bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Genesis 33
Genesis 33
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 32
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 34 →
1
ජාකොබ් නෙත් ඔසවා බැලූ විට, පුදුමයකි, ඒසව් ද ඔහු සමඟ හාරසියයක පිරිසක් ද එනු දිටී ය. එවිට ඔහු ලෙයා, රාකෙල් සහ සේවිකාවන් දෙදෙන අතර දරුවන් බෙදා දී,
2
සේවිකාවන් සහ ඔවුන්ගේ දරුවන් ඉස්සරහින් සිටෙව්වේ ය. ඔවුන්ට පිටුපසින් ලෙයා සහ ඇගේ දරුවන් ද ඔවුන්ටත් පිටුපසින් රාකෙල් සහ ජෝසෙප් ද සිටෙව්වේ ය.
3
ජාකොබ් ද ඔවුන්ට පෙරටුව ගොස්, තම සොහොයුරා වෙත පැමිණෙන තෙක් සත් වරක් බිමට නැමී වැන්දේ ය.
4
එවිට ඒසව් ඔහු හමුවීමට දිව ගොස් ඔහු බදාගෙන, ඔහුගේ ගෙල වැළඳගෙන ඔහු සිඹගත්තේ ය. පසුව ඔව්හු අඬන්නට වූ හ.
5
ඒසව් නෙත් ඔසවා බැලූ විට, ස්ත්‍රීන් හා දරුවන් දැක, “ඔබ සමඟ සිටින මේ අය කාගේ දැ”යි ඇසූ විට, ජාකොබ් පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ ඔබේ දාසයා හට කරුණාව පා දුන් දරුවෝ ය”යි කී ය.
6
එවිට සේවිකාවෝ ද ඔවුන්ගේ දරුවෝ ද ළඟට පැමිණ, ආචාර කළහ.
7
ලෙයා තම දරුවන් සමඟ පැමිණ ආචාර කළ පසු ජෝසෙප් සහ රාකෙල් ද ළඟට පැමිණ ආචාර කළහ.
8
එවිට ඒසව් ජාකොබ්ට කතා කොට, “මට හමු වූ මේ සතුන් සියල්ලන් ම කුමක් පිණිස දැ”යි ඇසූ විට, “මාගේ ස්වාමීන් ඉදිරියෙහි අනුග්‍රහය ලැබීම පිණිස යැ”යි ඔහු උත්තර දුනි.
9
එකල ඒසව් කතා කොට, “මා සොහොයුර, මට උවමනා තරම් ඇත. ඔබට අයිති දේ ඔබ ම තබා ගන්නැ”යි කීවේ ය.
10
එවිට ජාකොබ් ඔහුට උත්තර දෙමින්, “එසේ නො වේ වා, කරුණාකර ඔබ ඉදිරියෙහි මම ඔබේ ප්‍රසාදය ලදිම් නම්, මා අතින් මාගේ තෑග්ග පිළිගන්න. ඔබ මා සාදරයෙන් පිළිගන්නෙහි නම්, මට ඔබේ මුහුණ දැකීම හරියට දෙවියන් වහන්සේගේ මුහුණ දැකීම හා සමාන ය.
11
එබැවින්, කරුණාකර ඔබ වෙත ගෙනා මාගේ තිළිණය පිළිගන්න. මන්ද, දෙවියන් වහන්සේ මට කරුණා පෑ බැවින් මට උවමනා තරම් ඇතැ”යි කියා ඔහුට පෙරැත්ත කළෙන් ඒසව් එය බාරගත්තේ ය.
12
පසුව ඒසව්, “අපි ගමනට පිටත් ව යමු. මම ඔබට පෙරටුව යන්නෙමි”යි කී විට,
13
ජාකොබ් ද පිළිතුරු දෙමින්, “දරුවන් සුකුමාර බවත්, පැටියන් සහිත බැටළු පට්ටි හා ගව පට්ටි මට ඇති බවත් ස්වාමීන්ට පෙනේ. එක දවසක් වත්, මිනිසුන්, පමණට වඩා ඉක්මන් කර සතුන් දැක්කුවොත් මුළු රැළ මැරී යනු ඇත.
14
කරුණාකර, මාගේ ස්වාමීහු ඔහුගේ දාසයාට පෙරටුව යෙත් වා. මට ඉස්සරහින් යන ගවයන්ට හා දරුවන්ට යත හැකි ප්‍රමාණයට, සේයිර්හි මාගේ ස්වාමීන් වෙත පැමිණෙන තෙක් හෙමින් හෙමින් ගමන් කර මම එන්නෙමි”යි කීවේ ය.
15
එවිට ඒසව් කතා කොට, “එසේ නම් මා සමඟ සිටින පිරිසෙන් සමහර දෙනෙකු ඔබ සමඟ නවතාලමි”යි කී විට ජාකොබ් ද, “එවැන්නක් කුමට ද? මට උවමනා මා ස්වාමීන්ගේ ප්‍රසාදය පමණකි”යි උත්තර දුනි.
16
ඉන්පසු එදින ඒසව් සේයිර් බලා ආපසු ගියේය.
17
එහෙත් ජාකොබ් සුක්කොත් දක්වා ගොස්, තමා ම ගෙයක් ඉදි කොට, සිය ගවයන් සඳහා මඩු තැනී ය. එබැවින් එම ස්ථානයට සුක්කොත් යන නම තබන ලදී.
18
මෙලෙස ජාකොබ් මෙසොපොතේමියාවේ සිට ආපසු අවුත් කානාන් දේශයේ ෂෙකෙම් නුවරට සුවෙන් සැපත් ව, නුවර ඉදිරියෙහි සිය කඳවුර බැඳී ය.
19
තවද ඔහු ෂෙකෙම්ගේ පිය වූ හාමොර්ගේ පුත්‍රයන්ගෙන්, සිය කඳවුර පිහිටෙවූ බිම් කැබැල්ල රිදී කාසි සියයක් ගෙවා මිලට ගත්තේ ය.
20
එහි ඔහු පූජාසනයක් ඉදි කර, ඊට ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේ යන අර්ථය ඇති ‘එල්-එලෝහේ-ඉශ්රායෙල්’ යන නාමය තැබී ය.
← Chapter 32
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 34 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50