bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Ezekiel 46
Ezekiel 46
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 45
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 47 →
1
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නැගෙනහිර දෙස තිබෙන ඇතුළු මළුවේ දොරටුව වැඩ කරන දවස් හය තුළ වසා තැබිය යුතු ය. එහෙත්, සබත් දවසේ ද අමාවක දවසේ ද එය ඇර තිබෙන්නේ ය.
2
අධිපතියා ද පිටත දොරටුවේ ද්වාර මණ්ඩපයෙන් ඇතුළු වී දොරටුවේ කණුව ළඟ සිටින්නේ ය. පූජකයෝ ඔහුගේ දවන යාග පූජාව ද ඔහුගේ සහභාගිකමේ පූජාව ද පිළියෙළ කරන්නෝ ය. ඔහු දොරටුවේ එළිපත්ත ළඟ නමස්කාර කොට පිටතට යන්නේ ය. එහෙත්, සවස් වන තුරු දොරටුව නොවසා තිබිය යුතු ය.
3
දේශයේ සෙනඟ ද දොරකඩ ළඟ සබත් දවස්වල ද අමාවක් දවස්වල ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නමස්කාර කරන්නෝ ය.
4
“අධිපතියා සබත් දවසේ දී සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු දවන යාග පූජාව නම්, කැළලක් නැති බැටළු පැටියන් හයදෙනෙකුත්, කැළලක් නැති බැටළුවෙකුත් ය;
5
ආහාර පූජාව නම්, බැටළුවා සමඟ ධාන්‍ය ලීටර් දහහතහමාරකුත්, බැටළු පැටවුන් සමඟ ඔහුට දෙන්න හැකි තෙල් ලීටර් තුනකුත් ය.
6
අමාවක දවසේ දී කැළලක් නැති ගොන් වස්සෙකුත්, බැටළු පැටවුන් හයදෙනෙකුත්, බැටළුවෙකුත් ඔප්පු කළ යුතු ය. උන් කැළලක් නැති සතුන් විය යුතු ය.
7
ගොනාටත්, බැටළුවාටත් පිටි ලීටර් දහහතහමාරකුත්, බැටළු පැටවුන්ට තමාගේ පුළුවන්කමේ හැටියට තෙල් ලීටර් තුනකුත් පිළියෙළ කරන්නේ ය.
8
අධිපතියා ඇතුළු වන කල ඔහු දොරටුවේ ද්වාර මණ්ඩපයෙන් ඇතුළු විය යුතු ය. ඒ මාර්ගයෙන් ම පිටතට යා යුතු ය.
9
“එහෙත්, දේශයේ සෙනඟ නියම කාලවල දී සමිඳාණන් වහන්සේ ඉදිරියට ඇතුළු වන කල, නමස්කාර කරන්න උතුරු ද්වාර මණ්ඩපයෙන් ඇතුළු වන අය දකුණු ද්වාර මණ්ඩපයෙන් පිටතට යා යුතු ය. දකුණු ද්වාර මණ්ඩපයෙන් ඇතුළු වන අය උතුරු ද්වාර මණ්ඩපයෙන් පිටතට යා යුතු ය. කවුරු නමුත්, ඇතුළු වන ද්වාර මණ්ඩපයෙන් හැරී නොගොස් ඊට ඉදිරියට ගමන් කළ යුතු ය.
10
ඔවුන් ඇතුළු වන කල අධිපතියාත් ඔවුන් අතරේ ඇතුළු වන්නේ ය. ඔවුන් පිටතට යන කල ඔහුත් පිටතට යන්නේ ය.
11
මංගල්‍යවල දී ද නියම කාලවල දී ද ඔප්පු කරන ආහාර පූජාව ගොනෙකුටත් බැටළුවෙකුටත් ලීටර් දහහතහමාරකුත් බැටළු පැටවුන්ට ඔහු දෙන පමණකුත් ඒ සමඟ තෙල් ලීටර් තුනකුත් වන්නේ ය.
12
“අධිපතියා ස්වේච්ඡා දවන පූජාවක් වත්, ස්වේච්ඡා සහභාගිකමේ පූජාවක් වත් සමිඳාණන් වහන්සේට පිළියෙළ කරන්න එන කල, නැගෙනහිරට තිබෙන දොර ඔහුට ඇර දිය යුතු ය. ඔහු සබත් දවසේ දී කරන ප්‍රකාරයට තමාගේ දවන යාග පූජාව ද සහභාගිකමේ පූජාව ද පිළියෙළ කර පිටතට යන්නේ ය. ඔහු ගිය පසු දොරටුව වසනු ලබන්නේ ය.”
13
“තවද, කැළලක් නැති අවුරුද්දක බැටළු පැටවෙකු දවන යාග පූජාවක් කොට දිනපතා ම සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්න. සෑම උදයක් පාසා එසේ පිළියෙළ කරන්න.
14
ඌ සමඟ සෑම උදයක් පාසා ම ආහාර පූජාවක් වන පිටි කිලෝග්‍රෑම් දෙකක් ද සිහින් ධාන්‍ය තෙමන්න තෙල් ලීටරයක් ද සමිඳාණන් වහන්සේට ආහාර පූජාවක් කොට පිළියෙළ කරන්න. ඒක නිරන්තර දවන යාග පූජාවට නියෝගයක් වන්නේ ය.
15
එසේ නිරන්තර දවන යාග පූජාවක් කොට බැටළු පැටවා ද ආහාර පූජාව ද තෙල් ද සෑම උදයක් පාසා උදයක් පිළියෙළ කළ යුතු ය.”
16
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “අධිපතියා තමන්ගේ උරුමයෙන් තෑගි වශයෙන් යම් පුත්‍රයෙකුට තෑග්ගක් දුන්නොත්, එය ඔහුගේ උරුමය වන කොටස වන්නේ ය. එය ඔහුගේ පුත්‍රයන්ට අයිති වන්නේ ය. උරුම වීමෙන් එය ඔවුන්ගේ කොටස වේ.
17
එහෙත්, තමාගේ උරුමයෙන් තෑග්ගක් තමාගේ සේවකයන්ගෙන් යමෙකුට දුන්නොත් එය නිදහස් වීමේ අවුරුද්ද දක්වා ඔහුට අයිති වන්නේ ය. ඉන්පසු එය අධිපතියාට නැවත අයිති වන්නේ ය. ඔහුගේ උරුමය ඔහුගේ පුත්‍රයන්ට පමණක් අයිති වන්නේ ය.
18
සෙනඟ ඔවුන්ගේ උරුම කොටස්වලින් අහක් කරන හැටියට අධිපතියා ඔවුන්ගේ උරුමයෙන් කිසිවක් නොගනී වා. මගේ සෙනඟ තම තමන්ගේ උරුම කොටස්වලින් පන්නාදමනු නොලබන පිණිස තමාගේ ම කොටසෙන් තමාගේ ම පුත්‍රයන්ට උරුමයක් දේ වා!”
19
එවිට ඒ මිනිසා දොරටුව පැත්තෙන් ඇතුළු වීමට තිබුණු මගින් උතුරු දෙසට පූජකයන්ට තිබුණු ශුද්ධ කාමරවලට මා පැමිණෙව්වේ ය. එහි පිටුපස බස්නාහිර දෙසට බිමක් තිබුණේ ය.
20
ඔහු ද කතා කරමින්, “මේක පූජකයන් අපරාධ පූජාව සහ පාප පූජාව තම්බන්නටත්, ආහාර පූජාව බදින්නටත් වෙන් කර ඇති ස්ථානය වේ. එසේ කරන්නේ, සෙනඟ ශුද්ධ කරන පිණිස ඒවා පිට මළුවට නොගෙන යන පිණිස ය”යි මට කීවේ ය.
21
එවිට ඔහු පිට මළුවට මා පමුණුවා, මළුවේ මුලු හතර ළඟින් මා ගෙන ගියේ ය. එවිට මළුවේ එක එක මුල්ලෙහි මළුවක් තිබෙන බව දිටිමි.
22
මළුවේ මුලු හතරේ මළු සෙවිලිකර, මීටර් විස්සක් දිග ද මීටර් පහළොවක් පළල ද විය. ඒ සතර ම එක මිම්මට තිබුණේ ය.
23
ඒ සතර ම වටේට ඒවා ඇතුළෙහි බැම්මක් බැගින් තිබුණේ ය. ඒ බැමි පහතින් වටේට මැටි උදුන් සාදා තිබුණේ ය.
24
එවිට ඔහු කතා කරමින්, “මේවා මාලිගාවේ සේවකයන් විසින් සෙනඟගේ පූජා තම්බනු ලබන්න ඕනෑ වූ මුළුතැන් ගෙවල් ය”යි මට කීවේ ය.
← Chapter 45
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 47 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48