bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Ezekiel 34
Ezekiel 34
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 33
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 35 →
1
තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:
2
“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ගේ එඬේරුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියන්න. දිවැස් වැකි කියමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට එනම්, එඬේරුන්ට කියන්න. තමන් ම පෝෂණය කරගන්න ඉශ්රායෙල් එඬේරුනි, නුඹලාට වන විපතක මහත! නුඹලා බැටළුවන් පෝෂණය කළ යුතු නොවන්නහු ද?
3
නුඹලා කිරි බොන්නහු ය; ලෝම ඇඳුම් ඇඳගන්නහු ය; තර සතුන් මරා කන්නහු ය. එහෙත්, නුඹලා බැටළුවන් පෝෂණය නොකරන්නහු ය;
4
දුර්වල බැටළුවන් නුඹලා ශක්තිමත් කෙළේ වත්, ලෙඩ වූ බැටළුවන් සුව කෙළේ වත්, තුවාළ වූ බැටළුවන්ගේ තුවාළ බැන්දේ වත් නැත; මුළා ව ගිය බැටළුවන් නැවත ගෙනාවේ වත්, නැති වූ බැටළුවන් සෙව්වේ වත් නැත. බලයෙන් ද කුරිරු ලෙස ද නුඹලා උන් පාලනය කළහු ය.
5
එඬේරෙකු නැති ව බැටළුවෝ විසිරී ගොස් සියලු වන මෘගයන්ට ගොදුරු වූ හ.
6
මාගේ බැටළුවෝ සියලු කඳුවල ද උස් වූ සියලු හෙල් පිට ද මුළා ව ගියහ. එසේ ය, මුළු පොළෝ තලයෙහි මාගේ බැටළුවෝ විසිරී ගියහ. උන් සොයන්න හෝ බලන්න හෝ කිසිවෙක් නොවූ හ.
7
“එබැවින් එඬේරුනි, සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න.
8
දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ ජීවමාන නාමයෙන් මෙසේ දිවුරා කියමි: එඬේරෙකු නැති බැවින් මාගේ බැටළුවන් වන මෘගයන් විසින් ඩැහැගෙන යනු ලැබ උන්ට ගොදුරු වී ඇත; මාගේ එඬේරු මාගේ බැටළුවන් සොයන්න උත්සාහ නොකර, මාගේ බැටළුවන් පෝෂණය නොකර, තමන් ම පෝෂණය කරගත්හ.
9
එබැවින්, එඬේරුනි, සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න.
10
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, මම එඬේරුන්ට විරුද්ධ ව සිට මාගේ බැටළුවන් ඔවුන් අතින් ආපසු ගන්නෙමි. ඒ එඬේරුන් බැටළුවන් රැකබලාගැනීමෙන් මම අස් කරන්නෙමි. තවත් තමන් ම පෝෂණය කරගන්න එඬේරුන්ට ඉඩ නොදෙමි. මාගේ බැටළුවන් ඔවුන්ට ගොදුරු නොවන ලෙස මම ඔවුන්ගේ කටින් උන් ගළවා ගන්නෙමි.”
11
“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: බලන්න, මම ම මාගේ බැටළුවන් ගැන සොයා බලා, උන් රැකබලාගන්නෙමි.
12
එඬේරෙකු තමාගේ බැටළු රැළෙන් විසිර ගිය සමහරෙකු සොයා යන්නාක් මෙන් මමත් මාගේ බැටළුවන් සොයා ගොස්, මීදුම සහ අන්ධකාරය ඇති දවසේ දී උන් විසිරී ගිය සෑම තැන්වලින් උන් ගළවාගන්නෙමි.
13
මම ජාතීන් අතරෙන් උන් පිටතට පමුණුවා, ඒ විදේශවලින් උන් රැස් කර, උන්ගේ ම රටට උන් ගෙනවුත්, ඉශ්රායෙල් කඳුවල ද දෙණිවල ද දේශයේ සියලු වාසස්ථානවල ද උන් පෝෂණය කරන්නෙමි.
14
හොඳ තෘණවලින් උන් පෝෂණය කරන්නෙමි. ඉශ්රායෙල් කඳුවල උස් තැන්හි උන්ගේ තණ බිම් වන්නේ ය. එහි හොඳ තණ බිම්වල උන් ලගිනු ඇත. ඉශ්රායෙල් කඳුවල උන් සාරවත් තණ කනු ඇත.
15
මම ම මාගේ බැටළුවන්ට එඬේරා වන්නෙමි; මම ම උන්ට ලගින්න තැනක් සොයා දෙන්නෙමි. මෙසේ වදාරන්නේ දෙවි ස්වාමීන් වහන්සේ ය.
16
“මම නැති වූ බැටළුවා සොයන්නෙමි; මුළා ව ගිය බැටළුවා ආපසු ගෙනෙන්නෙමි; තුවාළ වූ බැටළුවාගේ තුවාළ බඳින්නෙමි; ලෙඩ වූ බැටළුවා ශක්තිමත් කරන්නෙමි; ශක්තිමත් වූ බැටළුවන් රැකබලාගන්නෙමි. මම උන්ට සැබෑ එඬේරෙක් වන්නෙමි.
17
“මාගේ බැටළුවෙනි, නුඹලාට දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. හොඳ බැටළුවන්ගෙන් නරක බැටළුවන් මම වෙන්කරන්නෙමි.
18
නුඹලාගෙන් සමහරු හොඳ තණ කෑමෙන් සෑහීමට පත් නොවනු පමණක් නොව, ඉතිරි හොඳ තණ පවා පාගාදමන්නෝ ය; නුඹලා පිරිසිදු වතුර බොනවා පමණක් නොව හොඳ වතුර පාගා මඩ කරන්නහු ය.
19
මාගේ සෙසු බැටළුවන්ට නුඹලා පාගාදැමූ තණ කන්නට ද නුඹලා මඩ කළ වතුර බොන්නට ද සිදු වී ඇත.”
20
“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ එඬේරුන්ට මෙසේ වදාරන සේක: බලන්න, මම ම තර බැටළුවන් කෙට්ටු බැටළුවන්ගෙන් වෙන්කරන්නෙමි.
21
දුර්වල වූ සියල්ලන් විසුරුවාදමන තුරු නුඹලා ඇලපෙතන් ද උරහිසෙන් ද තල්ලු කර, නුඹලාගේ අංවලින් උන්ට අනින බැවින්,
22
මාගේ බැටළුවන් තවත් ගොදුරු නොවන ලෙස මම උන් ගළවා, බැටළුවන් විනිශ්චය කර හොඳ උන් නරක උන්ගෙන් වෙන්කරන්නෙමි.
23
ඔවුන් පෝෂණය කිරීමට එක ම එඬේරෙකු වන මාගේ සේවක දාවිත් වැනි රජ කෙනෙකු ඔවුන් කෙරෙහි පත් කරන්නෙමි. හෙතෙම ඔවුන් පෝෂණය කොට ඔවුන්ගේ එඬේරා වන්නේ ය.
24
සමිඳාණන් වහන්සේ වන මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. මාගේ සේවක දාවිත් ඔවුන් අතරේ අධිපතියා වන්නේ ය; සමිඳාණන් වහන්සේ වන මම එසේ කීමි.
25
“මම ඔවුන් සමඟ සාමදාන ගිවිසුමක් කරන්නෙමි, ඔවුන්ට සුව සේ පාළුකරයේ වසන්නටත්, කැලෑවල නිදා ගන්නටත් පුළුවන් වන ලෙස මම චණ්ඩ මෘගයන් දේශයෙන් පහකරන්නෙමි.
26
“මම ඔවුන්ට ආශීර්වාද කර, මාගේ ශුද්ධ කන්ද අවට විසීමට සලසාදෙන්නෙමි. වැස්ස නියම කාලයට වස්වන්නෙමි. ඒවා ආසිරි වැසි වන්නේ ය.
27
කෙතේ ගස්වල පල හටගන්නේ ය. දේශයෙන් අස්වැන්න උපදින්නේ ය. සියලු දෙන සිය දේශයෙහි නිරුපද්‍ර ව වසන්නෝ ය. මා ඔවුන්ගේ වියගස් කඩා, ඔවුන් වහල්කරගත් අයගේ අත්වලින් ඔවුන් මුදාගත් විට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.
28
විජාතීන්ට තවත් ඔව්හු කොල්ලයක් නොවන්නෝ ය. මේ රටේ වන මෘගයන් උන් කන්නේ නැත; කිසිවෙකු ඔවුන් බිය ගන්වන්නේ නැත; ඔවුන් සුව සේ වාසය කරනු ඇත.
29
මම ඔවුන්ට සශ්‍රීක වතු පිටි උපදවන්නෙමි. ඔව්හු තවත් දේශයේ සාගතයෙන් විනාශ නොවන්නෝ ය. විජාතීන්ගේ නින්දාවට ලක් නොවන්නෝ ය.
30
මෙසේ ඔවුන්ගේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මා ඔවුන් සමඟ වැඩසිටින බව ද ඉශ්රායෙල් ජාතිය වන ඔවුන් මාගේ සෙනඟ බව ද ඔව්හු දැනගන්නෝ ය. මෙසේ වදාරන්නේ දෙවි ස්වාමීන් වහන්සේ ය.
31
“ ‘මාගේ බැටළුවන් වන, මා විසින් පෝෂණය කරනු ලබන නුඹලා වනාහි මනුෂ්‍යයෝ ය; මම නුඹලාගේ දෙවියන් වහන්සේ ය’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”
← Chapter 33
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 35 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48