bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Ezekiel 8
Ezekiel 8
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 9 →
1
තවද, හය වන අවුරුද්දේ හය වන මාසයේ පස් වන දින මා මාගේ ගෙදර ද ජුදාහි ප්‍රජා මූලිකයන් මා ඉදිරියෙහි හිඳගෙන ද සිටින කල මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ බලය එහි දී මා කෙරෙහි පැමිණියේ ය.
2
මා බැලූ විට ගිනිගත් මනුෂ්‍ය රූපයක් වැනි යමක් දිටිමි. එහි ඉඟටිය මෙන් පෙනුණ කොටස ගින්නෙන් වෙළී තිබිණි. එයින් ඉහළ කොටස කාන්තියෙන් දිළිසෙන ලෝකඩ මෙන් බැබළෙන පෙනීමක් ද තිබිණි.
3
එතුමා අතක් වැන්නක් දිගු කොට මාගේ හිසේ කෙස් රොදකින් මා අල්ලාගත්තේ ය. දේවාත්මානුභාවය ද දෙවියන් වහන්සේගෙන් වූ දර්ශනය මඟින් පොළොවටත්, අහසටත් අතරේ මා උසුලාගෙන ගොස්, ජෙරුසලමේ උතුරු දෙස තිබෙන, දේව උදහස උපදවන ද්වේෂ සහගත රූපයක් ඇති ඇතුළු දොරටුවට මා පැමිණෙවුවේ ය.
4
එවිට සමභූමියෙහි දුටු පෙනීම වැනි ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ තේජස එහි තිබෙනු මම දිටිමි.
5
උන් වහන්සේ ද කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, නුඹේ ඇස් දැන් උතුරු දෙසට ඔසවන්නැ”යි මට වදාළ සේක. උතුරු දෙසට මාගේ ඇස් එසෙවූ කල පූජාසනයේ දොරටුවට උතුරෙන්, ඇතුළු වන තැන, ද්වේෂය උපදවන ඒ නින්දිත රූපය තිබෙනු මම දිටිමි.
6
උන් වහන්සේ ද කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කරන දේ එනම්, මාගේ ශුද්ධස්ථානයෙන් මා පලවා හරින පිණිස ඉශ්රායෙල් සෙනඟ මෙහි කරන මහා පිළිකුල්කම් නුඹට පෙනෙන්නේ නැද් ද? මීටත් වඩා පිළිකුල් දෙයක් නැවතත් නුඹ දකින්නෙහි ය”යි මට වදාළ සේක.
7
උන් වහන්සේ මළුවේ දොරකඩට මා ගෙනා සේක; මම බැලූ විට බිත්තියේ සිදුරක් තිබෙනු දිටිමි.
8
එකල උන් වහන්සේ කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, බිත්තිය හාරන්නැ”යි මට වදාළ සේක, මම බිත්තිය හෑරූ කල දොරටුවක් දිටිමි.
9
උන් වහන්සේ කතා කරමින්, “ඇතුළට ගොස් ඔවුන් මෙහි කරන නපුරු පිළිකුල්කම් බලන්නැ”යි මට වදාළ සේක.
10
මම ඇතුළු වී බැලූ විට, බඩගා යන සියලු ආකාර සතුන්ගේත්, පිළිකුල් තිරිසනුන්ගේත් රූප ද ඉශ්රායෙල් වංශයේ සියලු දේව රූප ද බිත්තියේ වටේට සිතියම් කර තිබෙනු දිටිමි.
11
ඉශ්රායෙල් වංශයේ ප්‍රජා මූලිකයන්ගෙන් සැත්තෑදෙනෙකු ද ඔවුන් මැද ෂාපාන්ගේ පුත් ජාසනීයා ද සිටිනු දිටිමි. ඔව්හු තම තමාගේ අතේ තම තමාගේ දුම් භාජනය ඇති ව සිටියෝ ය. සුවඳ දුම් ඉහළට නැංඟේ ය.
12
එවිට උන් වහන්සේ කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයේ ප්‍රජා මූලිකයන් අන්ධකාරයෙහි එක එකා තම තමාගේ රූප ඇති ගබඩාවල දී කරන දේ දුටුවෙහි ද? කුමක් නිසා ද ‘සමිඳාණන් වහන්සේ අප දකින්නේ නැත; සමිඳාණන් වහන්සේ දේශය අත්හැරිය සේකැ’යි ඔව්හු කියති”යි මට වදාළ සේක.
13
“ඔවුන් කරන තවත් මහා පිළිකුල්කම් නුඹ නැවත දකින්නෙහි ය”යි උන් වහන්සේ මට වදාළ සේක.
14
එකල උන් වහන්සේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ උතුරට තිබෙන දොරටුවේ දොරකඩට මා ගෙනා සේක. එවිට ස්ත්‍රීන් තම්මුස් දෙවියා ගැන අඬමින් එහි ඉඳගෙන සිටිනු දිටිමි.
15
උන් වහන්සේ මට කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, නුඹ මෙය දුටුවෙහි ද? මීටත් වඩා තවත් පිළිකුල්කම් නැවත නුඹ දකින්නෙහි ය”යි මට වදාළ සේක.
16
උන් වහන්සේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු මළුවට මා ගෙනා සේක. බලන්න, එහි මනුෂ්‍යයන් විසිපස්දෙනෙක් පමණ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරකඩ ද්වාර මණ්ඩපය සහ පූජාසනය අතරේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පිටුපා, නැගෙනහිරට තමන්ගේ මුහුණ හරවාගෙන, නැගෙනහිර දෙස සූර්යයාට නමස්කාර කළෝ ය.
17
එවිට උන් වහන්සේ කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, නුඹ මෙය දුටුවෙහි ද? ජුදා සෙනඟ දේශය පුරා සැහැසිකම් කරමින් ඔවුන් මෙහි කරන නීච පිළිකුල් ක්‍රියා සුළු දෙයකැ යි ඔව්හු සිතත් ද? ඔව්හු මාගේ කෝපය සංසිඳුවන්න උත්සාහ කරන නමුත්, මා වඩ වඩා ප්‍රකෝප කරති.
18
එබැවින් මමත් කෝපයෙන් ක්‍රියා කරන්නෙමි. මම දයාව නොදක්වන්නෙමි. මම කරුණා නොකරන්නෙමි. ඔවුන් මහ හඬකින් මාගේ කන්වලට මොරගැසුවත් මම ඔවුන්ට සවන් නොදෙන්නෙමි”යි වදාළ සේක.
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 9 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48