bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Ezekiel 44
Ezekiel 44
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 43
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 45 →
1
එවිට ඒ මිනිසා නැගෙනහිරට තිබෙන ශුද්ධස්ථානයේ දොරටුව දෙසට යන මාර්ගයෙන් මා ගෙන ගියේ ය. එහෙත්, ඒ දොරටුව වසා තිබුණේ ය.
2
සමිඳාණන් වහන්සේ මට කතා කොට, “මේ දොරටුව නෑර වසා තිබිය යුතු ය. කිසිවෙක් එයින් ඇතුළු නොවන්නේ ය. මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ එයින් ඇතුළු වූ සේක. එබැවින් එය වසා තිබිය යුතු ය.
3
අධිපතියාට නම්, ඔහු අධිපතියා බැවින්, එහි හිඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කෑම කන්න ලැබෙනු ඇත. ඔහු ද්වාර මණ්ඩපයෙන් ඇතුළුවනු ඇත. ඒ මාර්ගයෙන් ම පිටතට යනු ඇතැ”යි වදාළ සේක.
4
එවිට ඔහු උතුරු දොරටුවේ මාර්ගයෙන් මාලිගාවේ ඉස්සරහ පැත්තට මා පැමිණෙව්වේ ය. මා බැලූ විට සමිඳාණන් වහන්සේගේ මාලිගාව සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් පිරී තිබෙන බව දැක මම මුණින්තළා වී වැටුණෙමි.
5
සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සියලු නීති රීති ගැන ද එහි පිළිවෙළ ගැන ද මා නුඹට කියන සියල්ල ම නුඹ සිතට ගෙන, හොඳින් බලා, සාවධාන ව අසන්න. මාලිගාවට ඇතුළු වන තැනටත්, ශුද්ධස්ථානයෙන් පිටතට යන සියලු තැන්වලටත් නුඹේ සිත යොමු කරන්න. මාලිගාවට ඇතුළු වන්නට අවසර ඇති අය ද ශුද්ධස්ථානයෙන් පිටමං කළ යුතු අය ද ගැන සැලකිල්ලෙන් සිටින්න.
6
“කැරලිකාර ඉශ්රායෙල් වංශයට මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න. එම්බා ඉශ්රායෙල් වංශය, නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා සීමාව ඉක්මවා ගොස් ඇත.
7
නුඹලා මාගේ ආහාර වන තෙල ද ලේ ද ඔප්පු කරන විට, මාගේ මාලිගාව කෙලෙසන හැටියට මාගේ ශුද්ධස්ථානයෙහි සිටීමට ගතින් හා සිතින් පාප මල කපා නොදැමූ විදේශීන් එය ඇතුළට ගෙනාවහු ය. නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා මදිවාට නුඹලා මාගේ ගිවිසුමත් කඩ කළහු ය.
8
නුඹලා මාගේ ශුද්ධ සේවය නොපවත්වා, නුඹලා වෙනුවට විජාතීන් මාගේ ශුද්ධස්ථානයෙහි මාගේ සේවය පවත්වන්නන් ලෙස පත් කළහු ය.
9
“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ඉශ්රායෙල්වරුන් අතරෙහි සිටින විදේශීන්ගෙන් ගතින් හා සිතින් පාප මල පහකර නොදැමූ කිසි ම කෙනෙක් මාගේ ශුද්ධස්ථානයට ඇතුළු නොවෙත් වා!
10
“තමන්ගේ දේව රූප පස්සේ මුළා වී ගිය ඉශ්රායෙල්වරුන් මුළා ව ගිය කල මා වෙතින් අහක් ව ගියා වූ ලෙවීවරුන් ඔවුන්ගේ පාපවල විපාකය දැරිය යුතු ය.
11
එහෙත්, ඔව්හු මාගේ ශුද්ධස්ථානයෙහි සේවකයන් ව, මාලිගාවේ දොරටුවල රැකවලුන් ව, මාලිගාවේ සේවකයන් ව සිටින්නෝ ය. ඔවුන් වනාහි දවන යාග පූජාව සහ යාග පූජාව උදෙසා සතුන් මරා දෙනු ඇත. සෙනඟට සේවය කිරීමට ද ඔවුන් ඉදිරියෙහි සිටිනු ඇත.
12
ඔවුන්ගේ දේව රූප ඉදිරියෙහි ඔවුන්ට මොවුන් සේවය කොට ඉශ්රායෙල් වංශය පැකිළවන පාපයට පෙළඹෙවූ බැවින් මාගේ අත මොවුන්ට විරුද්ධ ව එසෙවූවෙමි. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ඔවුන් තමන්ගේ පාපයේ විපාකය දරනු ඇත.
13
මට පූජක සේවය කරමින් මාගේ සියලු ශුද්ධ දේවල් වන අතිශුද්ධ දේවලින් යමක් ළඟට වත්, මා ළඟට වත් ඔවුන් නොපැමිණිය යුතු ය. ඔවුන් තමන් කළ පිළිකුල් ක්‍රියාවල විපාකයක් වශයෙන් ලජ්ජාව දැරිය යුතු ය.
14
එසේ මාලිගාවේ මුළු මෙහෙයටත්, එහි කෙරෙන සියල්ලටත් ඔවුන් මාලිගාව බලාගන්න රැකවලුන් කරන්නෙමි.
15
“එහෙත් ඉශ්රායෙල්වරුන් මා වෙතින් මුලා වී ගිය විට, මාගේ ශුද්ධස්ථානයේ සේවය පැවැත්වූ ලෙවීවරුන් වූ පූජකයන් වන ශාදොක්ගේ පුත්‍රයන්ට නම්, මට සේවය කිරීමටත්, මා ළඟට පැමිණෙන්නත්, තෙල සහ ලේ මට ඔප්පු කිරීමට මා ඉදිරියෙහි සිටින්නත් අවසර ඇත. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.
16
ඔවුන්ට නම්, මාගේ ශුද්ධස්ථානයට ඇතුල් වන්නත්, මට සේවය කිරීමට මාගේ මේසය ළඟට පැමිණෙන්නත්, මාගේ සේවය පවත්වන්නත් අවසර ඇත.
17
ඔවුන් ඇතුළු මළුවේ දොරටුවලට ඇතුළු වන කල හණ වස්ත්‍ර ඇඳ සිටිය යුතු ය. ඇතුළු මළුවේ දොරටුවලට ඇතුළතින් ද මාලිගාවෙහි ද සේවය කරන අතර ඔව්හු ලෝම රෙදි නෑඳ සිටිත් වා.
18
ඔවුන්ගේ හිස් පිට හණ තොප්පි ද ඔවුන්ගේ ඉඟටිවල හණ වැසුම් ද තිබේ වා. ඩහදිය හටගන්වන දෙයක් පොරවා නොගනිත් වා.
19
ඔවුන් පිට මළුවට එනම්, පිට මළුවේ සෙනඟ ළඟට යන කල, ඔවුන් සේවය කරන්නට අඳින තමන්ගේ වස්ත්‍ර ගලවා, ඒවා ශුද්ධස්ථානයේ කාමරවල තබා, තමන්ගේ ශුද්ධ වස්ත්‍රවලින් සෙනඟට නපුරක් නොවන ලෙස වෙන වස්ත්‍ර ඇඳගනිත් වා.
20
“ඔව්හු තමන්ගේ හිස බූගාන්නේ වත් ඉසකේ දික් වීමට අරින්නේ වත් නැති ව තමන්ගේ ඉසකේ කපත් වා.
21
ඇතුළු මළුවට ඇතුළු වන කල කිසි පූජකයෙක් මුද්‍රික පානය නොබී සිටී වා.
22
ඔව්හු වැන්දඹුවන් වත්, දික්කසාද වූ ස්ත්‍රීන් වත් නොව, ඉශ්රායෙල් වංශයේ කන්‍යාවන් සරණ පාවාගනිත් වා! එහෙත්, පූජකයෙකුගේ වැන්දඹුවක ව සිටින ස්ත්‍රියක පාවාගන්නට ඔවුන්ට අවසර ඇත.
23
“ කැප දෙය සහ අකැප දෙය අතර තිබෙන වෙනස ඔව්හු මාගේ සෙනඟට පෙන්වා, අපවිත්‍ර දෙය සහ පවිත්‍ර දෙය අතරෙන් තිබෙන වෙනස ඔවුන්ට දන්වත් වා.
24
පැමිණිල්ලක් ගැන නම්, ඔව්හු ම විනිශ්චය කිරීමට සිට, මාගේ විනිශ්චයයන් හැටියට එය විනිශ්චය කරත් වා. මාගේ ව්‍යවස්ථා ද මාගේ නියෝග ද මාගේ සියලු නියමිත මංගලවල දී ඔව්හු රක්ෂා කරත් වා. මාගේ සබත් දවස් ද ශුද්ධ කොට පවත්වත් වා.
25
“ඔවුන් මළ කෙනෙකු ළඟට පැමිණියහොත් අපවිත්‍ර වනු ඇත. එහෙත්, පියා හෝ මව හෝ පුත්‍රයෙකු හෝ දුවක හෝ සහෝදරයෙකු හෝ අවිවාහක සහෝදරියක හෝ නිසා ඔවුන් අපවිත්‍ර නොවනු ඇත.
26
යමෙකු අපවිත්‍ර වුවහොත් ඔහු පිරිසිදු වීමට ඔහුට සත් දවසක් වත් ගත විය යුතු ය.
27
ඔහු ශුද්ධස්ථානයේ සේවය කරන්න ශුද්ධස්ථානයේ ඇතුළු මළුවට පිවිසෙන දවසේ ඔහු තමාගේ පාප පූජාව ඔප්පු කළ යුතු ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.
28
“ඔවුන්ට නියම උරුමය නැත. ඔවුන්ගේ උරුමය මම වෙමි.
29
ඉශ්රායෙලයේ කවරෙකුට වුව ද නුඹලා උරුමයක් නොවන්නහු ය. ඔවුන්ගේ උරුමය මම වෙමි. ඔවුන්ට ආහාර පූජාව ද පාප පූජාව ද අපරාධ පූජාව ද කන්න අවසර ඇත. ඉශ්රායෙල්වරුන් අතරෙහි කැප වූ සියල්ල ම ඔවුන්ට වන්නේ ය.
30
සියලු ම දේවල්, සියලු ම ප්‍රථම පලවලින් පළමු ඒවා ද නුඹලාගේ සියලු ආකාර දේවල එසවීමේ පූජා සියල්ල ද පූජකයන්ට වන්නේ ය. නුඹේ පවුලට ආශීර්වාදයක් ලැබෙන පිණිස නුඹලා ඇනූ පිටියෙන් මුල් ම කොටස පූජකයන්ට දෙන්න.
31
ඉබේ ම මැරුණු නොහොත් මෘගයන් විසින් ඉරාදමනු ලැබූ කිසි පක්ෂියෙකු වත්, මෘගයෙකු වත් පූජකයෙකු නොකෑ යුතු ය.”
← Chapter 43
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 45 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48