bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Genesis 17
Genesis 17
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 18 →
1
ආබ්රම් අවුරුදු අනූනවයක් ආයු වැළඳූ පසු සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී: “මම වනාහි සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ දිවි ඇති තාක් මට කීකරු වී, නිදොස් ව සිටින්න,
2
මම මාගේ ගිවිසුම නුඹ සමඟ පිහිටුවමි; නුඹේ පෙළපත ද බොහෝ සේ වැඩි කරන්නෙමි”යි වදාළ සේක.
3
එවිට ආබ්රම් පසඟ පිහිටුවා වැඳ වැටිණි. දෙවියන් වහන්සේ ද ඔහු සමඟ කතා කරමින් මෙසේ වදාළ සේක:
4
“මා නුඹ සමඟ පිහිටුවන මාගේ ගිවිසුම නම් මේ ය; නුඹ බොහෝ ජාතීන්ගේ පියා වන්නෙහි ය.
5
මින්පසු නුඹේ නාමය ‘උතුම් පියා’ යන අර්ථය ඇති ආබ්රම් නොව ‘ජාතීන්ගේ පියාණෝ’ යන අර්ථය ඇති ‘ආබ්රහම්’ යයි කියනු ලබන්නේ ය. මන්ද, මා නුඹ බොහෝ ජාතීන්ගේ පියා කළ බැවිනි.
6
මම නුඹට බොහෝ දරුසම්පත් දෙමි; නුඹෙන් ජාතීන් උපදවන්නෙමි; නුඹෙන් රජවරු පහළ වන්නාහ.
7
“නුඹ සමඟ ද, නුඹෙන් පසු පරපුරෙන් පරපුරට නුඹෙන් පැවතෙන නුඹේ පෙළපත සමඟ ද, මාගේ ගිවිසුම පිහිටුවමි. මම නුඹේ ද, නුඹෙන් පසු පැවතෙන නුඹේ පෙළපත්වල ද දෙවියන් වහන්සේ වන බවට මාගේ සදාතන ගිවිසුම පිහිටුවමි.
8
නුඹ දැන් ආගන්තුක ව වසන මේ දේශය-මේ මුළු කානාන් දේශය, නුඹට ද, නුඹෙන් පසු පැවතෙන නුඹේ පෙළපතට ද මම සදහට ම අයිති කොට දෙමි. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.”
9
දෙවියන් වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළ සේක: “නුඹ ද, නුඹෙන් පසු පරපුරෙන් පරපුරට පැවතෙන නුඹේ පෙළපත ද මාගේ ගිවිසුම ආරක්ෂා කළ යුතු ය.
10
නුඹ ද, නුඹේ පෙළපත ද සමඟ පිහිටුවන, නුඹ රැකගත යුතු, මාගේ ගිවිසුම නම් මේ ය: එනම්, නුඹලාගේ සියලු පිරිමි දරුවන් චර්මඡේදනය කළ යුතු ය.
11
නුඹලා නුඹලාගේ ලිංගාග්ර චර්මය ඡේදනය කළ යුතු ය. මෙය නුඹලාත් මාත් අතර පිහිටුවන ගිවිසුමේ සංකේතය වන්නේ ය.
12
නුඹලාගේ පෙළපත්වල සියලු පිරිමි දරුවන් දින අටක් වයස් වූ කල ඔවුන් චර්මඡේදනය කළ යුතු ය. ඔව්හු නුඹේ ගෘහයෙහි උපන්නෝ වුව ද, නුඹේ පෙළපතට අයත් නැති, විදේශිකයෙකුගෙන් මිලට ගත් අය වුව ද, ඔවුන් චර්මඡේදනය කළ යුතු ය.
13
ගෘහයෙහි උපන් තැනැත්තෝ වෙත් වා; නුඹ මිල දී ගත් තැනැත්තෝ වෙත් වා; ඔවුන් චර්මඡේදනය කළ යුතු ය. මාගේ ගිවිසුම සදාතන ගිවිසුමක් ලෙස නුඹේ මාංසයෙහි සලකුණු කරනු ලැබිය යුතු ය.
14
ලිංගාග්ර චර්මය ඡේදනය නොකළ අචර්මඡේදිත පිරිමි දරුවා ඔහුගේ පෙළපතින් නෙරපාදමනු ලැබේ. මන්ද, ඔහු මාගේ ගිවිසුම කඩ කර ඇති බැවිනි.”
15
තවද, දෙවියන් වහන්සේ ආබ්රහම්ට කතා කොට, “නුඹේ භාර්යාව වන සාරයිට ‘නින්දා ලද්දී’ යන අර්ථය ඇති ‘සාරයි’ යන නම නොකියන්න. මින්පසු ඇගේ නම ‘කාරුණික’ යන අර්ථය ඇති ‘සාරා’ වේ.
16
මම ඈට ද ආශීර්වාද කරමි. මම ඇගෙන් නුඹට පුත්රයෙකු දෙමි. සැබැවින් මම ඈට ආශීර්වාද කරන්නෙමි. ඈ ද බොහෝ ජාතීන්ගේ මාතාව වන්නී ය, ඇගේ පරපුරෙහි බොහෝ ජාතීන්ගේ රජවරු පහළ වන්නෝ ය”යි වදාළ සේක.
17
එවිට ආබ්රහම් පසඟ පිහිටුවා වැඳ, මඳක් සිනහ පාමින්, “සියක් අවුරුදු පිරුණු කෙනෙකුට දරුවෙකු උපදිනු හැකි ද? අනූ අවුරුදු වයසැති, සාරා දරුවෙකු ලබන්නී දැ”යි තමාට ම කියා ගත්තේ ය.
18
ආබ්රහම් ද දෙවියන් වහන්සේට කතා කොට, “ඔබ වහන්සේ ඉෂ්මායෙල් රැක බලා දෙන සේක් වා!”යි කී ය.
19
එහෙත්, උන් වහන්සේ උත්තර දෙමින්, “සැබැවින් ම නුඹේ බිරිඳ වන සාරා නුඹට පුතෙකු ලබා දෙන්නී ය. ඔහුට ‘සිනාසීම’ යන අර්ථය ඇති ‘ඊසාක්’ යන නම දෙන්න, මම ද මාගේ ගිවිසුම, සදාතන ගිවිසුමක් වශයෙන් ඔහු සමඟ ද, ඔහුගෙන් පැවතෙන පෙළපත සමඟ ද පිහිටුවමි.
20
ඉෂ්මායෙල් ගැන කළ නුඹේ ඉල්ලීමට මම සවන් දුනිමි. මෙන්න, මම ඔහුට ද ආශීර්වාද කරමි; ඔහුට දරුසම්පත් දී, ඔහුගෙන් විශාල පෙළපතක් ඇති කරමි; ඔහුට දාව රාජ කුමාරවරු දොළොස් දෙනෙක් උපදින්නාහ. මම ඔහුගේ පෙළපත විශාල ජාතියක් බවට පත් කරමි.
21
එහෙත්, ලබන අවුරුද්දේ මේ කාලයේ දී සාරා නුඹට උපදවන ඊසාක් සමඟ මම මාගේ ගිවිසුම පිහිටුවමි”යි වදාළ සේක.
22
මෙසේ කතා කොට නිම කළ පසු දෙවියන් වහන්සේ ආබ්රහම් වෙතින් ඉවත් ව ගිය සේක.
23
එවිට ආබ්රහම්, ඔහුගේ පුත් ඉෂ්මායෙල් ද තම ගෘහයේ උපන් සියලු දෙනා ද ඔහු මිල දී ගත් සියලු දෙනා ද ඇතුළු තම ගෘහයේ සියලු පිරිමින් ද රැගෙන, එක ම දවසේ දී දෙවියන් වහන්සේ කී පරිදි ඔවුන් සියල්ලන් චර්මඡේදනය කෙළේ ය.
24
ආබ්රහම් චර්මඡේදනය කරනු ලබන විට ඔහුට වයස අවුරුදු අනූනවයකි;
25
ඉෂ්මායෙල්ට අවුරුදු දහතුනකි.
26
ආබ්රහම් ද, ඔහුගේ පුත් ඉෂ්මායෙල් ද චර්මඡේදනය කරනු ලැබුවේ එක දවසේ ය.
27
ආබ්රහම් සමඟ තම ගෘහයේ උපන් පිරිමින් ද, විදේශීන්ගෙන් මිලට ගත් අය ද ඇතුළු සියලු පිරිමි චර්මඡේදනය කරන ලදහ.
← Chapter 16
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 18 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50