bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Ezekiel 39
Ezekiel 39
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 38
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 40 →
1
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාළ සේක: “තවද, මනුෂ්‍ය පුත්‍රය, නුඹ ගොග් රජුට විරුද්ධ ව දිවැස් වැකි පවසමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න. ‘බලන්න, රොෂ්හි ද මෙෂෙක්හි ද තුබල්හි ද අධිපතියා වන ගොග් රජු වන නුඹට මම විරුද්ධ ව සිටිමි.
2
මම නුඹ අන් දෙසකට හරවා, නුඹ ඉදිරියට ගෙන ගොස් උතුරේ දුරස්ථානවලින් නුඹ ගෙනවුත් ඉශ්රායෙල් කඳු පිටට නුඹ පමුණුවන්නෙමි.
3
නුඹේ දුන්න නුඹේ වමතින් ගසාදමා, නුඹේ ඊගස් නුඹේ දකුණතින් වැටෙන්නට සලස්වන්නෙමි.
4
ඉශ්රායෙල් කඳුවල නුඹ සහ නුඹේ සියලු හමුදා ද නුඹ සමඟ සිටින ජනයන් ද වැටෙනු ඇත. සියලු ආකාර ගොදුරුවලට ගිජු පක්ෂීන්ටත්, වනයේ මෘගයන්ටත් නුඹ ගොදුරු පිණිස දෙන්නෙමි.
5
නුඹ පොළොව මතුපිට වැටෙනු ඇත. මන්ද, මම එය කීයෙමි’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
6
මම මාගොග් පිටත්, මුහුදුබඩ සුරැකි ව වාසය කරන්නන් පිටත් ගින්නක් යවන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.
7
මාගේ ශුද්ධ නාමය තවත් කෙලෙසන්න ඉඩනෑර, මම මාගේ ශුද්ධ නාමය මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් අතරෙහි ප්‍රකාශ කරන්නෙමි. විජාතීන් ද සමිඳාණන් වහන්සේ වන මා ඉශ්රායෙල්වරුන් අතරෙහි ශුද්ධ ව සිටින බව දැනගනු ඇත.”
8
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. “බලන්න, මා කී දවස! එය පැමිණෙයි. එය සිදු වේ ම ය.
9
එවිට ඉශ්රායෙල් නගරවල වැසියෝ පිටතට ගොස්, ගිනි අවුළුවා, ආයුධ වන පලිස් ද මහ පලිස් ද දුනු ද ඊගස් ද මුගුරු ද හෙල්ල ද දවන්නෝ ය. සත් අවුරුද්දක් ඒවායින් ගිනි දැල්වෙනු ඇත.
10
ඔවුන් වනයෙන් දර ගෙනෙන්නේ වත්, මූකළාන්වලින් ඒවා කපාගන්නේ වත් නැත. මන්ද, ඔව්හු ආයුධවලින් ගිනි දල්වන්නෝ ය. තමන්ගෙන් කොල්ල කෑ අයගෙන් ඔව්හු කොල්ලකන්නෝ ය. තමන්ගේ සම්පත් උදුරාගත් අයගෙන් සම්පත් උදුරාගන්නෝ ය. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”
11
“තවද, ඒ කාලයේ දී මම මිනී වැළලීමට ඉශ්රායෙල් දේශයෙන් ඉඩමක් ගොග්ට දෙන්නෙමි. එය මුහුදට නැගෙනහිරෙන් තිබෙන සංචාරකයන්ගේ මිටියාවත ය. එය එහි ගමන් කරන්නන් වළක්වනු ඇත. එහි ගොග් සහ ඔහුගේ මුළු සමූහය වළලනු ලැබ, ඊට ගොග්සමූහ-මිටියාවත යන අරුත ඇති හාමොන්ගොග් යයි නම් තබනු ලැබේ.
12
ඉශ්රායෙල් සෙනඟ සිය දේශය පිරිසිදු කරන පිණිස සත් මසක් ඔවුන් වළලමින් සිටින්නෝ ය.
13
එසේය, දේශයේ සියලු සෙනඟ ඔවුන් වළලන්නෝ ය. එය වූ කලී මාගේ මහිමය ප්‍රකාශ වන සමයේ දී ඔවුන්ට කීර්තියක් වන්නේ යයි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
14
තවද, ඔව්හු දේශය පිරිසිදු කිරීමට එය මුළුල්ලෙහි ඇවිදිමින් දේශය මතුපිට ඉතුරු වන අය වැළලීමෙහි නිතර ම යෙදී සිටීමට මිනිසුන් තෝරාගනිති. ඔව්හු සත් මසකට පසු එසේ සොයා ඇවිදින්නෝ ය.
15
දේශයෙහි එසේ ඇවිදින්නන්ගෙන් යමෙක් මිනී ඇට දුටු විට, වළලන්නන් ඒක හාමොන්ගොග්හි වළලන තෙක් ඒ ළඟ ලකුණක් තබන්නෝ ය.
16
තවද, නුවරෙහි නමත් ‘සමූහයක්’ යන අරුත ඇති ‘හාමොනා’ වන්නේ ය. මෙසේ ඔවුන් දේශය පිරිසිදු කරනු ඇත.
17
“මනුෂ්‍ය පුත්‍රය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹ සියලු ආකාර පක්ෂීන්ට ද වනයේ සියලු මෘගයන්ට ද කතා කොට, තෙපි රැස් වී වරෙන්න, මා ඉශ්රායෙල් කඳු පිට තොප උදෙසා සූදානම් කරන මහා පූජාවක් වන මාගේ පූජාව වටා හාත්පසින් එකතු වී, මස් කා ලේ බොන්න.
18
තෙපි බලවතුන්ගේ මාංස කන්නහු ය. පොළොවේ අධිපතීන්ගේ ද බැටළුවන්ගේ ද බැටළු පැටවුන්ගේ ද එළුවන්ගේ ද ගවයන්ගේ ද ලේ බොන්නහු ය. උන් සියල්ලෝ ම බාෂාන්හි තර සත්තු ය.
19
මා තොප උදෙසා සූදානම් කර තිබෙන මාගේ පූජාවෙන් තෙපි තෘප්තිමත් ලෙස තෙල කන්නහු ය. මත් වන තුරු ලේ ද බොන්නහු ය,
20
මාගේ මේසය ළඟ තෙපි අශ්වයන්ගේ ද අසරුවන්ගේ ද බලවතුන්ගේ ද සියලු යුද්ධ භටයන්ගේ ද මාංස අනුභව කොට තෘප්තියට පැමිණෙන්නහු ය. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”
21
සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම ද මාගේ තේජස විජාතීන් අතරෙහි පෙන්වන්නෙමි. සියලු විජාතීහු මා ඉටු කළ මාගේ විනිශ්චය සහ මා ඔවුන් කෙරෙහි දිගු කළ මාගේ බලවත් හස්තය දකින්නෝ ය.
22
ඉශ්රායෙල් සෙනඟ ද මා ඔවුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ බව ඒ දවසේ පටන් සදහට ම දැනගන සිටිනු ඇත.
23
තවද, ඉශ්රායෙල් සෙනඟ විප්‍රවාසගත වූයේ, ඔවුන්ගේ පාප ක්‍රියා නිසා බව සෑම ජාතීන් දැනගනු ඇත. මන්ද, ඔව්හු මට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය. මම ද මාගේ මුහුණ ඔවුන් වෙතින් හරවාගෙන, ඔවුන්ගේ එදිරිකාරයන්ගේ අතට ඔවුන් පාවා දුන්නෙමි. ඔව්හු සියල්ලෝ කඩු පහරින් නැසුණෝ ය.
24
ඔවුන්ගේ අපවිත්‍රකමේ සහ ඔවුන්ගේ වරදේ හැටියට මම ඔවුන්ට දඬුවම් කර, මාගේ මුහුණ ඔවුන් වෙතින් හරවාගතිමි.
25
“එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. දැන් මම ජාකොබ්ගේ වංශයේ හිරකරුවන් ආපසු ගෙනෙන්න යන්නෙමි. මුළු ඉශ්රායෙල් සෙනඟට අනුකම්පා කරමි; මාගේ සුවිශුද්ධ නාමය ආරක්ෂා කරන්නෙමි.
26
මා ජනයන් අතරෙන් ඔවුන් නැවත ගෙනවුත්, ඔවුන්ගේ සතුරන්ගේ දේශවලින් ඔවුන් රැස් කොට, මා සුවිශුද්ධ බව ඔවුන් කරණකොටගෙන බොහෝ විජාතීන් ඉදිරියෙහි ඔප්පු වූ විට,
27
ඔවුන් කිසිවෙකුට බිය නොවී, තමන්ගේ රටෙහි සුව සේ වාසය කරන විට, ඔවුන් තමන්ගේ ලජ්ජාවත්, ඔවුන් මට විරුද්ධ ව කළ තමන්ගේ සියලු ද්‍රෝහිකමත් අමතක කරනු ඇත.
28
ඔවුන් විප්‍රවාසීන් මෙන් විජාතීන් අතර විසුරුවා, මා ඔවුන්ගෙන් කිසිවෙකු තවත් එහි අත්නෑර ඔවුන්ගේ රටට ඔවුන් රැස් කරන කල මා ඔවුන්ගේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.
29
මා මාගේ ආත්මානුභාවය ඉශ්රායෙල් සෙනඟ මත වැගිරෙවූ විට මාගේ මුහුණ තවත් ඔවුන්ගෙන් සඟවා නොගන්නෙමි. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”
← Chapter 38
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 40 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48