bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Genesis 34
Genesis 34
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 33
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 35 →
1
ජාකොබ්ට දාව ලෙයා ලැබූ දුව වන දීනා, දේශයේ කාන්තාවන් හමුවීමට නික්ම ගියා ය.
2
එවිට දේශයේ අධිපති වූ, හිවීය ජාතික හාමොර්ගේ පුත්, ෂෙකෙම් ඈ දැක, ඈ පැහැරගෙන ගොස් ඈ සමඟ සැතපී, ඈ දූෂණය කෙළේ ය.
3
ඔහුගේ සිත ද ජාකොබ්ගේ දුව වන දීනා කෙරෙහි තදින් ඇදී ගියෙන්, ඔහු තරුණියට පෙම් කර, ඈ අස්වැසී ය.
4
ෂෙකෙම් සිය පියා වන හාමොර්ට කතා කොට, “මේ තරුණිය මට බිරිඳ කොට ලබා දෙන්නැ”යි ඉල්ලී ය.
5
ඔහු තම දුව වන දීනා දූෂණය කළ බව ජාකොබ් දැනගත්තේ ය. එකල ඔහුගේ පුතුන්, ඔහුගේ ගවයන් සමඟ තණ පිට්ටනියේ සිටිය බැවින්, ඔවුන් එන තෙක් ජාකොබ් නිහඬ ව සිටියේ ය.
6
ෂෙකෙම්ගේ පියා වන හාමොර් ද ජාකොබ් සමඟ කතා කිරීමට ඔහු වෙත පිටත් ව ගියේය.
7
ජාකොබ්ගේ පුත්රයන් තණ පිට්ටනියෙන් පැමිණි පසු ඔව්හු මෙය අසා, කම්පා වී කෝපාවිෂ්ට වූ හ. මන්ද, ෂෙකෙම්, ජාකොබ්ගේ දුව දූෂණය කිරීමෙන් ඉශ්රායෙල් ජනයා අතර නොකටයුතු සැහැසිකමක් කළ හෙයිනි.
8
හාමොර් ද ඔවුන් සමඟ කතා කරමින්, “මාගේ පුත්ර ෂෙකෙම්, ඔබේ දියණියට පෙම් බැඳ සිටියි. ඇය ඔහුට භාර්යාව මෙන් පාවා දෙන ලෙස මම අයැද සිටිමි.
9
ඇරත්, ඔබ අප සමඟ විවාහ ගිවිසුම් කරගන්න. ඔබේ දූවරුන් අපට දී, අපේ දූවරුන් ඔබ ගන්න.
10
මෙලෙස ඔබට අප සමඟ වාසය කළ හැක. රට ද ඔබ ඉදිරියෙහි ඇත. එහි වාසය කොට, නිදහසේ වෙළහෙළඳාම් කර වතුපිටි අයිති කරගන්නැ”යි කී ය.
11
එවිට ෂෙකෙම් ඇගේ පියාට හා ඇගේ සොහොයුරන්ට කතා කොට, “ඔබ හැම මට කරුණාව පෙන්වනු මැනව! ඔබ මාගෙන් යමක් ඉල්ලන්නහු ද, එය මම දෙන්නෙමි.
12
තරුණිය මට භාර්යාව කොට දෙන්නහු නම්, ඉතා විශාල දායාදයක් හා තෑගි බෝග මාගෙන් ඉල්ලන්න, ඔබ මාගෙන් ඉල්ලන ඕනෑ ම දෙයක් මම ඔබට දෙන්නෙමි”යි කීවේ ය.
13
ෂෙකෙම්, ඔවුන්ගේ සහෝදරී වන දීනා දූෂණය කළ බැවින් ජාකොබ්ගේ පුත්රයෝ ද ෂෙකෙම් සහ ඔහුගේ පියා වන හාමොර්ට කපටි ලෙස උත්තර දුන්හ.
14
“අපට මෙබඳු දෙයක් කළ නොහැක. අචර්මඡේදිත කෙනෙකුට අපේ සහෝදරී දීම අපට නින්දාවකි.
15
එහෙත් ඔබ අතර සෑම පිරිමියෙක් ම චර්මඡේදිත වී අප හා සමාන වන්නහු නම්, ඔබ කියන දේට අපට එකඟ විය හැක.
16
එවිට අපේ දූවරුන් දී ඔබේ දූවරුන් අපි ගන්නෙමු. ඇරත් අපි ඔබ සමඟ වාසය කරමින් එක ජනතාවක් වන්නෙමු.
17
එහෙත් ඔබ චර්මඡේදිත වීම ගැන අපට ඇහුම්කන් නොදෙන්නහු නම්, අපි අපේ දුව රැගෙන යන්නෙමු”යි කීවෝ ය.
18
ඔවුන්ගේ කීමට හාමොර් සහ ඔහු පුත් ෂෙකෙම් කැමැති වූ හ.
19
තරුණයා ද ජාකොබ්ගේ දුවට ඇලුම් ව සිටි බැවින්, ඔහු ද යෝජිත දේ කිරීමට පමා නො වී ය. තවද, ඔහු තම පියාගේ ගෘහයේ ඉතා ම වැදගත් තැනැත්තා විය.
20
එබැවින් හාමොර් සහ ඔහු පුත් ෂෙකෙම්, නුවර වාසල් දොරටුවට අවුත්, නුවර වැසියන් සමඟ කතා කරමින්,
21
“මේ මිනිසුන් අපට හිතවත් ය. එබැවින් රටෙහි පදිංචි වී, එහි නිදහස් ව යන්න එන්න ඔවුන්ට ඉඩ හරිමු. බලන්න, රටෙහි ඔවුන්ටත් සෑහෙන තරම් ඉඩ ඇත. අපි ඔවුන්ගේ දූවරුන් භාර්යාවන් කොට ගෙන, අපේ දූවරුන් ඔවුන්ට දෙමු.
22
එහෙත්, අප සමඟ එකට වාසය කර එක සෙනඟක් වීමට ඒ මිනිසුන් කැමැති වන්නේ, අප අතර සිටින සෑම පිරිමියෙකු ම, ඔවුන් චර්මඡේදිත වී ඇති ලෙස, චර්මඡේදිත වුවහොත් පමණ ය.
23
ඔවුන්ගේ ගව පට්ටි ද ඔවුන්ගේ වස්තුව ද ඔවුන්ගේ සියලු සතුන් ද අපේ නොවන්නේ ද? එබැවින් අපි ඔවුන් හා එකඟ වෙමු. එවිට ඔව්හු අප සමඟ වාසය කරන්නෝ ය”යි කී හ.
24
වාසල් දොරටුවෙන් පිට වූ සියල්ලෝ ම හාමොර්ට සහ ඔහු පුත් ෂෙකෙම්ට ඇහුම්කන් දුන්හ. මෙලෙස වාසල් දොරටුවෙන් පිට වූ සියලු ම පිරිමි චර්මඡේදනය කරනු ලැබූ හ.
25
තුන් දිනකට පසු, ඔවුන් තවමත් තුවාළවලින් වේදනා විඳින කල්හි, ජාකොබ්ගේ පුතුන් දෙදෙනෙකු වන, සිමියොන් සහ ලෙවී යන දීනාගේ සහෝදරයෝ, තම කඩු රැගෙන, රහසින් නුවරට වැද, සියලු පිරිමින් මරාදැමූ හ.
26
තවද, ඔව්හු හාමොර් සහ ඔහු පුත් ෂෙකෙම් ද කඩු පහරින් මරා, ෂෙකෙම්ගේ ගෙයින් දීනා රැගෙන පිට වී ගියහ.
27
ජාකොබ්ගේ පුත්රයෝ ද තුවාළ ලැබූවන් පිටට පැන පහර දී නුවර කොල්ලකෑ හ. මන්ද, ඔහු තම සොහොයුරී දූෂණය කළ හෙයිනි.
28
ඔව්හු ඔවුන්ගේ එළු බැටළු පට්ටි ද ගව පට්ටි ද කොටළුවන් ද නුවර හා පිට්ටනියේ තැබූ දේ ද
29
ඔවුන්ගේ වස්තුව ද ගත්තෝ ය. ඔවුන්ගේ සියලු ම කුඩා දරුවන් ද භාර්යාවන් ද අල්ලාගෙන, ඔවුන්ගේ ගෙවල තිබූ සියල්ල ද කොල්ලකෑ හ.
30
එවිට ජාකොබ් සිමියොන්ට සහ ලෙවීට කතා කොට, “මේ දේශයේ වැසියන් වන කානානිවරුන් සහ පෙරිස්සිවරුන් අතර, මා දුගඳක් මෙන් පිළිකුලට ලක් කිරීමෙන් නුඹලා මට ලොකු අවැඩක් කර තිබේ. මට ඇත්තේ ගණනින් සුළු පිරිසකි. එබැවින් ඔවුන් මට විරුද්ධ ව එක පෙරමුණක් ගෙන, මා මරාදමනු ඇත. මෙසේ මාගේ මුළු පවුලත් මමත් විනාශ වී යන්නෙමු”යි කී ය.
31
එවිට ඔව්හු උත්තර දෙමින්, “ඔහු අපේ සහෝදරිය වෙසඟනක ලෙස සැලකීම හරි දැ”යි ඇසූ හ.
← Chapter 33
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 35 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50