bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Ezekiel 23
Ezekiel 23
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 24 →
1
සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:
2
“මනුෂ්‍ය පුත්‍රය, එක කුසේ උපන් දූවරු දෙදෙනෙක් සිටියහ.
3
ඔවුන්ගේ යොවුන් වියේ දී ම ඔව්හු මිසරයේ දී වේශ්‍යාකම් කළහ. ඔවුන්ගේ පියයුරු එහි දී මිරිකනු ලැබී ය; එහි දී ඔවුන්ගේ කුමරි වියෙහි තනපුඩු පිරිමදිනු ලැබී ය.
4
වැඩිමල් තැනැත්තිගේ නම ඔහොලා ය; ඇගේ සහෝදරීගේ නම ඔහොලීබා ය. මම ඔවුන් සරණකොටගතිමි; ඔව්හු මාගෙන් දරුදැරියන් ලැබූ හ. ඔහොලා යන නමින් සමාරිය ද ඔහොලීබා නමින් ජෙරුසලම ද අදහස් කෙරේ.
5
ඔහොලා මට අයිති ව සිටිය දී වේශ්‍යාකම් කළා ය. ඇගේ පෙම්වතුන් වන අසිරියන්වරුන්ට ඈ ආලය කළා ය.
6
ඈ, සිත්ගන්න සුලු තරුණ අශ්වාරෝහකයන් වූ රාජකීය වස්ත්‍ර හැඳගත් අසිරියන් ජාතික ප්‍රභූවරුන්ට ද නිලධාරීන්ට ද අධිපතීන්ට ද අධික ආලයෙන් බැඳුණා ය.
7
ඔහොලා අසිරියාවේ උත්තමයන් වූ ඔවුන් සියල්ලන් සමඟ වේශ්‍යාකම් කළා ය. ඈ ආලය කළ සියල්ලන්ගේ සියලු දේව රූපවලින් ද ඈ අපවිත්‍ර වූවා ය.
8
ඈ මිසරයේ දී පටන්ගත් ඇගේ වේශ්‍යාකම අත්හැරියේ නැත; කුමක්නිසා ද, ඇගේ යෞවන වියෙහි දී ඔව්හු ඇය සමඟ සේවනයෙහි යෙදුණාහ. මොවුහු ද ඇගේ කුමරි වියෙහි තනපුඩු පිරිමැද ඔවුන්ගේ කාමාශාවට තෘප්තිය ඇගෙන් ලබාගත්තෝ ය.
9
එබැවින් ඇගේ පෙම්වතුන් වන ඈ ආලය කළ අසිරියන්වරුන් අතට මම ඇය පාවා දිනිමි.
10
මොවුහු ඇය නග්නකර, ඇගේ දූ පුතුන් රැගෙන ගොස් ඈ කඩුවෙන් මැරූ හ. ඇය ලත් නිසි විනිශ්චය ගැන සෑම තැන ම ස්ත්‍රීහු ඕපාදූප කී හ.
11
“ඇගේ සහෝදරී, ඔහොලීබා මෙය දුටු නමුත්, ඔහොලාට වඩා ඇගේ කාමරාගයත්, වේශ්‍යාකමත් අතිශයෙන් නින්දිත විය.
12
ඈ ද අලංකාර වස්ත්‍ර හැඳගත් අසිරියන් ජාතික ප්‍රභූවරුන්ට ද නිලධාරීන්ට ද යුද ඇඳුමෙන් සැරසුණ අධිපතීන්ට ද එමෙන් ම අශ්වාරෝහකයන්ට ද අධික ආලයෙන් බැඳුණා ය. ඔව්හු සියල්ලෝ සිත්ගන්න සුලු තරුණයෝ වූ හ.
13
ඇගේ අනාචාරය මම දිටිමි. සහෝදරියෝ දෙදෙනා ම එක ම අවකල්ක්‍රියාවේ යෙදුණාහ.
14
“ඈ මිනිසුන්ගේ රූප එනම්, ස්වරූප, තද රතු පාටින් බිත්තිවල සිතියම් කර තිබෙනු දුටු විට ඔහොලීබා ඇගේ වේශ්‍යාකමෙහි කිඳා බැස සිටියා ය.
15
ඔවුන්ගේ ඉඟටිවල ඉඟපටි බැඳ, අලංකාරවත් තලප්පා ඔවුන්ගේ හිස්වල දවටා තිබුණේ ය. ඔව්හු සියල්ලෝ ම පෙනීමේ හැටියට බබිලෝනියේ උපන් වංශාධිපති බබිලෝනිවරු වූ හ.
16
ඈ ඔවුන් දුටු වහා ම කාමරාගයෙන් පිරී, ඔවුන් වෙත බබිලෝනියට පණිවුඩකාරයන් යැව්වා ය.
17
බබිලෝනිවරු ද ඇගේ යහනේ ඈ සමඟ කම්සැපතෙහි යෙදී කාමරාගයෙන් ඈ දූෂණය කළහ. ඈ ඔවුන් කරණකොටගෙන දූෂණය වූ පසු ඈ ඔවුන් පිළිකුල් කරමින් ඔවුන්ගෙන් ඈත් වූවා ය.
18
ඈ මෙසේ ඇගේ වේශ්‍යාකම් ප්‍රසිද්ධියේ කරමින් තම නිරුවත්කම දැක්වූ විට, මම ඇගේ සහෝදරිය වෙතින් පිළිකුල් සිතින් හැරුණාක් මෙන් ඈ කෙරෙන් ද හැරුණෙමි.
19
එහෙත්, ඈ මිසර දේශයේ දී තරුණ වියේ දී කළ වේශ්‍යාකම් සිහි කරමින් තවතවත් ඇගේ වේශ්‍යාකම් වැඩි කළා ය.
20
ඈ පෙම්වතුන් සමඟ ආලයෙන් බැඳී ඇගේ කාමරාගය කොටළුවන්ගේ ලිංගේන්ද්‍රිය මෙන් ද අසුන්ගේ ධාතු වැගිරීම මෙන් ද වැගිරීමෙන් වේගවත් කරගත්තා ය.
21
මෙසේ ඔහොලීබා, නුඹ තරුණ වියේ මිසර දේශයේ මිනිසුන් නුඹේ පියයුරු අතගාමින්, පිරි මදිමින් සිටි කාලයේ දී නුඹ කළ අනාචාරය යළිත් කරන්න ආශා කෙළෙහි ය.”
22
එබැවින් එම්බා ඔහොලීබා! මහෝත්තම ස්වාමීන් වූ දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: “මෙන්න, නුඹේ සිතෙන් නුඹ පිළිකුල් කළ නුඹේ ප්‍රේමවන්තයන් මම නුඹට විරුද්ධ ව පොළඹවා, ඔවුන් නුඹට විරුද්ධ ව හාත්පසින් පමුණුවන්නෙමි.
23
ඔව්හු නම්, බබිලෝනිවරු සහ සියලු ම කල්දිවරු ද පෙකොඩ් ද ෂෝවා ද කෝවා ද ඔවුන් සමඟ අෂූර්වරු ද යන අය ය. ඔව්හු වනාහි මනා පෙනුමක් ඇති තරුණයෝ ය; ආණ්ඩුකාරයෝත් මුලාදෑනියෝත් ය; ඔව්හු සියල්ලෝ ම අධිපතියෝ ය; අසුන් පිට නැඟීයන කීර්තිමත් අශ්වාරෝහකයෝ ය.
24
ඔවුන් නුඹට විරුද්ධ ව උතුරු දේශයෙන් ආයුධ සහ රථ ද ගැල් ද ජන සමූහයක් ද ඇති ව අවුත්, පලිහ සහ කුඩා පලිහ ද යුද හිස් වැසුම් ද ඇති ව නුඹට විරුද්ධ ව හාත්පසින් සිටිනු ඇත. ඔවුන්ගේ නීති අනුව නුඹ විනිශ්චය කරන පිණිස මම ඔවුන්ට නුඹ භාර දෙන්නෙමි.
25
මාගේ කෝපය නුඹට විරුද්ධ ව යොමු කරමි. ඔව්හු ද නුඹ සමඟ උදහසින් ක්‍රියා කොට, නුඹේ නාස් හා කන් කපාදමති. නුඹේ පවුලේ ඉතිරි අය ද කඩු පහරින් හෙළාදමනු ඇත. ඔවුන් නුඹේ පුත්‍රයන් ද නුඹේ දූවරුන් ද පැහැරගෙන යනු ඇත. නුඹේ ඉතිරි දේ ගින්නෙන් නාස්ති වන්නේ ය.
26
ඔවුන් නුඹේ වස්ත්‍ර නුඹෙන් ගලවාගෙන, නුඹේ අලංකාර ආභරණත් පැහැරගනු ඇත.
27
මෙසේ නුඹේ සල්ලාලකම ද නුඹ මිසර දේශයේ දී පටන්ගත් නුඹේ වේශ්‍යාකම ද නුඹෙන් නවත්වන්නෙමි. නුඹ ඔවුන් දෙස තවත් නොබලන්නෙහි ය. මිසරය තවත් සිහි නොකරන්නෙහි ය.
28
“කුමක් නිසා ද මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹ ද්වේෂ කරන, නුඹේ සිතෙන් පහකළ අයගේ අතට මම නුඹ පාවා දෙමි.
29
ඔවුන් නුඹ ද්වේෂ සහගත ව සලකා, නුඹ වෙහෙස මහන්සියෙන් ලත් ප්‍රතිඵල සියල්ල පැහැරගෙන, නුඹ නග්න කොට, වෙසඟනක සේ පෙනෙන්න තබා යනු ඇත. නුඹේ වේශ්‍යාකම ද නුඹේ සල්ලාලකම ද නිසා මේ දේ නුඹ පිට පැමිණ ඇත.
30
එසේ වන්නේ, නුඹ ජාතීන් සමඟ වේශ්‍යාකම් කොට ඔවුන්ගේ රූපවලින් අපවිත්‍ර වූ නිසා ය.
31
නුඹේ සහෝදරීගේ මාර්ගයෙහි නුඹ ගිය බැවින් ඇගේ දඬුවම් නමැති කුසලාන නුඹේ අතට දෙමි.
32
“ ‘මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය. ගැඹුරු ව පළල් ව තිබෙන නුඹේ සහෝදරීගේ කුසලානෙන් නුඹ බොන්නෙහි ය. එය පිරී තිබෙන බැවින් සියලු දෙනා නුඹට උසුළු-විසුළු කරනු ඇත.
33
නුඹ වෙරිමතින් හා සෝදුකින් පිරෙන්නෙහි ය. එය බියජනක වනසන සුලු කුසලානකි. ඒ වනාහි සමාරිය නම් නුඹේ සහෝදරීගේ කුසලාන ය.
34
නුඹ ඒවා අවසන් පොද දක්වා උරා බී හිස් කරනු ඇත. ඒ බඳුන කැබලිවලට කඩා ඒ කැබලිවලින් නුඹේ පියයුරු ඉරාගෙන ඇත. කුමක් නිසා ද, එය වදාළේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම ය.
35
නුඹ මා අමතක කර මට පිටුපා ගිය බැවින් නුඹේ සල්ලාලකමේ සහ වේශ්‍යාකමේ දුර්විපාකය නුඹ ම දරන්නෙහි ය’ කියා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”
36
සමිඳාණන් වහන්සේ මට තවදුරට කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඔහොලා සහ ඔහොලීබා විනිශ්චය කරන්නෙහි ද? එසේ නම්, ඔවුන්ගේ පිළිකුල් ක්‍රියා ඔවුන්ට දන්වන්න.
37
ඔවුන් කාමමිථ්‍යාචාරය කර ඇත; මිනී මරා ඇත; ඔවුන් තමන්ගේ පිළිම සමඟ කාමමිථ්‍යාචාරය කර ඇත; ඔවුන් මා උදෙසා ලැබූ පුත්‍රයන් වුව ද ආහාර පිණිස ඒ පිළිමවලට පූජා කර ඇත.
38
ඔව්හු තවදුරටත් මට මෙසේ කළහ. එම දවසේ ඔව්හු මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කොට, මාගේ සබත් දවස කෙලෙසූ හ.
39
ඔව්හු තමන්ගේ පිළිමවලට තමන්ගේ පුත්‍රයන් මරා පිදූ පසු මාගේ ශුද්ධස්ථානය කෙලෙසූ ලෙස එම දවසේ ම ඊට ඇතුළු වූ හ. එසේ ය, මාගේ මාලිගාව මැද ඔව්හු මෙසේ කළහ.
40
“තවද ඔව්හු දුර බැහැර සිටින මිනිසුන් කැඳවා ඔවුන් වෙත පණිවුඩකාරයෙකු යැවූ හ. ඔව්හු ද පැමිණියෝ ය. නුඹ ඔවුන් නිසා ස්නානය කර, නුඹේ ඇස්වල අඳුන් ගා ආභරණ පැළඳගෙන අලංකාර යහනක ඉඳගත්තෙහි ය.
41
එය ඉදිරිපිට පිළියෙළ කරන ලද මේසයක් උඩ නුඹ මාගේ සුවඳ ද්‍රව්‍ය ද මාගේ තෙල් ද තැබුවෙහි ය.
42
එවිට නිදැල්ලේ සිටින සමූහයන්ගේ ප්‍රීති ප්‍රමෝද හඬ ඇසිණි. සාමාන්‍ය ජනයා හැරුණ විට පාළුකරයෙන් ගෙනෙන ලද නිදැල්ලේ වෙසෙන අය ද සිටියෝ ය. ඔව්හු කාන්තාවන්ගේ අත්වල වළලු දමා, ඔවුන්ගේ හිස් පිට අලංකාර ඔටුනු තැබූ හ.
43
එවිට ‘කම්සැපෙහි යෙදීමෙන් විඩා වී සිටින ඇය වැනි තැනැත්තියක සමඟ ඔවුන් දැන් වේශ්‍යාකම් කරනු ඇද්දැ’යි ඈ ගැන මම ඇසීමි.
44
වේශ්‍යාවක වෙත මෙන් ඔව්හු ඈ වෙත ගියහ. එසේ ඒ සල්ලාල ස්ත්‍රීන් වන ඔහොලා සහ ඔහොලීබා වෙත ඔව්හු පැමිණියෝ ය.
45
එබැවින් කාමමිථ්‍යාචාරික ස්ත්‍රීන් විනිශ්චය කරන ප්‍රකාරයටත්, ලේ වගුරුවන ස්ත්‍රීන් විනිශ්චය කරන ප්‍රකාරයටත් ධර්මිෂ්ඨ මනුෂ්‍යයෝ ඔවුන් විනිශ්චය කරන්නෝ ය. කුමක්නිසා ද, ඔව්හු කාමමිථ්‍යාචාරික ස්ත්‍රීහු ය; ඔවුන්ගේ අත්වල ලේ තැවරී ඇත.
46
“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඔවුන්ට විරුද්ධ ව කලහකාරී සෙනඟක් පමුණුවා, පීඩා විඳීමටත්, කොල්ලකනු ලැබීමටත් ඔවුන් පාවා දෙන්නෙමි.
47
ඒ සෙනඟ ඔවුන්ට ගල් ගසා, තමන්ගේ කඩුවලින් ඔවුන් කපාදමා, ඔවුන්ගේ දූ දරුවන් මරාදමා, ඔවුන්ගේ ගෙවල් ගින්නෙන් දවාලන්නෝ ය.
48
මෙසේ මම දේශයෙන් සල්ලාලකම පහ කරන්නෙමි; ඔවුන්ට මෙන් සෙසු ස්ත්රීන්ට සල්ලාලකම් නොකරන්න උගන්වනු ලැබේ.
49
නුඹලාගේ සල්ලාලකමේ දුර්විපාකය නුඹලා පිට පමුණුවනු ඇත; පිළිම නැමදීමේ පාපයට දඬුවම් ලැබෙනු ඇත. එවිට මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.’ “
← Chapter 22
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 24 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48