bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Ezekiel 30
Ezekiel 30
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 29
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 31 →
1
සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:
2
“මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින් මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. වැලපෙන්න, අහෝ කාලයක හැටි!
3
මක්නිසා ද, දවස ළඟ ය, සමිඳාණන් වහන්සේගේ දවස ළඟ ය, එය වලාකුළු සහිත දවසක් වන්නේ ය; ජාතීන්ගේ විනාශයේ දවසක් වන්නේ ය.
4
යුද්ධයක් මිසරයට පැමිණෙන්නේ ය. මිසරයෙහි මිනිසුන් ම මැරුම් කා වැටෙන විට ද එහි සමූහයා අල්ලාගන්න විට ද එහි අත්තිවාරම් පෙරළාදමන විට ද එතියෝපියාවේ භීතියක් හටගන්නේ ය.”
5
“එතියෝපිවරු ද පූට්වරු ද ලූද්වරු ද සියලු අරාබිවරු ද කුබ්වරු ද ගිවිසුමට බැඳුණු දේශයේ වාසීහු ද ඔවුන් සමඟ කඩු පහරින් වැටෙන්නෝ ය.”
6
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මිසරයට ආධාර කරන අය වැටෙන්නෝ ය. ඇගේ බලයේ උඩඟුකම බිඳ වැටෙන්නේ ය. උතුරේ මිග්දොල් පටන් දකුණේ සෙව්නේ දක්වා මනුෂ්‍යයෝ කඩු පහරින් නසින්නෝ ය. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.
7
ඔවුන්ගේ දේශ පාළු ව තිබෙන දේශ අතරෙත් ඔව්හු ඉතාමත් පාළු වෙති. ඔවුන්ගේ නගර නටබුන් වී තිබෙන නගර අතරෙහි වන්නේ ය.
8
මා මිසරයෙහි ගින්නක් දල්වා ඇගේ සියලු ආධාරකරුවන් විනාශ වී ගිය කල, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.
9
“ඒ දවසේ දී සැකයෙන් තොර ව දිවි ගෙවන එතියෝපියන්වරුන් බිය ගන්වන පිණිස මා ඉදිරියෙන් පණිවුඩකාරයන් නැව්වලින් පිටත් කර යවන්නෙමි. එවිට මිසරයේ විනාශයේ දවසේ දී භීතිය ඔවුන් පිට පැමිණෙනු ඇත; එය පැමිණෙන්නේ ම ය.”
10
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතින් මිසරයේ ජනයා නැති කරවන්නෙමි.
11
ජාතීන්ගෙන් ඉතා භයානක අය වන ඔහුත්, ඔහු සමඟ ඔහුගේ සෙනඟත් දේශය නාස්ති කරන පිණිස ගෙන්වනු ලබන්නෝ ය. ඔව්හු මිසරයට විරුද්ධ ව තමන්ගේ කඩු ඇද මැරුම් කන අයගේ මළකඳන්වලින් දේශය පුරවන්නෝ ය.
12
මම නයිල් ගඟ වියළවා දේශය දුෂ්ටයන්ගේ අතට විකුණා දේශය ද එහි ඇති සියල්ල ද විදේශිකයන් ලවා පාළු කරවන්නෙමි. ස්වාමීන් වන මම මෙසේ වදාරන්නෙමි.”
13
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම දේව රූප නැති කොට, මෙම්පීස් දේශයේ පිළිම පහකරන්නෙමි. අධිපතියෙකු මිසර දේශයෙන් තවත් නොවනු ඇත. තවද, මම මිසර දේශයෙහි භීතිය හටගන්වන්නෙමි.
14
මම පෙත්‍රාස් පාළු කොට ශොවන්හි ගින්නක් අවුළුවා, තීබ්ස් නගරයට දඬුවම් කරන්නෙමි.
15
මම මිසරයේ සවිමත් බලකොටුව වන ශීන් පිට මාගේ කෝපය වගුරුවා තීබ්ස් නගරයෙහි සමූහයා කඩුවෙන් වනසාදමන්නෙමි.
16
ගින්නක් ද මිසරයෙහි දල්වන්නෙමි. ශීන් මහ වේදනා විඳින්නටත්, පවුරු හෙළාදමා තීබ්ස් බිඳදමනු ලබන්නටත්, ජලගැල්මෙන් විනාශ වී යන්නටත් සලස්වන්නෙමි.
17
ආවෙන්හි ද පී-බෙසෙත්හි ද යෞවනයෝ කඩුවෙන් නසින්නෝ ය; එහි වැසියෝ වහල්කමට ගෙනයනු ලබන්නෝ ය.
18
මා මිසරයේ වියගස් තෙහප්නෙහේස්හි දී බිඳින කල ද ඇගේ බලයේ උඩඟුකම ඇගෙන් පහවන කල ද එහි දවාල අඳුරු වන්නේ ය. ඈ වලාපටලයකින් වැසෙන්නී ය. ඇගේ දූවරු වහල්කමට ගෙනයනු ලබන්නෝ ය.
19
මෙසේ මම මිසරයට දඬුවම් පමුණුවන්නෙමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”
20
තවද, එකොළොස් වන අවුරුද්දේ පළමු වන මාසයේ සත් වන දා සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:
21
“මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝගේ හස්තය මම බිඳදැමුවෙමි. කඩුව අල්ලන්න එය ශක්තිමත් වන සේ කිසිවෙකු එය පටිවලින් බැඳ එයට පිළියම් කර නැත.
22
එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බලන්න, මම මිසරයේ රජු වන පාරාවෝට විරුද්ධ ව සිටිමි. මම ඔහුගේ කැඩුණු අතත්, නොකැඩුණු අතත් දෙක ම කඩන්නෙමි. එවිට ඔහුගේ අතින් කඩුව වැටෙන්නේ ය.
23
මිසරවරුන් ජාතීන් අතරට එළවා ඔවුන් දේශවල විසුරුවන්නෙමි.
24
මම බබිලෝනියේ රජුගේ බාහුව බලවත් කොට මාගේ කඩුව ඔහු අතට දෙන්නෙමි. පාරාවෝගේ බාහුව කඩන්නෙමි, ඔහු මරණීය තුවාළ ලත් කෙනෙකුගේ කෙඳිරිගෑම්වලින් ඒ අය ඉදිරියෙහි කෙඳිරිගානු ඇත.
25
මම බබිලෝනියේ රජුගේ බාහු ශක්තිමත් කරන්නෙමි. එහෙත්, පාරාවෝගේ බාහු දුර්වල කරන්නෙමි. මෙසේ මා බබිලෝනියේ රජුගේ අතට මාගේ කඩුව දී, ඔහු එය මිසර දේශයට විරුද්ධ ව දිගු කරන කල්හි, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.
26
මම මිසරවරුන් ජාතීන් අතරට එළවා, ඔවුන් දේශවල විසුරුවන්නෙමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.’ “
← Chapter 29
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 31 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48