bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Genesis 35
Genesis 35
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 34
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 36 →
1
දෙවියන් වහන්සේ ජාකොබ්ට කතා කොට, “නැඟිට, බෙතෙල් කරා ගොස්, එහි පදිංචි වන්න, නුඹේ සොහොයුරු ඒසව්ගෙන් නුඹ පලායද්දී නුඹට දර්ශනය වූ දෙවියන් වහන්සේට පූජාසනයක් එහි සාදන්නැ”යි වදාළ සේක.
2
එවිට ජාකොබ් තම පවුලේ වැසියන් හා තමා සමඟ සිටි සියල්ලන් අමතා, “ඔබ ළඟ ඇති විදේශීය දේවතා රූප ඉවත් කොට, පවිත්ර වීමේ වත්පිළිවෙත් කර, ඔබේ ඇඳුම් මාරු කරගන්න.
3
එවිට අපි නැඟිට බෙතෙල් කරා යමු, මාගේ ආපදාවේ දවසේ දී මට ඇහුම්කන් දුන්, මා ගිය ගිය තැන මා සමඟ වැඩ සිටි දෙවියන් වහන්සේට මම එහි දී පූජාසනයක් සාදන්නෙමි”යි කීවේ ය.
4
ඔවුන් ද, තමන් ළඟ තිබූ සියලු ම විදේශීය දේවතා රූප හා ඔවුන් පැළඳ හුන් කර්ණාභරණ ද ජාකොබ්ට දුන් විට ඔහු ෂෙකෙම් නම් ස්ථානය අසල තිබූ ආලෝන ගස යට ඒවා සැඟවී ය.
5
ඔව්හු යන්න ගියෝ ය. එහෙත් ඔවුන් අවට තිබූ නගරවල වැසියන් බියෙන් තැතිගත් බැවින් කිසිවෙක් ජාකොබ්ගේ පුත්රයන් ලුහුබැඳ නොගියෝ ය.
6
මෙසේ ජාකොබ් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද කානාන් දේශයේ ලූස් හෙවත් බෙතෙල් නම් ස්ථානයට පැමිණියෝ ය.
7
එහි දී ඔහු පූජාසනයක් තනා, එම ස්ථානයට එල්-බෙතෙල් යන නම තැබී ය. මන්ද, ඔහු සිය සොහොයුරා වෙතින් පලායන විට, එහි දී දෙවියන් වහන්සේ ඔහුට දර්ශනය වූ බැවිනි.
8
තවද, රෙබෙකාගේ කිරි මව වූ දෙබොරා මළ බැවින්, ඇය බෙතෙල් නම් ස්ථානයට පහළින් ආලෝන ගස යට භූමදාන කරනු ලැබුවා ය. එබැවින් ඊට අල්ලොන්-බාකුත් යන නම දෙන ලද්දේය.
9
ජාකොබ් මෙසොපොතේමියාවෙන් මෙසේ හැරී එන විට දෙවියන් වහන්සේ නැවතත් ඔහුට දර්ශනය වී ආශීර්වාද කළ සේක.
10
උන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹේ නම ජාකොබ් ය. එහෙත් මින්පසු නුඹේ නම ජාකොබ් යයි හඳුන්වනු නොලැබ, නුඹේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි වදාළ නිසා ඔහුට ඉශ්රායෙල් යන නම තබන ලදී.
11
තවදුරටත් දෙවියන් වහන්සේ ඔහු අමතමින්, “මම සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ සමෘද්ධ වී, වර්ධනය වන්න. නුඹෙන් ජාතියක් හා ජාතීන් සමුදායක් බිහි වන්නෝ ය. නුඹට දාව රජවරු පවා උපදින්නෝ ය.
12
මම ආබ්රහම්ට සහ ඊසාක්ට දුන් දේශය නුඹට දෙන්නෙමි; නුඹෙන් පසුව නුඹේ පෙළපතට එය දෙන්නෙමි”යි වදාරා
13
උන් වහන්සේ ඔහු සමඟ කතා කළ ස්ථානයේ දී, ඔහු වෙතින් ඉවත් ව ගිය සේක.
14
ඉන්පසු ජාකොබ් උන් වහන්සේ සමඟ කතා කළ ස්ථානයෙහි සිහිවටනයක්, එනම්, ගලින් කළ සිහිවටනයක් ඉදිකොට, එය මත පානීය පූජාව ඔප්පු කොට තෙල් ද වත් කෙළේ ය.
15
තවද, දෙවියන් වහන්සේ තමා සමඟ කතා කළ ස්ථානයට ඔහු බෙතෙල් යන නම තැබී ය.
16
ඔව්හු බෙතෙල් සිට නික්ම ගියහ. එහෙත් ඔවුන් එප්රාත් නම් ස්ථානයට පැමිණෙන්නට මඳක් දුර තිබිය දී, රාකෙල්ට ප්රසව වේදනා ඇති වී, එය උග්ර විය.
17
මෙලෙස ඈ උග්ර ලෙස ප්රසව වේදනා විඳින විට, වින්නඹු මාතාව ඈට කතා කොට, “බිය නොවන්න, ඔබට ලැබෙන්නේ තවත් පුත්රයෙක් ය”යි කීවා ය.
18
එහෙත්, රාකෙල් මළා ය. ඈ පණ අදින විට ඔහුට බෙන්-ඕනි යන නම තැබූ නමුත් ඔහුගේ පියා ඔහුට බෙන්ජමින් කියා නම් කෙළේ ය.
19
මෙසේ රාකෙල් මළ පසු, එප්රාත් හෙවත් බෙත්ලෙහෙමට යන මාර්ගයෙහි ඈ භූමදාන කරනු ලැබුවා ය.
20
ජාකොබ් ද ඇගේ සොහොන පිට සිහිවටනයක් ඉදි කෙළේ ය. අද දක්වා ම රාකෙල්ගේ සොහොන මත සිහිවටනය ඇත.
21
ඉශ්රායෙල් ගමන් කොට, මිග්දාල්-එදෙර් නම් ස්ථානයට එහා, තම කඳවුර පිහිටුවාගත්තේ ය.
22
තවද, ඉශ්රායෙල් ඒ රටේ පදිංචි ව සිටිය දී රූබන් ගොස්, තම පියාගේ අනියම් බිරිඳ වන බිල්හා සමඟ සැතපුණේ ය. ඉශ්රායෙල්ට ද එපවත් සැළ විය. ජාකොබ්ට පුත්රයෝ දොළොස්දෙනෙක් සිටියහ.
23
ලෙයාගේ පුත්රයෝ නම්, ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්, සිමියොන්, ලෙවී, ජුදා, ඉස්සාකර් සහ සාබුලොන් ය.
24
රාකෙල්ගේ පුත්රයෝ නම් ජෝසෙප් සහ බෙන්ජමින් ය.
25
රාකෙල්ගේ සේවිකාව වන බිල්හාගේ පුත්රයෝ නම් දාන් සහ නප්තලී ය.
26
ලෙයාගේ සේවිකාව වන ශිල්පාගේ පුත්රයෝ නම් ගාද් සහ ආෂෙර් ය. මෙසොපොතේමියාවේ දී ජාකොබ්ට දාව උපන් ඔහුගේ පුත්රයෝ මොවුහු ය.
27
ජාකොබ් ද ආබ්රහම් සහ ඊසාක් තාවකාලික ව පදිංචි වූ ආලෝන අරඹ හෙවත් කිර්යත්-අර්බා හෙවත් හෙබ්රොන් නම් ස්ථානයේ ඊසාක් වෙත පැමිණියේ ය.
28
ඊසාක්ගේ වයස අවුරුදු එකසිය අසූවක් වූයෙන්
29
ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී මියගොස් තම මුතුන්මිත්තන් හා එක්විය. ඔහුගේ පුත්රයන් වූ ඒසව් සහ ජාකොබ් ඔහු භූමදාන කළහ.
← Chapter 34
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 36 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50