකර කුළුණු සිටුවා තිබිණි.
7
මහලෙන් මහලට නඟින විට ඒ ඒ පේළියේ කාමර වටකරින් වඩා පළල් ව තිබිණි. මන්ද මාලිගාව වටේට ම ඉහළින් ඉහළට කාමරවලින් වටවී තිබිණි. එබැවින් මාලිගාවේ පළල ඉහළින් වැඩි වී තිබිණි. එසේ යට තට්ටුවේ සිට මැද තට්ටුව මැදින් ඉහළ තට්ටුවට මාලිගාවේ පැත්තක පිහිටි පඩි පෙළින් නඟින්න හැකි විය.
8
මාලිගාව වටකර උස් වූ වේදිකාවක් දිටිමි. කාමරවල අත්තිවාරම සම්පූර්ණ මීටර් තුනකින් යුත් ලී දණ්ඩකි.
9
පිට පැත්ත දක්වා කාමරවලට තිබුණු බිත්තියේ පළල මීටර් දෙකහමාරක් ය. ගෘහයට තිබුණු කාමර පේළි ඇතුළේ හිස් බිමක් තිබිණි.
10
ඒවාටත්, මළුවේ කාමරවලටත් අතරේ ගෘහය වටකරින් ම මීටර් දහයක් පළල ඇති බිමක් තිබිණි.
11
කාමරවල දොරකඩ හිස් බිම දෙසට තිබුණේ ය. එක දොරකඩක් උතුරු දෙසටත්, එක දොරකඩක් දකුණු දෙසටත් තිබිණි. හිස් බිමේ පළල වටකර මීටර් දෙකහමාරක් ය.
12
බස්නාහිර පැත්තෙහි වෙන් වූ මළුවෙහි මිදුල ඉදිරිපිට තිබුණු ගොඩනැඟිල්ලේ දිග මීටර් හතළිස්පහක් ය, පළල මීටර් තිස්පහක් ය. ඒ ගොඩනැඟිල්ලේ බිත්තියේ පළල වටකර මීටර් දෙකහමාරක් ය.
13
ඔහු මාලිගාවත් මැන්නේ ය. එහි දිග මීටර් පණහක් ය, වෙන් වූ මළුවේ ද එහි තිබුණු ගොඩනැඟිල්ලේ ද එහි බිත්තිවල ද දිග මීටර් පණහක් ය.
14
නැගෙනහිරට තිබුණු ගෙයි ඉස්සරහ පැත්තේ ද වෙන් වූ මළුවේ ද පළල මීටර් පණහක් ය.
15
වෙන් වූ මළුවට ඉදිරිපිටින් ඊට පිටුපසින් තිබුණු ගොඩනැඟිල්ලේ දිග ද දෙපැත්තෙහි තිබුණු එහි පිට ශාලා ද මැන්නේ ය. ඒවා මීටර් පණහකි.
16
ඇතුළු මාලිගාව ද මළුවේ ශාලා ද එළිපත්ත ද පටු කවුළු ද මහල් තුනට ම එළිපත්ත ඉස්සරහ වටකර තිබුණු පිට ශාලා ද තුනී ලෑලිවලින් වසා තිබුණේ ය. බිම සිට කවුළු දක්වාත් එසේ ම තිබුණේ ය. කවුළුත් වසා තිබුණේ ය.
17
දොරකඩට ඉහළින් ද ඇතුළු මාලිගාව දක්වා ද පිටතින් වටකර ඇතුළත සහ පිටත මුළු බිත්තිය ද මැන්නේ ය.
18
එහි කෙරුබ්වරුන් ද තල් ගස් ද කැටයම් කර තිබිණි. කෙරුබ්වරුන් දෙදෙනෙකු අතරේ තල් ගසක් බැගින් තිබිණි. එක එක කෙරුබ්වරයෙකුට මුහුණු දෙකක් තිබිණි.
19
එනම්, එක පැත්තක තල් ගහ දෙසට මනුෂ්‍ය මුහුණක් ද අනික් පැත්තෙහි තල් ගහ දෙසට තරුණ සිංහ මුහුණක් ද තිබුණේ ය. වටකර මුළු ගෘහයෙහි එසේ සාදා තිබුණේ ය.
20
බිම සිට දොරකඩ ඉහළ දක්වා දේව මාලිගාවේ බිත්තියෙහි කෙරුබ්වරුන් සහ තල් ගස් ද සාදා තිබුණේ ය.
21
දේව මාලිගාවේ උළුවහු කණු සතරැස් ව තිබුණේ ය. ශුද්ධස්ථානය ඉදිරිපිට දිස් වූයේ;
22
ලී පූජාසනය මෙනි. එහි උස මීටර් එකහමාරක් ය, දිග මීටර් එකක් ය. එහි කොන් ද එහි ඇති අඩිය ද එහි පැති ද ලීවලින් ය. එවිට ඔහු කතා කරමින්, ‘මෙය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබෙන මේසය ය’යි මට කී ය.
23
මාලිගාවටත්, ශුද්ධස්ථානයටත් දොරවල් දෙකක් තිබුණේ ය.
24
දොරටුවලට දෙපියන් එනම්, දෙපැත්තට ඇරෙන පියන් දෙකක් තිබිණි. එක දොරකට පියන් දෙකක් ද අනික් එකට පියන් දෙකක් ද තිබුණේ ය.
25
බිත්තිවල සාදා තිබුණාක් මෙන් දේව මාලිගාවේ දොරවල් පිටත් කෙරුබ්වරුන් සහ තල් ගස් සාදා තිබිණි. ශාලාව ඉස්සරහ පිටතින් ඝන ලීවලින් තැනූ උඩු වියනක් තිබිණි.
26
ශාලාවේ දෙපැත්තෙහි ද කාමරවල ද ඝන ලී උඩුවියනේ ද දෙපැත්තේ බිත්තිවල ද පටු කවුළු සහ තල් ගස් තිබිණි. ඝන ලී පඩි කඳන් ද තිබිණි.
← Chapter 40
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 42 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48